Watch Trailer

Three Steps Above Heaven (2010) Aka Tres metros sobre el cielo Sinhala Subtitles | සුන්දර ආදරයේ ආවසානය වේදනාවක් වෙයිද.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්! මේ තමයි මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන දෙවනි උපසිරැසි නිර්මාණය.මේ පාර මම උපසිරැසි නිර්මාණය කළේ Romantic ගණයේ චිත්‍රපටියකට. මම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක් නිසාත් මේකට උපසිරැසි පළවෙලා තිබුනේ නැති නිසාත් මම හිතුවා මේකට උපසිරැසියක් කරන්න. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. අඩ…

ආයුබෝවන්! මේ තමයි මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන දෙවනි උපසිරැසි නිර්මාණය.මේ පාර මම උපසිරැසි නිර්මාණය කළේ Romantic ගණයේ චිත්‍රපටියකට. මම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක් නිසාත් මේකට උපසිරැසි පළවෙලා තිබුනේ නැති නිසාත් මම හිතුවා මේකට උපසිරැසියක් කරන්න. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. අඩු පාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියටත් සිසිල සහෝදරයටත් ගොඩක්ම ස්තූති වන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නට.

කතාව ගැන කියනවා නම්, මේක ස්පාඤ්ඤ කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ තමයි හියුගෝ.හියුගෝ හරිම දඩබ්බර චරිතයක්.එ‍හෙම වෙන්න හේතුවකුත් තියනවා.ඒක ඔයාල කතාව බලලම දැනගන්නකෝ.

ඉතින් අපේ කතාවේ වීරයාට දවසක් ලස්සන ගෑණු ළමයෙක් හම්බෙනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. මේ ගෑණු ළමයගේ නම බබි. හියුගෝ දඩබ්බර රස්තියාදුකාර චරිතයක් වුණාට බබි නම් හොඳ වැදගත් පවුලක සල්ලිකාර කෙල්ලෙක්.හියුගෝ මුලින්ම නම් බබිට ගොඩක් කරදර කරනවා. ඒ නිසාම බබි හියුගෝට වෛර කරනවා. දවසක් බබිට එයාගේ යාළුවා කැතී නිසා බයික් රේස් තියන තැනකට යන්න වෙනවා. එතනදි බබිත් බයික් රේස් එකට සහභාගි වෙනවා. හදිසියේම පොලිසියෙන් ඇවිත් එතන වට කරනවා. බබි හියුගෝ එක්ක එතනින් පැනගන්නවා. ඉතින් බබිට එදා හියුගෝ ගැන කැමැත්තක් ඇති වෙනවා. එතන ඉඳන් තමයි දෙන්නගේ ආදර කතාව පටන් ගන්නේ. මම කතාව කියපු විදියට නම් රසවත් නෑ වගේ දැනෙන්න ඇති. ඒත් romantic ෆිල්ම් වලට කැමති හැමෝම මේ කතාව බලන්නම ඕනේ. කතාව අරන් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා.

2010 දී Fernando González Molina විසින් අධ්‍යක්ෂණය කළ මේ සිනමාවට පාදක වෙලා තියෙන්නේ Federico Moccia විසින් රචිත Three Meters Above the Sky ප්‍රබන්ධ නවකතාවයි. මේ සිත්තම imdb 7 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන් 93% මේ චිත්‍රපටියට කැමැත්ත දක්වලා තියනවා.

මේ චිත්‍රපටියේ Mario Casas හියුගෝ ලෙසත් María Valverde බබි ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඉතින් කතාව බලල රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,664 downloadsDownload Three-Steps-Above-Heaven-2010-Aka-Tres-metros-sobre-el-cielo.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනිති නෙත්මිණි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-25
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනිති නෙත්මිණි

Subtitles

4,664 downloadsDownload Subtitles38 KB

16 comments

  1. Anonymous

    ස්තූතියි දිනිති. බලලා නන් නෑ. අරන් බලමුකෝ.
    තව තව සබ් කරන්න කාලා වේලාව ලැබේවා කියලා පතනවා.

    1. Anonymous

      ස්තූතියි...!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Palmer (2021)
    Bliss (2021)

  7. sachin

    niyamai sub ekata godak sthuthi..
    dewana kotasatath sub denna kiyala illanawa.
    i want you 2012.

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි...

    Request....

    Before Sunset - 2004
    Before Midnight - 2013

  9. omesh fernando

    Tnx sub ekat
    Second part ekat denna plz

  10. Rox

    Thanks for the subtitles.
    Request- Daas dev (2018) movie

  11. Anonymous

    mekema dewani kotasa "i saw you 2012"ekatat denna ikmanin

  12. Unkmown

    මේකේ අනිත් ෆිල්ම් එකටත් සබ් දෙන්න කෝ.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Ruchira

    Thanks for the sub!!!!!!!

  15. ශාමල් මනෝජන්

    මේකේ දෙවෙනි කොටස I Want You - 2012 ෆිල්ම් එකටත් සබ් දෙන්න කෝ.