ඔන්න කිව්ව විදියටම දවස් කිහිපයක් ඇතුලත ඊලඟ ෆිල්ම් එකත් අරගෙන ආවා. ඉතින් මුලින්ම මෙතෙක් කල් මගේ සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකක් දාල මාව අගය කරපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූති කරනවා.මේ පාර ගෙනාව ෆිල්ම් එක ටිකක් වෙනස් විදියක චිලීවල තිරගත වුනු ෆිල්ම් එකක්.අනිත් දේ මේක තමයි මම ඉංග්‍රීසි නොවන බ…
ඔන්න කිව්ව විදියටම දවස් කිහිපයක් ඇතුලත ඊලඟ ෆිල්ම් එකත් අරගෙන ආවා. ඉතින් මුලින්ම මෙතෙක් කල් මගේ සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකක් දාල මාව අගය කරපු සියලුම බයිස්කෝප් රසික සහෝදරයින්ට ස්තූති කරනවා.මේ පාර ගෙනාව ෆිල්ම් එක ටිකක් වෙනස් විදියක චිලීවල තිරගත වුනු ෆිල්ම් එකක්.අනිත් දේ මේක තමයි මම ඉංග්‍රීසි නොවන බටහිර ෆිල්ම් එකකට සබ් දාන තුන්වෙනි වතාව.කලින් The Hunt කියලා ඩෙන්මාර්ක් ෆිල්ම් එකකටයි Panzehir කියන තූර්කි ෆිල්ම් එකටයි සබ් දැම්මා.මේ ෆිල්ම් එකට 6.4ක ඉහල IMDB රේට් එකක් ලැබිලා තියෙනවා.
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ජෝජ් කියන මනුස්සයක්ට වෙන කරදර ටිකක් වටා තමයි ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නෙ, ජෝජ් කියන්නෙ වන විද්‍යා පර්යේෂන මධ්‍යස්ථානයක වැඩ කරන මුනුස්සයෙක්,ඉතින් දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි ඒ පැත්තෙ නිවාස ව්‍යාපෘතියක වැඩ කරන මිනිස්සු ටිකක් මෙයාට කරදර කරනවා ,ජෝජ් නීතිමය පියවර ගත්තත් සාධාරනේ ඉෂ්ඨ වෙන්නෙ නැහැ පස්සෙ දිගන් දිගටම ජෝජ්ටයි එයාගේ පවුලෙ අයටයි අර මිනිස්සුන්ගේ ප්‍රධානියගෙන් වෙන කරදර ඉවසලා බැරිම තැන ජෝජ් මේකට පියවරක් ගන්නවා. ඒ මොකද්ද කියලා ඔයාලා ෆිල්ම් එකෙන්ම බලා ගන්න. 🙂 🙂 කතාව ඒ ඇති.මම ඔයාලට ෆිල්ම් එක මොන වගේද කියන එක ගැන හොඳ අදහසක් ගන්න ඕන නිසා IMDB user review වල ෆිල්ම් එක ගැන කියලා තිබුන අදහසක කොටසක් පහලින් දානවා.
“If you are in the mood for something entirely different than the comic book or action hero movie you cannot go wrong with this.
To Kill A Man” is HIGHLY RECOMMENDED!”
තවදුරටත් කියනවනම් 2014 Sundance Film Festival එකේදි ඇතුලුව තවත් සිනමා උලෙලවල් කිහිපයකදි මේ ෆිල්ම් එකට සම්මාන 6ක් හිමි වෙලා තියෙනවා. ඉතින්, මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා.වෙනදා වගේම වැරදි තියෙනවනම් සමාවෙන්න කියල තමා කියන්න තියෙන්නෙ.
අනිත් දේ අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයිනෙ මේ දේ කරන්නෙ ඉතින් ඔයාලට අපිට දිරි ගන්වන්න තියෙන එකම ක්‍රමය තමා ෆිල්ම් සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් පහලින් කමෙන්ට් එකකුත් දාන එක.ඒක හින්ද සබ් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. 🙂 🙂 ඉක්මනටම තව ෆිල්ම් එකකුත් අරගෙන එනකම් කාටත් ජය!!
660 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
835efb04847ac80e9700d1f681ea9bdea5c4c9b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
888 downloadsDownload To-Kill-a-Man-2014-Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
15 comments
රසික ධනා
Pragéèth KãLpagë
එල..!!! ☻☺
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Ravi Thenuwara
Thank you bro, the work here done , is highly appreciated...
Nadun
Thnkz bro!!!!
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හෂාන් මදුසංක
Thanx ape kollanta, API athal eke film ekakwath balanne unama mahansi wela sub Dena nisa, thanx brothers. Wish you all the best
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima
Thanks Machan!!!
කසුන් නුවන්ත
ස්තූතියි! :>
කසුන් නුවන්ත
;)
Anonymous
Good Luck Keep going
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![To Kill A Man (2014) with Sinhala Subtitles| ඉවසීමේ සීමාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/To-Kill-a-Man-2014.jpg)

සබ් එකට සුබපතනවා සහෝ,
ඔන්න මාත් අරගත්තා එහෙනම්,
ජයවේවා සහෝ........!!!!!!!!