Watch Trailer

Thomas & Friends: Tale of the Brave (2014) Sinhala Subtitles | තෝමස් සහ මිතුරන්: නිර්භීතකමේ කතන්දරය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් කට්ටියට… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ඇනිමේශන් එකක්. මට මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන රොයිලි සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු! මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Rob Silvestri විසිනුය…

Thomas & Friends Tale of the Brave (2014)

කොහොමද ඉතින් කට්ටියට… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ඇනිමේශන් එකක්. මට මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන රොයිලි සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!

මේ සලරුවේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Rob Silvestri විසිනුයි. සමහරවිට මේ කථා ගැන ඔයාලා දැකලා ඇති. මේකෙ ලොකු කථා මාලාවකුත් තියෙනවා. මේක ගිය අවුරුද්දෙ නිකුත් වුණු අළුත් එකක්. දැන් කථාව පැත්තට හැරෙමු. මුලින්ම කථාවෙ ඉන්න චරිත කිහිපයක් ගැන කියන්නම් මොකද මේ කථාව බයිස්කෝප් එකෙන් ඉදිරිපත් කරන පළමු අවස්ථාව තමයි මේ.  කථාවේ තියෙන්නේ පණ තියෙන එන්ජින් ගැන. මේ එන්ජින් අයිති කෙනා (ආහ් එයා මනුස්සයෙක්) තමයි සර් ටොෆම් හැට්. එතකොට තෝමස් එයාගෙ යාළුවා පර්සි. රවට්ටන්න වගේම අනිත් අයව සරදමට ගන්න දක්ෂ බිල් සහ බෙන්, මේ කථාවෙදි නපුරු වැඩ කරන ජේම්ස්. පර්සිගෙ හොඳම මිතුරා වන ගේටර්ව මතක් කරන්නම්. මේ කථාවෙ මිනිස්සුත් ඉන්නවා කියන එකත් මතක් කරනවා. මේ කථාවේ මුල් තැන ගන්නෙ පර්සි සහ ගේටර්.

කථාව පටන්ගන්නෙ මෙන්න මෙහෙමයි. තෝමස් යනවා මැටි පාර පැත්තට. නාය යෑමක් සිද්ධ වෙන්නයි යන්නේ. කාලගුණය අඳුරුයි වැහිබරයි, මේ වෙලාවෙදි තෝමස් මහා පුදුමාකාර දෙයක් දකිනවා. ඒ මොකක්ද? හරි හරි මම කියන්නම්! තෝමස් දකිනවා යෝධ අඩිසළකුණු. ඒත් මේ දකින්නෙ අඳුරු කාලගුණයකදි නිසා මේ අඩි සලකුණුද කියලා විශ්වාසත් නෑ. තවත් ඉන්න බෑ  මැටි පාරෙ කඳු බෑවුම් කඩා ගෙන වැටෙන්න ගන්නවා. තෝමස් මොනවා කරයිද? අඩි සළකුණුද මොනවද කියලා හොයන්න ජීවිතේ නැති කරගනියිද? තෝමස්ට ජීවිතේ බේරගෙන යන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ අඩි සළකුණුද?

ගොඩක් ලස්සන කථාවක් තමයි මේක. මේක බලලා ලොකු පොඩි කාටත් නිර්භීතකම ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. තව ගොඩාක් විස්තර කියන්න පුළුවන් හැබැයි ඉතින් එතකොට බලනකොට රසයක්, කුතුහලයක් නැති වෙන නිසයි නොකියා ඉන්නෙ. මෙකෙ තියෙන හොඳ කියමන් දෙකක් කියන්නම්…

“ප්‍රශ්ණවලින් පැනලා දුවන එක
ලොකු නිර්භීතකමක් නෙමෙයි, පර්සි.”

“නිර්භීත වෙන එක භය නැති වෙන දෙයක් නෙමෙයි. නිර්භීත වෙනවා කියන්නේ ඔයා ඒවා කරන එක, ඔයාට භය හිතෙන දේවලුත් කරන එක.”

එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,087 downloadsDownload Thomas-And-Friends-Tale-Of-The-Brave-2014-baiscopelk.zip315 B

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

2,087 downloadsDownload Subtitles315 B

24 comments

  1. facebook

    faatttta

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Chami.S

    Thanks...

  4. kanchana

    ah... lssana film elak

    godak shuthiy ...

    oyage lipiye hatiyata balanna asa hithenawa

  5. චාමික දිල්හාර (දිලා)

    ආ......... කොල්ලා මේ සැරේ ඇනිමේශන් එකක් බස්සලා වගේ එල එල ඈ

  6. නලින්

    ස්තුතියි සහෝ...! ලස්සන කතාවක් වගේ.

    ජය වේවා!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි දමැල් සහෝ.
    මේ පාර ඇනිමේශන් එකක් ගෙනල්ලා.
    සුපිරි කතාවක් වගේ.
    ඒ වගේම බලන්න වටින කතාවක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  8. udara

    thnx brooooooooooo

  9. thisal

    ස්තුතියි සහෝ…

  10. පසිඳු

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  11. Kulanjana Maduranga

    niayama animation movie 1k ne...ela ahhh...thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය.. :D

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ සුපිරි
    ඇනිමේෂන් නේ
    අනිවා බෑමක් තමා
    ජයම වේවා

  14. අසිත

    ඇනිමේශන් වලට තව තවත් සබ දෙන්න හැකි වේවා!!පුළුවන් නම් Maya the Bee Movie (2014), Jack and the Cuckoo Clock Heart (2013) වගේ ඒවටත් සබ් දෙන්න.ගොඩක් පින්.ජය වේවා!!

  15. දමිත්

    ස්තුතියි ද මැල් සහෝ උපසිරැසියට…
    ඔන්න බා ගත්තා..
    ජයෙන් ජය…

  16. දසුන් සුචරිත

    බාමි

  17. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....

  18. Tharindu

    Thanks saho....bohoma pin...:-)

  19. indika

    thn Q :)

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. “චූටී මල්ලි”

    tnx mcn

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dimuth

    Thanx...

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය