Watch Trailer

Timber Falls (2007) Sinhala Subtitles | වනයක් මැද ආගමික උන්මත්තකයින්ට කොටු වූ යුවළ [සිංහල උපසිරසි]

Timber Falls (2007) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 2007 වසරේ නිකුත් වුණ Horror | Thriller වර්ගයට අයත් චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 5.2/10 Rotten Tomatoes: 43% සිනමාපටයේ තොරතුරු, අධ්‍යක්ෂණය : Tony Giglio ධාවන කාලය : පැය 1 මිනිත්තු 36 ප්‍රධාන නළු නිළියන් : Josh Randall…

Timber Falls (2007) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 2007 වසරේ නිකුත් වුණ Horror | Thriller වර්ගයට අයත් චිත්‍රපටයක්. 

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 5.2/10
  • Rotten Tomatoes: 43%

සිනමාපටයේ තොරතුරු,

  • අධ්‍යක්ෂණය : Tony Giglio
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 36
  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Josh Randall (Mike Warren)
  2. Brianna Brown (Sheryl James)
  3. Nick Searcy (Clyde Forester)
  4. Beth Broderick (Ida Forester)

​කතාව ගැන පොඩ්ඩක්:

නිදහසේ කාලය ගත කරන්න හිතාගෙන මයිකුයි එයාගේ පෙම්වතිය ෂෙරිලුයි බටහිර වර්ජීනියාවේ කඳුකර වනාන්තරයකට යන්නේ ලස්සන අත්දැකීමක් විඳගන්න බලාපොරොත්තුවෙන්.

ගමන පටන් ගන්න කලින්ම අඩවි වන නිලධාරියා, කැලේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ගේ ගමන යන්න කියන උපදේසත් දිලා, ගමන යන්න සුදුසුම පාරවල් ගැනත් මේ දෙන්නව දැනුවත් කරනවා. එයා කියන විදිහට මේ අයට යන්න පුලුවන් පාරවල් දෙකක් තියෙනවා. ඒකට හේතුව, මොකක් හරි කරදරයක් උනොත් නිලධාරීන්ට ඉක්මනට මෙයාලව හොයාගන්න පුළුවන් වෙන නිසයි.

වානාන්තරයට ඇතුලු වෙන තැනට ඇවිත් ගමන ආරම්භ කරන්න ඕන මොන පාරෙන් ද කියලා දෙන්නා වාද කරන වෙලාවේ, එතනට මැදිවියේ පසු වෙන ගැහැණු කෙනෙක් එනවා. මෙයාගේ නම අයිඩා. මෙයා ගොඩක් ආගමික පැත්තට බර කෙනෙක්. ඒ වගේම හරිම සුහදශීලී ගෑණු කෙනෙක්. දෙගොල්ලෝ අතරේ කතාබහ යද්දි අයිඩා කියනවා නිලධාරීයා කියපු පාරවල් දෙකට වඩා වනාන්තරයේ ලස්සන බලන්නත් ජෝඩුවට නිදහසේ කාලය ගත කරන්නත් හොඳම පාර Timber Falls කියලා. 

ඔන්න ඉතිං ජෝඩුව අයිඩා කියපු දේවල් විස්වාස කරලා ටිම්බර් ෆෝල්ස් වලින් ගමන පටන් ගන්නවා. අයිඩා කිව්වා වගේම ඒ පාර ඇත්තටම හරිම ලස්සනයි. ඉතිං ඒ ලස්සනත් එක්ක දෙන්නට ඕන වෙනවා මේ ගමන තවත් ලස්සන කරන්න පොඩි සැපක් ගන්න. වැඩේ කරගෙන යන අතරේ මොකක්දෝ අවාසනාවකට ගමේ කොල්ලෝ ටිකක් මෙතනට කඩා පාත් වෙනවා. හරි, ඔතනින් එහාට වෙන දේවල් චිත්‍රපටය බලලම දැනගන්න. 

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • නිරුවත් සහ ලිංගික දර්ශන
  • දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම් 
  • අසභ්‍ය වචන

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

Timber Falls (2007) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

408 downloadsDownload Timber-Falls-2007.zip38 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Timber Falls Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

408 downloadsDownload Subtitles38 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි නිශාන් සහෝ උපසිරැසියට