Watch Trailer

They Live (1988) Sinhala Subtitles | පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් කරගෙන ත…

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් කරගෙන තමයි මෙම චිත්‍රපටය නිපදවල තියෙන්නේ. John Carpenter විසින් තමයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නේ. ඩොලර් මිලියන 13ක බොක්ස් ඔෆීස් අදායමක් ලබා ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වී තිබෙන්නේ නැසී ගිය නළුවකු වන Roddy Piper විසින්. Action | Horror | Sci-Fi යන කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නේ. Imdb 7.3 අගයක්, Rotten Tomatoes හි 86% ක මණාපයක් හා Google පරිශීලකයන්ගේ 93% ක මණාපයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

කතාව ගැන මම ටිකක් කියන්නම්, ජීවිතයේ ඉබාගාතේ යන පුද්ගලයෙක් රස්සාවක් හොයා ගෙන එක්තරා වැඩ බිමකට යනවා. ඔහුට රස්සාවක් එතනදී ලැබෙනවා. ඉතින් ඔහුට නැවතීමට තැනක් වැඩ කරන තැනම පුද්ගලයෙක් හොයල දෙනවා. ඔහු නැවතී සිටින්නේ පීඩිත පංතියේ මිනිස්සු ජීවත් වෙන ඒ ළඟම ප්‍රදේශයක. මෙහෙම ඉන්න අතරේ ප්‍රදේශයේ පල්ලිය ඇතුලේ අමුතු දෙයක් සිද්ද වෙනව කියල ඔහුට තේරුම් යනවා. ඉතින් මේ වෙන්නේ මොකක්ද කියල හොයල බලන්න දවසක් ඔහු පල්ලියට හොරෙන් යනවා. එතනදී විද්‍යාගාර බඩු වගයක් සහ විශාල කාඩ්බෝඩ් පෙට්ටි තොගයක් ඔහු දකිනවා. පස්සේ ඔහු ආපහු පල්ලියෙන් පිටවෙලා එනවා. දවසක් රෑ පල්ලියේ සිටින පුද්ගලයින්ට සහ ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට පොලිසියෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඔහු කොහොමහරි පැනගන්න සමත් වෙනවා. පහුවදා උදේට පල්ලිය ඇතුලට ගිහිල්ල අර කාඩ්බෝඩ් පෙට්ටි වලින් එකක් අරගෙන වීදියකට ගිහිල්ල ඒක විවෘත කරල බලනවා. එහිදී ඔහුට දකින්න ලැබෙන්නේ නිකන්ම අව් කණ්නාඩි තොගයක් විතරයි. ඉතින් මේ අව් කණ්නාඩි වලින් එකක් අරගෙන මොහු වීදියට යනවා. මේ යන අතරේදී නිකමට අව් කණ්නාඩිය දාල බලනවා. මේ අවස්ථාවේ හරි පුදුම දෙයකට තමයි ඔහුට මූන දෙන්න සිද්ද වෙන්නේ. හරි එහෙනම්, ඊළඟට සිද්ද වෙන දේවල් ඔයාලම බලන්නකෝ. එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමු වෙන තුරු හැමෝටම ජය.

බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සඳහා අදාළ වේ.

2,739 downloadsDownload They-Live-1988.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,739 downloadsDownload Subtitles26 KB

11 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම මග හැරිල ගියපු මේ වගේ හොඳ නිර්මාණ ආයිමත් අරගෙන එනවටත් ස්තූතියි...

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Shamal manojan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසියට.
    George A. Romero ගේ film වලට උපසිරසි දෙන්න පුලුවනිද?
    Night of the living dead 1968, 1990
    Down of the dead 1978
    Day of the Dead 1985
    Creepshow 1982, 1987
    The Crazies 1973
    මේවා සුපිරි චිත්‍රපට. සබ කලොත් මුලු බයිස්කෝප් අඩවියම බයකරන්න පුලුවන්.

  4. malithmadhushan45

    Meka supiri ekak patta saho

  5. indika75

    thanks..

  6. Dewadithya

    Thanks for sub!

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sanjana

    great site. The person who make this website i well much appreciate.

    I wish you all the best to do more.

    Thank you,
    Best Regards,

    Sanjana

  10. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  11. S.H. Tharaka prabhath

    Thanks for the sinhala sub bro..