Watch Trailer

A Simple Favor (2018) Sinhala Subtitles | මගේ රහසත් රකින්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

සමාජෙත් එක්ක ගැටෙන එදිනෙදා ජීවීතේදී අපිට අලුත් අලුත් අයම මුණගැහෙනවා. මේ විදිහට දැන හදුනාගන්න අය සමහර වෙලාවට හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවීත වලට පවා සමීප වෙනවා. සමීප වෙලා විතරක් නවතින්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නත් කලින් මේ විදිහට ආශ්‍රය කරන අමුත්තන්ව ලොකුම සමිපතයන් කරගෙන මේ අය ගැන විශ්වාසය තියලා…

සමාජෙත් එක්ක ගැටෙන එදිනෙදා ජීවීතේදී අපිට අලුත් අලුත් අයම මුණගැහෙනවා. මේ විදිහට දැන හදුනාගන්න අය සමහර වෙලාවට හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවීත වලට පවා සමීප වෙනවා. සමීප වෙලා විතරක් නවතින්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නත් කලින් මේ විදිහට ආශ්‍රය කරන අමුත්තන්ව ලොකුම සමිපතයන් කරගෙන මේ අය ගැන විශ්වාසය තියලා සමහර වෙලාවට තමන්ගේ පුද්ගලික රහස් වගේම නොයෙක් අත්දැකීම් මේ අය එක්ක බෙදාගන්න අවස්ථාත් ඇති. ඒ විදිහට හිතවත් වුනාට කමක් නැහැ. ඒත් ඒ විදිහට තවත් කෙනෙක්ව විශ්වාස කරලා කරගත්තේ ලොකුම ලොකු මෝඩකමක් නේද කියලා තේරුම් යන්නේ මොකක්ම හරි එපාම කරපු සිදුවීමක් වෙන්නම ඕන. 

වැන්දඹුවක් විදිහට ජීවීතේ කරන ස්ටෙෆනි කියන්නේ මේ විදිහට වැඩ වරද්දගන්න කෙනෙක්. එයාගේ පුතා හොදම යාලුවාගේ අම්මව තමයි ස්ටෙෆනිට මුණගැහිලා හුගාක් හිතවත් වෙන්නේ. එයාගේ නම එමලි නෙල්සන්. බැලු බැල්මට සෑහෙන ගුප්තයි. කොහොම කොහොමින් හරි පුංචි කාලයක් ඇතුලත ස්ටෙෆනි එම්ලිව එයාගේ හොදම මිතුරිය කරගන්නවා. කටින් පිට වෙන ඕනෙම දෙයක් ඔහේ කියලා දාන ස්ටෙෆනි දන්නෙම නැතුව එයා මෙතෙක් කල් වෙනින් අයට නොකිව්ව රහස් පවා එමලිට කියනවා. ස්ටෙෆනි මොන තරම් එමලි ගැන හිතුවත් එමලි නම් ස්ටෙෆනි ගැන හිතන්නේ මහා මෝඩ කණුවක් විදිහටයි. දවසක්දා එමලි ස්ටෙෆනිට කතා කරලා කියනවා එයාගේ පුතාව ඉස්කෝලෙන් අරගන්න කියලා. ස්ටෙෆනි එමලිගේ පුතාව නම් ඉස්කෝලේ ඇරුනම එක්කන් යන්න එනවා. හැබැයි ඒ විදිහේ “පුංචි උදව්වක්” ඉල්ලලා එමලි දවස් ගානක් ගත වුනත් ආයේ ආවෙම නැහැ. ඊටත් පස්සේ ආරංචි වෙනවා එමලි මැරිලා කියලා. මේ විදිහට මැරුණු එමලි ආයෙ ජිවතුන් ඉන්න විත්තිය ස්ටෙෆනිට ටිකෙන් ටික ආරංචි වෙනවා. ඒ විතරක් නෙවෙයි එමලි කියන්නේ හුගක් කපටි වංචාකාරියක් වගේම මිනිමරුවෙක් කියලා ස්ටෙෆනිට දැනගන්න ලැබෙනවා. තමන්ගේ ඇස් ඉස්සරහම වල දාපු කෙනෙක්ට ආපහු ජීවීතේට ඇත්තටම එන්න පුලුවන්ද? එහෙම නැත්තම් ඒකත් මායාවක් හෝ බොරුවක් වෙන්න බැරිද? 

2018 සැප්තැම්බර් 14 වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ වුණු චිත්‍රපටයක් තමයි මේ අද මං අරන් ආවේ. ඒකත් නිකන්ම නිකන් එකක් නෙවෙයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ, ඒ කිව්වේ A Simple Favor නමින්ම මීට පෙර 2017 මාර්තු 21 නිකුත් වුනු Darcey Bell නම් ඇමරිකානු කතුවරියගේ නවකතාව ඇසුරින් නිර්මාණය වූවක්. The Peanuts Movie (2015), Spy (2015), Ghostbusters (2016) මේ වගේ හුගක් ප්‍රසිද්ධ නිර්මාණ බිහිවෙන්න දායක වුනු “Paul Feig” මෙහි අධ්‍යක්ෂක කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අධ්‍යක්ෂණ කටයුතු වගේම “Jessie Henderson” නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරිය එක්කාසු වෙලා තමයි මෙහි නිෂ්පාදන කටයුතු සිදු කරලා තියෙන්නේ. 

Lionsgate, Feigco Entertainment, Bron Studios සමාගම් තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වෙලා තියෙන්නේ. විනාඩි 117 ක් පුරාවටම ධාවනය වන මේ චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකය තුල 7/10 ක අගයක්ද, Rotten Tomatoes දර්ශකයේ 84% ක අගයක් මෙන්ම 79% ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද ලබාගෙන තියෙනවා. ඔයාලා හොදාකාරවම දන්නවා ඇතිනේ රොටන් ටොමැටෝ අඩවියේ හොද අගයක් ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා. ඉහල අගයක් ලබාගන්න නිර්මාණවල ගුණාත්මක භාවය ගැන ඔයාලා දැනුවත් ඇති කියලා හිතනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අගයකින් නිර්මාණය කල මේ චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 94.8 ක බොක්ස් ඔෆිස් අගයක්ද වාර්තා කරලා තියෙනවා. Comedy, Crime, Drama මේ කාණ්ඩ නියෝජනය කරමින් මේ චිත්‍රපටයේ “ස්ටෙෆනි” නම් චරිතයට දායක වෙලා තියෙන්නේ Pitch Perfect 1, 2, 3 චිත්‍රපට ත්‍රිත්වය තුලින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ “Anna Kendrick” නම් නිළියයි. The Town (2010), Green Lantern (2011), The Shallows (2016) ඇතුළු තවත් ජනප්‍රිය චිත්‍රපටවල සේම Gossip Girl නම් රූපවාහිනී කතාමාලාවේ පවා රංගනයෙන් දායක වූ “Blake Lively” තමයි මේ චිත්‍රපටයේ එමලි නෙල්සන්ගේ චරිතයෙන් දායක වෙලා තියෙන්නේ.

ඔන්න ඕක තමයි චිත්‍රපටයේ තත්වේ. ආරම්භයේ ඉදන් අවසානය දක්වාම කුතුහලය පිරුණු මේ සිනමාපටයත් නැරඹුවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුලුවන්. මොකද මේ වෙද්දී මේ චිත්‍රපටයට හුගාක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බලන්නේ නැහැ කියන්නේ ඉතින් ඔයාලටමයි පාඩුව වෙන්නේ.  එහෙනම් ඉතින් අරගෙන බලලා රස විදින්නකො. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,911 downloadsDownload A-Simple-Favor-2018.zip176 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,911 downloadsDownload Subtitles176 KB

47 comments

  1. thilin2

    Sub ekt thanks broh...

  2. Kulanjana Maduranga

    subata thanks saho....keep it up,....

  3. priyan99

    Thanks bro sub ekata.baiscope downloads eke tiyena 720p x265 link eke tiyenne tamil movie ekakne machan..poddak balapan mcn

  4. Hashan M. Priyadarshana

    Thanks machan sub ekata..
    Jaya wewa!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahioo sub ekata... jaya wewa...!

  6. Milind@

    Thanks saho

  7. gihan perera

    ස්තුතියි සහෝ...අමුතුයි...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  8. ranga11112

    Thanks saho....

  9. indika75

    thanks..

  10. wasanthamax

    sub akata thanks

  11. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  12. Tharaka

    thanks...................

  13. Sahan Umayangana

    Thanks saho sub ekata meka denakan hitiye

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

  16. aks

    thanks...

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. dimithri

    thank you yaluwa

  19. Rukshan37

    Ela ela

  20. gayansofficial

    Aiyoo Iye balauwane. Sub eka hoyala hoyala berima thana

  21. madhusankha

    Thanks bro...

  22. uswijesooriya

    thanks for sub

  23. bLack_sNow

    Thanks saho sub ekata

  24. gayanmagee

    thanks

  25. Gayan dushmantha

    මේක දෙනකම් බලන් හිටියෙ බොහොම ස්තූතියි. පුලුවන්නම් Night School (2018) සදහාත් උපසිරසි ලබාදෙන්න.

  26. nilantha7

    thanks

  27. sulochana

    thank you

  28. Ushan-tharindu

    THANKS BRO

  29. AsithaDilruwan

    ela saho thanks

  30. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  31. NuwanK

    Thank u bro..

  32. Shamal Ranasinghe

    Thank you..! digatama mewage comedy, crime drama denna..! Best of luck brother..!

  33. Kaveen Gayath

    Thanks for the sub bro

  34. MAALnath

    Thanks ...........................good luck ................

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා..!

  36. suranuwan

    thanks............

  37. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  38. nish47

    thanks mchn

  39. Milinda Sadaruwan

    thanks bro

  40. baiscopelkishu

    sub ekata thanx machn

  41. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  42. Sanath1990

    meka patta film eka.. thanks machan

  43. Kasun A.

    උපසිරැසියට තුති චාමර සහෝ,ජය!

  44. Chulender kasun

    Thanks.....

  45. Dewadithya

    Thanks for Sub!

  46. Sajithlakshan

    thanks ...............

  47. Sahan Gayantha

    thanks saho sub ekata