Devil’s Double Next Level (2025) Sinhala Subtitles නම ගිය සිනමා විචාරකයෙක් වුණ කිසා 47 නොහොත් ක්‍රිෂ්ණමූර්තිගේ අම්මා, තාත්තා, නංගි සහ පෙම්වතියව හිට්ච්කොක් ඉරුදයරාජ් නම් මළගිය සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ ආත්මයක් විසින් චිත්‍රපටයක හිර කරනවා. කිසා ද මේ චිත්‍රපටය තුළට යවමින් ඔවුන් බේරාගත හැක්කේ චිත්‍රපටය අ…
Devil’s Double Next Level (2025) Sinhala Subtitles
නම ගිය සිනමා විචාරකයෙක් වුණ කිසා 47 නොහොත් ක්‍රිෂ්ණමූර්තිගේ අම්මා, තාත්තා, නංගි සහ පෙම්වතියව හිට්ච්කොක් ඉරුදයරාජ් නම් මළගිය සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ ආත්මයක් විසින් චිත්‍රපටයක හිර කරනවා. කිසා ද මේ චිත්‍රපටය තුළට යවමින් ඔවුන් බේරාගත හැක්කේ චිත්‍රපටය අවසන් වනතුරු ඔවුන් හිර වී සිටින චරිත පණපිටින් තබා ගත්තොත් පමණක් බවට නියම කරනවා. චිත්‍රපටයේ චරිත අතරේ හැමෝම හිටියත් කිසාගේ පෙම්වතිය නම් සොයාගන්න බැරි වුණා. ඉතින් කිසාට පැවරුණු කාර්යය වෙන්නේ චරිත බවට හැරුණු තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය කරදර වලින් ආරක්ෂා කිරීම සහ ඔහුගේ අතුරුදහන් වූ පෙම්වතිය සොයා ගැනීමයි.
DD චිත්‍රපට මාලාව ලොල්ලු සභා ටෙලි චිත්‍රපට මෙන් හොල්මන් චිත්‍රපට සමච්චලයට ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට මාලාවක්. එකල විජයි ටීවී නාලිකාවේ විකාෂය වූ ලොල්ලු සභා වැඩසටහනින් ජනප්‍රිය චිත්‍රපට වලට සරදම් කර ටෙලි චිත්‍රපට නිර්මාණය කරනු ලැබුවා. එහි අධ්‍යක්ෂකවරයා වූ රාම්බාලා විසින් ලොල්ලු සභා නැවත සංකලනයක් ලෙස Dhilluku Dhuddu (2016) චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් මේ චිත්‍රපට මාලාව බිහි වුණා. එහි මුල් චිත්‍රපට දෙක රාම්බාලා විසින් අධ්‍යක්ෂණය කළා. Devil’s Double Next Level මේ චිත්‍රපට මාලාවේ හතරවැනි චිත්‍රපටය වන අතර මීට පෙර Dhilluku Dhuddu (2016), Dhilluku Dhuddu 2 (2019), DD Returns (2023) චිත්‍රපට නිකුත් වූවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ පෙර චිත්‍රපට වූ DD Returns (2023) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රේම් ආනන්ද්. ආර්යාට සන්තානම් සමඟ තිබූ සමීප මිත්‍රත්වය නිසාවෙන් මේ චිත්‍රපටය තම කුළුඳුල් නිෂ්පාදනය ලෙසින් මුලපිරුවා. ඒ බව DD Returns චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ වෙමින් ආර්යා විසින් සඳහන් කළා. ඔවුන් දෙදෙනාගේ යහළුකම කොච්චර සමීපද කියනවා නම් ආර්යා විසින් සන්තානම් මිළට ගෙන තිබූ පැරණි නිවසක් ප්‍රතිසංස්කරණය නොකරන ලෙස උපදෙස් දෙමින් එය සම්පූර්ණයෙන්ම සමතලා කොට නව නිවසක් තැනීමට කටයුතු කර තිබුණා.
මෙහි සන්තානම් සමඟ රාජේන්ද්‍රන්, නිළල්ගල් රවී, යාෂිකා ආනන්ද්, ගීතිකා තිවාරි, කස්තුරි ශංකර්, ලොල්ලු සභා මාරන් සහ රෙඩින් කිංග්ස්ලි යන අය රංගනයෙන් දායක වනවා. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරුන් වන ගෞතම් වාසුදේවන් මෙනන් සහ සෙල්වරාඝවන් විශේෂ පෙනී සිටීම් ඉදිරිපත් කරනවා. ගෞතම් වාසුදේවන් මෙනන් උයිරින් උයිරේ ගීතයට සූර්යා මෙන් වෙරළේ දිව යාම සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක් වුණා. රාජේන්ද්‍රන් සහ ලොල්ලු සභා මාරන් මේ මාලාව පුරාවටම සම්බන්ධ වනවා. නිළල්ගල් රවී මීට පෙරදී සන්තානම්ගේ Dikkilona (2020) සහ Vadakkupatti Ramasamy (2024) චිත්‍රපටවලට සම්බන්ධ වූවා වගේම එහි චරිතයන් වලින් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලබා ගත්තා. විශේෂයෙන්ම දෙමළ බසින් හඬ කවන ලද චිත්‍රපට බොහෝමයක දුෂ්ඨ චරිතයට, පසුමින් කථනයන්ට හෝ විශේෂ චරිතයන්ට රවීගෙ හඬ බෙහෙවින්ම අත්‍යාවශ්‍යයි. ඒ අතරින් සුවිශේෂම දේ නම් අමිතාබ් බච්චන්ගේ දමිළ හඬ වන්නේ රවීයි. KGF Chapter 1 චිත්‍රපටයේ කථනය සිදු කරන අනන්ත් නාග්ගේ චරිතයට දෙමළ බසින් හඬ කවන ලද්දේ රවී. ඉහත සඳහන් කළ චිත්‍රපටවල රවීගේ මේ පසුබිම් කථන කුසලතාවය හාස්‍යෝත්පාදක ලෙසින් භාවිතා කර තිබෙනවා.
මීට කලින් හොල්මනක් දැකම අප්‍රිය හිතෙන්න ඇති. ඒත් මේ හොල්මන දැක්කම නම්, හොල්මනක් වෙලත් මෙච්චර ලස්සනද කියලා ආදරයක් මිස බයක් නම් හිතෙන්නෙ නැහැ. ගීතිකා තිවාරි මේ සුරූපී හොල්මන් චරිතය රඟ දක්වනවා. ඇය මීට පෙර The Legend (2022) චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට පිවිසී තිබෙනවා.
මේ චිත්‍රපටයට ඇතුලත් ගෝවින්දා ගෝවින්දා ගීතය ඉවත් කරගනීමට හෝ ඉ.රු. කෝටි 100ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් තිරුමල තිරුපති දේවස්ථානයෙන් අපහාස නොතේසියක් නිකුත් කරනු ලබුවා. පවන් කල්‍යාන්ගේ ජනසේනා පක්ෂයෙන් හින්දු හැඟීම් රිදවා දෙවියන්ගේ කීර්ති නාමයට හානි කළ බව කියමින් නිෂ්පාදකයින්ට එරෙහිව පැමිණිල්ලක් ද ගොනු කළා. ගෝවින්දා කියන වචනය ඇතැම් අවස්ථාවල “විනාස වුණා” කියන අර්ථයෙන් භාවිතා කරනවා නොයෙක් චිත්‍රපටවල දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම විශ්ණු දෙවියන්ගේ නළලෙහි ඇති නාමම් ලකුණත් එවැනිම සංඥාවක් ලබා දීමට භාවිතා කරනවා. මේවා සම්ප්‍රදායානුකූලව පැවතගෙන ඒවා මිස අලුත් දෙයක් නොවෙයි. පසුව මෙම ගීතයේ ගෝවින්දා යන වචනය වෙනුවට වෙනත් වචන ආදේශනයෙන් නැවත පටිගත කර ඩිජිටල් පිටපත් වලට අමුණා තිබෙනවා.
සන්තානම් මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා බොහෝ මුදල් යොදවා විහිළු අතැයි කියමින් දැඩි විශ්වාසයකින් බොහෝ ප්‍රචාරණ කටයුතු කළත් චිත්‍රපටයේ බැරෑරුම් කතාවකුත් ඒ සමඟ යන විහිළු පථයක් තමයි දකින්න ලැබුණේ. මෙහි විහිළු අතරින් පතර තිබෙනවා වුණත් පෙර චිත්‍රපටවල තරම් අවකාශයක් දී ඉදිරිපත් කර තිබුණේ නැහැ. පෙර චිත්‍රපට විචාරකයින්ගේ ඇගයීමට ලක් නොවුණත් Sleeper Hit ලෙස අනපේක්ෂිත සාර්ථකත්වයක් ලබා ගත්තා. කොහොම වුණත් සූරිගේ Maaman (2025) චිත්‍රපටයද DD Next Level සමඟින් මැයි 16 දින ප්‍රදර්ශනය කෙරුණා. චිත්‍රපට දෙකම සැලකිය යුතු තරමේ ජයග්‍රහණයක් අත් කරගත්තේ නැතත් DD Next Level චිත්‍රපටයට වඩා ආදායමක් සූරිගේ මාමන් විසින් උපයා ගැනීමට සමත් වෙනවා.
හොලිවුඩ් සිනමාවේ මෙන් දෙමළ සිනමාවේ හොල්මන් චිත්‍රපට මාලා කිහිපයක් තිබෙනවා. ඉන් තුනක්ම හතරවැනි කොටස පසු කර හමාරයි. ඒවා නම් රාඝවා ලෝරන්ස්ගේ Muni නොහොත් Kanchana, සුන්දර් සීගේ Aranmanai සහ මෙම DD චිත්‍රපට පෙළයි. ඉදිරියේදී මෙම චිත්‍රපට මාලාවල Muni 5: Kanchana 4, Pizza 4, Aranmanai 5, Demonte Colony 3 යන චිත්‍රපට බලාගත හැකියි. ඒත් මේ කාංචනා, පීසා චිත්‍රපටවලින් පසු චිත්‍රපටවලට ඒ නමත් සමඟ කිසිම සම්බන්ධයක් නැති වුණත් තවමත් එ නමින් අනුගාමී චිත්‍රපට නිර්මාණය කිරීම හාස්‍යයට කරුණක්.
සන්තානම් මීළඟට සිලම්බරසන් සමඟ STR 49 චිත්‍රපටයේ සහය චරිතයක් රඟපෑමට නියමිතයි. සන්තානම් තවදුරටත් විකට චරිතයන්හි රඟ පාන්නේ නැති බවට දැඩි ස්ථාවරයක හිටියත්, ඔහුගේ රංගන දිවියට බෙහෙවින් රුකුලක් වූ සිලම්බරසන් වෙනුවෙන් ඔහු STR 49හි සුපුරුදු නොවන නමුත් හාස්‍යෝත්පාදක චරිතයක් රඟ දක්වන බව කීවා. ඒ වගේම ආර්යා සහ සන්තානම් දෙදෙනා නැවත සංකලනයෙන් චිත්‍රපටියක් කිරීමට නියමිත බවත් සඳහන් කළා. කොහොම වුණත් ඉදිරියේදී Dhilluku Dhuddu 5 නිර්මාණය වෙයිද යන්න ගැන තවම සඳහනක් නැහැ.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Devil’s Double Next Level (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
2,770 downloadsDownload Devils-Double-Next-Level-2025-Sinhala-Subtitles.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Devil’s Double Next Level (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2025
- #Gautham Vasudev Menon
- #Geethika Tiwari
- #K. Selvaraghavan
- #Kasthuri Shankar
- #Lollu Sabha Maaran
- #Motta Rajendran
- #Must Watch
- #Nizhalgal Ravi
- #Redin Kingsley
- #Santhanam
- #Sethuraman
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Yaashika Aanand
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Arawinda
Buddhika laKMal
බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට.........
හැමදාම වගේ ඔයාගේ සබ්එකත්එක්කකම තියෙන ලිපියටක් රොම්බ තෑන්ක්ස් සහෝ......Visal Ashintha
Thnx for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි! A S H