අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් වන නිර්මාණය අරගෙන ආවා. නම දැක්ක ගමන් යාලුවෝ ගොඩක් දෙනෙක් ට මේ චිත්‍රපටයේ වැදගත්කම පේන්න ඇති. Documentary, Music ගනයේ මෙම චිත්‍රපටය IMDb අගය 7.3 ගත්ත සුපිරිම චිත්‍රපටයක්. ඒත් ශෝකාන්තයක් එක්ක නිර්මාණය වෙච්ච චිත්‍රපට…

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් වන නිර්මාණය අරගෙන ආවා. නම දැක්ක ගමන් යාලුවෝ ගොඩක් දෙනෙක් ට මේ චිත්‍රපටයේ වැදගත්කම පේන්න ඇති. Documentary, Music ගනයේ මෙම චිත්‍රපටය IMDb අගය 7.3 ගත්ත සුපිරිම චිත්‍රපටයක්. ඒත් ශෝකාන්තයක් එක්ක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. ඒවගේම මේකෙ තියන කිසිම දර්ශනයක් මෙම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඒවා නෙවි. බොක්ස් ඔෆිස් තුල අති සාර්ථක වෙච්ච මෙම සුවිශේෂ චිත්‍රපටය දැන් ඔයාලට පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.
කතාව ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මේකෙ තියෙන්නේ මයිකල් ජැක්සන් කියන ලෝක ප්‍රසිද්ද සංගීත ශිල්පියාගේ සැබෑ නොවූ සිහිනය කියුවොත් හරි. ඒ කියන්නේ මයිකල් ජැක්සන් This Is It කියල වේදිකා සංදර්ශනයක් එක්ක ලෝකය වටා යන්න සැලසුම් කරනවා. එකේ මංගල දර්ශනය එයා තියන්න හිතන් ඉන්නේ දෙදහස් නවයේ ජුලි දහ තුන. ඒත් අවාසනාවට ඊට දවස් දහ අටකට කලින් ඒ කියන්නේ දෙදහස් නවයේ ජුනි විසි පහ එයා අපි අතරින් සමු ගන්නවා. ඉතින් එයාගේ රසිකයෝන්ට එයාගේ මේ සැබෑ කරගන්න නොහැකි වෙච්ච සිහිනය පෙන්වීම තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. එයා මේ සංදර්ශනයට කට්ටිය බඳවා ගන්න ආකාරය, එයාල පුහුණු වීම් වන ආකාරය මෙන්ම මයිකල් ජැක්සන් මේක මුල ඉඳලා සැලසුම් කරන ආකාරය මේකේ පෙන්වනවා. ඒ වගේම ඔහුගේ ඉතා ජනප්‍රිය ගීත විස්සකට වැඩි ගණනක සජිව පුහුණුවීම් මේකට ඇතුලත්. කලින් කිවුව විදියට මේ එකක්වත් රඟපෑම් නෙවි. මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික එකතුව සඳහා වීඩියෝ ගත කරන ලද සැබෑ සිදුවීම් තමා මේ චිත්‍රපටයක් විදියට සකස් කරලා තියෙන්නේ.
ඔයාලට මයිකල් ජැක්සන් අවසාන වතාවට වේදිකාවක දැක ගන්න මෙන්ම එයාගේ ගීත කිහිපයක් අහන්න මේකෙන් අවස්ථාව තියනවා. එත් මම මේකෙ තියන සින්දුවලට උපසිරසි ඇතුලත් කලේ නැ. ඒ වගේම සිංදුවල නම් මම ඒවිදියටම යොදා ගත්තා.මොකද සිංදුවල අර්ථය සිංහලෙන් දාන්න ගියොත් ඒවායේ රසවිඳීමට බාදාවක් වෙනවා වගේම ඒක ප්‍රයෝගික නැ කියල මට හිතෙන හින්ද. උදාහරනයක් විදියට මයිකල් ජැක්සන් ගේ “Thriller” කියන සින්දුවට මම “ත්‍රාස ජනකය” කියල යෙදුවොත් ඒක ලස්සන නැ. මොකද MJ ගෙ “Thriller” කියන එක අපිට දැනෙන්නේ Thriller විදියටම හින්ද. මම ඊළඟට දෙන්න යන්නේ මේ වගේම තවත් වාර්තා චිත්‍රපටයක්. ඒවගේම කමෙන්ට් එකක් මගින් මගෙන් ඉල්ලුම් කරන ලද චිත්‍රපටයක්. ටිකක් වෙනස් වගේම ගොඩක් යාලුවෝ කැමැත්තෙන් බලයි කියල හිතෙන චිත්‍රපටයක්. එහෙනම් ඒකෙන් හමුවෙමු ඉක්මනින්.
බුදු සරණයි ….!
කළින් පළ කර තිබූ ලිපිය…
අද මම මීට පෙර බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් අරගෙන නොආපු වර්ගයේ චිත්‍රපටියක් අරගෙන එන්නේ. මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් හිතුවටත් වඩා ඉක්මනට ආවත්, මේක ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවද කියල මට පොඩි ගැටළුවක් තිබ්බා. ඒ මොකද, මේක වාර්තාමය ගණයට අයත් වෙන සංගීතයමය චිත්‍රපටියක් වීමයි.
ඒත් මට හිතුනා, ඉතා හොඳ රසයක් තියෙන අපේ බයිස්කෝප් පාඨකයන් මේකට ආස වේවි කියල. කිහිප දෙනෙක් ඉල්ලලා තිබුන නිසාත් ඔන්න මම මේ අනග්හි නිර්මාණය ඔයාලට ගෙනාවා. හැමෝම දන්නවනේ Michael Jackson ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස හදිස්සියේ මිය ගියා කියල. මේ කාලයේදී ඔහු සූදානම් වෙමින් සිටියේ ඔහුගේ අවසන් සජීවී ප්‍රසංග මාලාවට. ලොව පුරා ප්‍රදරශනය කිරීමට බලාපොරොත්තුවෙන් තිබුනු මේ ප්‍රසංගය අති විශාලයි. මට වචනයෙන් ඒ බව විස්තර කරන්න අමාරුයි. මේක බැලුවම ඒ බව හොඳට වැටහේවි. Michaelට ඕනෙ වුනා ඔහුගේ අවසන් ප්‍රසංග මාලාවේ පුහුණුවීම් ඔහුගේ පෞද්ගලික වීඩියෝ එකතුවට එක් කරගන්න. ඒ හේතුවෙන් රූපගත කෙරුනු දර්ශන ඉතාමත් අනර්ග්හ ලෙස එකතු කරලා, Michael Jacksonගේ සංගීතයට් ප්‍රිය කරපු, ඒ මනුස්සයාගේ ජීවිතයේ ඇත්ත දුටු ජනතාව අතරට Kenny Ortega ගෙන ගියා.
බාගෙන බලනකම් ඉවසන් ඉන්න බැරි නිසා මම මේක යාළුවොත් එක්ක ගිහින් සිනමා ශාලාවේදී රස වින්දා. පොඩි කාලෙ ඉදන් Michaelගේ සංගීතයට ප්‍රිය කරපු මට සමහර වෙලාවට පුටුවේ වාඩි වෙලා ඉන්න බැරි වුනා, ඇඟේ රෝම කූප කෙලින් වෙලාත් තිබුනා, ඒ අතරම ඇහැට කදුළු බිංදුත් ආවා.
Due to copyright issues, we do not provide any torrent link.
This.Is.It.2009.(720p/1080p).BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
795 downloadsDownload This.Is_.It_.2009.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
38 comments
MAXX93
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴.............good #########################luck
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
verry good quality rip thank asanka saho. oya wenasma widihe movie ekak dila thiyenne. mana oya dunna Species[ මෝහිනී]collection ekama baluwa.. supiri aa thawa= Tremors [බින්කුන්ඩෝ ] collection ekath baluwa. supiri bro .............thawa godak film baluwa. lake placid[කිඹුල් විල ] eketh okkama gatha niyamai saho ekath.oya karana sewayata godak thanks. baiscope eke oya deepu film walin 27k mama gawa thiyanawa. oya elagata dena samahara film wala wistharaya kiyana eka niyamai.......................oyage film[special balana kene widihata............puluwan nam Jennifer’s Body (2009) |ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් mekata sub denna mama baiscope ekata comment
10k withara damma month 2kata withara kalin eth wadak un na. oyawath puluwan nam ekata sub dennako. .............Swamp Shark (2011) mekath supiri movie ekak puluwan nam sub denna meka [Horror/Science Fiction] wargayata ayath... බුදු සරණයි ….!අසංක ප්‍රදීප් රණතුංග
කමෙන්ට් එකට ස්තුතියි සහෝ. මම ඔයා කියපු Jennifer’s Body (2009) ලිස්ට් එකට දා ගන්නම්. ඉදිරියට ඒක දැමීමට හැකියාව තියනවා නම්,හොඳ පිටපතක් අන්තර්ජාලයේ තියනවා නම්, ඉදිරියට දෙන්න බලන්නම්.
MAXX93
ඇකි යාන්තම් yts එකෙන් ෆිල්ම් එක දීලා -_- සබට තැන්කූ.පරක්කුයි හැබැයි.ෆිලුම බලලා දැන් මාසයක් විතර ඇති :3
ඩිලානී පිරිස්
මයිකල් ජැක්සන් කියන්නෙ නරක මනුස්සයෙක් කියලා ඔලුවෙන් හිටගෙන ඔප්පුකරලා පෙන්නුවත් මම පිලිගන්නෙ නෑ.
Ishan Madusha
නියමයි සහෝ.උපසිරැසියට ස්තුතියි.ජය වේවා!
sanjeewa samarakoon
මයිකල් ජැක්සන් එක්ක බලද්දි බොබ් මාලෙ වගේ අය මොක්කුද කියල හිතෙන්නෙ මට විතරද බන්?
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ නැවත උපසිරැසකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴kassa
කවුරුත් නොදන්න කාරනය මෙකයි. ඒ මයිකල් ජැක්සන් මහතාගෙ BLACK OR WHITE කියන ගීතයේ ඉන්දියානු නර්තනයේ යෙදෙන තරුනිය ශ්‍රි ලාංකික තරුනියක් කියායි. ඒ දවස් වල ලංකාවෙ ටිවි එකෙ විස්තරෙ ගිහින් තියනව. කවුරුහරි නම දන්නවනම් කියන්න.
Chalana Rukshan
thnx bro..
Dasuni Sandarekha
ඔහු ලොව එතෙක් මෙතෙක් බිහිවු සියලුම කලා කරුවන්ගේ එකතුවකි. සෑම අංශයකින්ම ඔහුටම ආවේනික ශයිලයක් ඇති මයිකල් ජැක්සන් යනු ලොව මෙතෙක් බිහිවු සුපිරිම ගායකයා වේ. මිනිසුන්ට ඇති අසීමිත ආදරය නිසා එතෙක් මෙතෙක් බිහිවු ජනප්‍රිය පුද්ගලයන් සියල්ල අබිබවා වැඩියෙන්ම දුප්පතුන්ට උදව් කෙරු පුද්ගලයා ලෙස ඔහුගෙ නම ගිනස් වර්තා පොතෙ දක්නට ඇත. ලොව ජනප්‍රියම පුද්ගලයාද වන ඔහුට මිනිසුන්ගෙන්ම අසීමිත කරදර වලට මුහුන දීමට සිදුවුනි. මාධ්‍ය ආයතනවලින් තම පහත් අදම අරමුනු ඉටු කරගැනිම සදහ ඔහු පිලිබදව බොරු ගොත ගොතා කියන්නට විය. ලොව වටා සිටින ළමයින් පහත් ආකාරයෙන් බොරු ගොතා සමහර වැඩිහිටියන්ගෙ සහයද ඇතිව තමන්ට මයිකල් ජැක්සන් අතවර කෙරු බව කියන්නටද විය. මොහොතක් සිතා බලන්න. ලොව ජනප්ප්‍රියතම පුද්ගලයා වන ඔහුට කුඩා දරුවන්ට අතවර කර ලෙඩ දා ගැනීමට ඇති උවමනාව කුමක්ද? ඔහුගේ මන්දිරයේ කෝකියන්, පිරිසිදු කරන්නන්, ආරක්ශක නිලදාරින් මෙන්ම හෙවනැල්ලක් මෙන් සිටින පවුද්ගලික ආරක්ෂක නිලධාරින්ද ඇත. ඔවුන්ට නොපෙනී මෙවන් දෙයක් කරන්නෙ කෙසෙද යන්න සිතා බැලීම වටි. මාධ්‍ය වලට ඔහු කුඩා ලමුන්ට ඇති ආදරය සහ ඔහු උපන්දා සිට සාමාන්‍ය විදියට කතා කරද්දී තිබුනු ගැහැණු ආකාරයෙ කටහඩ කදිම ආයුදයක් විය. අනික සමලින්ගිකයෙකුනම් ඔහුට තිබුන පිරිමියෙකු කසාද බැදගන්න. බටහිර රටවල ක්‍රමය එයයි. elton john, ellen degeneres, Neil Patrick Harris, Ian McKellen, Jodie Foster සහ Prison Break නාට්‍යයේ ප්‍රධාන චරිතය වන Wentworth Miller වැනි කොපමන ජනප්‍රිය පුද්ගලයන් එසේ ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයෙකු බව ප්‍රාකාශ කරහො සමලිංගික විවාහ කරගෙන ඇද්ද. ඉතින් මයිකල් ජැක්සන් එසෙ නොකර ගැහැනියන් දෙදෙනකු කසාද බැද ගත්තෙ මොන මගුලට දැයි ඔහුට සමලිංන්ගිකයෙකු කියන පුද්ගලයකුගෙන් අසා බලන්න. ඔහුගෙ කලින් බිරීන්දැවරු දෙදෙනා පවා කියන්නෙ ඔහු එවැනි ජරා පුද්ගලයෙකු නොව ඉතාමත් හොද අහින්සක පුද්ගලයකු බවයි. එසේ කියන පුද්ගලයින් මයිකල් ජැක්සන් ගැන දන්නෙ එපමනකි. ඔවුන් කවදාවත් මයිකල් ජැක්සන් ශේෂ්ට සංගීත නිර්මාණයන් එකක් හො අසා නැත. පහත් ගනයෙ රැප් ගායකයෙකුවන eminem පවා ඔහුගෙ වීඩියෝවකින් නින්දිත අයුරින් මයිකල් ජැක්සන්ට අගවුරව කරේය. නමුත් කවදාකවත් eminem, මයිකල් ජැක්සන්ව හමුවෙලාවත් තිබුනේ නැත. නොනවත්වා සැරින් සැරෙ ඔහු ගැන බොරු ගොත ගොතා මාධ්‍යවේදීන් ලෝකයට නොයෙක් දේ පැවසුවේය. ඔවුන් එමගින් ඩොලර් මිලියන ගනනින් හොයන්නට විය. මයිකල් ජැක්සන් කොපමන ලෝකයාට ඔහු එසේ කෙනෙකු නොවන බව පැවසුවත් මාධ්‍ය මාරයාට වඩා ඉහලින් යාමට ඔහුට බැරිවිය. මෙම කරුනු නිසා ඔහු ජීවත් උනේ පුදුමාකාර දුකකින් සහ මානසික පීඩනයකින් බව කියවේ. ඔහුට මිහිපිට අපායක් මෙන් විය. එය තුරන් කරගැනිමට ඔහු විවිධාකාර වර්ගයේ ඉතා මිලෙන් අදික මත්ද්‍රව්‍ය ගැනීමට පෙලබී ඇත. එය ඔහුගේ මරනයටද හේතුවක් විය. ඔහුට නින්දද නොගිය බව සදහන් වෙයි. අවුරුදු 25ක් පමන මයිකල් ජැක්සන්ව හොදින් දන්නා ආයුර්වේද, Quantum වාදය සහ ආද්‍යාතිමික සුවය පිලිබඳ ලොව අංක එකෙ මහාචාර්ය වන deepak chopra පවසන්නෙ ලොව මෙතෙක් ඔහුට හමුවු උතුම්ම පුද්ගලයා මයිකල් ජැක්සන් බවයි. ඉතින් තව කවර කතාද? තවමත් ගොඩ දෙනෙකුට ඔහු සමලිංගිකයෙකි, ළමා අපචාර කරුවෙකි, පිස්සෙකි. නමුත් මට ඔහු ලෝකයේ එදා මෙදා තුර බිහිවු අති විශිශ්ට, උදාර, උතුම් ගනයේ ගායකයා සහ මානව හිතවාදියා වේ. සාමාන්‍ය මනුස්සයෙකුට සිතා ගැනිමට පවා අපහසු ආකාරයෙන් විස්මිත මයිකල් ජැක්සන් යනු දෙවියෙකි. මයිකල් ජැක්සන් ගැන කියන නරක දේ සියල්ලක්ම පට්ටම පට්ටපල් බොරුවන අතර මම ඔබටත් පවසන්නෙ මෙම අදමයන්ගෙ බොරුවලට නොරැවටෙන ලෙසයි. ජනප්‍රිය පුද්ගලයන් සැම දෙනෙකුම තවමත් අනුකරනය කරන්නෙ ඔහුවයි. ඔහු වැන්නෙක් නැවත බිහිවන්නෙ නැත.
අසංක ප්‍රදීප් රණතුංග
මෙම කොමෙන්ටුව මා කාරනා ලද උපසිරසියත් වඩා වටිනා බව කිව යුතුය. ස්තුතියි සොයුරිය.
Withanage Priyantha Dayakeerthi
"දසුනි සොයුරිය" ලබා දුන් මෙවැනි කමෙන්ටු උපසිරසි කරන අයවළුන්ට මහත් ධෛර්යයක් වේ. ස්තුත්යි!
tharindu bandara
මේ ලොකෙ හොද කරන මිනිස්සු තමයි හැමදාම දුක් විදින්නෙ. නරක මිනිසුන් හැමදාම සතුටින්. මේ ලොකේ program වෙලා තියෙන්නෙ ඒ විදියට.
kent
ow bn mn podi kale idan uta asai
milantha
U kiyanna epa bn.
amila
Ela machan..machan puluwannam inteligent kiala tv serious 1k tienawa bageta sub karapu.puluwan nam aka sub dala iwara karala denna.
Tharaka
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහෝම ස්තූතියි
Withanage Priyantha Dayakeerthi
ඔබ කළ නිර්මාණයක් නිසා අනිවාර්යයෙන් බලන්නම ඕන, ඒ වගේම ජැක්සන්, බොබ් මාලේ, එල්විස් ප්‍රෙස්ලි, බෲස් ලී, මොහොමඩ් අලී, චාලි චැප්ලින් වගේ අයට සමාන කරන්න පුළුවන් චරිත ආයෙත් මෙලොව බිහිවෙන්නේ නැහැ. ඇත්තෙන්ම මෙය වටිනා සිනමා නිර්මානයක, වටිනා උපසිරසියක් වේවි. ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද්
සහෝගෙ පෝස්ට් එකකට දාන මුල්ම කමෙන්ට් එක මේක වෙන්න ඕනා.
මේ ෆිල්ම් එක පෝස්ට් වෙලා තියෙනවා දැක්කහම කමෙන්ටුවක් නොදා යන්නම බැරි වුණා. මේක නම් මං පිස්සුවෙන් වගේ බලපු එකක්. මොකද මතක ඇති කාලෙ ඉඳලම මං මයිකල් ජැක්සන් පිස්සෙක් නිසා. කොච්චරද කියනවා නම් ස්කෝලෙ සර්ලා මිස්ලා එහෙම කතා කළේ මයිකල් ජැක්සන් කියලා. ඒ තරම් පිස්සුවක් තිබුණා මට. තාමත් එහෙමයි. :D
පොඩි කාලෙදි නම් මොන ඉන්ටර්නෙට්ද. ඒ කාලෙ මයිකල් ජැක්සන්ගෙ සිංදු බැලුවෙ ටීවී එකෙන්.
ඒ බැලුවෙත් ITN එකෙන්. මොකද ඒ කාලෙ අපේ ගෙදර පෙනුනෙ ITN විතරයි. ඒ කාලෙ හැමදාම වගේ MJ ගෙ Earth Song එක යනවා. ඔන්න ඕකෙන් තමා මට MJ ව මතක හිටියෙ. ඒ කාලෙ නම එහෙම දන්නෙ නෑ. අඩුම ගානෙ කියන දේවල්වත් තේරුමක් නෑ. හැබැයි තාලෙ නම් හොඳටම මතකයි. රූප රචනයටත් පට්ටම ආසාවක් තිබ්බෙ. අම්මගෙන් අහන්නෙ ඒ කාලෙ "අම්මෙ අර අලින්ට පණ එන සිංදුව යන්නෙ කීයටද" කියලා. :D
ඊට පස්සෙ ඉතින් ලොකු පන්ති වලට එනකොට MJ ගෙ එක සිංදුවක් නෑරම ඇහුවා. අදටත් අහනවා.
සමාජය, මාධ්‍යකාරයො කොච්චර මඩ ගහපු මනුස්සයෙක්ද??? ඒ වුණාට තාමත් මිනිස්සුන්ගෙ ආදරේ දිනාගෙන ඉන්නවා.
අදත් හිටියා නම් වටිනාකම කියලා වැඩක් නෑ. නිකන් ඔහේ සිංදු ගහනවා වෙනුවට මිනිස්සුන්ට හිතන්න දෙයක් තියෙන සින්දු නිර්මාණය කළා. අර උඩ කමෙන්ට් එකේ කියලා තියෙනවා වගේ දුප්පත් මිනිස්සුන්ට මාර විදිහට උදව් කරපු මනුස්සයෙක්.
හැබැයි ඉතින් දුකට කාරණේ කියන්නෙ ගොඩක් මිනිස්සු මයිකල් ජැක්සන් කිවුවාම දන්නෙ මූන්වෝල්ක් එකයි, ප්ලාස්ටික් සැත්කමයි, ළමා අපචාරයි කියලා විතරයි. දුක තමා ඉතින්. :/
මොනා වුණත් සබ් එකට බොහොමත්ම ස්තූතිය් සහෝ...!!!
තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා...!!!
ජය...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !dulaj
Michael Jackson කියන්නෙ දෙවිකෙනෙක් කියන එක මමත් පිලිගන්න දෙයක්. සාමන්‍ය මිනිහෙක් වෙන්න කොහෙත්ම බැ. බෝහෝම ඉස්තුති සහො උපසිරැසියට. ගොඩක් පින්.
yash
Thanks for sub also valuable comments :)
Dasitha147
bohoma sthuthie saho! jaya wewa!
DeeX
bruce lee ge jivitha kathawa athulath dragon movie ekatath sub denna
thanks.
Udara Damith B\K
බො
හො
මස්තූ
ති
යිvenuka
thankx sub ekata
machoooooo....dan torrent file link eka wath denne naha neda site eken,
torrent file ekak gnna giyama hari amarui.
lesi widihak tiyenawa nam.
[email protected]
mail ekak danna
plzzranil
ඔය MJ ට නිකන් අනන් මනන් නරක දේවල් කියන එව්න්ට කියන්න කැමති නිකන් දැනගෙන කතා කරපල්ල බන්. මෙන්න මේ videos බලපන්. එතකොට තේරෙයි MJ කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි කියල.
https://www.youtube.com/watch?v=GoA6SJ-ugZw
https://www.youtube.com/watch?v=vFU8HSXNOsM
https://www.youtube.com/watch?v=BwYQtQlGmGo
https://www.youtube.com/watch?v=SguexGCkTJ8
https://www.youtube.com/playlist?list=PL655E47C7FBD5DB89
https://www.youtube.com/watch?v=T4Mm0-quW9M
https://www.youtube.com/watch?v=YHt5a9yw6DE
https://www.youtube.com/watch?v=_1t1bNe0Yq8
https://www.youtube.com/watch?v=z-yXx57VS3U
https://www.youtube.com/watch?v=PzP0HcftrVY
https://www.youtube.com/watch?v=YxBLx2kbjVY
https://www.youtube.com/watch?v=XXXtfBG3z-I
https://www.youtube.com/watch?v=GB3Zs2ix0rY
https://www.youtube.com/watch?v=nDcqnJwZils
https://www.youtube.com/watch?v=9GXzWLYp1-0
https://www.youtube.com/watch?v=Stk6BGiVeVs
ගිහාන් දීප්ත අලහකෝන්
මේ මනුස්සයට කරදර කරපු උන්ට සහ උන්ගේ මුලු පරම්පරාවල් වලට හෙන හතම ගහපන්, ඉපදෙන ඉපදෙන වාරයක් පාසා පාරෙ ඉන්න බල්ලො වෙලා ඉපදෙයන්.
Tharanga
Agree.
Tharanga
MICHAEL JACKSON is a GOD.
janith
'කලා ලොවේ දැවැන්තයා' කියලා මේ post එක නම් කරොත් මොකද.
R.S. Samantha
thank u macho.....
mewwa thamay suppa film
ela ela
jaya wewa....!!!SUNI
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඇකි යාන්තම් එකෙන් ෆිල්ම් එක දීලා -_- සබට තැන්කූ.පරක්කුයි හැබැයි.ෆිලුම බලලා දැන් මාසයක් විතර ඇති :3