Tillu Square (2024) Sinhala Subtitles DJ Tillu චිත්‍රපටයෙන් රාධිකා කියන නම හරියට වංචාවේ සන්නාමය වුණා වගෙයි. මේ චිත්‍රපටයෙත් මොනවා වෙන්නද ඉතින් පුරුදු විදියටම ටිල්ලු තවත් රාධිකා කෙනෙකුට රැවටිලා ජීවිතේ ගලවගන්න කරන අරගලය ගැනයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේ වතාවේ ටිල්ලු අහුවෙන්නෙ ලිල්ලි කියන රාධිකා කෙනෙක්…

DJ Tillu චිත්‍රපටයෙන් රාධිකා කියන නම හරියට වංචාවේ සන්නාමය වුණා වගෙයි. මේ චිත්‍රපටයෙත් මොනවා වෙන්නද ඉතින් පුරුදු විදියටම ටිල්ලු තවත් රාධිකා කෙනෙකුට රැවටිලා ජීවිතේ ගලවගන්න කරන අරගලය ගැනයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේ වතාවේ ටිල්ලු අහුවෙන්නෙ ලිල්ලි කියන රාධිකා කෙනෙක්ට. ලිල්ලි පරණ රාධිකාට දෙවෙනි වෙයිද? නැත්නම් ඊටත් එහා යාවිද? ගිය වතාවේ නම් ඉස්පිරිතාලෙන් නතර කරගන්න පුළුවන් වුණා. මේ වතාවේ ලිල්ලිට, ටිල්ලුට දෙන්න පුළුවන් උපරිම කරදර කොච්චර ද කියලා බලලම දැනගමු. එතකොට හිරේ ගිය පරණ රාධිකාට මොකක්ද වුණේ?
Tillu Square (2024) Sinhala Subtitlesමුල් චිත්‍රපටය වගේම මේ චිත්‍රපටයේ කතාව රචනා කරනු ලැබුවේ “ස්ටාර් බෝයි” සිද්ධු විසින්මයි. සිද්ධු මේ කතාවෙන් පළිගැනීමේ කතාවකට වඩා උපරිම හාස්‍ය ලබා දෙන්න උත්සාහ කර තිබෙනවා. නිසැකවම කියන්න පුළුවන් ඒ උත්සාහය සාර්ථක වුණා කියලා. විශේෂයෙන්ම ටිට්ටු හා ඔහුගේ පියා අතර සිදුවන සංවාද අවස්ථා වඩාත් හාස්‍යයක් ගෙන දෙනවා. ඒ වගේම චිත්‍රපටයේ නාට්‍යමය ගතිය වැඩි වීමත්, නැවත නැවත මුල් චිත්‍රපටය සිහි ගන්වන අවස්ථා එක් කිරීමත් නිසා තරමක් කම්මැලිකමක් දැනෙන්න පුළුවන්.
Tillu Square (2024) Sinhala Subtitlesසිද්ධු ජොනාලගඩ්ඩා, අනූපමා පරමේෂ්වරන්, මුරලි ෂර්මා, මුරලිදර් ගෞඩ්, ප්‍රින්ස් සිසිල් යන නළු නිළියන් මේ චිත්‍රපටයේ රඟපානවා. ඒ වගේම මුල් කොටසේ රාධිකා ලෙස රඟපෑ නේහා ශෙට්ටි හා ඉන්ස්පැක්ටර් ලෙස රඟපෑ බ්‍රහ්මාජි ද විශේෂ පෙනී සිටීමක් කරනවා.
DJ Tillu (2022) නමින් නිකුත් වුණ මේ චිත්‍රපටයේ පෙර චිත්‍රපටය(Prequel) ඉ.රු. කෝටි 4ක් වැනි සුළු වැයකින් නිෂ්පාදනය කර ඉ.රු. කෝටි 30ක් පමණ උපයාගැනීමට සමත් වුණා. පසුගිය වසරේ අවස්ථා දෙකකදී තිරගත කිරීමට සූදානම් වුවත් මේ වසරට කල් දමනු ලැබුවා. මේ චිත්‍රපටය 2024 මාර්තු 29 දින තිරගත කර පලමු දිනම ඉ.රු. කෝටි 23.7ක මුදලක් උපයා ගත්තා. මේ සංඛ්‍යාව තෙළිඟු සිනමාවේ මුල් පෙළ ඇතැම් නළුවන්ට පවා අසීරු ඉලක්කයක්. දින 9ක් තුලදී ඉතා සීඝ්‍රයෙන් ඉ.රු. කෝටි 100 සීමාව ඉක්මවූවා. තිරගත කර අවසානයේ මේ බ්ලොක්බස්ටර් චිත්‍රපටය ඉ.රු. කෝටි 135කට ආසන්න මුදලක් උපයා ගනු ලැබුවා.
රාම් මිරියාලා, අචු රාජමනි සහ බීම්ස් සිසිරෝලියෝ යන තිදෙනා මේ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙනවා. DJ Tillu චිත්‍රපටයේ රාම් මිරියාලා සංගීතවත් කළ “Tillu Anna DJ Pedite” ගීතය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව මේ වන විට යූටියුබ් නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 338 පසුකර තිබෙනවා.
Tillu Square (2024) Sinhala Subtitlesප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ ඉතා යහපත් ප්‍රතිචාර මීට ලැබී තිබුණා. මේ චිත්‍රපටයට මේ වෙද්දී Imdb හි රේටින් අගය 6.7/10ක් ලැබී තිබෙනවා. ඒ වගේම මේක තම තමන්ගේ පවුලේ අය එක්ක බලන්න හොඳ චිත්‍රපටයක් නම් නෙවෙයි. ලිප් උඳුන් දර්ශන කිහිපයක්ම මෙහි ඇතුලත් වෙනවා.
චිත්‍රපටය අවසානයේ Tillu Cube චිත්‍රපටය සඳහා ඉඟියක් ලබා දෙනවා. සිද්ධුගේ අදහස අනුව් නම් Tillu Cube එකෙන් මේ චිත්‍රපට මාලාව අහවර වෙන්නෙ නැහැ. Tillu Tesseract… වගේ චිත්‍රපට කීපයක්ම එන්න පුළුවන්. මීට අමතරව සිද්ධු රඟන Jack සහ Telusu Kada චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි.
මුලින්ම DJ Tillu චිත්‍රපටයේ රාධිකා චරිතය අනූපමා විසින් රඟපෑමට නියමිතව තිබුණත් එහි ඇතුලත් දර්ශන නිසාවෙන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කොහොමින් හරි අනූපමා Tillu Square වෙනුවෙන් කැමැත්ත පළ කර තිබෙනවා. අනූපමා රඟන සුරේෂ් ගෝපිගේ JSK Truth Shall Always Prevail, දෘව් වික්‍රම්ගේ Bison ද Pet Detective නම් මලයාලම් චිත්‍රපටයක් හා නමින් ඇය ප්‍රධාන චරිතය රඟන Pradha නම් තෙළිඟු චිත්‍රපටයක් හා Lockdown නම් දෙමළ චිත්‍රපටයක්ද පැමිණීමට නියමිතයි.
ඉංග්‍රීසි වලින් සහයෝගය දැක්වූ අපේ විමා අයියට ස්තුති කරනවා. මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න නියමිත වෙලා තිබුණේ මට වුණත් අවාසනාවන්ත සිදුවීමක් නිසා මාසයකට වඩා වැඩි කාලයක් උපසිරසි කරණයෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ නිසා දැන් “ඉතින් පරක්කුයි… Too late” කියලා හරි කොමෙන්ට්ටුවක් දාවි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ.
Tillu Square (2024) Sinhala Subtitlesකෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Tillu Square (2024) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
3,610 downloadsDownload Tillu-Square-2024-Sinhala-Subtitles.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tillu Square (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2024
- #Anish Kuruvilla
- #Anupama
- #Brahmaji
- #C.V.L. Narasimha Rao
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Kiriti Dharmaraju
- #Muralidhar Goud
- #Murli Sharma
- #Must Watch
- #Narra Srinivas
- #Neha Shetty
- #Praneeth Reddy Kallem
- #Prince Cecil
- #Priyanka Jawalkar
- #Raj Tirandasu
- #Sidhu Jonnalagadda
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Tillu
- #Tillu Square
- #Tillu Square (2024)
- #Tillu Square (2024) Sinhala Sub
- #Tillu Square (2024) Sinhala Subtitles
- #Udbhav Raghunandan
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Oshada Eranga
ඒක අවුලක් නෑ සහෝ.. තැන්ක්ස් ❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie



සබ් දෙනකං හිටපු ෆිලුමක් ..
බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට