Watch Trailer

Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්ද…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.

Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් වගේම 96% ගූගල් පරිශීලක අගයක් හිමිවෙලා තියෙනවා. මලයාලම් ප්‍රහසන චිත්‍රපටියක වන Thinkalazhcha Nishchayam, 51 වෙනි කේරළ ප්‍රාන්ත සිනමා උළෙලෙදී Best Story යන සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Second Best Film ලෙස තේරී පත්වුණෙත් මෙම චිත්‍රපටිය. උතුරු කේරළයේ Kanhangad කියන ප්‍රදේශයේ රූගත කරන ලද මෙම චිත්‍රපටියට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේම ජීවත් වෙන ආධුනික පිරිස් කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙම ආධුනික පිරිසගේ රංගනය නම් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා නොකියාම බෑ. පීතෘ මූලික සමාජයක ගෙදරක කටයුතු වෙන්නේ කොහොමද? පියාගේ වගකීම් හා බැඳුණු කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද ආදී ලෙස ලාංකිකයින් වෙන අපිටත් සමීප දේවල් මේ චිත්‍රපටිය පුරාවටම දකින්න පුළුවන්.

මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම ‌මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා‍.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් ‌දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.

Home (2021) මලයාලම් චිත්‍රපටිය බලපු අය Thinkalazhcha Nishchayam (2021) ආසාවෙන් රස විඳියි කියලා හිතනවා. මොකද මේකත් තාත්තා මූලික වුණ පවුලේ කතාවක්. 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටි අතරින් මඟ ‌අරින්නේ නැතිව බැලිය යුතු තවත් රසවත් චිත්‍රපටියක් කියලා ආයෙමත් වතාවක් මතක් කරනවා. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

6,110 downloadsDownload Thinkalazhcha-Nishchayam-2021.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

6,110 downloadsDownload Subtitles61 KB

42 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kushan

    Sub akta thanks

  3. මයුර

    ස්තූතියි අක්කේ.. දෙනකම් බලන් හිටියේ

  4. madusanka

    Churuli 2021 malayalam movie akata sub aka denna.

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  6. Anonymous

    Patta

  7. ravindu

    thanx for sub

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  10. Anonymous

    තෑන්ක්ස් අක්කේ
    මලයාලම් වල ඔය තාත්වික ගතියට තමයි මම නම් කැමතිම

  11. රංගික සිනෙත් කාරියවසම්

    බොම සුපිරියක් අක්කේ. ජයම වේවා. ගොඩක් ස්තුතියිිි ....එල

  12. Nethini123

    බොහොම ස්තූතියි අක්කේ... තාම බලන්න බැරි වුණා... දැන් නම් සබ් එක්කම බැලුවහැකි....❤️

  13. නිරෝෂ්

    ස්තුතියි .ජයවේවා!

  14. Anonymous

    Thanks

  15. Anonymous

    Bhramam 2021 Sub Plz

  16. Sanindu

    Bhramam Sub Plz

  17. indika 75

    thanks..

  18. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  19. Anonymous

    Churuli (2021) sub plz

  20. රනා

    ගැම්මක් තමයි ❤

  21. maggy

    ස්තුතියි
    දිගටම මලයාලම් දෙමු

  22. Naveen

    උපසිරසියට තුති

  23. Viru

    Star malayalam movie ekata sub dennkow

  24. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  25. Neo

    Thanks sister
    Keep it up

  26. Udaya Fdo

    Thank you

  27. Samith

    Thanks sister

  28. Madhushani Gamage

    උපසිරසියට බොහෝම ස්තූතියි.

  29. Anonymous

    තැන්කු වේවා

  30. Dineth de silva

    Thanks sister

  31. Sujith

    ෆිල්ම් එක තව දිගට තිබ්බ නම් මරු ඈ. පට්ට පට පට. තව මේ වගේ ඒවට සබ් ඕනෙ හොඳේ..

  32. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  33. Anonymous

    KURUP - 2021Malayalam Film Ekawath Ikmanta Dennako

  34. Ruwee

    dulquer ge KURUP 2021 sub please

  35. මංජුල සම්පත්

    ස්තුතියි සිස්

  36. Anonymous

    Marakkar: Lion of the Arabian Sea -2021 sub plz

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Vishwa sasanka

    Thank you

  39. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  40. Anonymous

    2020 ඉන්දියන් නැෂනල් සම්මානේ ගැහුව මලයාලම.
    ජයවේවා...

  41. Ravi Perera

    Meke Link ekak nedda?

  42. Sahan Gayantha

    thanks a lot sis sub ekata