හරි ඔන්න, කට්ටියට අද දෙන්න යන්නේ එහෙනම් පිස්සු කොරවෙන චිත්‍රපටියක් කිව්වොත් මම හරිවෙන්න ඕන. දවස් දෙක්ක විතර වෙනවා ඇවිත්නම් චිත්‍රපටිය. ආපු දවසෙම බාරගත්තට පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා කරගන්න හම්බවුනේ පොඩ්ඩයි. ඔන්න අද ඉවර කරලා ඔයාලට දෙනවා එහෙනම් පට්ට ආතල් එකේ, ෆුල් ෆන් එකේ බලන්න පුලුවන් වෙන්නම. මේ…

හරි ඔන්න, කට්ටියට අද දෙන්න යන්නේ එහෙනම් පිස්සු කොරවෙන චිත්‍රපටියක් කිව්වොත් මම හරිවෙන්න ඕන. දවස් දෙක්ක විතර වෙනවා ඇවිත්නම් චිත්‍රපටිය. ආපු දවසෙම බාරගත්තට පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා කරගන්න හම්බවුනේ පොඩ්ඩයි. ඔන්න අද ඉවර කරලා ඔයාලට දෙනවා එහෙනම් පට්ට ආතල් එකේ, ෆුල් ෆන් එකේ බලන්න පුලුවන් වෙන්නම. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය වුනේ නම් 2013 ජූනි 12 වෙනිදා. මේ වෙද්දි IMDb වල සඳහන් වෙන විදිහට ප්‍රේක්ෂකයින් 62864ක ඡන්ද වලින් 7.5ක රේට් එකක් මේ චිත්‍රපටියට අයිති වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන BOX Office අතින්නම් මේ චිත්‍රපටිය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. 2013 සැප්තැම්බර් 15 වෙද්දී මේ චිත්‍රපටියේ ආදායම ඇමරිකානු ඩොලර් 100,400,000ක් වෙලා තියෙනාව උතුරු ඇමරිකාවේ විතරක්. අනිත් රටවල් වල ඩොලර් 18,093,553ක ආදායමක්ද, ලෝකය පුරාම හොයපු මුළු ආදායම විදහට ඩොලර් 118,493,553ක් ලෙස ගන්න පුලුවන්. ඒ වගේම උතුරු ඇමරිකාවේ චිත්‍රපටිය පෙන්නන්න ගත්ත පලවෙනි සතියේ ආදායම් වාර්තා බිඳදමමින් ඩොලර් 20,719,162ක් හොයල දීල සතියේ ජනප්‍රියම වුන දෙවෙනි චිත්‍රපටිය විදිහට මේක පත්වෙලා තියෙනවා. සතියේ ආදායම් වාර්තා බිඳදාපු පළවෙනි චිත්‍රපටිය විදිහට තියෙන්නනම් Man of Steel චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය Golden Trailer කියන සම්මානයට පවා නාමයෝජනා වෙලා තියෙනවා. අපේ විකිය මට චිත්‍රපටිය දෙද්දිනම් කිව්වේ, “මචං, මේක Hangover චිත්‍රපටි සෙට් එකට විතරක් දෙවෙනි වන චිත්‍රපටියක්” කියලා 😀 .
මේ චිත්‍රපටියේ විශේෂත්වයක් කියන්නේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන ජේම්ස් ෆ්‍රැන්කෝ, ජෝන් හිල්, සෙත් රෝගන්, ජේ බ්‍රෝචෙල්, ඩැනී මැක්බ්‍රයිඩ්, ක්‍රයිග් රොබින්සන්, මයිකල් සීරා, එමා වොට්සන්, රිහානා, චැනින්ග් ටැටූම්, ක්‍රිස්ටෝපර් මින්ට්ස්ප්ලාස් කියන හැමෝම මේ චිත්‍රපටිය තුලදීත් හඳුන්වන්නේ මෙයාලගේ මේ ඇත්ත නම්වලින්මයි. ඒවගේම හින්ට් පාස්කරගන්නෙත් මෙයාලා කරපු චිත්‍රපටි වලින්මයි. චිත්‍රපටිය ආරම්භයේදීනම් එච්චර ලොකු කොමඩි ගතියක් පේන්නේ නෑ. ඒත් චිත්‍රපටිය මුල් විනාඩි කීපයේ පෙන්නන ආකාරයට වඩා ගොඩක්ම වෙනසක් සිද්ධ වෙනවා ටික වෙලාකින්.
චිත්‍රපටිය ඇමරිකාවේ නිශ්පාදනයක්. සෙත් රෝගන් සහ ඊවන් ගෝල්ඉර්ග් තමයි ලියල තියෙන්නේ. චිත්‍රපටිය ගැන දැන් ටිකක් බලමු.
ජේ බාර්චෙල් ලොස් ඇන්ජලීස් වලට එනවා එයාගෙ පරණ යාලුවා සෙත් රෝගන් හම්බවෙන්න. ඉතින් දෙන්නම සෙත්ගේ ගෙදර ගිහිං පොඩි ආතල් එකක් ගන්නවා. ඊටපස්සේ සෙත් කියනවා ජේම්ස් ෆ්‍රැන්කෝගේ ගෙදර හදල ඉවර නිසා අද පාටියක් තියෙනවා ඒකට යමු කියලා. ඉතින් දෙන්නා ඒ පාටියට යනවා. පාටියනම් ඉතින් ඉහලයි. කන්නද, බොන්නද, කුඩු ගහන්නද, ලිංගික අතින් හැසිරෙන්නද අනමං මනං ගොඩයි. ඉතින් සෙත් තමන්ගේ යාලුවොත් එක්ක කතා කර කර ඉද්දි ජේට ඇතුලෙ ඉන්න එපා වෙනවා. ඉතිං මෙයා සෙත්ට කියලා එලියට යනවා සිගරට් එකක් බොන්න. ඔන්න එලියට යද්දි හම්බවෙනවා එමා වොට්සන් සහ ක්‍රයිග් කියන දෙන්නා. ඉතින් එතනත් කතාවක් දාගෙන ඉද්දි ජේගේ සිගරට් ඉවර වෙලා සෙත් එක්ක යනවා කඩේකට සිගරට් ගන්න. ඉතින් එකපාරටම කඩේ ඇතුලට අහසින් නිල් පාට එලි වගයක් ඇවිත් මිනිස්සුන්ව අහසට ඇදල ගන්නවා. සෙත් සහ ජේ දෙන්නා කඩෙං එලියට එනකොට මුලු නගරෙම පිස්සු කෙලිනවා. වාහන හැප්පවෙනවයි, අහසට මිනිස්සු ඇදල ගන්නවයි, සමහර මිනිස්සු දුවනවයි අනම් මනයි සෙල්ලම් ගොඩයි. ඉතිං මේ දෙන්නට බේරෙන්න ඕන හන්දා ෆ්‍රැන්කෝගේ ගෙදරට දුවනවා. එහාට යද්දි කිසි අවුලක් නෑ. ඒත් එකපාරටම භුමිකම්පාවක් වගේ එකක් සිද්ධ වුන හන්දා හැමෝම එලියට දුවනවා. හිතාගන්නවත් බැරිවිදහට පොළව පැලිලා හැමෝම වගේ පොළව ඇතුලට වැටෙන්න ගන්නවා. ඉතිං ෆ්‍රැන්කෝ, ජේ, සෙත්, ක්‍රයිග්, ජෝනා ගේ ඇතුලට දුවනවා කොහොම හරි. ඒ ගේ ඇතුලෙ ආරක්ෂා වෙන්න.
ඔය අතර ජේ බයිබලේ කියවන්න ගන්නවා. බයිබලේ මේ සිදුවන සිදුවීඹ හරයිටම ලියවිලා තියෙනවා. ප්‍රසිද්ධ කන්දක් ගිනිගන්නවා, පොළවේ ලොකු කුහරයක් හැදෙනවා, ඒ වගේම සාතන් කියන යක්ෂයා එලියට පැමිණෙනවා වගේම දෙවියන් විසින් හොඳ මිනිස්සුන්ව දිව්‍ය ලෝකයට ඇදලා ගන්නවා කියන දේවල්. ඉතිං මේ සේරම දේවල් ඇත්ත වෙනවා. මේ පස් දෙනාට තව කෙනෙක් එකතු වෙනවා. ඒ එකතු වෙන කෙනා ඔයාලම බලාගන්න. තව දෙයක් කියන්න ඕන. මේ හය දෙනාට දිව්‍ය ලෝකෙට යන්න එකපාරම වරම් ලැබෙන්නේ නෑ. එයාලට දිව්‍ය ලෝකෙට යන්න පුලුවන් වෙන්නේ එක එක්කෙනා අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැපකරන ආකාරයට අනුව. ඒ වගේම මේ ෆ්‍රැන්කෝගේ ගෙදර අවශ්‍ය තරම් කෑම බීම නෑ. මෙයාලට සිද්ධ වෙනවා කෑම හොයාගන්න. ඒත් ගෙදර වටේටම මහ ගිණි ජාලාවක්. ගෙදර වටේට විතරක් නෙමෙයි. මුලු නගරෙම. ඉතිං මේ සෙට් එක මොකද වෙන්නේ, සෙට් එකම දිව්‍ය ලෝකෙට යයිද, තව කවුද මෙයාලට එකතු වෙන්නේ, බයිබලේ සටහන් වෙලා තියෙන හැමදෙයක්ම ඇත්ත වෙයිද, අනං මනං සේරටම ඉතිං චිත්‍රපටිය බලන්න වෙයි.
චිත්‍රපටිය ඉවර කරන්න මාර ගේමක් දුන්නේ. පේලි 2400කට කිට්ටු වෙන්න තිබුනා. පුලුවං ඉක්මනටම තමයි ඊයෙ රෑයි අද පාන්දරම නැගිටලයි ඔයාට මේක කරල මේ දෙන්නේ. ඉතිං ස්තූති වන්ත වෙනවා කලින් උඵසිරැසි ගත්ත අයටයි, නොගත්ත අයටයි, කමෙන්ට් දාපු අයටයි, නොදාපු අයටයි හැමෝටම. එහෙන්ම අලුත් චිත්‍රපටියකින් හම්බවෙමු.
ජයවේවා!!
6,950 downloadsDownload This-Is-the-End-2013.zip211 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
118 comments
Udana Udayanga
chamath cafe
ලයින් 2400 පිස්සු හැදෙයි ආ නියමම කතාවක් නේ
kalinga
නියමයි කිනා දෙන්නේ පට්ට ඒවා නේ
vee
maxxa machan meyka nam aniwa banwa
upali
ela ela saho
sameera
thanks macho.. sub walata balalama kiyannam kohomada kiyala
harsha
subs akata tx mokak bannada kiyala hitha ganna ba :)
Ashain
meka enakn kollo idiye..........pattai...mn asama set ekak inne...thnx saho!
anil
supirima naluwo set aka txzzzz
charitha polgasdeniya
bohoma sthuthiyi “චලිදු දේශන්" sahodarayata aluthma salaruwaka upasirasi genawata..... :)
~jaya wewa bayiscope~
geeth
maxxa maxxa maxxaaa
quik
thanks
jack
Ade Machan patta storiyakne. onna banawa. thnx machan sub ekata.
tharanga
ෆිල්ම්ස් ගොඩයි මරු
rusuru | රුසිරු
මේක දෙනකම් උන්නේ සුපිරිම එකක් කතා 2 කක නෑ
chami
thxxxxxxxxxxxxxx
දිනිඳු සම්පත්
පොඩි සයිස් කොපියනම් වටිනවා.. බොහොම ස්තූතියි චලිඳු සහෝ මේ චිත්‍රපටිය සිංහල උපසිරැසි දාලා ගෙනාවට.. පට්ට කොමඩියක් වගේ..
wow
wow,maru :D
eranga
sub walata tx lot
venura
oya thiyene patta akak thanks
nihal
niyamai saho thawath hoda awa demu
shann
පට්ට ලයින් ගානක්නේ මචෝ කොහොම උනත් කාපු කට්ටට මගෙන් උපහාර
rasika
jaya wewa saholata baiscope lk patta
zumo man
elazzz thnxzzz
pathum
kina dunnoth patta akaka thama bohoma isthuthi kino
sds
mama asama type ake film akak macho :)
tharanga
තවත් පට්ට එකක් මැක්සා
හර්ෂ ලහිරු
මං නම් මේක කලින්ම බැලුවා
පට්ටම කොමඩියක්
මරු නළුවො සෙට් එකකුත් ඉන්නවානේ
ස්තුතියි සහො මේකට සබ් දුන්නටkanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...සමීර කරුණාරත්න
මුලින්ම කියන්න ඕනේ මම මේක බැලුවා. කිසිම කතාවක් නැහැ පේලි 2400 එහා තිබ්බා. මට නම් ඉතින් පිස්සු වගේ විකියට කිව්වා කොමඩි කින්ටම දෙන්න කියලා. කොමඩි කින්ම කොරලා තියෙන්නේ මේ. බොහොම ස්තුතියි මචෝ. නොබැලු අය බලන්න මාරු කතාව.
දිදුල Kd සිල්වා
පට්ට වැඩක් මචෝ... මුලින් මං මේක කරන්න කියල හිටියෙ.. ඒත් මේ දවස් වල ඔච්චර ලයින් ගානකට සබ් දාන එක ටිකක් අමාරු වැඩක් නිසා මම වැඩේ බාරගත්තෙ නෑ.. බොහොම ස්තූතියි වුනු මහන්සියට.. ජයම වේවා෴
bandula
loweth na saho
රෙහාන් චානක
අම්මෝ මේකට කවුරුහරි උපසිරැසි දායි කියලවත් හිතුවෙ නෑ, මොකද මේවගෙ එකකට සබ් දානව කියන්නෙ මාරම කට්ටක් තමා... ඉතින් උපසිරැසි වලට හදවතින්ම ස්තූතියි සහෝ
danuka
supirima kathwa hode
ශාන් විමුක්ති [විමා]
අම්මටහුඩු :o
බන් ලයින් 2400
අඩනව මමනම් පොලවෙ පස් කනව
අනෙ අම්මේ
මේ වගේ ලයින් තියන ඒවගෙ රහ මාත් හොදටෝම බලල තියෙනව
ඒ නිසාම අලුත් ප්‍රතිපත්තියකුත් අරගත්ත මම ;)
හරි එහෙනම්
මම මේක බානවා
අනිවා බලනවා
එහෙනම් කීනෝ උපසිරසට බොහොම තුති ආහ් :Ddushman
thanks kiwa sahooo
onna mama gaththa sub 1සුපුන් පෙරේරා
ස්තුතියි! හොඳ සලරුවක් වගේ!!
rasika
onna banna damma saho
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
sp පියමල්
ලොකු මහන්සියක් වෙලා අපිට කටත් ඇරගෙන බල බලා ඉන්න මේ වගේ ෆිල්ම් ගේනවට thanks
“චූටී මල්ලි”
උබටත් සෙට්වෙන්නෙම මේ වගෙ අලි සයිස් සබ්ම තමා නෙ
මේක නම් මචන් පට්ට එකක් වගෙ අනිවම බලනවා
කොල්ලො නොනිදා අපි වෙනුවෙන් මහන්සි උනාට පිං ඈ.....
සබට තුති
ඔබට ජය...........me
Thanks
uda
කිනා මචං මේකත් ත්‍රිත්ත්ව චිත්‍රපටියක අවසානය බන්! ඒ ත්‍රිත්ත්වය හදුන්වන්නේ Cornetto's Trilogy කියලා. තව දෙකක් තියෙනවා මීට කලින් ආපු. ඒවත් දෙන්ඩ පුළුවන්ද කියලා හොයලා බලපන්කො හීන්සැරේ...
ජේ බරුචෙල් කියන්නෙ How to Train Your Dragon එකේ හිකප් ට හඩ දෙන කෙනා නේද? මිනිහාව ඇත්තටම දැකලාත් නැති එකේ බලාගන්ඩත් එක්කම බලනවා. ඇරත් විස්තරේ අනුව අමුතු විදිහෙ කලකට නොදකින තාලෙ චිත්‍රපටියක් බව ෂුවර්!
ඉතිං කොහොම අතාරින්ඩද? අද දුන්නානම් වැඩියි හැබැයි :( ඒකයි අවුල මටනම් :P
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි. එහෙමද උදා!
දන්නෙ නෑ බං කලිං කොටස් දෙකක් ආවා කියලා. හයියූ!
එල එල හොයල බලල දෙන්නංකෝ ඒනං ! :Duda
හුටා :P ඔන්න මට අදනම් වැරදුණා මචෝ...
මේක නෙමේනේ ඒ! The World's End (2013) ඒකේ නම.
එක වගේ නම් දෙකක් හින්දා ටැපලූණා! සොරි හොදේ...ඒකට කමක් නෑ, පූළුවන්නම් ඒ ටික ගැනත් හොයලා බලහන්. මාත් බලලා නැති නිසා තවම කියන්ඩ දන්නෙ නෑ...
ආයෙත් වතාවක් සමාවෙයන් කොල්ලො මේක ගහන්ඩ තිබ්බ හදිස්සියට නම් දෙක මාරු වුණා. :( දුක තමා :P
#ChalinduDeshan (කිනා)
:D eketh me wagema seen ekak nisa ona kenekta oya seen eka wenawa ban :D
lol!
VisH
බොහොම ඉස්තුතියි සහො (y) පාන්දර ෆිල්ම් එක බාල කෝකටත් මෙ පෑත්තෙ ඈවිත් බෑලුව මෙකට සබ් එක දීලද කියල එතකොට නම් තිබ්බෙ නෑ, දෑන් ටිකකට කලින් ෆෝන් එකට මෑසෙජ් එක ආව ගමන්ම ඈවිත් බාගත්ත :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
randika
thanks bro....mekanam niyama film ekak wei wage.katawa ahuwamath asa hitenawa.sinhala sub tiyana eke damma banna danna one
සoජය
මේකෙ හැන්වීමෙ හැටියට නම් පට්ට එකක් වගේ... ඔන්න එහෙනම් බාන්න් දැම්ම. තෑන්ක්ස් බ්‍රෝ.
Ishara
tanks bro
Nanosudha
එල එල මම බාගෙන ගොඩක් කල් සබ් එක එනකම් හිටියා එල මචං ඇැැැ
නලින්
අම්මට හුඩු කිනා.. උඹ රජ බඩුවක් නේ බං 2400ක්... දෙයියෝ සාක්කි..
එළ එළ අපිවෙනුවෙන් අපි කියලා මේ ගහාන ගේමක් නේ මෙක..ස්තුතියි මචං මේ වෙන මහාන්සියට.. තව මේ වගේ පට්ට පදිරි බයිස්කෝප් උස්සන් වරෙන් මෙහේට..
ගොඩ. ජය වේවා!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you very much!