Watch Trailer

Roar (1981) Sinhala Subtitles | චිත්‍රපට ඉතිහාසයේ අනතුරුදායකම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරසි]

1969 අවුරුද්දෙදි Satan’s Harvest (1970 ) චිත්‍රපටයේ රූගත කිරීම් වලට Tippi Hedren (The Birds(1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ නිළිය) සහභාගී වෙලා ඉන්න අතරේ මොසැම්බික්වලදී Tippi Hedren සහ එයාගේ සැමියා Noel Marshall දැක්කා අතෑරලා දාපු ගෙයක් ඇතුළේ හිටපු සිංහයෝ රංචුවක්. එයාලා තීරණය කළා ඒ සිදුවීම…

1969 අවුරුද්දෙදි Satan’s Harvest (1970 ) චිත්‍රපටයේ රූගත කිරීම් වලට Tippi Hedren (The Birds(1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ නිළිය) සහභාගී වෙලා ඉන්න අතරේ මොසැම්බික්වලදී Tippi Hedren සහ එයාගේ සැමියා Noel Marshall දැක්කා අතෑරලා දාපු ගෙයක් ඇතුළේ හිටපු සිංහයෝ රංචුවක්. එයාලා තීරණය කළා ඒ සිදුවීම තේමා කරගෙන චිත්‍රපටයක් නිපදවන්න.

මුලින් තීරණය කළේ මේ චිත්‍රපටය සඳහා හොඳින් පුහුණු කරපු සිංහයෝ, කොටි වගේ සත්තු යොදාගන්න. ඒත් සත්ව පුහුණුකරුවන්ගේ තර්කය වුනේ එක දර්ශනයක් සඳහා වරකට සත්තු දෙතුන් දෙනෙකුට වඩා යොදාගන්න බෑ කියන එක. ඒකේ ප්‍රථිපලයක් විදිහට Noel Marshall ඇතුළු පිරිස තීරණය කළා මේ චිත්‍රපටයට පුහුණු කරපු සත්තු යොදාගන්නැතුව පුහුණු කරපු නැති සාමාන්‍ය සත්තු යොදාගන්න.

ඒ නිසා සත්වෝද්‍යාන, සුරතල් සතුන් අලෙවිසැල්, සර්කස්, පුද්ගලික සත්වෝද්‍යාන වගේ විවිධ තැන්වලින් ලබාගත්ත සිංහයෝ, කොටි, දිවියෝ, චීටාවෝ, කූගරයෝ, ජගුවරයෝ වගේ සත්තු 150 ක් විතර මේ චිත්‍රපටයට යොදාගත්තා.

1983 අවුරුද්දෙි මේ චිත්‍රපටයට යොදාගත්ත සත්තුන්ගේ සුභසිද්ධිය සඳහා ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් විදිහට Roar Foundation කියන සංවිධානය පිහිටුවන්න Tippi Hedren කටයුතු කළා. ඒ හරහා චිත්‍රපටයට යොදාගත්ත සත්තුන්ව Shambala නම් අභයභූමියකට යොමු කෙරුණා. ඒ අභයභූමිය අදටත් අසරණ වුනු සිංහයෝ, කොටි, දිවියෝ වගේ බිළාල කුලයේ සත්තුන්ට නිවහනක් වෙලා තියෙනවා වගේම අදටත් එය පාලනය වන්නේ Roar Foundation යටතේ. අදටත් Roar Foundation හි සභාපති ධූරය දරන්නේ Tippi Hedren විසින්.

මේ චිත්‍රපටය නිපදවීමේදී ලැබූ අත්දැකීම් ඇසුරු කරගෙන Theodore Taylor නම් ඇමෙරිකානු රචකයා සමඟ එකතු වෙලා Tippi Hedren විසින් Cats of Shambala නම් පොතක් ලියලා ප්‍රකාශයට පත් කළා. ඒ 1985 අවුරුද්දෙදි.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සියල්ලම නිරූපණය කරන්නේ Tippi Hedren සහ Noel Marshall ගේ පවුලේ අය විසින්. චිත්‍රපටයේ මෙලනීගේ චරිතය රඟ දක්වන Melanie Griffith කියන්නේ Tippi Hedren ගේ පළමු විවාහයේ දුව. චිත්‍රපටය නිපදවපු කාල සීමාවේදී Tippi Hedren සහ Noel Marshall කියන්නේ සැමියා සහ බිරිඳ. Tippi Hedren විසින් මෙඩලින්ගේ චරිතය නිරූපණය කරද්දි හෑන්ක්ගේ චරිතය නිරූපණය කරන්නේ Noel Marshall විසින්. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකයාත් Noel Marshall. ජෝන්ගේ චරිතය නිරූපණය කරන John Marshall හා ජෙරීගේ චරිතය නිරූපණය කරන Jerry Marshall කියන්නේ Noel Marshall ගේ කලින් විවාහයේ දරුවන්.

සතුන්ගෙන් සිදු වූ අනතුරු, සතුන්ගේ අස්වාභාවික හැසිරීම්, ලැව්ගිනි, ගංවතුර, වර්ෂාව, එවැනි ස්වභාවික ආපදා නිසා චිත්‍රපටයේ සතුන් මරණයට පත් වීම වගේ දහසකුත් බාධක මැද ඩොලර් මිලියන 17 ක වියදමකින් මේ චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න අවුරුදු 11 ක් ගත වුනා. අද වෙද්දි IMDB අගය 6.2 ක් හා Rotten Tomatoes අගය 71% ක්.

පුහුණු කරපු නැති සාමාන්‍ය සත්තු යොදාගත්ත නිසා මේ චිත්‍රපටයේ එන බොහෝ දර්ශන ස්වාභාවික ඇත්තම දර්ශන. ඒ නිසාම මේ චිත්‍රපටය නිපදවීම මාරාන්තික මෙහෙයුමක් වගේ වුනා. නළු නිළියෝ ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා තුවාල ලැබුවා. අදටත් චිත්‍රපට ඉතිහාසයේ බිහි වූ අනතුරුදායකම චිත්‍රපටය විදිහට සැළකෙන්නේ Roar (1981). ඒ නිසාම මේ චිත්‍රපටය ගැන වාර්තා වැඩසටහන් පවා නිර්මාණය වුනා.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නත් කලින්ම John Marshall ගේ ඔළුව සිංහයෙකු සපා කෑම නිසා ඇති වූ තුවාලයට මැහුම් 56 ක් දාන්න සිද්ධ වුනා.

රූගත කිරීම් අතරතුර,

  • Melanie Griffith ට සිංහයෙක් විසින් සිදු කළ දරුණු තුවාල නිසා ඇගේ මුහුණේ ප්ලාස්ටික් සැත්කමක් පවා කරන්න සිදු වුනා.
  • තව අවස්ථාවක සිංහයෙක් ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයට යන්න නොදී අල්ලාගෙන හිටියා. ඒ ජවනිකාව චිත්‍රපටයේ ඇතුළත්.
  • කාර්ය මණ්ඩලයේ Jan de Bont ට සිංහයෙකු තුවාල සිදු කළා. මැහුම් 120 ක් විතර දාන්න සිද්ධ වුනා.
  • සහය අධ්‍යක්ෂක Doron Kauper ගේ උගුර, හකු ප්‍රදේශය හා කනක් සපා කා සිංහයෙක් මාරාන්තික තුවාල සිදු කළා.
  • රූගත කිරීම් අතරතුර සිංහ ධේනුවක් විසින් Tippi Hedren ගේ ඔළුව පිටුපස සපා කා සිදු වූ තුවාලයට මැහුම් 38 ක් දාන්න සිදු වුනා.
  • අලියෙකුගේ පිටින් ඇද වැටීම නිසා Tippi Hedren ගේ කකුලක අස්ථි බිඳුමක් සිදු වුනා.
  • අධ්‍යක්ෂක Noel Marshall ටද සතුන්ගෙන් බොහෝ අනතුරු සිදු වුනා. වරක් ඔහුගේ අත සිංහයෙක් සපා කා තුවාල සිදු කළා. ඒ ජවනිකාව චිත්‍රපටයේ ඇතුළත්.

තව කියන්න ගොඩක් විස්තර තිබ්බත් ලිපිය දිග වැඩි වෙන නිසා මෙතනින් නවත්තන්නම්. චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් කියනව නම් බිළාල කුළයේ සත්තු යොදාගෙන අධ්‍යයන කටයුතු කරන අප්‍රිකාවේ ඉන්න තමන්ගේ තාත්තව බලන්න යන පවුලකට මූණ දෙන්න වෙන සිද්ධි දාමයක් වටා සහ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඇප කැප වෙලා වැඩ කරන ඒ තාත්තා වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ලොකු ලොකු අපබ්‍රංස නැති සරල කතාවක්. ‌

මේ උපසිරැසිය මම කරන්න හිතුවේ මේ තරම් ජීවිත අවදානමක් දරලා මේ චිත්‍රපටය හදපු, රඟ දක්වපු මිනිස්සු, සත්තු හැමෝටම කරන ගෞරවයක් විදිහට.

අද අපි බලන මිනීමරු සත්තු ඉන්න චිත්‍රපටවලට අඩිතාලම දැම්මේ මේ වගේ චිත්‍රපටි. ඉතින් වර්තමානයේ තියෙන විදිහේ සුපිරි ප්‍රයෝග ඇතුළත් සුපිරි චිත්‍රපටයක් නම් බලාපොරොත්තු වෙන්නෙපා. කැමති අය බාගෙන බලන්න. හැමදාම අදහස් දක්වලා දිරි ගන්වන හැමෝටම ගොඩක් ස්තූතියි. කලින් නොතිබුන රැකියා ජීවීතෙත් අලුතින් ජීවිතේට එකතු වුන හින්දා සබ් කරන්න ලැබෙන වෙලාව නම් දැන් සෑහෙන අඩුයි. ඒත් පුළුවන් හැම වෙලාවෙම සබ් එක්ක අරන් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,716 downloadsDownload Roar.1981.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,716 downloadsDownload Subtitles25 KB

18 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ බලන්න වටින ෆිල්ම් මේවා

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Horror ෆිල්ම් වලින් ලොව අන්තරාදායකම ෆිල්ම් Collection එකත් දෙන්න පුලුවන්ද සහෝ. කොච්චර භයානකද කියනවානම් රඟපාපු නළු නිළියෝ බොහොමයක් අද ජීවතුන් අතර නැහැ. ලෝකයේ භයානකම වගේම ශාපලත්ම චිත්‍රපට එකතුව ලෙස මෙය සලකනවා. Google සර්ච් කරලා බලන්න.

    Poltergeist - 1982
    Poltergeist II: The Other Side - 1986
    Poltergeist III - 1988

  3. Udara Damith

    aaa w aaaaw
    malliiii

  4. namal kumara

    thanksss

  5. Roshan

    Thank you for sub..........
    Traitor (2008) Movie ekatath puluwannam sub ekak denna.....Thanks

  6. Anonymous

    Thanks, Old is Gold!!!

  7. Nadeesha

    Tnx

  8. Suranjan

    Thanks....jayawewa....!

  9. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි මල්ලි.... ජය වේවා

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  13. කවිඳු ජයවර්ධන

    අළුත් ජොබ් එකට සුබ පැතුම් අයියෙ.ඊලඟට පරස්තාවකුත් කරගත්තහම සබ් දාන එක අමතකවෙයිද දන්නෑ..ලිපිය කියෙව්වහම නොබල කොහොමද?සබ් එකට තෑන්ක්ස් අයියේ..

    1. Sohan Jayasooriya

      ස්තූතියි ඈ.. හම්මෝ පරස්තාවට තව සෑහෙන කල් තියෙනෝ බන්.. :3 :3

  14. Sohan Jayasooriya

    ස්තූතියි හැමෝටම

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!