Watch Trailer

Thong Dee Fun Khao (2017) Sinhala Subtitles | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ…

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ්ඨ ඝනයේ සටන්කරුවන් රාශියක් බිහිකරනු ලැබුවා. ලංකාවේ අපිටත් තියෙනවා මේ ආකාරයේ ප්‍රෞඩ සටන් ක්‍රමයන්. අංගම්පොර යනුවෙන් හැඳින්වෙන්නෙත් ඒ ආකාරයේ එක පෞරාණික සටන් ශිල්පයක්. ශාස්ත්‍රය හරියාකාරව හදාරන ලද තැනැත්තෙක් හට, තම ප්‍රතිවාදියාව පහර දෙක තුනකින් මරු තුරුලට යැවීමට තරම් මෙම අංගම්පොර සටන් ශිල්පය මාරාන්තිකයි වගේම අතිශය දියුණුයි. ඒ වගේම, ශරීරයේ නිල වලට පහරදීම මගින් සතුරාව අඩපණ කිරීමේ සටන් ක්‍රම පවා අපගේ ආදී මුතුන් මිත්තන් විසින් භාවිතා කර ඇති බවට ඉතිහාසය සාක්ෂි සපයනවා. තායිලන්තය කියන්නෙත් ලංකාව වගේම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ රාජ්‍යයක්. ඔවුන් සතුවත් පවතිනවා පාරම්පරිකව පැවතගෙන එන්නාවූ මාරාන්තික සටන් ශිල්පයන්. මෙම චිත්පරටය සඳහා පදනම් වන්නේත්, එවැනි පාරම්පරික සටන් ශිල්පයන් තුලින් පරතෙරටම ගමන් කරන ලද, පුරාවෘතගත සටන් ශිල්පියෙකු පිළිබඳවයි.

ජෝයි කියන්නේ කුඩා අවධියේ පටන්ම බොහොම කෙළිදෙලෙන් පසුවූ දරුවෙක්. ඔහුගේ පියා එම ප්‍රදේශයේ ජීවත්වූ බොහොම ප්‍රසිද්ධ සටන්කරුවෙක්. නමුත්, තමන්ගේ පුතා තම අඩිපාරේ පැමිණෙනවාට මෙම පියා කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පුතා අධ්‍යාපනයෙන් ඉදිරියට යනු දැකීමයි. එම නිසාම මේ කුඩා ජෝයිව කුඩා කාලයේදීම පන්සලේ නායක හාමුදුරුවන් හට බාරදෙනු ලබනවා. ඒ, ඔහුට අධ්‍යාපනය ලබාදී, ඔහුගේ අනාගතය යහපත් කිරීම උදෙසා. නමුත්, මේ ජෝයිගේ දෛවය ලියවිලා තිබුනේ වෙනත් විදියකට. ඔහුගේ ශරීරයේ දිව්වේ සටන්කාරයෙකුගේ රුධිරය. මේ නිසාම, එම ප්‍රදේශය පාලනය කරන්නා වූ ආණ්ඩුකාරවරයාගේ පුතා සමගින් ඇතිවෙන්නා වූ කෝලාහලයකින් පසුව ඔහුට පහර දෙන්නා වූ ජෝයි, ගමෙන් පලා යනවා. ගමෙන් පලා ගිය ජෝයි, එකිනෙකට වෙනස් සටන් ශිල්පයන්ගේ ප්‍රවීණයන් වූ ගුරුවරුන් යටතේ විවිධාකාර සටන් ශිල්පයන් රාශියක් හදාරණු ලබනවා. නමුත්, මේ යන ගමන ඔහුට කිසිසේත්ම ලේසි පහසු ගමනක් නම් වූයේ නැහැ. එක් අතෙකින් ඔහු සොයා දඩ බල්ලන් මෙන් ඔහුගේ පසුපස පන්නාන්නා වූ ආණ්ඩුකාරවරයාගේ සෙබළුන්. තවත් පසෙකින්, අනේක විදි බාධාවන්. මේ සියල්ල මේ තරුණ රණශූරයා කෙසේ නම් ජයගනීවිද? අවසානයේ ඔහුගේ ඉරණම ලියවී ඇත්තේ කුමන ආකාරයකින්ද?

අද 2018 ජනවාරි පළවෙනිදා. තවත් අලුත් අවුරුද්දක උදාව. එහෙනම්, පොරොන්දු වෙච්ච විදියටම මේ සූදානම් වෙන්නේ, මේ 2018 වර්ෂයේ පළවෙනි උපසිරැසිය ඔබවෙත ගෙන එන්න. මේක වෙනස්ම ආරක චිත්‍රපටියක්. ඒ වගේම, තායිලන්ත චිත්‍රපටියක්. Ong-Bak චිත්‍රපට මාළාව බලපු කෙනෙක්ට නම් තායිලන්ත චිත්‍රපටි නුහුරු නුපුරුදු වෙන්න බැහැ. ඒ වගේම, Ong-Bak බලපු අය දන්නවා ඇති, තායිලන්ත ක්‍රියාදාම චිත්‍රපටි මොන තරම් උසස් තත්වයකින් තියෙනවද කියලා. මේකත්, ඊට නොදෙවැනි මට්ටමේ චිත්‍රපටියක්. නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි 9 වෙනිදා. හැබැයි, හොඳ පිටපතක් නිකුත් වුනේ මීට දින කීපයකට කලින්. මේ වෙද්දී, Imdb දර්ශකයේ 6.1 ක අගයකට හිමිකම් කියන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම, ගූගල් පරිශීලකයින්ගේ 87% ක මනාප ප්‍රතිශතයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, බාට් මිලියන 50 ක වියදමකින්. විශේෂත්වය තමයි, මෙම චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේත්, One-bak චිත්‍රපට මාළාව බෙදාහරින ලද Sahamongkol Film International ආයතන විසින් වීමයි.

ඒ වගේම, විශේෂයෙන් නොකිව්වොත් අඩුපාඩුවක් වෙනවා, මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා පිළිබඳව. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Buakaw Banchamek විසින්. ලංකාවේ ගොඩක් දෙනෙක් මොහු ගැන දන්නේ නම් නැතුව ඇති. මොහුව Sombat Banchamek කියලත් හඳුන්වනවා. මොහු, වෘත්තීමය බොක්සින් ක්‍රීඩකයෙක්. දෙවතාවක් K-1 World MAX champion ශූරතාවය දිනපු කෙනෙක්. ඒ වගේම, 2017 අගෝස්තු පළවෙනිදා CombatPress වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කළ පරිදි, ලයිට්වෙයිට් බර පන්තියේ ලෝක බොක්සින් ශ්‍රේණිගත කිරීම් වල පස්වෙනි ස්ථානය හිමිකරගැනීමට පවා මොහුට හැකියාව ලැබුණා. සටන් කළාවේ මොහු කෙතරම් ප්‍රවීණයෙක්ද කියනවා නම්, Muay Thai සටන් කළාවේ මුගෘයා ලෙසයි තායිලන්තය තුල මොහුව හඳුන්වන්නේ. සිය වෘත්තීය ජීවිතය තුල සටන් 265ක් සඳහා සහභාගී වී තිබෙන මොහු, ඉන් සටන් 230ක් ජයග්‍රහණය කරමින්, 12ක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන තිබෙනවා. තරඟ 23ක් පමණයි මොහු පරාජයට පත්වී තිබෙන්නේ. සිය ජයග්‍රහණ 230 අතුරින් 69ක්ම සිය ප්‍රතිවාදියා knockout කරමින් ලබාගත් ජයග්‍රහන වීම විශේෂත්වයක් වෙනවා. ඒ වගේම, ජාත්‍යන්තර සිනමාව තුල ටෝනි ජා අද සිටින්නේ මොන තත්ත්වයකද, මෙම තත්වයට පැමිණිය හැකි ක්‍රියාදාම නළුවෙකු ලෙසයි මොහුව හඳුන්වනු ලබන්නේ. මොහු පිළිබඳව තවත් රසවත් තොරතුරු බොහොමයක් අන්තර්ජාලය තුලින් ඔබට බලාගන්න පුළුවන්.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. කාලෙකින් බලන්න පුළුවන් ආකාරයේ, ක්‍රියාදාම සපිරි විශේෂිත චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. පූර්ව ප්‍රචාරක පටය බැලුවොත් මං කියන දේ හොඳටම තේරේවි. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

9,006 downloadsDownload Thong-Dee-Fun-Khao-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

9,006 downloadsDownload Subtitles41 KB

106 comments

  1. Ajith Priyantha

    sub ekat thank you

  2. NavinduTharaka

    THANK YOU

  3. MBS

    Sub ekata Thanks Machooooo

  4. Subhash13

    Niyama wadak..සුබ අලුත් අවුරුද්දක් වේවා.

  5. Prabodha Madhusankha Hettiarachchi

    Wow bro thank u sub ekata. Ewagemq the foreigner film ekakath brrip update karanna. Jayawewa....

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. DhanushkaAASL

    thanks sub akata

  8. LuckyDhananjaya

    Thanx For The Sub.Happy New Year!!!

  9. HashanNDT

    elama thnx for sub

  10. kchl

    adoo baoscopedownloads eke me film eke hash eka nane bn. direct link witrai tiyenne

  11. Haashan Dhanushka

    eloooooooooooooooo thnxxxxxxxxxxx

  12. sajith

    wish u a happy new year........!!!

  13. vidushan sajith

    2018 වසර සුභම සුභ නව වසරක් වේවා!...
    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    සුභ නව වසරක් වේවා!

  15. eng.shanaka

    Download karanna torrent link eka dennakooo...

  16. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year !

  18. harshani11112

    wish you happy new year…….Brother

  19. KasunRe

    සුභ නව වසරක් වේවා....!
    බොහොම ස්තූතියි සහෝ......

    1. Sanjeewa2010

      Thnxxxxxxxxxxx

  20. waruna23

    download karanna puluwan torrent link ekak denna plz

    1. Udara Damith Dissanayaka

      bayiskop dawunlod eke thiyenaw

  21. Soori

    බොහෝම ස්තුතියි සිසිල සහෝ.....!!!
    ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා....!!!

  22. THE NEW FOLDER

    සුභ නව වසරක් වේවා….!
    බොහොම ස්තූතියි

  23. Soori

    ආ... අමතක වුනානේ කියන්න. SLT පාරිභෝගික බයිස්කෝප් ලෝලීන්ට අද හොඳ දවසක්.... අද දවස පුරාම රෑ 12 වෙනකම් ඩවුන්ලෝඩ් නොමිලේ.... බැරි වුනු ඔක්කොම අද බාමු... සුබ දවසක් හැමෝටම......
    Free Unlimited SLT Internet - 24 Hours - 1st January 2018

  24. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා….!!!

  25. Mr_salinda

    ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා….!

  26. VIDEOS|9

    සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම …!

    ස්තුතියි ඔබට …!

  27. කසුන් නුවන්ත

    ලැබුවා වූ 2018 නව වර්ෂය සියළුදෙනාටම සුබම සුබ නව වසරක් වේවා!
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  28. කසුන් නුවන්ත

    ලැබුවා වූ 2018 නව වර්ෂය සියළුදෙනාටම සුබම සුබ නව වසරක් වේවා!
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, :P
    ජය වේවා...!

  29. chinthaka sampath

    Thank U Bro..............

  30. Udara Damith Dissanayaka

    ලැබුවා වූ 2018 නව වර්ෂය සියළුදෙනාටම සුබම සුබ නව වසරක් වේවා!
    බොහොම ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  31. VIDEOS|9

    3 GB

    5385831735f3fe31b52c9ee76330e948a4a158b8

  32. chinthaka sampath

    download karanna puluwan torrent link ekak denna plz

  33. shanlakmal

    subama suba aluth awuruddak wewa..

    sub ekata godak pin saho

  34. gihan perera

    Suba aluth auruddak wava sahola siyaludanatama!!!godak sthuthi sub ekata...me film eka danakan thamai hitiya..2018 aluth film walatath sub danne..god bless you....

  35. geeganagamage

    බොහෝම ස්තුතියි සුබ නව වසරක් වේවා

  36. chathura1985

    BAISKOPE EKE OKKOTOMA SUBA SUBAMA SUBA 2018 WASARAK WEWA

  37. Kawi Jayasinghe

    Tnx sahoo Happy New Year

  38. weerasekara

    Thanks machan

  39. weerasekara

    Happy new year baiscope ake samatama

  40. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි අයියේ..

  41. geeganagamage

    සුබම සුබ නව වසරක් වේවා මේකනම් එනකම් මග බලාගෙන හිටිය ෆිල්ම් එකක් බොහෝම ස්තුතියි මේ කරන වටිනා උතුම් සේවයට .

  42. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  43. Gihan Alex

    අපේ රටෙ අංගම්පොර සටන් ශිල්පයට තැනක් දිපු එක ගැන සතු‍ටුයි යලුවා..

  44. Madushanka22

    Thanks Bro............................

  45. nimalmax

    sub එක ගොඩ.. tnkz sub එකට... දිගටම කරන්ඩෝ...!

  46. Malinda

    Thank you.

  47. 12shehan

    thanks maco subama suba aluth awruddak veeeevaaa onna ahenam aluth awrudde mulinma dwonlod karana film aka meka thama

  48. malindadishan1

    thanks

  49. priyan99

    thanks machan

  50. dhammika prasad

    සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!! සහෝ සහ බයිස්කෝප් හැමට. 2018### උපසිරැසියට ගොඩාක් ස්තූතියි. හැම මුවියක් ගානෙම ගොඩක් දේවල් ඉගෙන ගන්නව සිසිල අයියගෙ මරුම ලිපි වලින්. තෑන්ක්ස් වන්ස් අගේන්.

Load more comments