ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට තවත් අළුත්ම අළුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා.. 2013 සැප්තැම්බර් 17 වෙනිදා (එනම් අද දින) සිනමාහල් වල තිරගත වීමට නියමිත මේ චිත්‍රපටිය ඊට කලින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. G.I. Joe: The Rise of Cobra (2009), The Mummy (1999…
ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට තවත් අළුත්ම අළුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා.. 2013 සැප්තැම්බර් 17 වෙනිදා (එනම් අද දින) සිනමාහල් වල තිරගත වීමට නියමිත මේ චිත්‍රපටිය ඊට කලින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. G.I. Joe: The Rise of Cobra (2009), The Mummy (1999), Journey to the End of the Night (2006), The Mummy: Tomb of the Dragon Emperor (2008) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායක උන සුපිරි නළු Brendan Fraser සහ Prison Break (2005), Equilibrium (2002), Blade: Trinity (2004), Mission: Impossible II (2000) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායක උන සුපිරි නළු Dominic Purcell ප්‍රධාන චරිත නිරූපණය කරන මේ සිනමා සිතුවම ගැන තාම වැඩි විස්තරයක් සඳහන් වෙන්නෙ නැහැ.
කතාවෙ හැටියට ජැක් කියන්නේ පරිසර වේදියෙක්..ඔහුට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඔහු බිරිඳගෙන් දික්කසාද වෙලා ඉන්නේ. ඔහුගෙ බිරිඳ නීතීඥවරියක්. කැලෑවේ ගස් කපන පිරිසක් වැලැක්වීමට ගත් උත්සාහයකදී වන අනතුරකින් ජැක් අතින් පුද්ගලයෙක් මිය යනවා. ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර ගත කෙරෙනවා.. ජැක් බන්ධනාගාර ගත වෙලා ඉන්න අතරේ අර කැලෑවේ ගස් කැපූ තැන ලොක්කට ඕන වෙනවා තමන්ගෙ අළුත් ව්‍යාපෘතියක් සඳහා ජැක්ව එකතු කර ගන්න. ඒ වෙනුවෙන් ඔහු කොන්දේසි දෙකකට එකඟ වෙනවා නම් ජැක්ට එරෙහිව ඇති චෝදනා ඉවත් කරගෙන ඔහුව හිරෙන් නිදහස් කිරීමට අර පුද්ගලයා කැමති වෙනවා. ජැක්ට ඒ යෝජනාව ගෙනියන්නේ ජැක්ගෙ බිරිඳ විසින්.
ඒ අතරේ ජැක්ගෙ දුව ජෙනී සහ පුතා මයිකි, අසල්වැසි පුද්ගලයෙක් වන චක් නැමත්තා සමගින් සති අන්තයේ වනාන්තර ගවේශණයකට පිටත් වෙනවා.
ටොමී කියන්නේ මැරයෙක්. (Prison Break එකේ වගේම තමයි) ඔහුට කෙනී නමින් සොහොයුරෙක් ඉන්නවා. කෙනී හදිසි අනතුරක් නිසා මොලේ ආබාධිත තත්වයට පත් වූ කෙනෙක්. ටොමී තමන්ගෙ සොහොයුරත් එක්ක යම් හේතුවක් නිසා කැනඩාවට පලා යනවා.. ඒ යන්නේ අර ජැක්ගෙ දුවයි පුතයි ගවේශණයට ගිය කැලේ තියෙන නිවසකටයි. ටොමී විසින් කලින් චෙක් පතක් මගින් ඒ නිවස වෙන් කර ගත්තත් චෙක්පත අගරු වීම නිසා නිවෙස් හිමියා ඒ නිවස වෙන කෙනෙකුට කුලියට දෙනවා. මේ සම්බන්ධයෙන් කෝපයට පත් වෙන ටොමී විසින් අර නිවෙස් හිමියව ඝාතනය කරනවා. ඒ සිද්ධිය ජැක් ගෙ පුතා වන මයිකි දකිනවා.. ඒ වගේම ඒ සිද්ධිය මයිකි දැක්ක බව ටොමී දකිනවා..
ඉතින් යාළුවනේ.. ජැක් තමන්ව විශ්වාස කල අනෙක් පරිසරවේදීන්ට ද්‍රෝහි වෙලා අර ගස් කැපූ පුද්ගලයගෙ යෝජනා වලට එකඟ වෙලා හිරෙන් නිදහස් වේවිද? ටොමී අර ලමයි දෙන්නා සහ චක් පස්සෙන් පන්නාවිද? නැත්නම් ඔහු තමන්ගෙ සොහොයුරා සමගින් එතනින් හොරෙන්ම පිට වේවිද? කවුද මේ චක්? ඔහු ලමයින්ට ඇත්තටම ආදරේ කෙනෙක්ද? ටොමීගෙ ආබාධිත සොහොයුරාට තියෙන්නේ මොන වගේ ආබාධයක්ද? ටොමී ජැක්ගෙ ලමයින්ට අනතුරක් සිදු කරාවිද? එහෙම කරොත් ජැක් කොහොම හරි හිරෙන් නිදහස් වෙලා ටොමී පස්සෙන් පන්නලා ටොමීගෙන් පලි ගනීවිද? නැත්නම් ටොමී ජැක්ටත් වැඩේ දේවිද කියලා කතාව බැලුවම දැනගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම ඒ ගැන මාව දැනුවත් කරපු උදා සහෝටත් මේ චිත්‍රපටියට හරියන උපසිරැසි ගොනුවක් හොයලා දීපු විකී සහෝටත් ස්තූතිවන්ත වෙනවා. හැමෝටම ජයවේවා!!!
300 MB කොපිය මෙතනින් බාගන්න 482fda4932c3e307db2e881ff9610eb79fcabfec 700 MB කොපිය මෙතනින් බාගන්න 3a7ebc387b0c7cc2f4b2780b21d41b9cf2303c64 1.4 GB කොපිය මෙතනින් බාගන්න de1a30296cea4797c571c375e1cc70598d6644dd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,970 downloadsDownload Breakout-2013.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
42 comments
dushman
dushman
ada niyama film tikakne sahoo dila thiyanne
mewa ethn khma khma haribalanna ona.
ayth gdak pin kiwa sub 1 ta
baiscope 1 ta jayama wewa
asiri
annath kalin sub baiscope aken patta
naleen
mey dena tharamata kohoma bannada macho tx
vee
maxxa saho balanna one idiriyedi
pathum
dilaog cnt aeken nam meywa koranna ba slt akenuth ba lanakwe nathi akak ganna wenawa mehema giyoth hayoooo baiscope
mihin ලංකා
බයිස්කෝප් එකේ දියුණුව නම් මරු උබලා දියුණු වෙන්න වෙන්න අපි :( දුකයි කියන්න
කොහොම නමුත් අතහරින්නේ නෑ ගන්නවා කොහොමහරිdimuthu
supiri naluwek mey inne thxz
tharanga
තවත් එකක් දීලා මරු
ganidu
තැන්ක්ස් වේවා!!!
fd
oya deela thiyenne anna kalinma films dinidu oya wage wadata dakshayane
chamara
supiri saho
h[a]s
දෙන දිමානාව නම් මචෝ දරන්න බෑ කුමක් කරන්නද හෙමිට බාගෙන බාලමු ජය වේවා සහෝලට මේ කරනා දේට
kalinga
මේ දීලා තියෙන්නේ දිනිදු නියම එකක් තුති :)
sasika
බලන්න ඕනේ
හර්ෂ ලහිරු
අද නම් මොකක් හරි සැමරුමක්වත් තියනවද දන්නෑ
සබ් නාන්න දුන්නනෙ
එලකිරි දිනිදුවා ජය#ChalinduDeshan (කිනා)
අම්මේ.
එතකොට බං ටොමීට ජැක්ගේ පුතාට ගේමක් දෙයිද බං.
අම්මටසිරි. මාරම සීන් එකක් වගේ.
එල එල. බෑවිල්ලක් තියෙන්නේ මේක ඒනං.
ස්තූතියි මචං සබ් එකට.
ජයවේවා!npdjs
list eke thibunu thawa film ekak thankz saho
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
jeewantha
mey week end ake balanna film godai thx baiscope teem
sp පියමල්
කතාව හොඳ ඇති කියලා හිතනවා,මන් මේක ගන්නවා thanks
lk
2013 සැප්තැම්බර් 17 වෙනිදා (එනම් අද දින) සිනමාහල් වල තිරගත
loweth na adama dunna e kiyanne elane
“චූටී මල්ලි”
උබලා මෙහෙම සබ් දුන්නෙ නැත්තන්
දන්නෙත් නෑ බන් මෙහෙම ඒවා එනවද කියලා
බැලිල්ලක් ඉතින්
අද නම් සයිට් එකෙන් සබ් දුන්නා ඇඩෙන්නම ඈ....
සබට තුති
ඔබට ජය...........නලින්
ඇඩෙනවා කියන්නේ.. මට මේ කදුළුත් පැන්නා බං.. :D
ගමයා
කදුළු පනින එක අහන්නත් දෙයක්ද බන් මෙහෙම දෙනකොට..
baiscope ට ජය!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...සoජය
පට්ට.... බොහොම ස්තුතියි දිනිඳු සහෝ...
නලින්
එළනේ දිනුදු අයියා.. ඔක්කොම බලන්නත් ඔනේ. එත් කොහොම බලන්න ද මන්දා. මේ දෙන දිල්ලට.. පිස්සු පිකුදු වෙනවා අප්පා!!
ජය වේවා!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි දිනිදු සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P
Nadun
thanks wewa films walata mamat oyalage rasika yek tamai..
mama podi illimak karanna kamati oyalata puluwanda me films wala Covers tika danna..
puluwannam loku udauwak..
mama digatama oyalage rasikayek jaya wewa....mudiya / මුදියා
ලෝකෙ පෙන්නන්නත් කලින් උණු කැවුම් වගේ ෆිල්ම් ගේන්නෙ ඉතිං අපේ දිනිඳුවම තමයි.පොඩි කොපිය බාන්න දානව.වෙලාවක් ලැබුන ගමන් බලනව.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
සුනෙත්
ඉස්තුතියි දිනිදු සහෝ
indika
thnx
Shakil
maru machan
Ashan
cant extract the zip folder
ශාන් විමුක්ති [විමා]
සාමාවෙයන් මේකට කමෙන්ට් දාන්ට අමතක වෙලා නොවැ :(
මේ ටිකේ ටීවී සීරියස් ටික බලනවා හිටු කියලා
පසුවට බලමි
නමුදු දැන් බාමි ;)
සබට තුති දිනිදු සහෝ:Dදිනිඳු සම්පත්
මොකෝ මේ කොමෙන්ටුව කපලා?
ධනු
elakiri saho.....thawa me wage ewa demu
nalaka
සුපිරි පහරක් වගෙයි දිනිදු සහෝ දීලා තියෙන්නේ එල එල සබ් එකට ජය වේවා
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama 1 da manda