Undertone (2025) Sinhala Subtitles Undertone කියන්නේ මෑතකදී ආපු ගොඩක් වෙනස්ම විදිහේ අත්දැකීමක් දෙන Horror ෆිල්ම් එකක්. මේකේ කතාව ගැන කිව්වොත්, මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ ඊවී කියන තරුණිය. එයා තමන්ගේ ගොඩක් අසනීපෙන් ඉන්න අම්මාව බලාගන්න ගමන්, එයාගේ යාළුවෙක් වෙන ජස්ටින්’ එක්ක අද්භූත දේවල් ගැන කතා කරන පොඩ…

Undertone (2025) Sinhala Subtitles
Undertone කියන්නේ මෑතකදී ආපු ගොඩක් වෙනස්ම විදිහේ අත්දැකීමක් දෙන Horror ෆිල්ම් එකක්.
මේකේ කතාව ගැන කිව්වොත්, මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ ඊවී කියන
තරුණිය. එයා තමන්ගේ ගොඩක් අසනීපෙන් ඉන්න අම්මාව බලාගන්න ගමන්, එයාගේ යාළුවෙක් වෙන ජස්ටින්’ එක්ක අද්භූත දේවල් ගැන කතා කරන පොඩ්කාස්ට් එකක් කරනවා. දවසක් මෙයාලට ඊමේල් එකකින් අමුතු ඕඩියෝ රෙකෝඩින්ස් වගයක් ලැබෙනවා.
මේ රෙකෝඩින් අහගෙන යද්දි මේ දෙන්නට තේරෙනවා මේවා නිකන්ම නිකන් සද්ද නෙවෙයි, මේවා පිටිපස්සේ භයානක අද්භූත කතාවක් හැංගිලා තියෙනවා කියලා. මේ රෙකෝඩින්ස් අහනකොට මෙයාලට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියන එක තමයි ෆිල්ම් එකෙන්බ ලාගන්න පුළුවන් වෙන්නේ.
හැබැයි මේක බලන්න කලින් කියන්න ඕනේ විශේෂම දෙයක් තියෙනවා. මේක අර අපි සාමාන්‍යයෙන් බලන ටයිප් එකේ Horror ෆිල්ම් එකක් නෙවෙයි. ඒ කියන්නේ එකපාරටම හොල්මන් පැනලා බය කරන Jump scares, එහෙමත් නැත්නම් ලේ ගොඩවල් මේකෙ දකින්න නෑ. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රඳා පවතින්නේ Sound effects මතයි.
ඒ වගේම මුළු ෆිල්ම් එක පුරාම වගේ තිරයේ අපිට දකින්න ලැබෙන්නේ චරිත දෙකයි. (ඊවී සහ එයාගේ අම්මා විතරයි). අනිත් හැම චරිතයක්ම අපිට ඇහෙන්නේ කටහඬවල් විදිහට විතරයි.
අන්න ඒ නිසාම, සාමාන්‍ය Horror ෆිල්ම්ස් බලන්න ආස අයට, එහෙමත් නැත්නම් ටිකක් වේගෙන් යන ස්ටෝරි හොයන අයට මේක එච්චරටම සෙට් වෙන එකක් නෑ. මේක හැමෝටම ගැලපෙන, හැමෝටම දිරවන ෆිල්ම් එකකුත් නෙවෙයි. හැබැයි ඔයා පට්ටම Sound design එකක් තියෙන, මානසිකව බය කරන Psychological horror දේවල්වලට ආසයි නම්, ඒ වගේම වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න කැමති නම්, අනිවාර්යයෙන්ම හොඳ හෙඩ්සෙට් එකකුත් දාගෙන රෑ තනියම මේ ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා.
Undertone (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
572 downloadsDownload Undertone-2025.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Undertone Sinhala Subtitles
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
2 comments
Buddhika laKMal
Jeewana Lakshan
ස්තූතියි සහෝදරයා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Undertone (2025) Sinhala Subtitles | ගුප්ත නාදය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/The-Undertone-2025.jpg)
ස්තූතියි මිලින්ද සහෝ මේකට සබ් දුන්නට