තිතාෂ් එක්ඨි නොදීර් නාම් යනු 1973 වර්ෂයේ නිර්මාණය වූ බංගලිදේශ වංග චිත්‍රපටයකි. ප්‍රකට වංග නවකතාකරුවකු වන අදෛබ්තමල්ල බර්මන් විසින් 1956 වර්ෂයේ දී එම නමින්ම යුතුව ලියා පළකරන ලද නවකතාව ඇසුරින් ඍත්වික් කුමාර් ඝටක් නම් සිනමාවේදියා විසින් නිර්මාණය කරන්නට යෙදුනු මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර විශිෂ…

Titash Ekti Nadir Naam (1973)

තිතාෂ් එක්ඨි නොදීර් නාම් යනු 1973 වර්ෂයේ නිර්මාණය වූ බංගලිදේශ වංග චිත්‍රපටයකි. ප්‍රකට වංග නවකතාකරුවකු වන අදෛබ්තමල්ල බර්මන් විසින් 1956 වර්ෂයේ දී එම නමින්ම යුතුව ලියා පළකරන ලද නවකතාව ඇසුරින් ඍත්වික් කුමාර් ඝටක් නම් සිනමාවේදියා විසින් නිර්මාණය කරන්නට යෙදුනු මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර විශිෂ්ටතම නිර්මාණයයි. බංගලිදේශයේ තිතාෂ් නදිය අසබඩ ධීවර ගමක කතාන්ථරයක් ලෙස දිගහැරෙන මෙම චිත්‍රපටය තුලින් සිනමාකරුවා ග්‍රාමීය ජන සමාජයක පවතින සංකීර්ණතා මැනැවින් ග්‍රහණය කරගැනීමට සමත් වී ඇතිවාක් සේම එම සමාජයේ වෙසෙන ජනයාගේ සිතුම් පැතුම්, දුර්වලතා සහ දුක්ඛ දෝමනස්සයන් කෙරෙහි මානව දයාවෙන් යුතු කාරුණික බැල්මක් හෙලීමට ද උත්සුක වෙයි. “මේඝේ ධකා තාරා” චිත්‍රපටයේ මෙන්ම මෙම චිත්‍රපටයේද විශේෂම ලක්ෂණය වන්නේ සිනමාකරුවා විසින් මෙලෙස මුළු මහත් මානව සංහතිය දෙස බලන කාරුණික දෘෂ්ටියයි.

හින්දි සහ දෙමළ සිනමා නිර්මාණ ශ්‍රී ලාංකික සිනමා රසිකයන් අතර බොහෝ සේ ජනප්‍රිය වුවත් වංග සිනමාව වෙත ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ මද වශයෙනි. එබැවින් වංග සිනමාවේ විශිෂ්ට චිත්‍රපට උපසිරැසි යොදා ඔබ වෙත ගෙන එන්නට මම අදහස් කළෙමි. එම ව්‍යාපෘතියෙහි පළමු පියවර ලෙස මම ඔබට ගෙන ආවේ ඍත්වික් ඝටක් සිනමාවේදියාගේම සිනමා නිර්මාණයක් වූ “මේඝේ ධකා තාරා” නම් චිත්‍රපටයයි. වංග සිනමා නිර්මාණයක් බව ලිපියෙහි සඳහන් කිරීම අතපසු වූයෙන් බොහෝ දෙනා එය හින්දි චිත්‍රපටයක් ලෙස වරදවා වටහාගෙන ඇති බව ලැබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නට ඇත. “මේඝේ ධකා තාරා” මෙන්ම අද මම ඔබ වෙත ඉදිරිපත් කරන “තිතාෂ් එක්ඨී නොදීර් නාම්” චිත්‍රපටයද හින්දි සිනමා නිර්මාණ නොවේ. ඒවා වංග සිනමා නිර්මාණයෝ වෙති.

කෙසේ වුවත් සත්‍යජිත් රායි හැර අන් කිසිදු වංග සිනමා නිර්මාණකරුවකු ශ්‍රී ලාංකික සිනමා රසිකයන් අතර ප්‍රචලිත නැත. නිර්මාණය කෙරුණු යුගයේ අනෙකුත් සිනමාකරුවන්ගේ නිර්මාණ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම නිසා සංරක්ෂණය කිරීමට උත්සුක නොවීම මෙයට හේතුවක් විය හැකි ය. උසස් වංග සිනමා නිර්මාණ සිංහල උපසිරැසි යොදා ඔබවෙත ගෙන ඒමට මා දරන උත්සාහයේදී මට ඇතිව තිබෙන බරපතලම අභියෝගය වන්නේද එම චිත්‍රපටවල පැහැදිලි පිටපත් සපයා ගැනීමට නොහැකි වීමයි. මේඝේ ධකා තාරා සහ තිතාෂ් චිත්‍රපට සම්බන්ධයෙන් මේ අපහසුව ඇති නොවූ නමුත් “නාගරික්, “ජුකි තක්කා ආර් ගල්පෝ”, “සුබර්ණරේඛා”, “ආකාශ් කුසුම්” වැනි සිනමා නිර්මාණවල හොද තත්ත්වයේ පිටපත් මම තවමත් සොයමින් සිටිමි. කෝමල් ගාන්ධාර් චිත්‍රපටයේ පවා මට සොයා ගැනීමට හැකි වූයේ ගොණු දෙකකින් සමන්විත පිටපතක් පමණි.

මෙම උපසිරැසිය නිර්මාණය කිරීමේදී මම පළමුවෙන්ම යොදාගත්තේ Bangla Movie Titash Ekti Nodir Naam 1973 Full length BRRip යන නමින් යූ ටියුබ්හි ලබා දී ඇති පිටපතයි. තිතාෂ් එක්ඨී නොදීර් නාම් චිත්‍රපටයේ දැනට සොයාගත හැකි අතිශයින්ම පැහැදිලි පිටපත මෙය වන බැවින් චිත්‍රපටය රසවිඳිම සඳහා මේ පිටපත යොදාගැනීම වඩාත් සුදුසු බව නිර්දේශ කරමි. යූ ටියුබ් පිටපත සඳහාත් ටොරන්ට් පිටපත් සඳහාත් වෙන වෙනම උපසිරැසි නිර්මාණය කොට මේ සමග ලබා දෙන්නෙමි.

මෙවන් විශිෂ්ට සිනමා නිර්මාණයක් අප වෙත තිලිණ කිරීම සම්බන්ධයෙන් ඍත්වික් ඝටක් සිනමාවේදියාට මගේ පළමු ස්තූතිය පුද කරමි. එසේම මගේ පස් වැනි නිර්මාණය වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටද විශේෂ ස්තූතිය පුද කරන අතරම දකුණු ආසියවේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එක් වන මෙන් සහෘද ඔබ සැමට ආරාධනා කරමි.

A River Called Titas (1973) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Titas_Ekti_Nadir_Naam_cut (1.64 GB)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

323 downloadsDownload Bangla-Movie-Titash-Ekti-Nodir-Naam-1973.New_.Baiscopelk.com_.rar94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වජිර රත්නායක

Subtitles

323 downloadsDownload Subtitles94 KB

20 comments

  1. praneeth madu

    tnx sahoo idiriyatama yamu

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  3. Tharaka

    සහෝ ඔයා කාලයක් තිස්සේ සුබර්ණරේඛා චිත්‍රපටයේ හොඳ පිටපතක් සොයන බවත්, එහි හොඳ පිටපතක ලින්ක් එකක් සොයාදෙන්න පුළුවන්නම් හැකි ඉක්මනින් මගේ ඉල්ලීම ඉටු කිරීමට හැකි බවත් පැවසුවා නේද? මෙන්න මේ ක්‍රමයට ඔයාට එම චිත්‍රපටයේ හොඳ පිටපතක් හා එහි srt ෆයිල් එක ලබාගන්න පුළුවන්.
    සහෝ ඔයා මුලින්ම YouTube එකේ Subarnarekha [1965] [ Ritwik Ghatak] නමින් search කරන්න. එවිට search results වල උඩින්ම ලැබෙන වීඩියෝ එකේ ලිංකුව click කර එය open කර ගන්න. ඉන්පසු web browser එකේ තියන address bar එකේ තියන YouTube URL එක copy කර downsub.com වෙබ් අඩවියට ගොස් paste කර Download කියන තැන click කරන්න. ඒට පසු එන web page එකේදී >>Download<< English ක්ලික් කර ඔයාට srt උපසිරැසි පිටපත download කරගන්න පුළුවන්. අදාල වීඩියෝ පිටපත download කර ගැනීමට Subarnarekha [1965] [ Ritwik Ghatak] වීඩියෝ එක open කර web browser එකේ තියන address bar එකේ YouTube URL එක copy කර clipconverter.cc වෙබ් අඩවියට ගොස් Video URL to Download කියන තැනට paste කර Continue කියන තැන click කරන්න. ඉන්පසු Start යන්න click කරන්න. එවිට අදාල clip එක conversion වී අවසානයේදී ඔබට 640.73 MB(480p)YouTube වීඩියෝ පිටපතක් download කරගන්න පුළුවන්. ඔයාට මේ ක්‍රමයට YouTube එකේ උපසිරැසි තියන ඔනෑම වීඩියෝවක් උපසිරැසි සමඟින් වෙන වෙනම download කරගන්න පුළුවන්. torrent හොය හොයා වද වෙන්න ඕන නෑ.

    1. Vajira Rathnayake

      Thank You So much. I will add Sinhala Subtitles for this as soon as I can

  4. ප්‍රේමකුමාර

    වියත් සහෘදයාණෙනි, මෙම සම්භාවණීය සලරුව හුදීජන පහන් සංවේගය සඳහා හෙළ බසට නඟා ඉදිරිපත් කිරීම ගැන අපගේ ස්තූතිය පුදකරමු. මිණිමුතු යට යන ගොමරිති මතුවන මෙවන් කලෙක ඔබවැනි ධීමතුන්ගේ, සත් සාහිත්‍ය සේවනය කරන්නන්ගේ හිඟයක් සකලවිධ කලා‍ ක්ෂේත්‍රයන්හි ම දිසේ. ඒ හිදැස පුරවන්නට ගන්නා තැත අගය කරන්නෝ නැතැයි මෙහි ලියවෙන 'කමෙන්ටු' වල ප්‍රමාණයන්ගෙන් නො මිණිය මනාය. 'ධම්මපද' නමි බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයේ පැවැසෙන්නාක් මෙන් අරුත්සුන් වචන දහසකට වඩා අරුත්සරු එක වචනය උතුම්ය. මන්ද එම එක වචනය ශ්‍රවනය කිරීමෙන් පුද්ගලයෙකු තුළ නිවීමක් ඇති වෙන හෙයිනි. (සහස්සම්'පිචෙ වාචා අනත්ථ පද සංහිතා - එකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති)

  5. Withanage Priyantha Dayakeerthi

    වජිර රත්නායක සොයුර,
    ඔබ ගන්නා මෙම වෙහෙස අප අනිවාර්යයෙන් අගය කළ යුතුයි. මෙවන් බුද්ධියකින් යුතු අය මෙම වෙබ් එකට එකතුවීම මෙතෙක් කල් නිහඬව සිටි අප වැනි සිනමා රසිකයන්ට ගොඩක් වටිනා දෙයක්. ඔබගේ වෙහෙසින් නිමවූ සිංහල උපසිරසි සමඟ මා අනිවාර්යයෙන් නරඹන සිනමාපටයක් මෙය. ස්තුතියි!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. බොබී

    ස්තූතියි සහෝදරයා. මේ වගේ චිත්‍රපටයනුත් මිනිස්සු බලන්න ඕනි කියලා හිතන ඔයාලා වගේ උපසිරැසි නිර්මාණකරුවෝ ඉතාම විරලයි. බයිස්කෝප් අඩවියේ මේ වගේ චිත්‍රපටවලට උපසිරැසි නොතිබුනොත් ඒක අඩුවක්. ඔබ අපට ගෙනාව උපසිරැසිය ස්තූති පූර්වක ව බාර ගන්නවා. තවත් මෙවන් නිර්මාණ ගෙන ඒමට හැකිවේවා යි සුභ පතනවා.

  8. Tharaka

    අනේ සහෝ ඔයා ලබා දුන් සිංහල උපසිරැසි යූ ටියුබ්හි ලබා දී තිබෙන Bangla Movie Titash Ekti Nodir Naam 1973 Full length BRRip පිටපත හා ගැලපෙන්නෙ නෑනේ. පොඩ්ඩක් සොයා බලන්න.

    1. Tharaka

      download කිරීමට ඇති rar file එක තුල තිබෙන srt ෆයිල් 2ම Titash Ekti Nadir Naam (1973) Sinhala Sub for Torrent Copy යන ටොරන්ට් පිටපත සඳහා පමණයි. යූ ටියුබ් පිටපත සඳහා වන සිංහල උපසිරැසි ෆයිල් එක නෑ සහෝ.....

    2. වජිර රත්නායක

      මගේ අතින් අඩපාඩුවක් වෙලා. යූ ටියුබ් පිටපතට හදපු සබ් එක යවලා නෑ. මම දැන් ඒක ආපහු යාවත්කාලීන කරන්නට ඉල්ලලා යැවුවා. ඔයාගේ ඊ මේල් දෙනවනම් සබ් එක එවන්නම්

    3. Tharaka

      සබ් එක ලැබුණා. බොහෝම ස්තූතියි සහෝ. දැන් මේක හෙට රෑට ගෙදර ඔක්කොමත් එක්ක බලන්න පුළුවන්.

  9. Seo spider

    Thank you machan

  10. ප්‍රේමකුමාර

    මෙහි ගැළැපෙන ටොරන්ට් පිටපත සොයාගත හැකි ඉඟියක් සැපැයිය හැකිද? එය සොයා ගැනීමට සර්ච් කළ හැකි සයිට් එකක් වත්. මට හමු වූ ටොරන්ට් පිටපත් මීට වඩා විශාල - එනම් ජී.බී. තුනකටත් වැඩි ඒවායි. උපකාර වුව මැනවි.

    1. වජිර රත්නායක

      Bangla Movie Titash Ekti Nodir Naam 1973 Full length BRRip යන නමින් යූ ට්යුබ්වල තිබෙන පිටපත බාගත කරගන්න. මම උපසිරැසි නිර්මාණය කළේ ඒකටග

    2. වජිර රත්නායක

      මගේ අතින් අඩපාඩුවක් වෙලා. මේ මම උඩින් කියලා තියෙන යූ ටියුබ් පිටපතට හදපු සබ් එක වෙබ් අඩවියට යවලා නෑ. මම දැන් ඒක ආපහු යාවත්කාලීන කරන්නට ඉල්ලලා යැවුවා. ඔයාගේ ඊ මේල් දෙනවනම් සබ් එක එවන්නම්

    3. ප්‍රේමකුමාර

      බොහො ම ස්තූති. මෙන්න ඊමේල් එක. [email protected]

    4. ප්‍රේමකුමාර

      premakumara1978ඇට්ජීමේල්.කොම්

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P