Watch Trailer

Tito and the Birds (2018) AKA Tito e os Pássaros Sinhala Subtitles | භීතියෙන් වෙලාගත් ටිටෝගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් දැන් අපි බලමු කතාවේ වෙන්නේ මොනවාද කියලා…

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් දැන් අපි බලමු කතාවේ වෙන්නේ මොනවාද කියලා.

කුරුල්ලෝ… හැමෝම කුරුල්ලන්ව දැකලා තියෙනවා. උන්ගෙ හැසිරීම දැකලා ඇති. උන්ගෙ නාදය අහලා ඇති. නමුත් ඔබ නිකමටවත් හිතුවද ඒ නාදය ඇතුලේ අපි නොසිතු දෙයක් ගැබ්ව ඇති වග? ලෝකයේ යහපතට අවශ්‍ය පණිවිඩ සපයන්නන් බව. නෑ නේද? ඉතින් මේ ටිටෝගේ කතාවෙන් කියවෙන්නෙ පක්ෂීන් නිසා ලෝකය යහපත් තැනක් වෙන හැටි. මානව වර්ගයා වැටි ඇති ව්‍යසනකාරී තත්වයෙන් ලෝකය මුදාගන්නට කුරුල්ලන් සහය ලබා දෙන ආකාරය.

ඉතින් කතාව මෙහෙමයි, ටිටෝ කියන්නෙ කුඩා පිරිමි ළමයෙක්. ටිටෝගේ තාත්තා පක්ෂීන් එහෙමත් නැත්නම් කුරුල්ලන් පිළිබදව පර්යේෂණ සිදු කරන්නා වූ විද්‍යාඥවරයෙක්. ටිටෝගේ තාත්තා පර්යේෂණයක් කරගෙන කුරුල්ලෝ සමග කතාබහ කරන්න යන්ත්‍රයක් නිපදවන්න. දවසක් එක් අනතුරක් නිසා පුංචි ටිටෝට තුවාල වෙනවා. ඉතින් ඒ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ටිටෝගේ තාත්තට සිද්ධ වෙනවා ගේ අතෑරලා දුරකට යන්න. ඉතින් එහෙම යන්න යද්දි පුංචි ටිටෝ පොරොන්දුවක් වෙනවා තාත්තා කුරුල්ලන් ගැන කියූ දේවල් සත්‍ය බව ලෝකයට ඔප්පු කර පෙන්වන්න.

ඉතින් මේ අතරේ ලෝකය පුරාම වසංගතයක් පැතිරිලා යනවා. මේ වසංගතය කෙතරම් ලොකු ව්‍යසනයක් බවට පත්වෙනවද කියනවනම් කිසිදු විද්‍යාඥයෙකුට නොහැකි වෙනවා ඊට ප්‍රති කර්මයක් සොයාගන්න. ඒ තියා මේ වසංගතය ඇති වෙන්න හේතු වූ කාරනාව කුමක්ද යන වගාවත් කිසිවෙක්ට හිතාගන්නවත් බැරි වෙනවා. ඉතින් මේ වසංගතය නිසා මුළු ලෝකෙම භීතියෙන් වෙළිලා ගිහිල්ලා තියෙන මොහොතක්. එකිනෙකා තම ජීවිතය ගැන බියෙන් පසු වෙන අවධියක්. ඉතින් මෙන්න මේ වගේ කාලෙක පුංචි ටිටෝ ලෝකය බේරගන්න ඉදිරිපත් වෙනවා. ඒ තමන්ගෙ පියාගේ කුරුල්ලන් සහ කතා කිරීමේ යන්ත්‍රයේ උදව්වෙන්.

ඉතින් ලෝකය බේරාගැනීමේ මෙහෙයුමට ටිටෝට උදව් වෙන්න යාළුවො කට්ටියක් ඉන්නවා. ඒ අය තමයි සාරා, බුලූ, ටියෝ සහ ට්‍රික්ස් සහෝදරයෝ. ඉතින් මේ පුංචි වීරවරුන්ගේ කණ්ඩායම තමයි ලෝකයේ බිය නැති කරලා ආයෙමත් ලෝකය යථා තත්වයට ගේන මෙහෙයුමට එක් වෙන්නෙ. ඒ වගේම තමයි මේ කතාව නැරඹීමෙන් පසුව ඔබ කුරුල්ලන් ගැන දක්වන මතය සහමුළින්ම වෙනස් වේවි. එහෙනම් ටිටෝගේ භීතියෙන් වෙලාගත් ලෝකයේ සංචාරයක් සදහා ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා. තවත් මෙවැනිම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් සමගින් ළගදීම හම්බවෙමු. එතෙක් හැමෝටම ස්තුතියි! අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි AMZN WEB පිටපත සඳහා අදාළ වේ.

1,389 downloadsDownload Tito.and_.The_.Birds_.2018.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-10-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිරු මදුශංක කන්නන්ගර

Subtitles

1,389 downloadsDownload Subtitles31 KB

11 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ranga11112

    thank sahodaraya... bs

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  4. Pubudu@0909

    Thanks broo...

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Emi

    Thanks

  7. D.Chamara

    bohoma sthuthi

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ගොඩක් ස්තූතියි සහෝ✌
    තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.♡ ජයවේවා!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  10. rockz2020

    පුළුවන්නම් මේකටත් සබ් දෙන්න සහෝ.
    ජය වේවා!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Checkered Ninja (2018)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P