Watch Trailer

Three of Us (2023) Sinhala Subtitles | අපි තුන් දෙනා [සිංහල උපසිරැසි]

Three of Us (2023) Sinhala Subtitles මේ ගැන අපූරු අර්ථකථනයන් සමාලෝචන ගොන්නක් මුහුණ පොතෙනුන් දකින්න හම්බවුණා. ඒවා හරිම ලස්සනයි..මේ ඩිජිටල් අවකාශයට පින් සිද්ධ වෙන්න දැන් ඉස්සරට වඩා ඉක්මනටම හැමෝම අතරට මේ නිර්මාණ යනවා..ඉතිං ඒකත් ගොඩක් හොඳ දෙයක්.. කොහොමහරි සයිට් එක පැත්තෙනුත් වෙන්නට ගිය තවත් එක අඩු පාඩු…

Three of Us (2023) Sinhala SubtitlesThree of Us (2023) Sinhala Subtitles

මේ ගැන අපූරු අර්ථකථනයන් සමාලෝචන ගොන්නක් මුහුණ පොතෙනුන් දකින්න හම්බවුණා. ඒවා හරිම ලස්සනයි..මේ ඩිජිටල් අවකාශයට පින් සිද්ධ වෙන්න දැන් ඉස්සරට වඩා ඉක්මනටම හැමෝම අතරට මේ නිර්මාණ යනවා..ඉතිං ඒකත් ගොඩක් හොඳ දෙයක්.. කොහොමහරි සයිට් එක පැත්තෙනුත් වෙන්නට ගිය තවත් එක අඩු පාඩුවක් ඔයාල වෙනුවෙන් මකා දාන්නයි මේ සූදානම.. Three of Us අරගෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් මං ආව ඔයාල හමුවෙන්න ආයෙමත්.. කණගාටුව මේ උපසිරැසියේ නියම උරුමක්කරුවා ඇත්තටම මේක කරන්න ඕන හරියනම කෙනා ඇත්තටම මේක කළේ නැති එක..කොහොමහරි දැන් ඉතිං නොබැලු අය ඉන්නවා නම් මෙහෙමවත් සෑහෙන්න පුළුවන්

Three of Us (2023) Sinhala Subtitles

අතීතය හාරවුසස්න්න එපා අතීතයේ ඕනවට වඩා එල්ලීගෙන ඉන එපා වර්තමානයේ ජිවත් වෙන්න අපිට නිතරම ඇහෙන වචන මේවා..නමුත් අපිට හැම වෙලාවකම ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න එක්ක සමහර අත් විඳින්න දේවල් එක්ක සමහර සිදුවීම් එක්ක අපේ අතීතය වෙතට අපිව නිරායාසයෙන්ම ඇදගෙන යනවා..

Three of Us (2023) Sinhala Subtitles

Three of Us කියන්නේ ගිය වසරේ නිකුත් වුණ සිනමාපට අතරින් කලාත්මක රාමුව තුළ ප්‍රේක්ෂකයාව ස්පර්ශ කල සිනමා සිත්තම් අතරින් ඉහලින්ම තියන නිර්මාණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපිව ටිකක් අතීතය දිහාට ඉබේටම අපිවත් නොදැනීම අරගෙන යන මතක යතුරක් වගේ මේක..ලෞකික ලෝකයක් ඇතුළේ මිනිසුන් විදිහට අපි මොන තරම් බැඳීම් ඇලීම් වලට යටත්වෙලා තියනවාද අපි මොන තරම් කාර්යබහුල ජිවිතයක් ගත කරන්න හුරු වෙලා හිටියත් කොහොම කොතනක හිටියත් මොනයම්ම හෝ මොහොතක් අපිට එනවා පොඩ්ඩක් අර අපේ ආගිය උන් හිටි තැන් පරණ මිනිසුන් කල්පනාවට එන..තත්පර කීපයක මනෝ පාරකින් අපි යනවා සෑහෙන දීර්ඝ ගමනක් ආපස්සට.. අරමුණක් නැති මේ ගමන පුරාවට අපි ඇත්තටම බලාපොරොත්තු වන දේ ඒ දැනෙන දේ ඒ හැඟීම් කිසිම විදිහකින් නිශ්චිත ඒවා කියල හිතෙන්නේ නෑ..සුන්දර අසුන්දර තැන් ස්පර්ශ කරමින් මේ යන ගමනේ නිශ්චිත එකම දේ ගමනේ අවසාන තත්පර කීපය විතරයි..ඒ තමයි ඒ ගමන හැමදාමත් ඉවර වෙන්නේ එක දීර්ඝ හුස්මකින්..ඒ දීර්ඝ හුස්මේ හේතුව අතීතයට අපි දක්වන ගිජු කමේ තරම කියාපානවාද නැත්තම් මතු පිටින් වෙහෙසකරකයි වගේ හිතුනට ඇත්තටම මේ අපි හැමදාමත් කලේ ප්‍රශ්න වලින් පුංචි බ්රේක් එකක් ගන්න එක වෙන්න පුළුවන්ද..

Three of Us (2023) Sinhala Subtitles

මේ ගැන අපූරු විග්‍රහයක් අවිනාෂ් අරුන්ගේ Three of Us තුළ තිබුණ බලන්න කියල ආරාධානා කරනවා..නිර්මාණයක් විදිහට ලෞකික අරමුණු, තෝරාගැනීම් පරායත්ත ගිලිහීම් මත ජීවිතය, අනියත බව වැනි ගැඹුරු වෙහෙසකරවන තේමාවන් සිනමාපටයක තුළ අන්තර්ගත තුළ අතපත ගාල තිබුණත් බලන කෙනෙකුට මේ කිසි දෙයක් නීරස විඩාබර අත්දැකීමක් නොවෙන විදිහට පුංචි කුතුහලයක් දැනෙන අයුරින් ලස්සන රූප පෙළහරක් මවමින් ඉතාමත් සංවර අනන්‍ය අයුරකින් ලබාදෙන්නට සිනමාකරුවා වග බලාගන තිබුණ..සංවරයි කියන වචනේ මේ ලිපිය පුරාම වුණත් ටයිප් කරගෙන යන්න පුළුවන්..මේක ඒ වගේ..මේ තුළ ඇති නොස්ටැල්ජියාව පවා ආවේණික හැඟීමක් තමයි දෙන්නේ.. මුළු නිර්මාණයම අපිට නිකං නිස්කලංක දැකුම්කළු පරිසරයක් දිහා ආසාවෙන් බලන් ඉන්නකොට දෙන හැගීම තමයි දෙන්නේ… Shefali Shahගේ අති විශිෂ්ට රංගනය විතරක් අපිට වෙනම වෙලාවක් අරගෙන රස විඳින්න පුළුවන් ඒක වෙනම ලෙවල් එකක රංගනයක්. ඒ වෙනුවෙන් ඇයට ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය හිමි වෙලා තිබුණා.. ඒ ගැන පුංචි සතුටක් අනිවාර්යෙන තියනවා..ඒ වගේම තමයි Jaideep Ahlawat, Swanand Kirkire මේ හැමෝම මාර සංයමයකින් බ්ලෙන්ඩ් වුණේ ඒ පරිසරයත් එක්ක..හරියට නිකං පසුබිමෙන් මවන ඒ නිස්කලංක භාවය බිඳෙන්නේ නැති වෙන්න පරෙස්සමට ඒ තුළ ජිවත් වුණා කියල හිතුනා..ඇයි මේකට මේ විදිහට ටයිට්ල් එක දුන්නේ කියනෙක විතරයි මට තියෙන ප්‍රශ්නය..කොහොම වුණත් හරිම සුන්දර සිනමාපටයක්. ඉතිං නොබලපු ඈයෝන්ට බලන්න කියල ආරාධනා කරනවා එහෙනම්…ජය වේවා!

Three of Us (2023) Sinhala Subtitles

I Repeat:මේක කරන්න ඕන හරියනම කෙනා ඇත්තටම මේක කළේ නැති එක ලොකු අවුලක්..

Three of Us (2023) Sinhala Subtitles

https://m.imdb.com/title/tt22818604/

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා වලංගු වේ.

3,907 downloadsDownload Three-of-Us-2023-Sinhala-Subtitles.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Three of Us (2023) Sinhala Subtitles

Subtitles by

අචින්ත උදයංග

Subtitles

3,907 downloadsDownload Subtitles31 KB

9 comments

  1. Thilina Weerasinghe

    උපසිරැසිය සදහා බොහොම ස්තූතියි.
    මමත් මාස දෙකකට වගේ කලින් මේ චිත්‍රපටය බාගත කලා.
    ඒත් සිංහල උපසිරැසිය එකක්කම බලන්න ආසාවෙන් බලාගෙන හිටියා.

  2. ඩොක් අයියා

    එහෙනම් ඔන්න බාගත්තා හොඳේ, ආ තැන්කු කියන්න අමතක උනා

  3. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Ashan danushka

    ඉදල හිටල එකක් කරනවා ඒකත් සුපිරි ම එකක්.. Sub එකට ස්තුතිය
    අචින්ත උදයංග.

  5. Bandara

    Thanks a Lot

  6. Steev Sulakshana Fernando

    once in a while i see masterpices like this.how poetic is your work.i can't express how impressed i am. keep up the good work.love you brother

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. නිමල් දිසානායක

    සුපිරියි ෆිලුම ශෝකී කවියක් වගෙය
    නිසලව ඇදෙන සිහිලැල් ගඟුලක් වැනිය
    subsවල කිසිම වරදක් නැති හැඩය
    අචින්තට පිදෙයි හද පිරි ස්තුතිය

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P