Watch Trailer

Climax (2018) Sinhala Subtitles | උච්චතම අවස්ථාව [සිංහල උපසිරැසි]

Climax (2018) Sinhala Subtitles කොහොමද යාළුවනේ, ඔන්න මෙදා පාර මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ටිකක් වෙනස් විදියක සිනමා නිර්මානයක්.ඒ තමා 2018 වසරේ ප්‍රදර්ශනය වුන Gaspar Noe ගේ ” Climax ” කියන සිනමාපටය. Gaspar Noe කියන නම ඇහුන ගමන්ම ගොඩ දෙනෙක්ට මතක්වෙන්නෙ 2002 වසරේ ප්‍රදර්ශනය වුන ” Irreversible ” කියන සි…

Climax (2018) Sinhala SubtitlesClimax (2018) Sinhala Subtitles

කොහොමද යාළුවනේ, ඔන්න මෙදා පාර මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ටිකක් වෙනස් විදියක සිනමා නිර්මානයක්.ඒ තමා 2018 වසරේ ප්‍රදර්ශනය වුන Gaspar Noe ගේ ” Climax ” කියන සිනමාපටය. Gaspar Noe කියන නම ඇහුන ගමන්ම ගොඩ දෙනෙක්ට මතක්වෙන්නෙ 2002 වසරේ ප්‍රදර්ශනය වුන ” Irreversible ” කියන සිනමා නිර්මාණය.එය ඒ තරමටම සිනමා ඉතිහාසය තුල නමක් රදවන්න සමත්වුන ඉතාමත් සුවිශේෂි ගණයේ සිනමාපටයක්.ඉතිං ඔහුගේම අතින් නිර්මාණය වුන ” Climax ” කියන්නෙත් ඒ ආකාරයේම වෙනස්ම සිනමා අත්දැකීමක් ලබන්න පුළුවන් හරි අපූරු සිනමා පටයක්.

Climax (2018) Sinhala Subtitles

Irreversible බලලා තියෙනවනම් ඔයාලා දන්න⁣වනේ Gaspar Noe ගේ සිනමාපටවල තියෙන්නෙ ඉතාමත් වෙනස් විදියේ සිනමා කැමරාකරණයක්.ඉතිං ඔයාලට මේ සිනමාපට තුලදිත් ඒ අත්දැකීම ඒ විදියටම ලබන්න පුළුවන්කම තියෙනවා.හොදයි මේ සිනමාපටය අයිති වෙන්නෙ හොරර් මියුසිකල් කියන ජේනර් එකට.ඒක ටිකක් ගොඩක් අයට නුහුරුයි වගේත් ඇති.නමුත් ඒ අත්දැකීම හොදින්ම විද ගන්න කියාපු සිනමාපටයක් තමා මේක.Imdb දර්ශකයේ ලකුණු 6.9 /10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 69% ලබා ගන්න සමත්වෙලා තියෙන මේ සිනමාපටය මුල් වරට නිකුත් වුනේ ප්‍රංශයේදි.

Climax (2018) Sinhala Subtitles

පැයයි විනාඩි තිස් හතක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙනම් එක්තරා අතහැරදාපු පාසලක පුහුණුවීම් වල යෙදෙනා නර්ථන ශිල්පීන් පිරිසක් වටා.අපි කව්රුත් හොදින් දන්නා හදුනන Sofia Boutella සමගින් Souheila yacoub, Romain Guillermic හා Alaia Alsafir වැනි පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.ඒවගේමයි මේ සිනමාපටයේ රංගනයෙන් දායක වන ගොඩ දෙනෙක් වෘතිය නර්ථන ශිල්පීන් වීමත් විශේෂයක්.නමුත් Gaspar Noe නම් ඒ හැම කෙනාගේම උපරිමය සිනමාපටය වෙනුවෙන් ඉතාමත් සාර්ථකව යොදාගෙන තියෙනවා කියලත් කියන්න ඕනා. ඒවගේමයි මේ කතාව ගලාගෙන යන්නෙ Long Take ගොඩක එකතුවකින්.ඒ නිසාම කතාව ඇතුලෙ තියෙන ත්‍රාසජනක බව අපිට නොඅඩුවම රසවිදින්න පුළුවන්කම ලැබෙනවා.නර්ථනය සංගීතය වගේම ඊට නොදෙවෙනි කැමරාකරණය හා සංස්කරණය සමගින් බලන ඔයාලව වෙනම ලෝකෙකට අරන් යන්න ” Climax ” සිනමාපටය සමත් කියුවොත් මම නිවැරදියි.

Climax (2018) Sinhala Subtitles

හරි ඒ වගේම මම පොඩි වෙනසකටත් එක්ක මෙදා පාර මේ සිනමාපටය ගැන හැදින්වීමක් ඔයාලට කරන්නෙ නෑ.මම ඒ වෙනුවට ආරාධනා කරනවා පාළු ඉස්කෝලෙක තනිවුන මේ නර්ථන ශිල්පීන් කණ්ඩායමට වෙන ඛේදජනක ඉරණම මේ සිනමාපටය නරබලම රසවිදින්න කියලා.ඒවගේමයි තවත් දෙයක් තියෙනවා කියන්න.මේකෙ සමහර දෙබස් වැඩිහිටියන් වෙනුවෙන්ම වෙන් වුන දෙබස්.ඉතිං ඒ වගේ තැන් මම උපරිම සංවරව සිංහලට පරිවර්තනය කරන්න වෑයම් කලා.

තවත් පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න.පුළුවන්නම් සිනමාපටය මගේ සබ් එක එක්ක බලලා ඉවරවෙලා ඒකෙ ගුණ දොස් ගැන පොඩි කමෙන්ටුවක් පල්ලෙහාහින් දාන්න. ඒක ලොකු ශක්තියක් වෙයි ඔයාලා වෙනුවෙන් තව තවත් මේ වගේ අපූරු නිර්මාණ වලට උපසිරැසි අරගෙන එන්න මට.

එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජය……

Climax (2018) Sinhala Subtitles

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය 720p BRRip පිටපත් සඳහා ලබා දී ඇත

1,363 downloadsDownload Climax-2018-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Climax (2018) Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

1,363 downloadsDownload Subtitles30 KB

8 comments

  1. Kavindu Nethmina

    Sub Ekat thanks bro

  2. indika 75

    thanks..

  3. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  4. Kavindu Nimsara

    Sub ekata thanks Machan

  5. Asela Madusanka

    thanks bro

  6. Priyankara

    Thanks again

  7. Priyankara

    Thanks brother

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ