එක දවසක් මම බයිසිකලෙන් වැටිල දණහිස තුවාල වුණා. එයා මගෙ තුවාලෙට බෙහෙත් දැම්මෙ නෑ… එයා මට කිව්ව ඒ වේදනාව විඳින්න කියල. එයා මට ඉගැන්නුව වේදනාව, දුක, අගහිඟකම් දරාගෙන ජීවත් වෙන විදිහ. මෙය හුදෙක් එක් මිනිසෙකුගේ කතාවක් නොවේ. සමාජයේ පුලුල් පරාසයක් ගැන කතිකාවතක්. අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ ලෙස මේ චරිත ගොන්න එකතු…

එක දවසක් මම බයිසිකලෙන් වැටිල දණහිස තුවාල වුණා.
එයා මගෙ තුවාලෙට බෙහෙත් දැම්මෙ නෑ…
එයා මට කිව්ව ඒ වේදනාව විඳින්න කියල.
එයා මට ඉගැන්නුව වේදනාව, දුක, අගහිඟකම් දරාගෙන ජීවත් වෙන විදිහ.
මෙය හුදෙක් එක් මිනිසෙකුගේ කතාවක් නොවේ. සමාජයේ පුලුල් පරාසයක් ගැන කතිකාවතක්. අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ ලෙස මේ චරිත ගොන්න එකතු කරගෙන තියෙනව.
- අතිජාත හොරුන් දෙදෙනෙක්.
- සමාජය මගින් වෙන් කළ ආදරණීය සිත් දෙකක්.
- තමාට වඩා බොහෝ තරුණ යුවතියක් විවාහ කරගත් අන්ධ මිනිසෙක්.
- තමාගේ සැමියා රැකියාවට ගිය පසු වෙනත් ආදරවන්තයෙකු නිවසට ගෙන්වාගැනීමට බලා සිටින ගැහැනියක්.
- වයසින් මුහුකුරා ගිය පෙම්වතුන් දෙදෙනෙක්.
මෙවැනි චරිත ගොන්නක් මේ කතාව ඇතුලෙ ඉන්නව. ඒ වගේ සමාජ පරාසයක් තුල ගොඩනැගිල තියෙන කතාවක් තමයි මේක. මුලින්ම මේ නිර්මාණය සම්බන්ධ තොරතුරු ටිකක් ගැන කියල ඉන්නම්.
- අධ්‍යක්ෂණය : Shanavas K. Bavakutty
- කතාව : Francis Noronha, P.S. Rafeeque
- නිශ්පාදනය : Devadas Kadancheri, Shailaja Manikandan
- සංගීතය : Leela L. Girish Kuttan
- පසුබිම් සංගීතය : Justin Varghese
- MDb අගය: 7.5/10
- ධාවන කාලය : පැය 2 මිනිත්තු 20
- නිකුත් වූ දිනය : 2019 ජුලි 15
Vinayakan, Priyamvada Krishnan, Roshan Mathew, Lal, Binoy Nambala, Manju Sunichen ඇතුලු විශිෂ්ඨ ගනයේ රංගන ශිල්පීන් මේ නිර්මාණයට දායක වෙල තියෙනව. ඒ වගේම මේ නිර්මාණය DRAMA කියන කාණ්ඩය යටතේ වර්ගීකරණය වෙල තියෙනව. විනායකන්ගේ රංගනය ගැන විචාරාත්මක අදහස් විශාල ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයන් විසින් අන්තර්ජාලයට මුදාහැරල තියෙනව. අති විශිෂ්ඨ තාත්වික රඟපෑමක් !!! මගේ මතකයේ රැඳුන රංගනයක් බවට පත් වුණා !!! විනායකන් රංගනයෙහි ලා විශිෂ්ටයෙක්. ඔහුගේ රංගනය ඒ තරමට හදවතට දැනේවි. බීපු මිනිහෙක් වගේ රඟපාන්න හොඳටම පුලුවන් විනායකන්ට නොවේද?

මේක සරල ඒත් සමහර විටෙක සරලම නොවන හදවතට කතා කරන කතාවක්. කාව්‍යාත්මක විදිහට ගලාගෙන යන සලරූ සහ සංගීතය නියමයි. හිත ඇතුලටම වදිනව. කොහොමත් ඕන කතාවක් දැනෙන්නෙ හදන්න මලයාලියො දක්ෂයොනෙ. සංගීතය නිසා මේකට වෙනම හැඩයක් එක්වෙල තියෙනව බව ඔබටත් පහසුවෙන්ම වැටහේවි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක මුල් මිනිත්තු කිහිපයෙන්ම ඒකට ආදරයක් ඇතිවෙනවනම් ඒක ටිකක් විශේෂයි නේද? මේක අන්න ඒ ජාතියෙ නිර්මාණයක්. අවසන් වෙනකන්ම අපේ ඒ බැඳීම මේ චිත්‍රපටිය එක්ක තියෙනව. ඒ වගේම මෙහි දර්ශන තල දකිද්දි මට මතක් වුණෙ Kumbalangi Nights(2019) චිත්‍රපටයෙ තිබුණ ඒ ලස්සන දර්ශන. ඒ වගේම සංගීතය වෙනුවෙන් මෙම චිත්‍රපටය සම්මාන පවා ලබාගත්ත.
MOVIE STREET FILM AWARDS 2020
Best Playback Singer – Female – Sithara Krishnakumar
සිතාරා ක්‍රිශ්නකුමාර් හට හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය හිමිවුනා.Red FM Music Awards 2019
Best Male Singer Award of the year – Nikhil Mathew
වසරේ හොඳම පිරිමි ගායකයාට හිමි සම්මානය නිකිල් මැතිව් විසින් ලබාගත්තා.

කතාව පැත්තට හැරුණොත්… මෙහෙමයි. මේකෙ ප්‍රධානම චරිත වෙන්නෙ ඉත්තාක් සහ සාර. ඉත්තාක් කියන්නෙ පට්ට හොරෙක්!!! පොර හොරකම් කරන්නෙත් පන්සල් පල්ලි වලින් විතරයි. හොරෙක් උනත් හැමෝගෙම සැලකිල්ල තියෙන මනුස්සයෙක්. ඉත්තාක් සහ ජෝනප්ප හොඳ මිතුරන් දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම හොරුන් !!! ජෝනප්ප තමයි සාරගෙ පියා. ඉතිං ඔහු ඉත්තාක්ට තමන්ගෙ දියණිය වෙන සාරගෙ භාරකාරීත්වය පවරනව. ඒත් එක්කම ජෝනප්ප අතරුදන් වෙනව. එතනින් පස්සෙ කතාව විවිධ දිශානති ඔස්සේ ගලා යනව. ඉතිං මේ කිව්වෙ බොහොම සුළු අදහසක් ගන්න විතරයි… මේක මං කලින් කිව්ව වගේ ලොකු පරාසයකට ගලා යනව. ඒ නිසා කොහොම කියන්නද කියල මට මේ වෙලාවෙ හිතෙන්නෙත් නෑ. 😊
සමස්ථයක් වශයෙන් මේ සිනමා නිර්මාණයට ලැබිල තියෙන IMDb අගය ගැන නම් මම සෑහීමකට පත් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ මීට වඩා හොඳ අගයක් මේ නිර්මාණයට ලැබිය යුතුයි. ඔබත් නැරඹූවාට පස්සෙ ඒ ගැන හිතල බලන්නකො. ඉතිං මේ ලස්සන විටෙක සංවේදී නිර්මාණය නරඹන්න කියල සියළු දෙනාටම ආරාධනා කරනව. මේ නිර්මාණය ගැන, උපසිරැසිය ගැන ඔබේ හිතට එන අදහස පහළින් ලියන්න. මම ඔබ ලියන කමෙන්ටු කියවීමට බලන් ඉන්නව.
චිත්‍රපටිය අන්තර්ජාලයට මුදා හැරුණ ගමන් මාව දැනුවත් කලෙ කවිනු සහෝදරය. ඒ වගේම සබ් එක කරනව කිව්වම කලින් ඔහු විසින් බයිස්කෝප් මංසල වෙනුවෙන් කරල තිබුණ මේ චිත්‍රපටයේ ගීතයක උපසිරැසියකුත් එවල, විස්තර හොයාගන්න මූලාශ්‍රත් එවල උදව් කලෙ කවිනු වීරක්කොඩි සහෝදරයම තමයි. ඒ වගේම මේ චිත්‍රපටිය මට වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතියි.
විශේෂ ස්තූතිය : කවිනු වීරක්කොඩි
සුභ දවසක් වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True Web පිටපත් සඳහා අදාළ වේ.
4,604 downloadsDownload Thottappan-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ජලිත
Subtitles
12 comments
කවිශල් රසින්ත (කවී)
Lalani Maduwanthi
Godaaak pin,,,thank you,,,,,,
Lalani Maduwanthi
Kasun jalitha oya nam supiri,,,,,
Wicki
උපසිරසට ස්තූතියි
nish47
ස්තූතියි සහෝ
Anonymous
Tq bro..supiri storyk
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
Niharika
Superb.Nice efforts
Nethini123
බොහොම ස්තුතියි සබ් එකට
Tissa Gunawardana
මෙම චිතරපටිය බාගත කල හැක්කේ කුමන සයිට් එකෙන්ද
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අම්මෝ දීලා.... දෙනකල් හිටියේ... හෙටම බලනවා... ඒනම් බොහොම ස්තූතියි ඈ... ජය වේවා....!!