අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා සිට සතුටු වෙමින් තම කුසගින…

අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා සිට සතුටු වෙමින් තම කුසගිනි නිවාගන්නා… අම්මා! සැපේදී මිනිසුන් ඕනේ තරම් ඔබත් එක්ක ඉඳීවි. හැබැයි දුකේදී හැමෝම ඔබව අත්හැරලා දාලා යාවි. එකම එක්කෙනෙක් ඇරෙන්න… අම්මා! ඔබ කාගෙන්හරි දෙයක් ඉල්ලන්න… බහුතරයක් දෙනා ඔබව මගහරීවී. නමුත් ඔබ අම්මගෙන් දෙයක් ඉල්ලන්න. සතුටෙන් හිනාවෙලා ඔබගේ නාමයෙන් තම ජීවිතය වුනත් ඇය ඔබ වෙනුවෙන් පූජා කරාවි. ඒ තමයි අම්මා! ධනය මත, බලය මත සියල්ල වෙනස් වන ලෝකයේ, කිසිවිටෙකත් අංශු මාත්‍රයකින් හෝ නොවෙනස්ව තම දරුවන් වෙනුවෙන් ඇප කැප වී, දරුවන්ගේ සතුට තම සතුට කරගත්තා වූද, දරුවන්ගේ දුක තම දුකක් කරගත්තා වූද ලොව ආදරණීයම පදවිය… අම්මා!
ඇයත් අම්මා කෙනෙක්, හය හතර නොතේරෙන්නා වූ දරුවෙකු සමගින් මෙලොව තනි වූ. රැකියාවෙන් ඇය විද්‍යාඥවරියක්. රැකියාවේ ස්භාවය නිසාම බොහොම අවිවේකී දිවි පෙවතක් තමයි ඇය ගත කලේ. නමුත්, හැකි සෑම විටෙකම තම දරුවා සමග කෙළිදෙලෙන් ගත කිරීමට මේ ආදරණීය අම්මා අමතක කලේ නැහැ. ජීවිතය බොහොම සුන්දර විදියට ගතවෙලා ගියා. නමුත්, නොසිතූ විරූ මොහොතක චණ්ඩ මාරුතයක් හමුවා.
අහලා තියෙනවද වෝම්හෝල් කියන්නේ මොකක්ද කියලා? වෝම්හෝල් කියන්නේ සාපේක්ෂතාවාදයේ සාමාන්‍ය න්‍යායන්ට ගැලපෙන දෙයක්. වෝම්හෝල් එකකට හැකියාව තියෙනවා, ආලෝක වර්ෂ බිලියන ගණනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ, මීටර් කීපයක දුරක් හෝ, වෙනත් විශ්වයන් හෝ,එකිනෙකට වෙනස් කාලයන් සම්බන්ධ කිරීමට. හැමෝටම තේරෙන විදියට කියනවා නම්, කාලය හරහා ගමන් කරන්න මෙමගින් උදව් ලබාගන්න පුළුවන්. හැබැයි, මේ වෝම්හෝල් කියන එක සැබෑවටම පවතිනවාද කියලා තවම කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ කාලය හරහා ගමන් කිරීම පදනම් කරගනිමින් ඇමරිකාව අතිශය රහසිගත ලෙස පරීක්ෂණ පැවැත්වුවා. ඇමරිකාවට කරට කර සටනක් දෙමින් චීනයත් රහසිගත ලෙස මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වුවා. නමුත්, ඇමරිකාව සොබාදහමේ නීති උල්ලංඝනය කරමින් තම පරීක්ෂණ පවත්වාගෙන ගියා. නීති විරෝධී ලෙස මිනිසුන් පවා යොදාගනිමින් ඔවුන් මෙම කටයුතු පවත්වාගෙන ගියා. මෙයින් සිද්ධවුණේ ලොකු විනාශයක්. කිසිවෙකුත් නොසිතූ පරිදි සමස්ත පර්යේෂණාගාරයම විනාශ වී ගියා. නමුත්, චීනය කෙසේ හෝ තමන්ගේ පර්යේෂණ සාර්ථක කරගන්නා මට්ටමට පැමිණියා. මේ නිසාවෙන්, ඇමරිකාව තම ප්‍රතිවාදී චීනයේ පරීක්ෂණ රහස් හොරකම් කිරීම සඳහා සැලසුම් කරනු ලැබුවා.
කාල තරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නා වූ, කුඩා දරුවෙකු සමගින් තනි වූ විද්‍යාඥවරියක්… නොසිතූ විරූ මොහොතක දරුවා පැහැරගැනීමට ලක්වෙනවා. මොකක්ද මේ වෙන්නේ? දරුවෙක්ට වෙන්න පුළුවන් දරුණුම දේ වෙනවා දකින්න තරම් මේ ආදරණීය අම්මා පෙර පව් කරලා තියෙන්න ඇති. තම දරුවාට අති මහත් විනාශයක් වෙන අයුරු අසරණව බල සිටිනවා හැරෙන්න මේ අම්මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. දෛවය එතරම් ඇයට කුරිරු වුණා. නමුත්, තම දරුවාට සහ ඇයට සිදුවූ අසාධාරණය නිසාවෙන් කිසිවෙකුත් හීනෙන් හෝ නොසිතා අන්දමේ තීරණයක් ඇය විසින් ගනු ලැබුවා!
Richie (2017) චිත්‍රපටියේදී පොරොන්දු වුණා 2018 අවුරුද්ද ලබන්න කලින් තව ෆිල්ම් එකකුයි, පළවෙනිදට ෆිල්ම් එකකුයි අරගෙන එනවා කියලා. ඔන්න එහෙනම් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරමින්, මේ 2017 අවුරුද්දේ බයිස්කෝප් වෙබ් අඩවිය විසින් ඔබ වෙත තිලින කරන්නා වූ අවසාන උපසිරසියත් අරගෙන තමයි අද මේ එන්නේ. මේකත් විශේෂ චිත්‍රපටියක්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ, අපි කොයි කවුරුත් හොඳින් අඳුරන, ජැකී චෑන් විසින්. Action, Sci-Fi කාණ්ඩ යටතේ, Imdb දර්ශකයේ 5.8ක අගයක් ලබාගත් මෙම සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ, 2017 වර්ෂයේ ජුනි 30 වෙනිදා. ඇමරිකානු ඩොලර් මිලියන 29.8 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නත් මෙම සලරුවට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටය තුල තාක්ෂනය බොහොම ඉහළම මට්ටමකින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම, කතාවත් මගේ මතය අනුව නම් අවිවාදයෙන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මොකද, මේක තවත් අඩු මුදලින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් නම් නෙමෙයි. චිත්‍රපටියේ ට්‍රේලර් එක බැලුවොත් හිතාගන්න පුළුවනි මං මේ කියන කාරණාවේ සත්‍ය අසත්‍ය තාවය. කතාවේ අවසානයත් බොහොම සංවේදී එකක් වේවි. ඒ නිසා, අද වගේ දවසක රෑට (දෙසැම්බර් 31) බලන්න කියාපු චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
පොරොන්දු වෙච්ච විදියට තව චිත්‍රපටියක් දෙන්න තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම හෙට උදේ (ජනවාරි පළවෙනිදා) ලැබේවි. ඒ නිසා, දැන්ම අලුත් අවුරුද්දට සුභ පතන්නේ නැතුව ඉන්නම්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,158 downloadsDownload Reset-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
79 comments
tmanura
ඉසුරු සම්පත් සිරිසේන
උපසිරසියට ස්තුතියි සිසිල අයියේ..
Zimmba
Ptta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabodha Madhusankha Hettiarachchi
ගොඩක් ස්තුති සබ් එකට. සියලුම බයිකොප් වාසින්ට ලබාන්නා වු 2018 වසර සුභම සුභ නව වසරක් වේවා...........!
geeganagamage
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
බොහෝම ස්තුතියි
subama suba parana awuruddak wewaUdara Damith Dissanayaka
කොහොමද අප්පා මේක \ඩවුන්ලෝඩ් කරන්නේ
හෙවුවා හෙවුවා නෑ
ගතත කෙනෙක්
හැෂ් එකවත් කමෙන්ට් කරන්දකෝsuchith
6528EF5DE6CD9AAD280769BB2380EAFF92E0A17E
Udara Damith Dissanayaka
thanks
Rachila
AMMO TNX BN
DhanushkaAASL
Thanks sub akata
tharindu sankalpa
Ela.........tnx
Avindu Umesh Gunasinghe
tnx bro!!
happy new year 2018!!DilZ
සබට තුති .... දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා
harshani11112
Wow patta saho
dinusha666
Thank you
dinusha666
HAPPY NEW YEAR !!!!!!!!
snranga7
Nice job ....
pushpa sameera
බොහෝම ස්තුතියි
Malinda
me type eka nam aniwa balanawa.
Thanks bro,nirodha uthpala
Ah sisilaya apahu vadakata atha gahala vage...lipiya nam anduna bro..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
sakitha vibamith
thnq prasa saho
Chamith Mihiranga
Thanks Aiya..
Subha Nawa Wasarak Wewa..!chathudias99
Wade nma hodai. Den kattiya comment dannam ona nisa dai.. sub ekata thank u. ❤
ඩොක් අයියා
තැන්කු “සිසිල ප්‍රසාද්” මල්ලියෝ උපරැසියට
ඔන්න ඔයා කිව්ව නිසා බාගත්තා
බලමු මොකෝ වෙන්න කියලාlakshankkn
thanks for the sub
sasinduweerasinghe
බොහොම ස්තුතියි සහෝ............
Pasindu Nimantha
Sub eka download krnna bane.log wela inne
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````
sasinduweerasinghe
torrent link ekak ehema naddooo.............
ඉසුරු සම්පත් සිරිසේන
උපසිරසියට ස්තුතියි අයියේ..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!raviz
Thank you.....!
wwrs
බොහෝම ස්තුතියි සහෝ........
ksachith
film eka download kragnne mknda bn. thnx sub denwaata.
ravin
Thanks fore the sub
malith
Ela ela thanks machoo
Pradeep Darshana
Supiri films eka
dumindu chathuranga
thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kenan Sujindra
Thanks Dude ❤
NuwanK
thanx bro..
Henadheera
elaaaz...thanks
wajira
thanks...bro
Tharu_MaduSanka
එල මචන්... තෑන්ක්ස්
Ruwan Udaya Shantha
Thanx bro...........
shan840
obata sthuthi...... bs
Pasindu Naveen
tnq bro............
shenal
thanks
tharuka didulanga
Thanx BrO
AsithaDilruwan
elama saho thanks
Advertisement


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය