සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩාක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 21 වෙනි සබ් එක. හැමදාමත් වගේ මේ වතාවෙත් පැරණි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ. මෙය එදා මෙදා තුර බිහිවුණු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස සැලකෙන සම්මානනීය චිත්‍රපටයක්. මෙය තිරගත වී තිබෙන්නෙ 1962 වර්ෂයේදී. එම…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩාක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 21 වෙනි සබ් එක. හැමදාමත් වගේ මේ වතාවෙත් පැරණි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ. මෙය එදා මෙදා තුර බිහිවුණු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස සැලකෙන සම්මානනීය චිත්‍රපටයක්.
මෙය තිරගත වී තිබෙන්නෙ 1962 වර්ෂයේදී. එම අවධියේ වර්ණ චිත්‍රපට ප්‍රසිද්ධ වීමට පටන් ගත් කාලයක් උනත් මෙය නිපදවා තිබෙන්නෙ Black & White චිත්‍රපටයක් ලෙස. Harper Lee නැමැති ඇමරිකානු ජාතික ලේඛිකාව රචනා කෙරෑ “To Kill a Mockingbird” නැමැති ප්‍රකට ග්‍රන්ථය අනුසාරයෙන් තමා මෙම චිත්‍රපටය නිපදවී තිබෙන්නෙ. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Robert Mulligan විසින්. මෙහි එන ප්‍රධාන චරිතය වන ඇටිකස් ෆින්ච්ගේ චරිතය නිරෑපණය කරන්නෙ Gregory Peck විසින්. ඔහු කළ එම විශිෂ්ට රංගනය උදෙසා ඔහුට එම වසරේ හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානයද හිමි වී තිබෙනවා. මෙම චිත්‍රපටය 8.3 ක් වැනි ඉහලම IMDB අගයක් හිමි කරගෙන IMDB දර්ශකයේ 89 වෙනි ස්ථානයේ පසුවෙනවා.එමෙන්ම American Film Institute (AFI) මගින් මෙය එදාමෙදා තුර බිහිවුන හොඳම Courtroom Drama වර්ගයට අයත් චිත්‍රපටය ලෙස නම් කර තිබෙනවා.
දැන් මෙහි කතවේ අන්තර්ගතය ගැන පොඩි විස්තරයක් කරන්නම්. මෙම චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ 1930 දශකයට අයත් කතාවක්. ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මේකෝම්බ් නමින් හැඳින්වෙන කල්පිත නගරයක් කේන්ද්‍ර කරගෙනයි මෙහි කතාව ගොඩනැගී තිබෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය වෙන්නෙ ඇටිකස් ෆින්ච් නැමැති පුද්ගලයෙක්. ඔහු වෘත්තියෙන් නීතීඥවරයෙක්. ඔහුගේ බිරිඳ මියගොසින්. මොහු කුඩාවියේ පසුවන තම දරැවන් දෙදෙනා සමග ඉතාමත් සතුටින්, සාමකාමීව ජීවිතය ගෙවන කෙනෙක්. දිනක් මොහුට මතභේදාත්මක නඩුවක් භාර ගැනීමට සිදුවෙනවා. මෙහිදි මොහුට ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වුනු නීග්‍රෝ ජාතික තරැණයෙක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවෙනවා. වර්ණභේදවාදය ඉතා තදින් ක්‍රියාත්මක වන අවදියක සහ ප්‍රදේශයක මොහුට එම කළු ජාතික තරැණයා වෙනුවෙන් හඬ නැගීමට පුළුවන් වේවිද? ඔහුට සමාජයෙන් මොනවිදියේ ප්‍රතිචාර ලැබේවිද? ඔහුගේ එම උත්සහය සාර්තක වේවිද? ඇත්තටම කිව්වොත් වර්ණභේදවාදය වැනි සංකීර්ණ මාතෘකාවක් ඉතාමත් සියුම් ලෙස විග්‍රහ කරන ඉතාමත් විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ඉතිං මේ වටිනා චිත්‍රපටිය නැරඹීමට හැමෝටම කෙරෙන ආරාධනාවත් සමග තවත් උපසිරසක් ඉක්මනින්ම රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !
Due to copyright issues, we do not provide any torrent links.
To.Kill.a.Mockingbird.1962.720p.BrRip.264.YIFY.Si
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,225 downloadsDownload To-Kill-a-Mockingbird-1962.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
27 comments
Kanchu Wanshakya
Thilakarathna
ස්තුතියි උපසිරසියට! ඔබ තෝරාගන්නා සිනමාපටවලට මම කැමතියි. මෙතරම් කාලයකට සබ් එකක් නැත්තේ ඇයි කියලා සිතුවා.
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!tharindu gunarathna
uba hamadama okama ne kiyanne,,,,, lol
Anonymous
Subtitle එක download කරන්න බැහැ error එකක් එනව
අසිත
comment ekak dana minihath banina ratak ne meka
Sanupa Ranmeth
ෆික්ස් කළා සහෝ.
tharindu gunarathna
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
නිරෝෂ්
බොහොම ස්තුතියි James DC සහෝ.ජයවේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ප්‍රභාෂ
Patta bn thanks
nandika
උපසිරැසිය තුල වෙළද දැන්වීම් ප්‍රචාරය කිරීම නම් අනුමත කරන්න බෑ. නමුත් මේක මම දැකපු විශිෂ්ට උපසිරැසි ගැන්වීමක්. ස්තුතියි.
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Withanage Priyantha Dayakeerthi
ඔබගේ සිංහල උපසිරසි සමඟ සිනමාපට බොහොමයක් මීට පෙර මා නැරඹුවා. පැරණි සිනමාපටයක් නම් මා එය අනිවාර්යයෙන් නරඹනවා. IMDb 250 දර්ශකයේ එකක් නම් කොහොමත් අතහරින්නේ නැහැ. මෙයත් එසේමයි. මේ උපසිරසියටත් ඔබට ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
නිදහස්
මේකෙ නලුව ඉන්න ලංකාවේ රූගත කෙරූ Hollywood film එකක් තියනව The Purple Plain කියල. ඒකටත් පුලුවන්නම් sub දෙන්න.
wiki
බොහොම ස්තූතියි
Dolewatta
නොබැලූ දෑස කුමකටද මෙවැනි නිර්මාණ...පැමිණිල්ලේ ෂාක්සිකාරිය Witness for the Prosecution (1957) දෙන්න ඉඉලග පාර ජය
Gayadeeptha
thanks for sub..Witness for the Prosecution (1957) ekatath sinhala sub laba denna puluwannam
Mahesh ruwan
bohoma sththi
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
YasasWeerasinghe
Thanks for choosing a movie like this. As always we appreciate your effort. Nice work. Keep it up. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසට බොහොම ස්තූතියි සහෝ midnight, Texas tv series eke sub denna puluwanda?