Watch Trailer

Batman: The Killing Joke (2016) with Sinhala Subtitles | උමතු සිනහවේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

2016 වසරේ නිපදවූ තෙවැනි DC Comic Animation චිත්‍රපටයක් තමයි මේ තිලින කරන්නයි මේ සුදානම. බාර අරගෙන නම් ටික දවසක් වෙනවා. ඒත් ඉතීම් පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා සැලකිය යුතු හේතු වගයක් නිසා. එහෙමයි කියලා මහලොකු ප්‍රමාදයක් වුනෙත් නෑ. හොදම කොපිය ආවේ සෙනසුරාදා මන් මේක ඩවුන්ලෝඩ් කලේ ඉරිදා. දවස් තුනනේ. කමක් නෑ…

Batman-The Killing Joke (2016)

2016 වසරේ නිපදවූ තෙවැනි DC Comic Animation චිත්‍රපටයක් තමයි මේ තිලින කරන්නයි මේ සුදානම. බාර අරගෙන නම් ටික දවසක් වෙනවා. ඒත් ඉතීම් පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා සැලකිය යුතු හේතු වගයක් නිසා. එහෙමයි කියලා මහලොකු ප්‍රමාදයක් වුනෙත් නෑ. හොදම කොපිය ආවේ සෙනසුරාදා මන් මේක ඩවුන්ලෝඩ් කලේ ඉරිදා. දවස් තුනනේ. කමක් නෑ මගේ ප්‍රමාදය හේතුවන් අධික කෝපයට පත්ව සිටි අයගෙන් සමාව ඉල්ලනවා වෙච්චි වැරැද්දට. ඒ අතරේ අර කොමික් කොන් උත්සවයේදී මිලග DC චිත්‍රපට/කතාමාලා ට්‍රේලර් එළියට දැම්මත් හරි අර කියන ගොඩක් ලොකු යුනිවර්ස් එකක් තියෙනවා කියන කට්ටිය ඇවිස්සිලාද මන්දා. තෝන්තුවෙන් වගේ තාමත් එක එක එව්වා කියනවා තියෙන ඉරිසියාවට.

මේක නිකුත් වුණේ 2016 ජූලි 25 වනදා.IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් ලබා ගැනීමටද හැකියාව ලැබිලා තියෙනවා. පැයකුත් විනාඩි දාසයකුත් දිවෙන මෙම චිත්‍රපටය  Animation, Action, Crime කැටගරියට තමයි අයත් වෙන්නේ. සුපුරුදු පරිදි නිෂ්පාදනය  Answer Studio, The, Warner Bros විසින් තමයි සිදු කරලා තියෙන්නේ.

හැම කතාවකම වගේ ක්‍රෙඩිට් සීන් තිබුණනේ. Batman Bad Blood (2016) චිත්‍රපටිය මතකද මන්දා. ඒකෙ අවසානයේ තමයි බාබ්රාගේ පැමිණීම සිද්දවුණේ. මේ චිත්‍රපටයේ දායක වෙන්නේ බැට්මෑන් හා බැට් ගර්ල් (බාබ්රා) විතරයි. කාලයකට උඩදී බැට්මෑන්ම විසින් අල්ලලා උන්මන්තකාගාරයේ දාපු ජෝකර්, එහෙන් පැනලා යාමක් සිදු වෙනවා. ඊටත් කලින් ගොඩක් සිදුවීම වෙනවා  ඒ තමයි පැරිස් ෆ්‍රාන්ස් කියලා හාදයෙක් මංකොල්ලකෑමක් සිදු කරනවා. පැරිස් මේ වෙද්දී විශාල චෝදනා රැසකට නම් කියනවා. එයාට එයාගේ මාමාගෙන් ගත්තු සල්ලි ආපහු ගෙවන්න වෙනවා. එයාගේ මාමා තමයි මේ වෙද්දී ගෝතම්වල ඉන්න ලොකුම අපරාධ මහ මොලකරු, කාලෝස් ෆ්‍රැන්සිස්කෝ. ෆ්‍රාන්ස් මේ ණය ගෙවනවා වෙනුවට කරන්නේ එයාලගේ පවුලේ හැමදේම මංකොල්ල කනවා. මංකොල්ල කාලා විතරක් ඉවර කරනවනම් කමක් නෑ. අන්තිමට එයා එයාගේ මාමාවත් මරලා දානවා. මේ අපරාධ කිහිපයේදීම ෆ්‍රාන්ස්ව අල්ලගන්න බැට්මෑන් හා බැට් ගර්ල් දෙන්නා සම්බන්ධ වුණත්, ෆ්‍රාන්ස් බැට් ගර්ල් ගැන ආදරයක් ඇති කරගෙන ලොකු පිස්සුවක් තමයි නටන්නේ. මේක ඇත්තටම නෙවෙයි නමුත් වෙලාවකට මට විතරද මන්දා හිතුනේ බාබරාටත් මේයා ගැන අදහසක් පහල වෙලාද මන්දා මෙයා යන්නෙම ෆ්‍රාන්ස් අස්සෙමයි. ඒ යන ගොඩක්ම අවස්ථා වලදී හොදටම ගුටිකාලා හැමදේම අසාර්ථක කරගෙන තමයි නතර වෙන්නේ. ඒකත් බැට්මෑන් නැතුව. අන්තිමට කොහොම හරි ෆ්‍රාන්ස්ව නම් අල්ලගන්නවා. නමුත් බැට්මෑන් හා බැට් ගර්ල් අතර මේ කාලේ වෙන බහින්බස් වීම නිසා බාබ්රා බැට් ගර්ල්ගේ චරිතයෙන් සමුගෙන පාඩුවේ ඉන්න තීරණය කරනවා. බහින්බස් විතරක් නෙවෙයි මේ දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙලා මේවා එකකුත් වෙනවා. ඔන්න දැන් තමයි ජෝකර් කතාවට අවතීර්ණ වෙන්නේ. ජෝකර් මෙදා සැරේ නම් ලෑස්තිය අමුතුම සෙල්ලමක් නටන්න. කෙටියෙන් කියනවනම් මෙයාගේ අරමුණ වෙන්නේ මිනිමරණ එක. මෙයාගෙම කියලා කානිවල් එක විවෘත කරන අතරේ ජෝකර් ගිහින් බාබ්රාට වෙඩි තියනවා. මේ සිද්දිය හොදට මතක ඇති ඔයාලා මං දීපු Nightwing කතාමාලාව බැලුවනම්. ඒ සුපුරුදු සිදුවීම තමයි “ජෝකර් කැමරාවක් එල්ලගෙන පිස්තෝලයක් අරන් ඇවිත් බාබ්රා නැවතිලා ඉන්න දොරට තට්ටු කරලා එයාට වෙඩිතියලා යන සිදුවීම 98% ක් වගේම මේ චිත්‍රපටයේ සිදුවන සිද්දියට සමාන වීමයි” වෙන ලොකුම වෙනස්කම තමයි මේ චිත්‍රපටයේ නම් බාබ්රා ජීවත් වෙනවා. හැබැයි ඇවිදගන්න බැරි වෙනවා. නමුත් කතාමාලාවේ ඇය මිය යනවා. මේ වෙඩිතැබීමෙන් පස්සේ ජෝකර් ගෝඩන්ව අරගෙන ගිහින් දස වද දෙනවා. මෙතනින් පස්සේ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ. මේ චිත්‍රපටයේ හුගක් වටින සිදුවීම් ගැන කියනවනම් ඒක තමයි ජෝකර්ගේ ඔරිජීන් සිදුවීම දැකගන්න පුළුවන්. අනික තමයි ඔරකල් සිද්දිය අන්තිමට දැකගන්න පුළුවන් ක්‍රෙඩිට් සීන් එකක් විදිහට.

මීළගට නිකුත් වීමට නියමිත DC Comic animation චිත්‍රපටය වන “Justice League Dark” ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. මේක අන්තර්ජාලය තුල දැනට ගොඩක් තොරතුරු වල සදහන් වෙන්නේ 2016 කියලා. නමුත් මං නම් හිතන්නේ නෑ මේ අවුරුද්දේ තවත් චිත්‍රපටයක් නිකුත් වෙයි කියලා. බොහෝවිට 2017 වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ චිත්‍රපටයේදී ඔයාලා හුගක් ආස කරන ජෝන් කොන්ස්ටන්ටයින්ව දැකගන්න පුළුවන්. කතාමාලාවේ රංගනයෙන් දායක වූ මැට් රයන්ම තමයි ඉළග චිත්‍රපටයේ කොන්ස්ටන්ටයින් සදහා හැඩකැවීම කරන්නෙත්. එහෙනම් ඉතින් ඒ චිත්‍රපටයෙන් ඉදිරියේදී හමුවෙමු.

ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!

Batman: The Killing Joke (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Batman.The.Killing.Joke.2016.720p.BluRay.x264-ROVERS.HI

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,716 downloadsDownload Batman.The_.Killing.Joke_.2016Baiscopelk.com_.rar36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,716 downloadsDownload Subtitles36 KB

43 comments

  1. Edward Kenway

    Thanks Bro Film ඒක Download කරල Sub ඒනකන් හිටියේ

  2. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    ඔය මහලොකු යුනිවර්ස් එකේ උන් දැන් බයවෙලා
    ඉන්නේ චාමරයෝ. පව් ඕයි උන්..
    සබට ස්තුතියි.

  3. Udara Damith B\K

    බො
    හෝ
    ම

    ස්
    තු
    ති
    යි

  4. kushan

    thanks....well done.. film baanna hoda site monawad tynne???

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. ක්‍රිෂාන්

    mr robot season 2 රිලීස් වෙලා තියෙන්නේ සබ් කරන්න කවුරුත් නැද්දෝ.........................?

    1. රයන් ද සිල්වා

      ඔව් කාට හරි පුලුවන්ද mr. robot season 2 එකට සබ් එක කරන්න...

    2. Asiri

      සිරාවටම සහෝ මමත් දැන් දවස් දෙකක් තුනක්ම ඇවිත් බැලුවා සබ් දීලාද කියල තාමත් නෑ.අනේ පිං සිද්ද වෙයි.කවුරු හරි mr.robot දෙවෙනි සීසන් එකට සබ් දෙන්නකෝ

  7. lahiru lakmal

    Thanks for sub

  8. praneeth madu

    tnx and keep going mcn

  9. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට.All-Star Superman (2011),Superman vs. The Elite (2012) උපසිරැසි කරන්න.ජය වේවා!

  10. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  11. johnnysand

    thnx mchn...

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු...
    ෴෴ජය වේවා෴෴

  13. කවීන් ලහිරු

    නියමයි චාමර සහෝ තෑන්ක්ස්ස්....

  14. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...............

  15. S.K. Ruchiranga

    thz machoo sub ekata

  16. sammika

    Dargon Blade ( 2015 ) blu ray eka avilla update eka denna kauruth nadoooooooooooooooo?

  17. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Asitha

    elama thanks
    denakam hitiye

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  21. Amee

    Thanks for the sub.
    කොම්ක් එකේ බාබ්ර්‍රා මැරෙන්නේ නෑ පැරලයිස් වෙනවා. ඊටපස්සේ තමයි ඔරකල් කියන චරිතය බිහිවෙන්නේ

  22. LAKSHAN

    ස්තුතියි සහෝ උපසිරැසියට

  23. Isuru Ishara Sankalpa

    thanks bro

  24. Sajith Anthony

    උපසිරැසියට බොහෝමත්ම ස්තූතියි සහෝ
    ජය වේවා...!!

  25. SAJITH UDITHA

    නියමයි කොල්ලො... ස්තුතියි ඈ... දගටම කරගෙන යමු... ජයවේවා...

  26. Sasanka Madhumal

    Baiscope web adawiyatama data tika harawila thiyenne saho film baalama...

    Upasirasiyatanam godak sthuthi saho...!!! Thawa me wage films walata sub denna...jayen jaya...!!!

  27. Helitha Sri

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..ඉදිරියටම යමු…!
    ජයවේවා……

  28. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා..

  29. Rukmal sandaruwan weerasekara

    Thanks!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. LakBRo

    Super Bro

  32. Hashan M. Priyadarshana

    Thank you

  33. Supun_no

    Thanks

  34. Kaazz_bat

    Thanx saho sub ekat,a. Jayawewaaaaaaaaa,.

  35. සචින්ත කල්හාර බෙනට්

    ELA

  36. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  37. Nishan S. Ariyarathna

    උපසිරැසිය ලබා දුන්නට ගොඩක් ස්තුතියි... දිගටම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා! බුදුසරණයි!

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️

  39. Yharindu

    මේකrar එක extract වෙන්නෙ නෑ යකෝ දෙනවනම් හරියට දීපන් සබ් එක නැත්තන් පුලුවම් එකෙක්ට දාන්න කියපන් හෑල්ලනම් දාල තියෙයි ඔක්කොටම වඩා.

    1. Ravindu Heshan - Admin

      Dan Wada