Watch Trailer

Thirst (2009) AKA Bakjwi Sinhala Subtitles | ලේ පිපාසය! [සිංහල උපසිරසි] (18+)

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසිය අරන් කාලෙකට පස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ උනා. මේ සැරේ මං ඔයාලට අරගෙන ආවෙ කොරියන් Horror ෆිල්ම් එකක්. කවුරුත් දන්නවනෙ ඉතිං කොරියන් horror ෆිල්ම් කිව්වම කොහොමද කියලා. ඔය Hollywood වල වගේ හැමදාම වෙන ගොන්…

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසිය අරන් කාලෙකට පස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ උනා. මේ සැරේ මං ඔයාලට අරගෙන ආවෙ කොරියන් Horror ෆිල්ම් එකක්. කවුරුත් දන්නවනෙ ඉතිං කොරියන් horror ෆිල්ම් කිව්වම කොහොමද කියලා. ඔය Hollywood වල වගේ හැමදාම වෙන ගොන් ආතල් එක නෑනෙ. ආයෙ ඉතිං පට්ටම story තමයි තියෙන්නෙ. මේකත් ඒ වගේ පට්ට පතුරු ෆිලුමක් කිව්වොත් හරි.

2009 වසරෙ දකුණු කොරියාවෙ ප්‍රදර්ශනය ආරම්භ කරපු, Horror/Romance ඝනයට වැටෙන මේ චිත්‍රපටිය, IMDb දර්ශකයේ 7.1ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. Horror ෆිල්ම් එකකට ඉතිං මේ වගේ අගයක් එනවා කියන්නෙ ඉතිං කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටය ඉංග්‍රීසි, ප්‍රංශ හා කොරියන් භාශා තුනෙන් ම නිර්මාණය වෙලා තියෙනවා. විචාරකයො පවසන අන්දමට ආසියානු සිනමාවෙ නිර්මාණය උන විශිෂ්ඨටතම ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි Thirst කියන්නෙ.

අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, සැන්ග්-හියුන් කියන්නෙ ක්‍රිස්තියානි පූජකයෙක්, ඔහු ප්‍රතිකාරයක් සොයා ගැනීමට උපකාර කරන්න අප්‍රිකාව විනාශ කරන වෛරසයකින් ආසාදනය වෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ඒකෙන් පස්සෙ ඔහු වැම්පයර් කෙනෙක් බවට පත් වෙනවා. මොහු පස්සෙ මිතුරෙකුගෙ බිරිදක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා රහසෙම. ඒත් එයා පස්සෙ තමයි දැන ගන්නෙ මෙයා වැම්පයර් කෙනෙක් කියලා. ඔයාලා හැමෝම දන්නවනෙ ඉතිං වැම්පයර් කියන්නෙ ඉතිං ලේ බීලා ජීවත් වෙන කෙනෙක් කියලා. කතාව ඉතිරි හරිය තියෙන්නෙ මේ දෙන්නගෙ ආදරේ එක්ක මොහුගෙ ලේ පිපාසෙ සන්සිදුව ගන්න කරන බිහිසුණු ක්‍රියා එක්ක තමයි.

ත්‍රාසය, භීතිය හා ආදරය කැටි කර ගත්තු මේ විශිෂ්ඨ සිනමා පටය අනිවාරෙන්ම නරඹන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් මං අදට සමුගන්නවා. ආ…. තව දෙයක් කියන්න ඕන මේක අනිවාරෙන් වැඩිහිටියො විතරක් බලන්න. මොකද ලිංගික දරශන ටිකක් වැඩිපුර මේකෙ තියෙනවා.

එහෙනන් ජය වේවා සියලු දෙනාට!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

6,246 downloadsDownload Thirst-2009.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-01-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,246 downloadsDownload Subtitles36 KB

22 comments

  1. Sanjaya

    thanks eranda malli.bs

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Requests...

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  3. Shaggy

    Thank you very much

  4. thilina

    ade machan godak pin ahh .ubata pulvnm mekta th dipan

    The Professor And The Madman (2019) [WEBRip] [720p] [YTS.AM] .story eka nm maru mokda Oxford English Dictionary eka gena tynne godak vatinva bn ade dipan plz

    1. Dineth Eranda

      වෙලාවක් හම්බුන ගමන් කරන්නම් මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  6. dsp

    thnx bro

  7. Anonymous

    Digatama korean walata sub demu

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. Suranjan

    Thanks jayawewa......!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. clementine

    එලම,සබ් ආවොත් බලනවා කියලා හිතපු ෆිල්ම් එකක්..ගොඩක් ස්තූතියි!

  12. Dewadithya

    Thanks for sub!

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Lakshansilva18

    thanks. korean films walatama digatama sub denna

  15. Malith Samarawickrama

    Thanks for a sub

  16. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sasanka sathyajith

    Thanks for the sub

  19. Anonymous

    oya type karana front eka mokakda tv ekata wada na

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. sachin

    download wenne naa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.