Watch Trailer

Last Night in Soho (2021) Sinhala Subtitles | සෝහොවල භයංකාර රාත්‍රිය.. [සිංහල උපසිරසි] [18+]

“අතීතය” 1960 කාලයේ ජීවත් වූ ඇය නමින් ඇලෙක්සැන්ඩ්‍රා. හැබැයි සැන්ඩි කියනවටයි කැමති. එයා නර්තනයට, ගායනයට හුගක් දක්ෂයි. මේ බව එයා හැමෝම ඉදිරියේ එක්තරා තැනකදී පෙන්නනවා. එතනදී එයාට මුණගැහෙනවා ජැක් කියලා කඩවසම් තරුණයෙක්. සැන්ඩිගෙ හැකියාවන් දැකලා ඔහු බලාපොරොත්තු දෙනවා ඉදිරි ගමන සාර්ථක කරගන්න උදව් වෙන්න. ල…

“අතීතය”
1960 කාලයේ ජීවත් වූ ඇය නමින් ඇලෙක්සැන්ඩ්‍රා. හැබැයි සැන්ඩි කියනවටයි කැමති. එයා නර්තනයට, ගායනයට හුගක් දක්ෂයි. මේ බව එයා හැමෝම ඉදිරියේ එක්තරා තැනකදී පෙන්නනවා. එතනදී එයාට මුණගැහෙනවා ජැක් කියලා කඩවසම් තරුණයෙක්. සැන්ඩිගෙ හැකියාවන් දැකලා ඔහු බලාපොරොත්තු දෙනවා ඉදිරි ගමන සාර්ථක කරගන්න උදව් වෙන්න. ලොකු තැනකට යන්නත් මුලින්ම පුංචි තැනකින් පටන් ගන්න ඕන කෙනෙක් කැමතියි. සැන්ඩිත් එහෙමයි. ඒත් ඔය කියන විදිහට ජීවීතේට නොදැකපු පිරිමියෙක් ඒ හැම හීනයක්ම ලගා කරගන්න උදව් කරාවිද? කිසිම දෙයක් බලාපොරොත්තු නොවී?

“වර්තමානය”
ඇය නමින් එලොයිස් ‘එලී’ ටර්නර්. හුගක් පිටිසර පැත්තක ඉන්නෙ. එයා කැමති එලී කියනවට. ඇදුම් මෝස්‌තරකරණයට දක්ෂයි. හැකියාව නිසාම ලන්ඩන්වල ලොකු තැනක ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. කෙල්ලොම ගොඩක් ඉන්න තැනක නවතින්න ලැබුනට වැඩිකල් ඉන්න ලැබෙන්නෙත් නැහැ හේතු ගොඩක් නිසා. ඉන්න තැන ගෙදර වගෙ දැනෙන්න ඕන නිසා වෙන තැනකුත් හොයාගන්නවා. එතන ඉඩ තියෙනවා. බැලු බැල්මටත් හොදයි. ඒත් රෑට, එතන භයංකාර හීන වලට අරගෙන යන තැනක්. ඇත්තටම තමන් ඒ හීන වලට මුහුණ දෙනවා වගෙ තැනක්.

මේ වසරේ නිකුත් වෙච්ච තවත් අලුත්ම චිත්‍රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. නිකන්ම නිකන් චිත්‍රපටයක් නෙවෙයි මේ වසරේ නිකුත් වුන චිත්‍රපට පාදක කරගෙන ලබන වසරේදී පවත්වන ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන නොලැබුනත් අඩුම තරමේ නිර්දේශ නාම යෝජනා වලට හො හිමිකම් කියන්නවත් පුලුවන් විදිහේ අපූරු, වෙනස් චිත්‍රපටයක්. චිත්‍රපටයෙ පසුබිම මෙන්න මෙහෙමයි.

Scott Pilgrim vs. the World, Baby Driver වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට හරහා බොහෝදෙනා අතරේ ජනප්‍රියත්වයට පත්වෙච්ච Edgar Wright යටතේ තමයි මේ Last Night in Soho අධ්‍යක්ෂණයත් වගේම චිත්‍රපටයෙ පිටපත සහය රචනයත් සිදුවෙලා තියෙන්නෙ. ඒවගේම චිත්‍රපටයෙ පිටපත සහය රචනයට එක් වූ අනික් කෙනා තමයි 2020 වසරේ ඔස්කාර් සම්මාන රැසක්ම ලබාගත්ත 1917 චිත්‍රපටයෙ රචනය සිදු කල Krysty Wilson-Cairns කියන්නෙ. මේ වසරේ ඔක්තෝබර් 29’වැනිදා සිට ලොවපුරා ආරම්භ කලේ Universal Pictures බෙදාහැරීමක් විදිහටයි. ඒවගේම නොවැම්බර් 19 වැනිදා VOD (ඒ කිව්වේ අපිට නම් අන්තර්ජාලයට වීඩියෝ පිටපත්) නිකුත් කිරීමක් සූදානම් කරලා තිබුණු නිසා ඇ.ඩො.මි. 43කින් නිර්මාණය වුන මේ චිත්‍රපටයෙ වියදම පියවාගන්න ලැබෙන්නෙ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන්.

ප්‍රධාන රංගනයෙන් Thomasin McKenzie, Anya Taylor-Joy, Matt Smith, Michael Ajao, Terence Stamp, Diana Rigg සම්බන්ධ වෙලා තියෙනවා වගේම මේ වෙද්දීත් සම්පුර්ණ සම්මාන උළෙලවල් තුනක සම්මාන පහක් වෙනුවෙන්ම නිර්දේශ නාම යෝජනා අතරට එක්ව තිබෙනවා. පැයකුයි විනාඩි 52ක් එක දිගට බලාගෙන ඉන්න පුලුවන්ද? වර්තමානයෙ ඉන්න ගමන් අතීතයෙ භයංකාර හීන වලට යන්න කැමතිද? එහෙම නම් ඉතිං අරගෙන බලන්න.

මේක තමයි මම මේ අවුරද්දෙ චිත්‍රපටයක් වෙනුවෙන් කරන අවසාන උපසිරැසිය. එහෙනම් ආයෙ වතාවක් අලුත් වසරක, අලුත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්නම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,611 downloadsDownload Last-Night-in-Soho-2021-Blu-Ray.zip140 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

7,611 downloadsDownload Subtitles140 KB

31 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  2. Anonymous

    Thanks for sub

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. Pasiya

    Thank u So much....

  5. Anonymous

    Thanks jayawewa.....!

  6. Anonymous

    Thank you so much .mathak kala witharai sub awilla

  7. Anonymous

    ස්තූතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Harry

    අලුත් සීරිස් මොනවත් සබ් නෑනෙ දැං සයිට් එකේ foundation ඉවරත් උනා ඒ වගේ හොද සීරිස් වලට දීපන් කො සබ්, the wheel of time වත් දීපන්කො සතියෙ න් සතියට

  10. asela eranda

    adaei Bro film eka damma gaman down kara sub kohewath ne payak wage athulath sub damma oyala adrei bohoma isthuuthi

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. අශේන් R.

    ඔන්න සබත් එක්කම බලල ඉවරකලා.
    නියෙමෙට සබ කරල තිබ්බ ඈ
    ජය වේවා!

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. chaminda

    thanks bro

  18. indika 75

    thanks..

  19. Anonymous

    meka maru. liyum cover eka dakiddi habai scene eka theruna.

  20. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  21. Malith samarawickrama

    Thanks sub ekata

  22. mindika

    Thanks !!!

  23. Anonymous

    Thank brother

  24. lakshan

    thanks .................

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  27. Baiscope Pissa

    thanks

  28. Dewadithya

    Thanks for Sub!

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  30. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  31. Sahan Gayantha

    thanks a lot Chamara saho sub ekata