ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක් සමගයි. 2019 මාර්තු මාස 13 වන දින නිකුත් වෙච්ච මෙය හට IMDb අගය 6.2 ක අගයක් සහ කුණු තක්කාලි අගය 84% අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Drama l Horror කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Dan Berk සහ Robert Olsen විසින්ය. ඒ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක් සමගයි. 2019 මාර්තු මාස 13 වන දින නිකුත් වෙච්ච මෙය හට IMDb අගය 6.2 ක අගයක් සහ කුණු තක්කාලි අගය 84% අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Drama l Horror කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Dan Berk සහ Robert Olsen විසින්ය. ඒවගේම රංගනයෙන් Maika Monroe l Bill Skarsgård l Jeffrey Donovan l Kyra Sedgwick l Blake Baumgartner l Noah Robbins ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මයිකි සහ ජූල්ස් කියන්නෙ අපරාධකාරයො දෙන්නෙක්. මෙයාලා දවසක් කඩයක් මංකොල්ල කනවා. කොහොමහරි ගානට වැඩේ කරගෙන එතනින් පැනගන්නවා. හැබැයි ගොඩක් දුර යන්න ලැබෙන්නෙ නැහැ. මොකද බාගයක් දුරදි මෙයාගෙ වාහනෙ කැඩෙනවා. ඉතිං මෙයාලා මොකද කරන්නෙ ඒ අසල තියෙන ගෙයකට රිංගගන්න උත්සහ කරනවා. හැබැයි මේ ගෙදර කිසිම කෙනෙක් නැහැ. කොහොමහරි මෙයාලට ඕන කරන්නෙ වාහනයක්. ඉතින් මුළු ගේම පිරනවා යතුර හොයන්න. ඔන්න මේ වෙලාවේ මෙයාලා වහල දාලා තියෙන තැනකට ඇතුළු වෙනවා. ඒ ගිය වෙලාවේ දකින්න ලැබෙන්නෙ දම්වැල් වලින් බැඳලා දාලා ඉන්න ළමයෙක්ව. මෙයාලට හිතාගන්න බැරි වෙනවා. කවුද මෙහෙම දෙයක් පොඩි ළමයෙක්ට කරන්නෙ. ඒ කෙනා බයානක කෙනෙක් වෙන්න ඕන. කොහොමහරි මෙයාලා එයාට උදව් කරන්න යනකොටම ගෙදර අයිතිකාරයො එනවා. ඉතිං මෙයාලා ගාව තුවක්කුවක් එහෙම තියෙන නිසා බය කරලා තියාගන්නෙ. ඒවගේම තමයි මේ පවුලෙ කට්ටිය හරිම අමුතුයි. මොකද ඒ ගැහැණු කෙනා වඩා ගෙන ඉන්නෙ බෝනික්කෙක්. හැබැයි එයා හිතාගෙන ඉන්නෙ ඇත්තම ළමයෙක් කියලා. කොහොමහරි වැඩේ ගැස්සිලා තුවක්කුව මෙයාලා අරගන්නවා. ඉතින් මේ අමුතු කට්ටිය මෙයාලාට මොකක් කරයිද? අවසානය වෙනකම් බලන්නකෝ එහෙනම්.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,173 downloadsDownload Villains.2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
9 comments
Hashan M. Priyadarshana
gihan perera
ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Suranjan
Thanks jayawewa...!
indika75
thanks..
sarangaw
උපසිරසියට ස්තුතියි !
Sajithlakshan
thanks ..................
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thnks mchan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
The Skin I Live In (2011) film එකට සබ් දෙනවද