One Life (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අද අරන් එන ෆිල්ම් එක ටිකක් විශේෂයි, මොකද මේකට සබ් අරන් එන්න කියලා ඉල්ලලා තිබුනේ අපේ සහෝදරයෙක්මයි. ඉතින් සබ් කරන්න ලස්සන ෆිල්ම් එකක් හොයලා දුන්නට SYD සහෝදරයට ස්තූතියි. ඉතින් මුලින්ම කියන්න ඕනි, මේක සත්‍යම කතාවක් පදනම් කරගෙන කරපු නිර්මාණයක් සහ ඕනිම කෙනෙක්…
One Life (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් අද අරන් එන ෆිල්ම් එක ටිකක් විශේෂයි, මොකද මේකට සබ් අරන් එන්න කියලා ඉල්ලලා තිබුනේ අපේ සහෝදරයෙක්මයි. ඉතින් සබ් කරන්න ලස්සන ෆිල්ම් එකක් හොයලා දුන්නට SYD සහෝදරයට ස්තූතියි.
ඉතින් මුලින්ම කියන්න ඕනි, මේක සත්‍යම කතාවක් පදනම් කරගෙන කරපු නිර්මාණයක් සහ ඕනිම කෙනෙක්ට බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් එපා වෙන්නෙ නැතිව අවසානය වෙනකල් බලන්න හිතෙන චිත්‍රපටයක් කියන එක තමයි මගේ නම් අදහස වෙන්නෙ.
ඒ කොහොම වුනත් මේ චිත්‍රපටයට IMDb 7.6ක ඉහල අගයක් අරගත්ත නිර්මාණයක්. මේ කතාවෙ කතා නායකයා වෙන්නෙ නිකල්ස් වින්ටන් කියන පුද්ගලයා. දෙවන යුද්ධ කාලේ මේ නිකලස් වින්ටන් කියන පුද්ගලයා සහ, ට්‍රෙවිස් චැඩ්වික්, ඩොරීන් වොරිනර්, බියෙට්‍රිස් වැලින්ග්ටන් සහ බිල් බර්සෙට් (පුවත්පත් වාර්තාකරුවෙකු ) කියන අය එකතු වෙලා මේ අසරණ වුන චෙකොස්ලෝවැකියාවේ ළමයින් බේරගත්තා කියලා වාර්තා වුනත් කුමක් හෝ හේතුවකට බියෙට්‍රිස් සහ බිල් පිලිබද චිත්‍රපටයට එකතු නොකිරීම එක් අතකින් අඩුපාඩුවක් නැතිනම් අසදාරණයක් විදියට මම දකිනවා. කොහොම වුනත්, බිල් විසින් පත්තර වාර්තා ලියමින් මෙම ගලවා ගැනීම සදහා අරමුදල් එකතු කිරීමටත්, දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් පවුල් සෙවීමටත්, බියෙට්‍රිස් විසින් ප්‍රාග් සිට ළමයින් ඉවත් කරගැනීමටත් කටයුතු කර බව මේ පිළිබද විස්තර සෙවීමේ දී මට හමු වූ තොරතුරු ඔයාලගෙ දැනුම වෙනුවෙන් මේ විදියට ලියලා තියන්නම්.
ඉතින් යාලුවනේ අද වැනි දියුනු තාක්ෂනයක් නැතිවත් ඔහුගෙ අප්‍රතිහත කැප වීමෙන් අනිත් අයගෙත් උදව් ඇතිව වාසනාවන්ත ළමයි 669ක ජීවිත බේරා දුන්න අතරෙ චෙකොස්ලෝවැකියාවේ විතරක් තවත් දහස් ගනනක් ළමයින් එදා පුංචි කාලෙදිම ජීවිතයෙන් සමු ගන්න ඇති.
කොහොම වුනත් ගොඩක් අය දන්න විදියට මේ කතාව එලියට එන්නෙ නිකල්ස් වින්ටන්ගෙ පොතක් නිසා. ප්‍රාග් වල මතක එක්ක එයා හදලා තිබුන පොතක් නිසා මේ හැමදේම එලියට එන්නෙ එයාගෙ බිරිද නිසා. එතකන් මේ ධෛරමත් මිනිසා ගැන කාලයේ වැලි තලාවෙන් යට වෙලයි තිබුනේ.
කොහොම වුනත් පසු කාලයේ මේ ළමයින් චෙකොස්ලෝවැකියාවෙ සිට ලන්ඩන් දක්වා ප්‍රවාහනය චෙක් කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට් කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. අවාසනාවකට 1939 සැප්තැම්බර් දෙවන ලෝක යුද්දෙ පටන් ගැනීමත් සමග මේ ක්‍රියාවලිය නවතිනවා. ඉතින් බේර ගන්න තිබුන තවත් ජීවීත කීයක්නම් විනාස වෙන්න ඇද්ද?
- 1909 දි තමයි නිකලස් වින්ටන් උපත ලබන්නෙ.
- 1938 දෙසැම්බර් වල තමයි වින්ටන් ප්‍රාග් වලට යන්නෙ එයාගෙ යාලුවට උදව්වෙන්න.
- 2003 දි එළිසබෙත් මහ රැජිනගෙන් නයිට් පදවිය ඇතුලු සම්මාන රැසක් ලබාගන්නවා.
- ඉතින් මේ නිකලස් වින්ටන් මහත්මයා, අවුරුදු 106ක් ආයුෂ විදලා 2015 ජීවිතයෙන් සමුගත්තා.
එහෙනම් කතාව බලන්න. ඔයාලගෙ අදහසත් ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම වෙනදා වගේම එදා ඉදන් හැම දේකටම උදව් කරන ව්මා අයියා, සනුප ඇතුලු බයිස්කෝප් සෙට් එකටම ස්තූතියි, ජය වේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,853 downloadsDownload One-Life-2023-Sinhala-Subtitles.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One Life, One Life (2023), One Life (2023) Sinhala SubtitlesSubtitles by
දිමුතු චතුරංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #One Life
- #One Life (2023)
- #One Life (2023) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
syd
බොහොම ස්තූතියි දිමුතු චතුරන්ග සහෝදරයා මාගේ ඉල්ලීමට ඔබ දැක්වූ කරුනාවට...කැපකිරීමෙන් සහ මහන්සියෙන් ඔබ ලබාදුන් සහයෝගයට නැවතත් බොහොමත්ම ස්තූතිය..
syd
persion lessons 2020
puluwan unoth sub eka laba denna thank you brothersyd
persian lessons 2020
Unknown
argylle sub eka oni kollo
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
රේමන් ඇන්තනී
thanks brother
out of the darkness 2022 puluwan nm sub eka dennaMano
Godak Sthuthi.. Jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
පට්ට මූවි එකක් බ්‍රෝ මේක...
Thanks Brother.. Good job.... ♥♥