හැමෝටම සුභ නව වසරක් වේවා! Imdb 8.2 අගයක් හා Google 93% ක ප්‍රතිශතයක් ලබා ඇති මේ චිත්‍රපටය Thriller, Drama ගණයට අයත්. මෙහි අධ්‍යක්ෂණය සෙල්වේන්ද්‍රන්. ඔහු කෙටි චිත්‍රපට, වෙබ් සීරීස් අධ්‍යක්ෂණයෙන් පසු ඔහුගේ පලමු චිත්‍රපටයත් සමඟ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනු ලබනවා. මෙය විවිධ මාතෘකා ඔස්සේ දිව යන ගමක් පාද…

හැමෝටම සුභ නව වසරක් වේවා! Imdb 8.2 අගයක් හා Google 93% ක ප්‍රතිශතයක් ලබා ඇති මේ චිත්‍රපටය Thriller, Drama ගණයට අයත්. මෙහි අධ්‍යක්ෂණය සෙල්වේන්ද්‍රන්. ඔහු කෙටි චිත්‍රපට, වෙබ් සීරීස් අධ්‍යක්ෂණයෙන් පසු ඔහුගේ පලමු චිත්‍රපටයත් සමඟ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනු ලබනවා. මෙය විවිධ මාතෘකා ඔස්සේ දිව යන ගමක් පාදක කරගත් චිත්‍රපටයකි.
කරුප්පන්කාට්ටු වලසු ගමේ කුල දෙවියන් ‘කරුප්පන්’. ‘පචචෛකිලි’ නැටුම් ගුරුවරයා, සහ ඔහුගෙ ලේලිය ‘මල්ලි’. මේ දෙන්නා කරුප්පන්කාට්ටු වලට විතරක් නෙවෙයි, අහල පහල ගම් පුරාවට නැටුම්වලට නම ගිය දෙදෙනෙක්. රැකියාව සඳහා ඔවුන් විවිධ උත්සව අවස්ථාවල නැටුම් වලට යනවා. මිනිස්සු 200-250ක් විතර ඉන්න මේ ගමත් එක්කම අවට ගම් 13ටම ආරක්ෂාවට ඉන්නෙ 88ක් වයස ‘නොන්ඩි කරුප්පන්’ කියන ග්‍රාම ආරක්ෂකයා. ‘ගාන්දිමදි’, ගම්මුලාදෑනියගෙ දුව, විදෙස් රටක ඉඳන්, හිතට නිදහස හොයන් කරුප්පන්කාට්ටු වලසු ගමට එනවා. තාක්ෂණික දියුණුව අතින් මන්දගාමී වගේම, අවශ්‍ය අවම යටිතල පහසුකම් පවා නිසියාකාරව නැති අවුරුදු ගණනක් පසුපසින් ඉන්න මේ ගම දියුණු කරන එක එයාගෙ අරමුණ. ගමේ බහුතරයක් මේ වෙනුවෙන් කැමැත්ත පල කරද්දි තවත් පිරිසක් විරුද්ධත්වය පල කරනවා. කොහොමින් හරි ගාන්ධිමදිගේ උත්සාහයෙන් වැසිකිලි, කසල කළමනාකරණ පද්දති වගේම පරිඝණක, වයිෆයි පහසුකම් ගමට ලබා දෙනවා. ගමේ සිද්ද වුණ හදිසි දියුණුවත් එක්කම ගම්මු ගමේ සැනකෙළියත් ජයටම ලැහැස්ති කරලා උත්සවය ඉහලින්ම කරනවා. උත්සවය නිම වෙලා පසුවදා ගම්ටම ඛේදවාචකයක් සිද්ධ වෙනවා. ගමේ තැන් හතරකදී මළ සිරුරු හතරක් හමුවෙනවා. කරුප්පන්කාට්ටු ගමට මොන වින්නැහියක් වෙන්න යනවද? ගමේ සිද්ධ වේගවත් වෙනස් වීම නිසා කරුප්පන් කෝප වෙලාද?
බලන කෙනෙක්ට මුල් ටික තරමකට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒත් අනිවාර්යයෙන්ම මැද ඉඳන් අවසානය වෙන කල්ම හොඳ thriller එකක් දෙනවා කියලා විශ්වාසයි. චිත්‍රපටයේ පලමු භාගය විනෝදකාමීව සාමාන්‍ය සාම්ප්‍රදායික ආරට ගියත්, අධ්‍යක්ෂකවරයා දෙවන භාගයේදි non-linear (රේඛීය-නොවන) ප්‍රවේශයක් දීලා තියෙනවා. non-linear තිරරචන ගලා යන්නේ ඒ ඒ චරිතයන්ගේ කෝණයෙන් කථාව ඉදිරිපත් කරන විලාශය අනුවයි. එකම තැනක ඉඳන් කිහිප දෙනෙක් දෙයක් දකින ආකාරය උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. කෙනෙක් ස්ථානයකදි පුද්ගලයෙක් මිනිසෙකුගේ ගෙල කපා ඝාතනය කර පලා යනු දකිනවා. තවත් කෙනෙක් මිනීමැරුම සිදු කර මිනීමරුවා පලා යද්දී හඳුනා ගන්නවා. පොලිසිය සාක්ෂි විමසීමක් කරනකොට දෙදෙනාගෙම සාක්ෂි අරගන්න පුළුවන්. වඩාත් පුළුල්ව ආවරණය වන්නේ දෙවන පුද්ගලයාගේ සාක්ෂියයි. ඒත් සැබෑවටම සිද්ද වුණේ තමන් ඝාතනය කිරීමට ආ පුද්ගලයා සමඟ පොර බැදීමේදී නොසිතූ ලෙස ඔහුගේම ආයුධයෙන් කැපී මිය ගිය බවට මිනීමරුවා සිද්ධිය විස්තර කරනවා. මේ විදිහට පුද්ගලයන් මාරුවෙන් මාරුවට තමන්ගේ දෘෂ්ටියෙන් කතාව කීම මෙහි දකින්න පුළුවන්. non-linear ගැන චිත්‍රපටි නිතර බලන අය දැනගෙන ඉන්න පුළුවන්. අවශ්‍ය නම් ගූගල් සර්ච් කරලා non-linear චිත්‍රපටි මොනවද කියලා බලන්න. උනන්දුවක් දක්වනව නම් රේඛීය-නොවන දෙමළ චිත්‍රපට Aranya Kaandam (2010), Super Deluxe (2019), 96 (2018), 12B (2001) Vada Chennai (2018), Dhuruvangal Pathinaaru (2016), Vikram Vedha (2017), Ayutha Ezhuthu (2004) චිත්‍රපට බලලා නැත්නම් හොයාගෙන බලන්න කියලත් කියනවා.
චිත්‍රපටයට පාදක වන ‘කුල ආරවුල්’ ඉන්දියාවේ දකින්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්නයක්. කුලය නිසාවෙන් පවුලේ සාමාජිකයින් මරා දමන මේ මිනී මැරුම් වලට “Jathi Anava Kolai” “කුල ගෞරව මිනීමැරුම්” කියලා කියනවා. මේක “අහංකාර මිනීමැරුම්” කියලත් කියනවා. ඒ නිසාවෙන් මේකට “කුල අහංකාර මිනීමැරුම්” නම වැටිලා තියෙනවා. මේ විදිහට ගෞරවය නිසා පවුලේ සාමාජිකයින් මරා දැමීම “Honor Killing” විදිහට බටහිර රටවල පවා සිද්ද වෙනවා.
චිත්‍රපටයේ නළු නිළියන් දිහා හැරුනොත්, ප්‍රධාන චරිතය විදිහට, ලේසියෙන්ම අඳුරගන්න මූණක් තමයි නිලීමා රාණී. ඉන්දියාවේ නම් 365 දවසෙම වගේ දකින්න පුළුවන් මූණක්. මොකද බඩ වැල වගේ ගිය වානි රාණි වගේ ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂකයින් අතරෙ ප්‍රසිද්ධයට පත් වෙලා ඉන්නවා. මේ චිත්‍රපටියෙ නිලීමාගේ චරිතය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ටෙලිනාට්‍යවල පෙන්නලා යන මූණම, කිසිම හැඟීමක් නැතිව පෙන්වලා ගියා කිව්වොත් තමයි හරි.
‘මාරි’ සියා, Maari (2015) චිත්‍රපටියෙන් තමයි මේ නම ලැබුණේ. මොකද මේ සීයව සම්බන්ධ කරගෙන මාරි චිත්‍රපටයේ එන දෙබසක මීම් එකක් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. “Oh Appadiya Vishayam” “ඕ එහෙමද කාරණාව?” කියන දෙබස තමයි මේ විදිහට මීම් එකක් හැදුණෙ.

“Oh Appadiya Vishayam” ; Maari (2015)
Theri (2016) චිත්‍රපටයේ IT තරුණියගේ තාත්තට එන්නෙ මෙයා තමයි. මේ චිත්‍රපටවලට කලින් Sivaji (2007) චිත්‍රපටයේ බන්ධනාගාරයෙදි රජිණි එක්ක කතා කරන් ඉන්නෙත් මේ සීයා. සාමාන්‍යයෙන් මාරි සීයා සුළු චරිත කලත් Raja Rani (2013) චිත්‍රපටියේ මාරි සීයා චරිත දෙකක් කරනවා. ඒ අතරින් එකක් ෆිල්ම් හොල් එකේ පෙන්වන සිවාජි චිත්‍රපටියේ. මේක චිත්‍රපටියේ සිදුවුණු අත්වැරදීමක්. ඒ ගැනත් යූ ටියුබ් චැනල් රාජා රාණි චිත්‍රපටය ට්‍රෝල් කරනවා. මීට අමතරව හාස්‍යෝත්පාදක චරිත මවන ජෝර්ජ් විජේ මෙහි බැරෑරුම් පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් ඉදිරිපත් කරනවා. ඉබනේසර් දේවරාජ්, ගෞරිශංකර්, ටෝනි, දොරෙයි ආදී නවකයින්ද මෙහි දැකගත හැකියි.
දකුණු ඉන්දියානු සිනමාවේ කන්නඩ පැත්ත නම් මේ දවස් වල ගොඩක් උණුසුම් වෙලා තියෙන්නෙ. K.G.F. Chapter 2 (2021) ටීසර් එක 8 වැනිදා යෂ්ගේ උපන්දින දාට රිලීස් වෙනව කිව්වත්, 7 වෙනිදා 9.20ට විතර දාන්න වුණා. මොකද ටීසර් එක වේලාසනින්ම නෙට් එකට ලීක් කරලා. ලීක් කරා කියලා කිසිම පාඩුවක් වුණේ නැහැ පැයෙන් පැයට වාර්තා අලුත් වෙනගමන් නැරඹුම් වාර ගණන නොනවත්වාම වැඩි වෙවී තිබුණා. මේ වෙනකොටත් මිලියන 120 පහු කරගෙන තවත් ඉස්සරහටම යනවා.(දන්නව කියලා පෙන්නන්න කිව්වෙ.😂)
මේ චිත්‍රපටයත් මට කරන්න කියලා අදහස දුන්නෙ සිසිල අයියා. ඒ ගැන සිසිල අයියට ස්තූති වෙනවා. කලින් කරපු සබ් වලට අදහස් දක්වලා උදවු කරන අයටත් ගොඩක් ස්තූතියි. අවස්ථාවක් ආවොත් ඇරෙන්න මම Comment වලට Reply කරන්නෙ නැහැ. ඒ ගැන අහිතක් හිතන්න එපා. බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා! මේ වසරේ ඔයාලා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා!
බුදු සරණයි! ජේසුස්ගේ ආශිර්වාදය ලැබේවා!සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
4,351 downloadsDownload Karuppankaatu-Valasu-2020.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
15 comments
oshanda
Anonymous
Niyameta wisthara krla thynawa
Boru warnana na
Eka tamai wenna ona
Jaya wewaNaveen Mbr
ස්තූතියි සහෝ!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Prabodha Jayakody
Thanks...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Naveen Mbr
ඔබටත් එසේම වේවා! ස්තූතියි!
Naveen Mbr
හැමෝටම ස්තූතියි! බුදු සරණයි!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sanjaya
Thanks Ravindu
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith Samarawickrama
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx sahoo...onna issellama bagaththa