එන්.විජිත අසංක වන මගේ විසි හයවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2010 වසරෙදි තිරගත වුනු Drama, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Johnston නම් අධ්‍යක්ෂවරයා විසින…
එන්.විජිත අසංක වන මගේ විසි හයවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2010 වසරෙදි තිරගත වුනු Drama, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Johnston නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන Benicio Del Toro නම් නළුවා නම් එච්චර දැකල පුරුදු කෙනෙක් නෙවෙයි. ඒත් ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නෙ Edge of Tomorrow, Gulliver’s Travels, Looper වැනි චිත්‍රපටි රැසක රඟපාන Emily Blunt නම් නිළියයි. ඊට අමතරව තවත් විශිෂ්ඨ හොලිවුඩ් නළුවෙක් වන Anthony Hopkins නම් නළුවත් මෙහි රඟපානවා.
චිත්‍රපටියෙ නම දිහා බලපු ගමන් මේ කථාව මොනවගේද කියලා ඔයාට හිතාගන්න පුළුවන් ඇති. බ්ලැක්මුවර් නගරයෙදි හිටිහැටියෙ අතුරුදහන් වෙච්ච තම පෙම්වතාට මොකද වුනේ කියලා හොයාගන්න උදව් කරන්න කියලා ලන්ඩන්වල ඉන්න ඔහුගෙ සහෝදරයගෙන් පෙම්වතිය (Emily Blunt) ඉල්ලා සිටිනවා. ඒ අනුව ඒ සහෝදරයා (Benicio Del Toro) බ්ලැක්මුවර්වලට එනවා. එහෙදි ඔහුට ඉතාම භයානක අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ මොකද්ද? ඔහුගෙ සහෝදරයට මොකද වුනේ? චිත්‍රපටියෙ නමෙන් කියවෙන වෘකමිනිසා (Wolfman) කවුද? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
600 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
82a5521c515f7b74c22e7fdc6d6e81ec1e35754d Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,420 downloadsDownload The-Wolfman-2010.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
16 comments
kanthaDLA
Buddike Jayawardane
මෙන්න මේකත් සුපිරියි. වෑඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් උනත් හොද කොලිටි බයිකෝප් එකක්.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanka
මම මේ ෆිල්ම් එක බලලා තියනවා වගකීමෙන් කියන්න පුලුවන් බලපු නැති අය බලන්න අනිත් නරවෘක ෆිල්ම් වගෙ නෙමෙ සුපිරිම ෆිල්ම් එකක් ග්‍රැපික් එහෙම සුපිරියටම තියනවා
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි …නලින්
ස්තුතියි අසංක සහෝ!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
නියමයි සහෝ
sun ඒකට බොහොම තැන්ක්ස්nidi
film ekath subs tikath hondatama hondai. thanks Vijitha. digatama honda filmswalata subs denna, rasika apa wenuwen. mata nam pudumai comments ganana me tharam aduwela thiyenne kohomada kiyala.
Asanka Gayan RZ
tnx
djsarosha
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.සුපිරිම ෆිල්ම් එකක් ග්‍රැපික් එහෙම සුපිරියටම තියනවා.අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා.බොහොම ස්තූතියිNishanpradeep95
good job mcho :) :D
Nishanpradeep95
Tnc bro
madhusankha
Thanks bro...
Anonymous
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!