ඔන්න යාලුවනේ මම මගේ 33වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින්ගේ තවත් අනගි භවනීය චිත්‍රපටයක් ඔබ වෙනුවෙන් අරන් ආවා, මේක තමයි මම 1914 මෙයාගේ චිත්‍රපට වලින් ඔබට ගෙන එන අවසන් එක, මට තව මේ වසරේ නිපදවපු ටොරන්ට් තිබෙන හෝ නැති ෆිල්ම් සොයාගන්න නොහැකි උනා, මම කලින් සහ මේ සමඟ ටොරන්ට් නැතත් ඔබට යූ ටියුබ් වලින් හෝ බල…
ඔන්න යාලුවනේ මම මගේ 33වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින්ගේ තවත් අනගි භවනීය චිත්‍රපටයක් ඔබ වෙනුවෙන් අරන් ආවා, මේක තමයි මම 1914 මෙයාගේ චිත්‍රපට වලින් ඔබට ගෙන එන අවසන් එක, මට තව මේ වසරේ නිපදවපු ටොරන්ට් තිබෙන හෝ නැති ෆිල්ම් සොයාගන්න නොහැකි උනා, මම කලින් සහ මේ සමඟ ටොරන්ට් නැතත් ඔබට යූ ටියුබ් වලින් හෝ බලන්න 1914 ෆිල්ම් කිහිපයක් දී ඇත, උපසිරසි සමඟ දුන් ඒවාට අමතරව, මේක IMDb දර්ශකයේ 6.8ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වුන චිත්‍රපටයක්.
හරි එහෙනම් වැඩිය කතා නැතුව අපි මෙහි කතාව ගැන විමසා බලමු, නගරයේ මුඩුක්කු වල ජිවත් වෙන කෙනෙක් ( චාලි ) ගමට පැමිණ ගමේ සිටින අහංකාර නමුත් නූගත් ගැහැණු කෙනෙක් සමඟ බොරුවට යාලු වෙනවා, ඇය ඉතාමත්ම ධනවත් නිසා ඇගේ මුදල් වලට, ඇය රවටා ඇගේ පියාගේ මුදල් සොරකම් කර පැනල ගිහින් කසාද බඳිමු කියල කියල ඔහු ඇයට කියනවා, ඇයත් ඔහු කියන දේ අහල මුදල් සොරකම් කර නගරයට යනවා ඔහු සමග, ඉන්පසු ඔහුගේ නගරයේ ඉන්න ඔහුගේ සොර සහායිකාව සමඟ එකතුවී ඇගේ මුදල් ගන්නවා,ඉන්පසු ඇයට කුමක් වෙයිද? ඇගේ මුදල් නැවත ඇයට ලැබෙයිද? නැත්නම් මුදල් වංචා කල ඔහුට අවසානයේ කුමක් වෙයිද? මේ චිතරපටය වසර 100ක් පමණ පැරණි උවත් අදටත් අපේ රටේ කාන්තාවන් මේ විදියට රවටන ඇගේ මුළු සේසතම වංචා කරන අපේ අය ගැන සතියකට එකක්වත් පුවත්පත් වලින් අහන්න ලැබෙනවා, නේද? සමහරවිට ඇගේ ජීවිතයත් බිලි අරන් හෝ ජීවිතයම විනාස කරමින්, ගැහැණු අයට මායම් 64ක් තියෙනවා කියලනේ අපි අහල තියෙන්නේ නමුත් පිරිමි අයගේ එක මායමකට ඒ සියල්ල යටයි, කුමක්ද ඒ? (මම ඔයාව බඳිනවා රත්තරනේ, කීයටවත් ඔයාව අමතක කරන්නේ නැහැ) ඔන්න ඕක. පුරා පැය 1කුත් විනාඩි 12කට ආසන්න මෙය ඔබත් අරන් බලන්න කියල මම කියනවා.
මට ටොරන්ට් නැතත් 1914 සොයා ගන්න පුළුවන් වූ අවසන් චිත්‍රපට 2ක පහත දැක්වේ, මේවා ඔබට
ඇවැසිනම් යූ ටියුබ් තුලින් නැරඹීමේ හැකියාව ඇත.
01. His Prehistoric Past (1914) IMDb 5.2
02. Mabel’s Married Life (1914) IMDb 5.7
එසේනම් යාලුවනේ යලි චාලි චැප්ලින්ගේ 1915 චිත්‍රපට තුලින් හමුවෙමු.
ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න,ජයවේවා.
460 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 2B5938D7379DB59716E3510EAA90957F26430E25 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
482 downloadsDownload Tillie’s-Punctured-Romance-1914-www.baiscopelk.com-.rar8.4 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
24 comments
vee
isuru
chalige akak ne maru athi
yasas
supiri awa meywa thama kawadath sinamawe patan gannama meywa thama
mudiya / මුදියා
දිමුතුව පරණ වුනත් රජ බඩු තමයි දෙන්නෙ.මරු හොඳේ.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
quik
thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ විශිෂ්ඨ නිර්මාණයකට උපසිරැසි ගෙනාවට.. ජයවේවා!!!
kasun viraj
niyamai saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචෝ එල...
සෙට් එකම එක සැරේ බලන්න අඔනේ..
ජය වේවා#ChalinduDeshan (කිනා)
එල එල මචං.
නියම වැඩක්.
ජයවේවා!saman prasad(Black Cobra)
ela ela saho...
ඉසුරු
චාලිගේ ෆිල්ම් එකක්නම් මම අනිවාර්යෙන් බාගෙන බලනවා. උපසිරැසියට බොහොම ස්තූතියි මචෝ! ඔයාට පුළුවන්නම් 1956 වර්ෂයේ තිරගත වෙච්ච The Red Balloon(Le ballon rouge) ප්‍රංශ ළමා චිත්‍රපටියට සබ් දෙන්න. ඒක හරිම ලස්සන, කතා බහ ඉතා අඩු, පැය බාගයක කෙටි චිත්‍රපටියක්. ඒවගේම පුළුවන්නම් චාලිගේ Limelight (1952) ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
The Red Balloon 1956 එකට ඉක්මනටම සබ් දෙන්නම්,චාලිගේ ෆිල්ම් පිළිවෙලට කරගෙන එන නිසා ටිකක් ඉවසන් ඉන්නවෙයි, අනිවා මම පිළිවෙලට චාලිගේ ෆිල්ම් ටික අරගෙන එන්නම්, ජයවේවා.
ඉසුරු
reply එකට ස්තූතියි මචෝ. මේ සිනමා පට කෙතරම් පැරණි වුනත්, නිර්මාණනම් කවදාවත් පරණ වෙන්නෙ නෑ. අපෙන් පසුවත් තවත් පරම්පරා ගානක්ම, මේ චිත්‍රපටි එදා මෙන්ම රස විඳීවි. ඔයාගේ මෙවැනි තේරීම් ගැන මට හරිම සතුටුයි. ඔබටත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ජය වේවා! බුදු සරණයි!
නලින්
නියමයි දිමුතු සහෝ
ජය වේවා!
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....හර්ෂ ලහිරු
නියමයි දිමුතු සහො
චාලිගේ එකක්නම් ඉතින් මග ඇරෙන්න දෙන්නෙනෑ ජයරොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarujay
subs walata thnx mchn
Charlie Chaplin - The Great Dictator (1940)mekata puluwannam ikkmanata subs denna
සංජය
එලස්... බොහොම ස්තුතියි දිමුතු සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සාරංග ලියනගම
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
වරුණ නිරෝෂණ
නියම කොමඩි මේවා තමයි... ස්තුතියි සහෝ මේවා හොයලා සබ් දාලා දෙනවාට
Nandana
Thank U Dimuthu.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

maxxa meywa supiri