Watch Trailer

මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles | පෙනෙන සියල්ල සත්‍යමද? [සිංහල උපසිරැසි]

මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මා…

Malaikottai Vaaliban (2024) Sinhala Subtitlesමලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles

රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මාසයකදී කෝටි 30ක ආදායමක් ලබා ගත්තා, ඒත් ඊට පසුව නිකුත් උන බ්‍රහ්මයුගම්, ප්‍රෙමාලු සහ මංජුමාල් බෝයිස් වැනි චිත්‍රපට මේ වෙන කොට මුල් සතියෙන්ම කෝටි 40 පන්නලා. IMDB අගය 6.7 අගයක් ලැබුනු මේ චිත්‍රපටිය රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු නොකලාද?

මලෛකෝට්ටෛ වාලිබන්  (2024) Sinhala Subtitles

කෙසේ වෙතත් LJP කියන මේ භය නැති අධ්‍යක්ශක වරයා ගැන දන්න අය ඒ ගැන හිතන්නෙ නෑ, මේ තරම් සිනමාව සමග අත් හදා බලන අධ්‍යක්ෂක වරයෙක් ඉන්දියානු සිනමාවෙ නැති තරම්. ආමෙන්, ඊ මා යු වල පටන් අරන් ජල්ලිකට්ටු වෙනකල් ඔහුගෙ සින්මාව ටිකක් කළහකාරී අධිවේගී සිනමාවක්.ඊට පස්සෙ චුරුලි ඉඳල නන්පාකල් නේරතු මායක්කම් වෙනකොට වේගය අඩු වෙනස් ශෛලීන් වලි නිපදවූ චිත්‍ර පට. ඒත් මේ චිත්‍රපට හැම එකක්ම හරි අපූරු නිමැවුම්. රසිකයො බලන් හිටියෙ මේ පාර මෙයා කොහොම එකක් ගෙනෙයිද කියල. මේකත් එක්තරා විදිහක අත් හදා බැලීමක්.

සිනමාවෙ පරණ කාලෙ කතා බොහෝ විට රජ කාලෙ සුලභයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය සිනමාවෙ. මීට අමතරව නාඩගම් ශෛලියෙ නාට්‍ය අදටත් හරි ජනප්‍රියයි. මේ සියල්ලෙන්ම ආභාශය ලබා ගෙන සඳහන් නොකල කාලයකට අයත් ප්‍රබන්ධ කතාවක් LJP ගොඩ නගනවා. ගමින් ගම සැරිසරමින් තරඟයට සටන් කරන සටන් කාමියෙකුගෙ චරිතයක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒත් විශේෂම දේ තමයි පෙර අපි දැක තිබෙන ඒ වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. මේක පරන කාලෙ එකක් උනත් කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. උදාහරණෙකට මේකෙ සටන් ක්‍රියාදාම හරිම රසවත් සුන්දර ජවනිකා. ඒ කැමරාකරණය පසුබිම් සංගීතය පමනක් නෙමෙයි ව‍ර් ණ සංකලණය පවා අතිශය සුන්දරයි. මලයි කෝට්ටයි බලකොටුවෙ සටන විශේෂයෙන්ම බලන්න. ඇත්තටම ලස්සන නාඩගමක් වගෙයි. ඒ තමයි LJP.

මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා කෝ අර කේරළයෙ තියෙන හරිත පැහැය කියල. ඇත්තටම මෙහෙමත් කර්කශ කාන්තාර සුන්දර කේරළයෙ තියෙනවාද කියල හිතෙනවා. මේක රූපගත කරල තියෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ. කොහොම උනත් මේ චිත්‍රපටයෙත් අති විශිෂ්ඨ කැමරාකරණයක් තියෙනවා මධු නීලකන්දන්ගෙ. මෝහන් ලාල් සමග සොනාලි කුල්කර්නි, මනෝජ් මෝසස් කාතා නන්දි මෙහි සෙසු චරිත රඟ පානවා.මේක බලන්නම ඕනෙ එකක්.ලෑස්ති වෙන්න මේ අවුරුද්දෙ මලයාලි සිනමාව එක දිගට සුපිරි චිත්‍රපට රැසක් තිළිණ කරන්න සූදානම්.

මෙම උපසිරැසියේ භාෂා ශෛලිය පුරාණ නාඩගම් ශෛලිය ඇසුරින් කරන්න මම උත්සාහ කලා.මට හැඟෙන හැටියට වඩාත්ම ගැලපෙන්නේ එයයි. ඊට ප්‍රති විරුද්ධ අදහස් ඇති.එය සාර්ථක උනා දැයි දන්නෙ නෑ.අඩු පාඩු ඇතොත් සමා වෙන්න.

මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles ඒ වගේම අප බයිස්කෝප් සමූහය විසින් උපසිරැසි නිකුත් කරන අළුත්ම මලයාලම් ටෙලි කතා සීරීස් එක POACHER නැ‍රඹීමටත් ඔබට ආරාධනා කරනවා මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles

නැවත හමු වෙමු. ආයුබෝවන්!

මලෛකෝට්ටෛ වාලිබන් (2024) Sinhala Subtitles

https://m.imdb.com/title/tt22818604/

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

7,366 downloadsDownload Malaikottai-Vaaliban-2024-Sinhala-Subtitles-2-1.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

මලෛකෝට්ටෛ වාලිබන්  (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

7,366 downloadsDownload Subtitles30 KB

18 comments

  1. Netflix පිස්සා

    සුපුරුදු විදියට බන්දුල සහෝදරයා අලුත්ම අලුත් මලයාලමක් ගෙනවිත් තියෙනවා බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  2. නුවන් අසේල

    තැන්ක්ස් මචෝ උපසිරැසියට තෙලිගු ෆිල්ම් වලට උපසිරැසි හදන්නකෝ

  3. Buddhika Lakmal

    තැන්ක්යූ මචං සබට.... මලයාලම් අලුත්ම ඒවට සබ් දෙනවට තෑන්ක්ස් මචෝ....

  4. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Anonymous

    baiscope download site ek wada nane

  6. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. tharidu16

    film1 ganna vidihaka nane .................

  8. Madusha

    තෑන්ක්ස් මචෝ.සබ දෙනකම් හිටියෙ.

  9. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. සියන්ත

    Thank brother ❤

  11. madushan

    baiscopedownloads weda nethe ai

    1. Sanupa Ranmeth

      ාඅපි අලුත් ඩොමේන් එකකට ගියා සහෝ. දැන් .co වෙනුවට .xyz හෝ .link පාවිච්චි කරන්න.

  12. Pradeep

    Up

  13. Madusha

    Thanks sago

  14. Sanjeewa

    sub එක විතර ද දැන් දෙන්නේ. FILEM එක දෙන්නේ නැද්ද?

    1. Ravindu_Heshan

      දීලා තියෙන්නේ සහො බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P