මෙයට IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙනවා. එසේම මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 90 වෙනි” ස්ථානය ලබාගත් සිනමා නිර්මාණය ලෙසටද දැනට වර්ගී කරණය වී තිබෙනවා. ඇත්තෙන්ම ලොව විවිධ රටවලත් මෙය ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. මෙය ලෝක සිනමාවේ සුවිශේෂ ජර්මන් සිනමා නිර්මාණයක්. මෙම සිනම…

මෙයට IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙනවා. එසේම මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 90 වෙනි” ස්ථානය ලබාගත් සිනමා නිර්මාණය ලෙසටද දැනට වර්ගී කරණය වී තිබෙනවා. ඇත්තෙන්ම ලොව විවිධ රටවලත් මෙය ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. මෙය ලෝක සිනමාවේ සුවිශේෂ ජර්මන් සිනමා නිර්මාණයක්.
මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ බර්ලිනයේ, දැරියන් මරා දමන ළමා මිනීමරුවෙකු පිළිබඳ සිදුවීමකින්. දැරියන් ගොදුරු කර ගන්නා මේ ඝාතකයා ගැන පෝස්ටර් වලින්ද නිරතුරුව අනතුරු හඟවන ලදී. කුඩා එල්සි බෙක්මන් පාසලෙන් පිටව යමින් නිවසට යන අතරමගදී බෙකර්ට් නම් පුද්ගලයා ඇය වෙත පැමිණේ. ඔහු ඇයට අන්ධ වීදි වෙළෙන්දෙකු ගෙන් බැලූනයක් මිලදී ගෙන දෙයි. ඉන් පසුව ඇය සමඟ ඇවිදිමින් කතා කරයි. ඉන් පසුව ඇයට සිදුවූ දෙයක් නොමැති වෙයි. එල්සිගේ අතුරුදහන් වීමත් සමඟ මහජනතාව අතර තම දරුවන් ගැන බිය ඉහළ යයි. බෙකර්ට් ළමා ඝාතනවල වගකීම ගනිමින් සහ තවත් එවැනි අපරාධ කරන බවට දන්වමින් පුවත්පතකට නිර්නාමික ලිපියක් යවයි; ඇඟිලි සලකුණු සහ අත් අකුරු විශ්ලේෂණයේ නව තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් පොලිසිය එම ලිපියෙන් තොරතුරු ලබා ගනී. පීඩනය යටතේ, පොලිසිය පැය විසිහතරේම මේ ගැන සොයා බලයි. මෙහි ප්‍රධානියා වන පොලිස් පරීක්ෂක කාල් ලොහ්මන්, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් ඇති අය කෙරෙහි අවධානය යොමු කරමින්, මෑතකදී මුදා හරින ලද මානසික රෝගීන්ගේ වාර්තා පරීක්ෂා කරන ලෙසත් ඔහුගේ නිලධාරීන්ට උපදෙස් දෙයි. ඔවුන් දන්නා නගරයේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහාද නිතර වැටලීම් සිදු කරයි, මෙම නිසා අනෙක් පාතාල ව්‍යාපාරවලට බාධා පැමිණේ. මේ නිසා නගරයේ අපරාධ කරුවන් ඔවුන්ගේ රැස්වීමක් කැඳවයි. එහිදී මේ අපරාධ කරුවා අල්ලා දඬුවම් දීමට ඔවුන් තීරණය කරයි. ඒ සඳහා පාතාලකරුවන් මෙහෙයුමක් දියත් කරයි. මෙතැන් සිට ගැටළු රාශියක් පැන නඟියි. ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief, Legacy Of Rage එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.
මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ පස්වන උපසිරසි නිර්මාණය” යි. මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා හින්දි නොවන වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. එසේම ඔහු කීප වාරයක් ඉල්ලා සිටියා 1931 වර්ෂයේ තිරගත වූ “M” සිනමාපටයට සිංහල උපසිරසි දෙන්න කියා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසිකල් තීෆ්” සහ “ද හවුස් මේඩ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්” යන අනෙක් සිනමාපටද අගය කරලා තිබුණා. මෙයත් ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. අන්තර්ජාලයේ yts වෙබ් අඩවියේ blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
1,945 downloadsDownload M-1931.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
22 comments
කවිඳු ජයවර්ධන
Anonymous
බොහොම ස්තූතියි උපසිරැසියට!
W T Ajith
Mr. Priyantha, I watched a lot of the other movies you subtitled. This is also one of the most valuable in world cinema. I really appreciate your service!
Anonymous
පැරණි සිනමා රසිකයන් වෙනුවෙන් ඔබ අගනා මෙහෙයක් ඉටු කරනවා, ස්තුතියි....
Anonymous
❤️
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..බොහොම වටින චිත්‍රපටයක්
Anonymous
බොහොම ස්තුතියි සබ් එකට .
xd
Thanks <3
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
D P Gamage
මම පුද්ගලිකවම IMDb ඉහළ අගයක් ගත් ෆිල්ම්වලට කැමතියි. ඔබ හොඳ ෆිල්ම් විශාල ප්‍රමාණයකට උපසිරසි දීලා තිබෙනවා, මේ වටිනා වැඩේ දිගටම කරගෙන යන්න. ඔබට ස්තුතියි!
Anonymous
විතානගෙ දයා කීර්ති මහත්මයාට බොහොම ස්තුතියි.එමෙන්ම ඉල්ලීමක් තිබෙනව
හැකිනම් 2006 වසරේ පසුපති හා බරත් රඟපෑ වෙයිල් (weyil) "අව්ව' චිත්‍රපටයට සිංහල උපසිරැසියක් කරන්න.
ස්තුතියි
Anonymous
Thanks jayawewa....!
නිරෝෂ්
ස්තුතියි ප්‍රියන්ත සහෝ.ජයවේවා!
Nipun
Thank you so much
Anonymous
IMDb 250 තව ෆිල්ම් ටිකයි තියෙන්නේ, ඒවාත් සම්පුර්ණ කිරීම අගනා කාර්යයක්! මෙම සබ එකටත් ස්තුතියි.....
ශාමල් මනෝජන්
මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ලබාදීම පිළිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා විතානගේ ප්‍රියන්ත දයාකීර්ති මහත්මයා වෙත. මෙම දුර්ලභ ගණයේ වටිනා චිත්‍රපටය සඳහා ඔබ ලබාදුන් උපසිරැසිය ඉතාමත් වටිනවා.
එමෙන්ම ඉදිරියටත් හැකි අයුරින් මෙවැනිම අතිශයින්ම දුර්ලභ ගණයේ වටිනා පැරණි ඉංග්‍රීසි හා වෙනත් භාශා චිත්‍රපට, AFI 100, IMDB වැනි විශිෂ්ට සිනමා දර්ශකවල ඇති මෙතෙක් උපසිරැසි ලබා නොදුන් විදෙස් චිත්‍රපට ඔබගේ උපසිරැසි එකතුව සඳහා එක්කාසු කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
Deegayu Abeysekera
thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anjana Gunathilaka
Loku deayak. Godak kal asawen hiye meka balanna. Thank you very much !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් දෙයි කියල හිතුවෙවත් නැති ෆිල්ම් එකක්.ෆිල්ම් එකනං කලින් බලල තියෙනවා.හින්දි ෆිල්ම් අතරට මේ වගේ ෆිල්ම් එකකුත් දෙන එක මාරම වටිනවා.බොහොම ස්තූතියි සබ් එකට..