Watch Trailer

Mahanati (2018) Sinhala Subtitles | මහා රංගණ ශිල්පිණිය [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ මේ වන විට නිකුත්වුන තෙලුගු චිත්‍රපට අතරින් “බ්ලොක්බස්ටර් හිට්” ලේබල් එක අලවගන්න පුලුවන් වුන තවත් චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. Biographical කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වෙන්නේ 1950,60 දශක වල දකුණු ඉන්දීය සිනමාවේ අනසක පැතිරවූ මහා නිළිය, සාවිත්‍රිගේ ජීවිත කතාවයි…

මේ අවුරුද්දේ මේ වන විට නිකුත්වුන තෙලුගු චිත්‍රපට අතරින් “බ්ලොක්බස්ටර් හිට්” ලේබල් එක අලවගන්න පුලුවන් වුන තවත් චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. Biographical කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වෙන්නේ 1950,60 දශක වල දකුණු ඉන්දීය සිනමාවේ අනසක පැතිරවූ මහා නිළිය, සාවිත්‍රිගේ ජීවිත කතාවයි. Nadigaiyar Thilagam නමින් දමිළ බසින් ද නිකුත් වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Nag Ashwin විසින්. C. Ashwini Dutt, Swapna Dutt, Priyanka Dutt යන අය විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති අතර සංගීත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිදු කර තිබෙනවා. සුරූපී නිළි Keerthy Suresh ප්‍රධාන චරිතයට එනම් සාවිත්‍රීගේ චරිතයට පණ පොවද්දී, Dulquer Salmaan(ජෙමිනි ගනේශන් ලෙස), Samantha Akkineni(මධුරවානි ලෙස), Vijay Devarakonda(ඇන්තනී ලෙස), Rajendra Prasad සහ Bhanupriya සෙසු චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. Akkineni Naga Chaitanya ද දර්ශන කීපයක් සඳහා ආරාධිත රංගණ ශිල්පියෙක් ලෙස දායකත්වය දක්වද්දී තවත් ජේශ්ඨ නළු නිළි පිරිසක් ආරාධිත රංගණ දායකත්වය දක්වා තිබෙනවා. මේ වන විට IMDb දර්ශකයේ 9.1 ක් වැනි ඉහළම අගයක් හිමි වී තිබෙනවා.

චිත්‍රපටය පටන්ගන්නේ සාවිත්‍රී අසනීප වෙලා රෝහලකට අරගෙන යන දර්ශනයකින්. රෝහලට අරගෙන ගියාට පස්සේ සාවිත්‍රී කෝමා තත්වයට පත් වෙනවා. අවුරුද්දකට විතර පස්සේ මේ මහා නිළියගේ තත්වය ගැන වාර්තා කරන්න එකතරා පුවත්පත් වාර්තාකාරිණියකට අවස්තාව ලැබෙනවා. ඒ වාර්තාකාරිණිය තමයි මධුරවානි(සමන්තා). හැමදාම සාමාන්‍ය ලිපි පළ කර කර හිටිය මධුරවානි බලාගෙන හිටියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වාර්තා කරන්න ලැබේවා කියන බලාපොරොත්තුවෙන්. ඒත් එයාට ලැබුණේ අවුරුද්දක් තිස්සේ නිතරම පුවත්පත්වල පළ වුන සාවිත්‍රිගේ කෝමා තත්වය ගැන වාර්තා කරන්න. අකැමැත්තෙන් වුනත් බාරගෙන ඉන්න වෙලාවක මෙයාට මුණගැහෙනවා ඇන්තනීව(විජේ). ඒ වෙන කවුරුත් නෙවෙයි මධුරවානිට බැල්ම දාගෙන ඉන්න, එකම පත්තර කන්තෝරුවේ වැඩ කරන ඡායාරූප ශිල්පියෙක්. සාවිත්‍රිගේ ඡායාරූප ලබාගන්න බාරදීලා තියෙන්නේ ඇන්තනීට. ඉතින් මේ දෙන්නා එකතුවෙලා සාවිත්‍රී ගැන වෙන අය වාර්තා නොකළ ආකාරයේ පුවතක් වාර්තා කරන්න ඕන කියලා සාවිත්‍රිගේ ජීවිත කතාව හොයන්න පටන්ගන්නවා. දැන් කෝ යකෝ සාවිත්‍රිගේ කතාව. 😛 මේ දෙන්නා සාවිත්‍රී ගැන හොයාගන්න දේවල් විදිහට තමයි සාවිත්‍රිගේ කතාව දිගහැරෙන්නේ. ඔය මම ගෙනාවේ සාවිත්‍රිගේ කතාව අස්සේ යන අතුරු කතාව විතරයි හොඳේ. සාවිත්‍රිගේ කතාවෙදි තමයි Dulquer Salmaan ව දකින්න ලැබෙන්නේ. එයාගේ චරිතය මොනවගේ එකක්ද කියලා බලලම හොයාගන්න. සාවිත්‍රිගේ කතාව කියන්න යන්නෙත් නෑ. චිත්‍රපටයට සංගීතයත් ඉතාම මියුරු ආකාරයෙන් යොදාගෙන තියෙනවා. යොදාගත් පසුබිම් රූපරාමු වලින් නම් මලයාලම් චිත්‍රපටි වල තියෙන අමුතු ගතිය දකින්න ලැබෙනවා කියලත් හිතෙනවා. ඒ සියල්ල චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

තරිඳු රසාංග මලයා තමයි මේ චිත්‍රපටය බාරගෙන තිබ්බේ. ඒත් එයාට මේ දවස් වල විභාග කටයුතු වගයක් තියෙන නිසා කරන්න බෑ කියලා කියපු නිසා තමයි දෙවනුවට මේ චිත්‍රපටය ඉල්ලලා තිබ්බ මට මේ උපසිරැසිය කරන්න අවස්තාව ලැබුණේ. Swathanthryam Ardharathriyil චිත්‍රපටයට උපසිරැසිය දුන්නා වගේ ඉක්මනට මේකත් දෙන්නම් කියලා ගත්තම තමයි දෙලොව රත්වුනේ. 😛 ලයින් 2700+. කොහොම හරි කරලා වැඩත් අස්සේ පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය අරන් ආවා. කැමතියි නම් පුංචි වෙලාවක් කැප කරලා අදහසක් පළකරගෙන යන්න කියලත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

89 comments

  1. chamithmadhushka

    උපසිරැසි
    ස්තූතිය

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godakma sthtgui bro sub ekata. Super hit ekak

  3. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අය්යේ...අපි වෙනුවෙන් මෙ කරන සේවයට...
    ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු...

  4. Tharindu_Vidusha

    Saho godak pin....mm dnnwa meka sub eka krnna oya winda duka...thanks hema dekatam..jaya wewa.....බුදුසරණයි....!!!

  5. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  6. Padeep Udayanaga

    Dulquer Salmaan අයියා ඉන්නො කියන්නෙ අනීවා බැලීමක්.. ස්තුති සහො සබට !

  7. Krishan NiShalya

    Thank you bro
    Good Luck

  8. Mayura

    නියමයි සඳේ නියමයි... රංගස්තලම් එකට පස්සෙ ආසාවෙන් බලන් හිටියේ ඕක එනකම් තමා. වෙලාවටම ඩේටා ටිකත් ඉවර වුණා අදම. කමක් නෑ, බෝම ස්තූතියි කියනවා එහෙනම් ආ. ජය වේවා!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. chathurangi93

    Balanna Aasawenma hitapu film1k. Mechchra aluth film walata mahansiyen sub karala apita film1 hodata rasa widinna ida hadala denawata godak thankzzz. Good luck ayye!

  11. oshanda

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  12. Snake RaJ

    හම්මේ ඉතින් මගේ ක්‍රෂ් එක කීර්ති ඉන්නකොට,
    මේක නොබල ඉන්නෙ කොහොමද :)
    ඒ අස්සේ සමන්තා, හම්මේ මගේ ලවු එක :D
    ආදරෙයි ඉතින් පැලෙන්න ඔය දෙන්නටම.
    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්,
    බොහෝම ස්තූතී සිංහල උපසිරැසියට සදේ.
    එකෙන්ම ජය වේවා!

  13. gihan perera

    Thanks bro.....Thanks so much......jaya wava.....keep continue it....god bless you and good luck....

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි (සඳේ) …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. Amalka Himeshan

    Thanks machan sub ekata

  16. nuwan8

    අම්මෝ එනකල් බලන් හිටියේ..ස්තුතියි උපසිරසියට ...

  17. Bokka98

    gd job bro

  18. Kovidu

    ගොඩක් ස්තූතියි සහෝ, තවත් මෙවැනිම උපසිරැසි කරන්න ශක්තිය ලෑබේවා කියලත් ප්‍රාර්තනා කරනවා, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!!!!!!!!!!!!!!!!!!!! ජයෙන් ජය

  19. malith

    Ela ela

  20. Achi

    Thanks bn

  21. ThilinaDinelka

    ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් කැපවීම විස්මිත විය යුතුයි.............; Sub එකට Thanks...

  22. Thilina Chamara

    බොහොම ස්තූතියී,සබ එනකම් බලන් හිටියෙ මේකට.එල

  23. Ravi28

    Thanks bro

  24. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියී,
    මන්නම් මේවගේ ඒවා (දෙමල ) බලන්නේ නෑ
    බලන යට සබ දුන්නට එල කිරි

  25. bunny_sh

    Tanx bro....
    Alluge naa peru surya film ekatath sub eka dahanko....

  26. Anjana weerasooriya

    thanx broooo

  27. praveen ranasinghe

    හම්මේ ඉතින් මගේ ක්‍රෂ් එක සමන්තා ඉන්නකොට,
    මේක නොබල ඉන්නෙ කොහොමද උපසිරැසියට ගොඩක් ස්තුතියි (සඳේ) …

    1. iamdhanu1013

      හා ඇත්තද මචන්

  28. Newtest

    403: kiyala watenawa ne

    1. ශසිත් සඳරුවන්

      ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකේ Cache මෙමරි ක්ලියර් කරලා බලන්න. නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් බලන්න.
      නැත්නම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා(ෆෝන් එකෙන් නම් ටච් කරගෙන ඉඳලා) සේව් ලිංක් ඈස් වලින් සේව් කරගන්න.
      ඔබට ජය!

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      supiri...aniwa bamak thama....

  30. තරිඳු රසාංග

    ෆිලුමේ හොඳ කොපියක් එයි කියලා සති 2-3ක් තිස්සේ බලාගෙන හිටියත් අන්තිමට කොපියයි සබ් එකයි ආවේ විභාග වැඩවලට කාලේ යොදවන්න වුනාට පස්සේ.ඒක නිසා අකමැත්තෙන් වුනත් මේක අත අරින්න සිද්දවුනා.ඉතින් ඒ වෙලාවේ මේක කියපු ගමන් භාරගෙන සබ් එක පුළුවන් ඉක්මනින් කරලා එවපු එක වෙනුවෙන් ශසිත් සහෝට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.ඉඩක් ලැබුණු ගමන් ෆිලුම බලන්න ඕනේ.

  31. ranfilm

    thank you bro...

  32. gayan215

    bohoma sthuthi saho api wenuwen kalaya weya kara karana kepa kirimata...

  33. rangika Kariyawasam

    යෙප් යෙප් නියමයි සඳා, නියම වැඩක්, තරිඳු සහෝ ඔයාටත් බෝම ස්තුතීයි . නිදහස් වන රාත්‍රිය ෆිලුමත් ෆටිටයි .නියමයි දිගටම මලයාලම් වලට සබි දෙමු සහෝ.ජය වේවා.

  34. kelumchathuranga

    thanks

  35. Nirodhya Dilshan

    el el....... supiri sub 1k....

  36. Kanchaka

    Thanks bro

  37. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    බුදු සරණයි!

  38. D.Chamara

    bohoma sthuthi sahooo

  39. Lahiri

    thankz saho

  40. jstar

    super brother thanks a lot more

  41. Gandhaka Indrajith

    thanks for the subtitle

  42. Menaka Herath

    බොහෝම ස්තූතියි උපසිරැසියට සහෝ.... තවත් මෙවැනි නිර්මාණ කිරීම සඳහා ශක්තිය ධෛර්ය ලබේවා.... ජයවේවා!!!!!!!!!

  43. Stranger

    thanks

  44. sampath1994

    Thanq sub ekata movie eka download karala godak dawas suba eka enakan hitiye ✌️

  45. N_R

    thanks.

  46. Akash120

    Thanks

  47. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxxx

  48. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  49. Indunil kavindu

    Ftt...thanx bro...

  50. Indunil kavindu

    Intelligent film ekei thikka film ekei sub dennako

Load more comments