“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා. ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට . ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..! නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.! අපේ ඊලඟ පරම්පරාව.. බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ. මේක නවත්තන්න නම්. කොහේ හරි ඉන්න හොඳ කෙනෙක්ව බලලා.…

“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා.
ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට .
ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..!
නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.!
අපේ ඊලඟ පරම්පරාව..
බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ.
මේක නවත්තන්න නම්.
කොහේ හරි ඉන්න හොඳ කෙනෙක්ව බලලා..
කරුණාකරලා එයාව දිනවන්න..
මේක අපේ රටට විතරක් නෙවෙයි..
ඔයාලගේ ගෙවල් වලටත් හොඳයි.!”
බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ නත්තලක් වේවා..! ඉතින් හරියටම මාසකෙට පස්සේ තමයි මම අඩවියට ගොඩවෙන්නේ හැබැයි මාසයකට පස්සෙ ආවා උනාට ඒකත් ආවේ නෑ හිතුවෙවත් නැති විදියකට එන්න සිද්ද උනා. ඒ මේ චිත්‍රපටයේ නොසිතු විරු ලෙසින් ගුණාත්මක පිටපතක් හදිසියේම ආපු හින්දා..! ඉත්න් හොඳ වීඩියෝ පිටපතක් නිකුත් වුවත් මේ සඳහා කිසිදු උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් නොවූ නිසා වීඩියෝවේම අඩංගු ඉංග්‍රීසි උපසිරස බලාගෙන අතින් ටයිම් ලයින් සකස් කර මේ සඳහා උපසිරැසි ගන්වන්න අපට සිද්ද උනා. අවසානයේ ලයින් 2800 කට ආසන්න දෙබස් ප්‍රමාණයකින් යුත් මේ චිත්‍රපටය සඳහා මට උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබාදීම ගැන අපේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරනින් ගමන් මේ වගේ වෙලාවකට උපසිරැසිය ඉක්මණින් අරන් එන්න සහයෝගය දුන්න තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂයෙන් ස්තුතීවන්ත වෙන ගමන්ම චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් ගෙන ඒමට සූදානම් වනවා.
දකුනු ඉන්දීය සිනමාවේ සංගීත නිර්මාතෘවරයෙක් වෙන විජය අන්තොනි කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් ඒ ඇයි කිව්වොත් ඔබ අපි කවුරුත් දන්නා ‘සුරාංගනිට මාළු ගෙනාවා’ සිංහල පදමාලාව සහිත දමිළ ගීතය ශ්‍රීලංකා වේ බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබු දමිළ ගායකයකු වන දිනේෂ් කනගරත්නම් සමඟින් සංගීත නිර්මාණය කල නිර්මාතෘවරයා වීම නිසාවෙන්. විජය අන්තොනි රඟදක්වන මේ නව සිනමාපටය 2018 නොවැම්බර් මස 05 වනදා තිරගත කිරීමට සූදානම් කර තිබු මෙම සලරුව දකුණු ඉන්දීය රංගන ක්ෂේත්‍රයේ පතාකයකු වන විජේ ගේ සර්කාර් චිත්‍රපටය පසුදා එනම් දීපාවලි දින තිරගත කිරීමට සූදානම් කර තිබීම නිසා තිරගත කිරීමේ දින කල් තැබුණා. කෙසේ හෝ 2018 නොවැම්බර් මස තිරගත කල මෙම චිත්‍රපටය imdb හි අගය 10/6.1 ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්ථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 13.75 ක්ද ලබාගැනීමට සමත් වුනා.
අප මේ ජීවත්වන ලෝකයේ විවිධ වර්ගයේ අපරාද කරුවන් සිටිනවා ඒ අතර හැදෙන වයසේ සිටින පිරිමි දරුවන් අපරාද කිරීමට පොළඹවාගෙන මුදල් උපයනා අපරාධ කරුවෝ විශේෂයි..! මොකද එැනි කටයුතු කරන අපරාධ කරුවන්ගෙන් මුළු මහත් සමාජයට ජාතියට වගේම රටටත් රටේ අනාගතයටත් වෙන්නේ විශාල වශයෙන් අභාග්‍යක්,පාඩුවක් මිස යහපතක් නම් නෙවෙයි..!තවත් විදියකින් කිව්වොත් බාල වයස්කරුවන් යොදා ගනිමින් කුමන වර්ගයක හෝ සාපරාධී අපරාධයන් කරනා මෘගයින්ගෙන් ඉහත කී සියල්ලටම සිදුවන්නේ අවැඩක්මයි..! මේ චිත්‍රපටයෙන් ඒ කරුණ පිළිබඳව මනා ලෙසින් පැහැදිලි කර තිබෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ක්‍රියාදාම පිරි ත්‍රාසය උපදවන චිත්‍රපටයක් බලලා ඒක එතනින් ඉවරයක් කරලා දාන එක සුදුසුයි යැයි කියන එක මගේ අදහස නෙවෙයි. බොහොමයක් චිත්‍රපට වලින් අපට සමාජයට රටට ගන්න තියෙන පණිවිඩ ආදර්ශ බොහොමයයි.! ඉතින් ඔය ක්‍රියාදාම ත්‍රාසය කුතුහලය කියන හැමදෙයක් අතරින්ම ඒ පණිවිඩ ආදර්ශ තෝරා බේරා ගන්න එක වගේම පෙන්නලා දෙන එක රසික රසිකාවියන් වෙන ඔබගේ වගේම උපසිරැසිකරුවන් වන අපගේත් එක්තරා කාර්ය්‍යක් වගකීමක්..!
කතාව මෙහෙමයි මුරුගවේල් කියන්නේ පොලිසියේ රාජකාරි කරන අවංක පොලිස් කොස්තාපල්වරයෙක් මුරුගවේල්ගේ එකම මල්ලි රවී මොවුන් දෙදෙනාගේ දෙමව්පියන් මියන්ගොස්.. ! ඉතින් රවීගේ හැමදෙයක් ගැනම බලන්නේ මුරුගවේල් ඒ උනාට රවී මුරුගවේල්ට පොඩ්ඩක්වත් කැමති නෑ මොකද මුරුගවේල් නිතරම රවීගැන බලන ගමන් රවීව අනාගතේදි හොඳ කෙනෙක් කරන්න උත්සහ ගන්න නිසා.! කාලය ගතවෙන කොට රවී මුරුගවේල් එක්ක රණ්ඩුව් ඇතිකරගෙන නිවසින් හොර රහසින්ම පිටවෙලා යනවා. එතැනින් පටන්ගන්නා සිදුවීම් දාමය නිසා මුරුගවේල්ට තමන්ගේ එක කුස උපන් මල්ලිට පවා වෙඩි තියන්න සිද්ද වෙන තරමටම ඔවුන්ගේ ඉරණම,දෛවය කුරිරු වෙනවා. මුරුගවේල්ට එවැනි දෙයක් කිරීමට සිද්ද වුන ප්‍රදාන මූලික හේතුව තමයි මීස පද්මා (රැවුල් පද්මා) කියනා අපරාධකරු, තමන්ට මේ සිදුකල දෙයට තම බලතල පාවිච්චි කර කෙලින්ම පළිගැනීමට යන මුරුගවේල් හදිසියේම එම තීරණය වෙනස් කර කිසිවකු නොසිතු ආකාරයේ වෙනස්ම දෙයකින් වැඩ කරන්න ගන්නවා. කතාවේ ඉතිරිය චිත්‍රපටය නරඹලාම දැන ගන්නා ලෙස ඉල්ලා සිටිමින් Sarkar (2018) චිත්‍රපටයත් සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
19,641 downloadsDownload Thimiru-Pudichavan-2018.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
77 comments
baiscopelkishu
Janith
මචං බෝහෝම ස්තුති sub එකට . sarkar එකටත් sub එක ඉක්මනට දෙන්න මචං .එක එනකන් බලාගෙන ඉන්නේ . ජය වේවා !!!!
Athula Kariyawasam
සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ
sube ekata thanks bro thavath supiri film ekak demu jayawewa.....
SujanBro
Sarkar ake kak ekkamanata dapan mcho.... Sarkar aka hoda copy akak release welada bn. Poddak kiyapallako. .. Tnx machanla sup akata... Thopi hinda thamae api film akak hareyata therenna balanne neththan nikan mukkuda wage kata aren balan ennawa melo deyak therenne nethuwa obalata a pinama athe saho akana athe.. බුදු සරණයි කටිටියටම ජය
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bros sub ekata. Jaya wewa.!
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන් ජයමවේවා
gihan perera
පට්ට....එනකන් හිටියේ මචෝ...ස්තුතියි ගොඩක් සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා....ජය වෙිවා...ඉක්මනින් අනිත් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න බලන්න....
Bandaramudiyansi
හම්මො මෙකට සබ් දැම්මට තැන්ක්ස් ඔය දෙන්නටම.ඉදල ඉදල ටැමිල් චිත්‍රපටයක් බලන්න හදන්නේ .තැන්ක්ස් .මෙවගෙ අලුත් එව තවත්දෙන්න කාලය ලැබෙන්න ඔන ඔයාලට සතුටුයි . තවත් අලුත් ටැමිල් එකක් ඇවිත් තියෙනවා ලු.හොද
ranga11112
thanks tharidu saho...
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
rravindu824
Supiri film 1.Sub enakan agili ganna.pattinapakkam film 1th sub 1k ikmta oee
C lakmal
සබ් එක ගොඩක්, හොදයි ජය වේවා .
vas0303
Thank you so much for giving us subtitles so quickly. All the best
suduayya
Thnq saho..Umblata godak pin me karana help ekat...siratawama
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිඳු සහෝලා දෙන්නටම.
ජයෙන් ජය.Nirodhya Dilshan
thank you.........
thank you.........
thank you.........
thank you.........
thank you.........Dimuth
Thanks bros
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!oshanda
thanx sahoo dennatama ...
Anuradha Rathnasiri
Thank you very much
prageeth
thanks 2 bro
Shehan Madhusanka
elazzzz
sandun_zuti
Thanks machn mewage mahnsi wela apita sub denwata.. Thanks Baiscope team.
Sagara 3594
Batti Gull Meter chalu film ekata sub eka dapanko Machan... Good luck...
Udaya Saman
බොහොම ස්තූතියි උපසිරසියට තරිදු අයියටත්, තාරකටත්...
ඊළග උපසිරසිය දෙනකන් බලන් ඉන්නවා එහෙනම්...Kanchaka
Thanks bro
Lalani Maduwanthi
Ammooo godaaak pin,,,,thanks
sooriyapatabadige
Thanks for sub bro..........( om 3D 2013 ) film eke sub dennako please...........!!!!!!!!!
TharakaWAS
Subata thanks bro...!!!
Eranga Sandaruwan
මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නෑ..
උප සිරැසියට දෙන්නටම බෝම ස්තූතියි..
ජය වේවා...Nilush Angana
Sub ekata thanx
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
rangika Kariyawasam
දෙන්නටම ජය වේවා සහෝ.නියම වැඩක්
Gandhaka Indrajith
Thanks for the subtitle
thi.chathu
jaya wewa kiwwa
Janith Sachintha
කාලෙක ඉදන් මග බලන් හිටිය සලරුවක් ඔබට බොහොම ස්තුති
Lalani Maduwanthi
Thank you ,,,,
Lalani Maduwanthi
Sarkar 2018 movie eka dennako please
Achi
❤️
NuwanK
Thank u Brothers...
chamil_shirantha
film eka banna link ekak dennakoooooooooooo
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
ranga11112
Thank you saho... labanna wu 2019 aluth aurudda niduk nirogi suba nawa wasarak weva....
theruwan saranaiHAPPY NEW YEAR
kevinnash
Sun ekata thanks bro.Aravindha Sametha Veera Raghava film ekata sub diyenko bn
Lahiri
thankz saho
IndunilN
thanks for sub
D.Chamara
oyla denatam bohoma sthuthi ...
shaneesha
සබ් එකට ගොඩක් ස්තුතියි ... මේවටත් පුලුවන් නම් සබ් දෙන්න
Aravindha Sametha (2018)
Sanda Kozhi 2 (2018)
Veera Bhoga Vasantha Rayalu (2018)
60 Vayadu Maaniram (2018)
Nela Ticket (2018)
Devadas (2018)C.R.Jayalath
Thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thimiru Pudichavan (2018) Sinhala Subtitles | පලිගැනීමකින් සමාජයට යහපතක්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Thimiru-Pudichavan-2018.jpg)

thanx machn.. godak asa naluwek..