ආයුබෝවන්! මේ මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණයයි. Baiscopelk ටීම් එකට මං මගේ ස්තුතිය පුද කරනවා මට උපසිරැසියක් ගැන්වීමට අවස්තාවක් ලබා දීම පිළිබඳව. සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපට බලලම තමයි මටත් මේ විදිහට උපසිරැසියක් නිර්මාණය කරන්න ආසාවක් ආවේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණ කටයුතු කර ඇත්තේ Tom McLoughlin විසින…

ආයුබෝවන්! මේ මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණයයි. Baiscopelk ටීම් එකට මං මගේ ස්තුතිය පුද කරනවා මට උපසිරැසියක් ගැන්වීමට අවස්තාවක් ලබා දීම පිළිබඳව. සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපට බලලම තමයි මටත් මේ විදිහට උපසිරැසියක් නිර්මාණය කරන්න ආසාවක් ආවේ.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණ කටයුතු කර ඇත්තේ Tom McLoughlin විසින්. මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා imdb අගය 6ක් වගේම 52%ක කුණු තක්කාලි අගයක් ලබා ගන්න. පැයයි විනාඩි 28ක පමණ කාලයක් ධාවන කාලයක් ඇති මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Slasher | Horror කාණ්ඩ වලටයි. මේ චිත්‍රපටිය සඳහා ඩොලර් මිලියන 3ක පමණ වියදමක් දරා ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඩොලර් මිලියන 19.4ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Thom Mathews | Jennifer Cooke | David Kagen | C.J Graham | Dan Bradly දායක වී තියෙනවා.

අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. මේකත් අනිත් Friday the 13th චිත්‍රපට වගේම වැඩිහිටියන්ට පමණක් වඩාත්ම සුදුසු චිත්‍රපටියක්. ඔයාලට මතකයිනේ Tommy Jarvis ව අර ජේසන්ගේ මූණට මන්න පිහියකින් ගහලා මරන පොඩි කොල්ලා. අර Friday the 13th: The Final Chapter (1984) ඉඳියේ. පස්සේ, මිනිහනේ ඊට පස්සේ ආපු ෆිල්ම් එක Friday the 13th: A New Beginning (1985) එකේදි ජේසන්ගේ හොකී වෙස්මූන දාගෙන මිනිමැරුමකට උත්සහ ගන්නේ. A New Beginning එකෙන් පස්සෙ නිෂ්පාදකයන්ට ඕනේ වෙලා තිබුනේ ජේසන් මැරුණට පස්සේ ටොමී ජාර්විස්ව ඊලඟ ජේසන් වූහීස් කරන්න. ඒ කිව්වේ ප්‍රධාන antagonist. ඊට පස්සේ චිත්‍රපටි තුනක් (Triology) ගේන්නයි ඕන වුනේ. ඒත් මේ චිත්‍රපටියට හිමි උනු දුර්වල ප්‍රේක්ෂක ප්‍රතිචාරයි, අඩු බොක්ස් ඔෆිස් ආදායම් නිසායි ඔවුන් තීරණය කරනවා නැවතත් ජේසන් වූහීස්ව චිත්‍රපටි මාලාවට ගේන්න.

ඉතිං ටොමී ජාර්විස්ව මිනිස් ඝාතයක් කරන්න කලින් Mental Hospital එකක ප්‍රතිකාර වලට යොමු කරලා තියෙනවා . ඒත් මෙයාගේ ඔලුවේ තවමත් ජේසන්ගේ මතකයන් හොල්මන් කරනවා. පස්සෙ මෙයා දැනගන්නවා ජේසන්ගේ මෘතදේහය ආදහනය කරලා නෑ, ඒක භූමදානය කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා ඉන්න Hospital එකෙන් එයාගේ යාලුවා හාවෙස් එක්ක පැනල ඇවිල්ල ජේසන්ගේ මෘතදේහය ගිනිතියලා විනාශ කරන්න හදනවා. ඒත් එක පාරටම වුන අත්භූත් සිදුවීමකින්ම ජේසන් මරණින් නැගිටිනවා. නිකන්ම නෙවෙයි, මුලින් හිටියටත් වඩා ලොකු ශක්තියක් එක්ක. ජේසන්ට කොයිතරම් හයියක් තියෙන්වද කියනවනම් එයාට පුලුවන් එයාගේ අත් දෙකෙන් වලින් මිනිහෙක්ව දෙකට කඩන්න උනත්. ටොමී ජාර්විස් මේ ගැන ප්‍රාන්ත පොලිස් නිළධාරි ගැරිස්ව දැනුවත් කරනවා. ඒත් තවමත් ටොමීගේ පෙර ක්‍රියාකරකම් නිසාත්, මානසික රෝහලේ ප්‍රතිකාර ලබන කෙනෙකුත් නිසාත් මේ කියන කිසිවක් විශ්වාස කරන්නේ නෑ. ටොමීව විශ්වාස කරන්න කිසිකෙනෙක් නෑ. ඒත් ටොමී විතරයි ජේසන්ව නවත්වන්න දන්න එකම කෙනා. මෙතනින් එහාට මං කියන්න යන්නේ නෑ. චිත්‍රපටිය නරඹලාම ඒ ගැන දැන ගැනීමට ආරාධනා කරමින් මං නිහඬ වෙන්නම්. ස්තුතියි.

(මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා වෙලා තිබුනු අඩුපාඩු වලට මං සමාව ඉල්ලනවා)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

2,061 downloadsDownload Jason.Lives_.Friday.the_.13th.Part_.VI_.1986-update.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදිත එදිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,061 downloadsDownload Subtitles32 KB

17 comments

  1. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  3. Hashan M. Priyadarshana

    Friday the 13th film series එකේ මේවටත් සබ් දෙනවද බ්‍රෝ :)
    * Friday the 13th VII: The New Blood (1988)
    * Friday the 13th VIII: Jason Takes Manhattan (1989)
    * Jason Goes to Hell: The Final Friday (1993)
    * Jason X (2001)

  4. Shamal manojan

    බොහොම ස්තූතියි මේ සබ් එකට යාලුවා. Friday the 13th film සෑහෙන කාලයක් සබ් නැතිව බයිස්කෝප් අඩවියේ තිබුන collection එකක්. ඔයා මේකට දිගටම සබ් දුන්නොත් පට්ට වටිනවා.

    ඉතිරි ටිකටත් සබ් කරලා දිගටම සබ් දෙමු. ජය වේවා!

    Friday the 13th VII: The New Blood - 1988
    Friday the 13th VIII: Jason Takes Manhattan - 1989
    Friday the 13th IX: Jason Goes to Hell - 1993
    Friday the 13th X: Jason X - 2001

    මේ සේරම yts සයිට් එකේ bluray copy තියනවා.

  5. Dewadithya

    Thanks for Sub!

  6. Suranjan

    Thank you....jayawewa.....!

  7. Suranjan

    Thank you machan....jayawewa.....!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Buddhika Lakmal (laKMal)

    thanks machan sub ekata

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nuwan

    thawa filme 4k ithuru wela thiyenawa me series eke ewatath sub demu
    thanks you

  15. 3737

    Ithiri ewatath sub denna bro. Thanks

  16. Nish

    thanks bro

  17. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️