Watch Trailer

They Will Kill You (2026) Sinhala Subtitles | මිනීමරුවන් පිරුණු අභිරහස් මන්දිරයක ගෙවෙන මරණීය රාත්‍රියක්… [සිංහල උපසිරසි] [Bluray Updates]

They Will Kill You (2026) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 2026 වසරේ තිරගත වුණු Action | Comedy | Horror වර්ගයට අයත් චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 6.5/10 Rotten Tomatoes: 64% සිනමාපටයේ තොරතුරු, අධ්‍යක්ෂණය : Kirill Sokolov ප්‍රධාන නළු නිළියන් : Zazie Beetz (ඒෂියා රීව්ස්)…

They Will Kill You (2026) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 2026 වසරේ තිරගත වුණු Action | Comedy | Horror වර්ගයට අයත් චිත්‍රපටයක්.

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 6.5/10
  • Rotten Tomatoes: 64%

සිනමාපටයේ තොරතුරු,

  • අධ්‍යක්ෂණය : Kirill Sokolov
  • ප්‍රධාන නළු නිළියන් :

  1. Zazie Beetz (ඒෂියා රීව්ස්)
  2. Tom Felton (කෙවින්)
  3. Heather Graham (ෂැරෝන්)
  4. Patricia Arquette (ලිලිත්)
  5. Paterson Joseph (රේ)
  6. Myha’la (මරියා රීව්ස්)
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 35
  • වියදම : $20 Million
  • මුළු ආදායම : $19 Million

​කතාව ගැන පොඩ්ඩක්:

ඒෂියා රීව්ස් කියන්නේ තමන්ගේ අතීතයෙන් පලා යන තරුණියක්. මෙයාගේ එකම අරමුණ වෙන්නේ මීට අවුරුදු 10කට කලින් තමන්ගෙන් වෙන්වුණු සහෝදරියව කොහොමහරි හොයාගන්න එක. දවසක් එයාට ලැබෙන තොරතුරකින් සහෝදරිය ඉන්න තැන ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ අනුව මෙයා නිව්යෝර්ක් නුවර තියෙන ‘The Virgil (වර්ජිල්)’ කියන ඉතාමත් සුවිශේෂී, පැරණි මන්දිරයකට සේවිකාවක් විදිහට ඇතුල් වෙනවා.

​හැබැයි මේ ගොඩනැගිල්ලේ ඉන්න සල්ලිකාර පදිංචිකාරයෝ නිකන්ම නිකම් මිනිස්සු නෙවෙයි. ඒ වගේම මධ්‍යම රාත්‍රියේදී වෙස්මුහුණු දාගත්තු මිනීමරුවන් පිරිසක් ඒෂියාව මරලා දාන්නත් උත්සාහ කරනවා. ඒත් පුදුමේ කියන්නේ, ඒෂියා විසින් මරලා දාන මේ මිනිස්සු ආයෙත් ටිකකින් පණ ලබලා නැගිටින එකයි! ඉතිං මේකට හේතුව මොකක්ද? ඒෂියාගේ නංගි ජීවතුන් අතරද? බලලම දැන ගන්නකෝ.

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • නිරුවත් සහ ලිංගික දර්ශන
  • දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරිම් 
  • අසභ්‍ය වචන

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

They Will Kill You (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,565 downloadsDownload They-Will-Kill-You-2026-They-Will-Kill-You-2026-Bluray-Update-1.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

They Will Kill You Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

1,565 downloadsDownload Subtitles48 KB

3 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Sahan Gayantha

    thanks a lot Nishan saho sub ekata

  3. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up