යුද්ධය! දශක ගණනාවක් පුරාවට යුද්ධයෙන් බැට කෑ ජනතාවක් විදියට, ශ්‍රී ලාංකික අපිට යුද්ධ කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. යුද්ධය කියන දේ කෙතරම් කුරිරුද කියලා මේ ලෝකේ වෙන කිසිම ජාතියකටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් වන අපි දන්නවා. දශක ගණනාවක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසාන වූයේ අපි හැම දෙනාටම බො…

යුද්ධය! දශක ගණනාවක් පුරාවට යුද්ධයෙන් බැට කෑ ජනතාවක් විදියට, ශ්‍රී ලාංකික අපිට යුද්ධ කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. යුද්ධය කියන දේ කෙතරම් කුරිරුද කියලා මේ ලෝකේ වෙන කිසිම ජාතියකටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් වන අපි දන්නවා. දශක ගණනාවක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසාන වූයේ අපි හැම දෙනාටම බොහෝ අහිමිවීම් සහිතවයි. රටට අහිමි වූ වටිනා ජීවිත ප්‍රමාණය සහ දේපළ ප්‍රමාණය ගිණිය නොහැකි තරම් වෙනවා. නමුත්, මේ සා අතිමහත් වූ ව්‍යසනකාරී යුද්ධයක් ආරම්භ කරන ලද්දාවූ පුද්ගලයින් හට අවසානයේ ලැබුනේ කුමක්ද? ඔවුන් සිතූ පැතූ අවසානයක් ලඟා කරගැනීමට ඔවුනට හැකියාව ලැබුණාද? කිසිසේත්ම නැහැ. යුද්ධයේ ඇති නිරර්ථක භාවය නැවත වතාවක් මොනවට විදහා පාමින් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන්වී ගියා. එනමුදු, ඔවුන් මේ රටට ඉතිරි කළා වූ අතිමහත් ව්‍යසනකාරී ප්‍රථිපලයන් නම් කෙදිනක වත් වියැකී නොයනු ඇති.
ශ්‍රී ලංකාව මෙන්ම, ආසියානු මහද්වීපය තුල යුද්ධයෙන් බැට කෑ තවත් රටක් තමයි කාම්බෝජියාව කියන්නේ. ඇමරිකාව විසින් වියට්නාමය සමගින් ඇතිකරගත්තා වූ යුද්ධය වැඩි කාලයක් නොගොස්ම කාම්බෝජියාව දක්වාම පැතිරුණා. මේ නිසාම ඇමරිකානු ගුවන් හමුදා මගින්, කාම්බෝජියාව ඉලක්ක කරමින් නිරන්තරයෙන්ම ගුවනින් බෝම්බ අත්හරිනු ලැබුවා. මේ හේතුවෙන්, කාම්බෝජියානු ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ වූවා. ගිණිය නොහැකි තරම් ජීවිත හා දේපල හානි සිදුවුණා. මෙම ප්‍රහාරයන් හමුවේ ඇමරිකාවට සහය දක්වනවා හැර වෙන කිසිඳු විකල්පයක් ජෙනරාල් ලොන් නොල්ගේ ආණ්ඩුව සතු වූයේ නැහැ. මේ නිසාම බහුතරයක් කාම්බෝජියානු වැසියන් ආණ්ඩුව කෙරෙහි එතරම් පැහැදීමකින් නොවෙයි සිටියේ. මෙහි ප්‍රතිපලයක් ලෙස, විප්ලවවාදී නායක, පොට් පොල්ගෙ කෙමාර් රූජ් සංවිධානය වටා ජනතාව ශ්‍රීඝයෙන් ඒකරාශී වුණා. නමුත්, මේ අතර වාරයේදී නොසිතූ ලෙස ඇමරිකානු රජය විසින් සිය හමුදා කාම්බෝජයෙන් ඉවත් කරගැනීමට තීරණය කිරීමත් සමගින්, මෙතෙක් කාලයක් පුරාවට ඇමරිකාවට සහය දැක්වූ ජෙනරාල් ලොන් නොල්ගේ රජය අසරණ භාවයට පත්වෙනු ලබනවා. මෙම අසරණ භාවයෙන් මනා ලෙස ප්‍රයෝජන ගන්නා පොට් පෝල්ගේ කැරලිකාර කෙමාර් රොජ් සංවිධානය විසින් රජය බිඳ වට්ටමින්, කාම්බෝජ දේශයේ බලය සියතට ගනු ලබනවා. මේත් සමගින් ජනතාව උද්දාමයට පත්වෙනවා. නමුත්, මෙම විප්ලවකාරී කෙමාර් රෝජ් සංවිධානයේ සැබෑ සිතුම් පැතුම් සහ අපේක්ෂාවන් පිළිබඳව දැන සිටියේ ස්වල්ප පිරිසක් පමණයි.
මේ තමයි චිත්‍රපටය සඳහා පදනම් වන්නා වූ පසුබිම් කතාව. චිත්‍රපටය ආරම්භ වන්නේ පොට් පෝල්ගේ විප්ලවකාරී හමුදාවන් විසින් කාම්බෝජයේ බලය සියතට ගැනීමත් සමගයි. මේත් සමගින් සිය සැබෑ ස්වරූපය කෙමෙන් කෙමෙන් ජනතාව වෙත විදහා පාමින් සිටි කුරිරු විප්ලවවාදී හමුදාවන් විසින් සිය ප්‍රථම කර්තව්‍ය ලෙස සියලුම ජනතාව තම නිවෙස් වලින් ඉවත් කරමින්, උපක්‍රමශීලීව ඔවුන්ව රට අභ්‍යන්තරයට පිටුවහල් කරනු ලැබුවා. මිනිසුන් සතු වටිනා සියල්ල ඔවුන් බාරයට ගනු ලැබුවා. රට තුල මුදල් පරිහරණය තහනක් කරනු ලැබුවා. බැංකු කටයුතු නවතා දැමුවා. රජයට සේවය කරන ලද හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් ආදී සියලුම රජයේ සේවකයින්ව මරා දැමුවා. “සැමට සමානාත්මතාවය” යන තේමා පාඨයට වසන් වී, අතිශය කුරිරු පාලනයක් පවත්වාගෙන යනු ලැබුවා. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා වූ සෑම වැසියෙක්ම තලා පෙලා, ඔවුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගනු ලැබුවා. මෙම පාලනය කෙතරම් කුරිරුද කියා පවසනවා නම්, කාම්බෝජියානු ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙම විප්ලවවාදී හමුදාවන්ගේ වහල් සේවයේ යෙදවීම, ආහාර නොමැති වීම සහ සිතා මතාම ඝාතනය කිරීම යන කාරනා නිසාවෙන් මරුමුවට පත්වුණා.
ලූන්ග් කියන්නෙත් මේ කුරිරු විප්ලවවාදී හමුදා පාලනය නිසාවෙන් මහ මගට වැටුණු, අවුරුදු හතක වයස පුංචි ගෑණු ළමයෙක්. හමුදා කපිතාන් වරයෙකුට දාව, දරුවන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක හය වෙනි දරුවා ලෙසින් උපත ලැබූ ලූන්, මෙම පවුලේ ගැහැණු දරුවන් සිව් දෙනා අතුරින් තෙවැනි ගැහැණු දරුවා වෙනවා. වසර තුනකට ආසන්න කාලයක් දරුණු විප්ලවවාදී පාලනයෙන් පීඩා විඳ, අනෙකවිදී අහිමිවීම විඳ දරාගනිමින්, අවසානයේ ඇය කෙසේ හෝ කාම්බෝජියාවෙන් පළා යෑමට සමත්වෙනවා. වයසින් මුහුකුරා යත්ම ඇමරිකාවට සංක්‍රමණය වන්නා වූ මෙම දිරිය තරුණිය, සිය ජීවිතයේ විඳින ලද අනෙක විඳි දුක් කම්කටොලු අළලා ග්‍රන්ථයක් රචනා කරනු ලබනවා. “First They Killed My Father: A Daughter of Cambodia Remembers”.
මෙන්න එහෙනම් මේ අරගෙන ආවේ ලෝක ප්‍රකට Netflix නාලිකාවේ නවතම චිත්‍රපටියත් අරගෙනයි. චිත්‍රපටය Netflix නාලිකාව තුල විකාශනය වුනේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වෙනිදා. හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක් නම් ඇන්ජලිනා ජොලී ගැන නොදැන ඉන්න විදියක් නැහැ. හැබැයි, ගොඩක් දෙනෙක් ඇය ගැන දන්නේ රංගන ශිල්පිණියක් ලෙස විතරයි. නමුත්, ඇය රංගනයට වගේම, චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහාත් මනා ලෙස දක්ෂතාවය දක්වනවා. Unbroken (2014) වැනි විශිෂ්ට චිත්‍රපට ලෝක සිනමාවට දායාද කරන ලද ඇයගේ හයවන චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මේ. නමුත්, කාම්බෝජ චිත්‍රපටයක් නිසාදෝ මන්දා, ආසියාවෙන් බැහැරව ප්‍රේක්ෂකයින් මෙම සිනමා නිර්මාණය කෙරෙහි උනන්දුවක් දක්වලා තිබුනේ නැහැ. නමුත්, නරඹපු ස්වල්ප දෙනාගේ මනාපයෙන් වුනත්, IMDB මීටරය 7.2ක් වැනි ඉහළම අගයක් දක්වා කරකවන්න මෙම චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා. එමෙන්ම, Rotten Tomatoes හි 88% ක මනාප ප්‍රතිශතයක්ද, ගූගල් පරිශීලකයින්ගේ 95% ක මනාප ප්‍රතිශතයක්ද, Roger Ebert හි 4/4 ක් වැනි විශිෂ්ඨ අගයක් ලබාගැනීමටද මෙම සිනමා සිත්තමට හැකියාව ලැබී තිබෙනවා. War, Biography, Drama, History යන කාණ්ඩ ඔස්සේ නිෂ්පාදනය වුණා වූ මෙම සලරුව පිළිබඳව නිෂ්පාදිත බරපැනක් සඳහන් වී නොමැති නමුත්, චිත්‍රපටය නැරඹුවහොත් ඔබට මනාව පසක් වේවි, දැවැන්ත මුදලක් මෙම චිත්‍රපටය වෙනුවෙන් වියපැහැදම් කර ඇති බව මෙන්ම, අධික මහන්සියක්ද වී ඇති බව. කොහොමත්, දන්න අය දන්නවා Netflix චිත්‍රපටියක් මොන වගේද කියලා.
ඒ වගේම කියන්න ඕනේ, මේක බොහොම සංවේදී චිත්‍රපටියක්. ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයට නම් මේක කොහෙත්ම ගැලපෙන එකක් නැහැ. සැහැල්ලු මනසකින් විශිෂ්ඨ චිත්‍රපටියක් නරඹලා රසවිඳින්න කැමති අයට ඉහලින්ම නිර්දේශ කරනවා. චිත්‍රපටි නම් ඕනේ තරම් තියෙනවා. හැබැයි ඒ සියල්ලම අතරේ, සමස්ත චිත්‍රපට කේෂේත්‍රයම ඒකාලෝක කිරීමට හැකියාව ඇති ඉන්ද්‍රනීල මාණික්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ බිහිවෙන්නේ බොහොම කලාතුරකින්. මං හොඳටම දන්නවා මේ වගේ චිත්‍රපටි ගොඩක් දෙනෙක් නරඹන්නේ නැහැ. මේකටත් වැඩිම වුනොත් කමෙන්ට් දහයක් පහළොවක් වගේ වැටේවි. බාගතකිරීම් දෙදාහක් වත් ඒවිද කියලා ලොකු සැකයක් තියෙනවා. ඒත් කමක් නැහැ. ඒ හැමදෙයක්ම බලාපොරොත්තුවෙන් තමයි මං මේ චිත්‍රපටියට අත ගැහුවේ. හැබැයි, මේ චිත්‍රපටිය නරඹලා එක්කෙනෙක් හරි හොඳ රසවින්දයක් ලැබුවා නම්, මේ චිත්‍රපටිය කාලයක් තිස්සේ ඔහුගේ හෝ ඇයගේ හදවතේ රැඳී තියෙනවා නම්, මං හිතන්නේ ඒ තමයි මං ලබපු සාර්ථකත්වය. චිත්‍රපටිය නැරඹුවොත් අන්තිමට අනිවාර්‍යයෙන්ම ගොඩක් දේවල් හිතන්න ඉතුරු වේවි. මම නම් තාමත් හිතන්නේ, එදා අපේ රටේ යුද්ධය අවසන් නොවුනා නම්, අද අපිට වෙන්නෙත් මේ ටිකම නෙමේද කියලා.
ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටියකින් හමුවන තුරාවට හැමදෙනාටම ජයවේවා!
Loung Ung වර්තමානයේ…

Loung Ung විසින් රචනා කරන ලද “First They Killed My Father: A Daughter of Cambodia Remembers” කෘතියේ මුල් කවරය…


Due to copyright issues, we do not provide any torrent links.
First.They.Killed.My.Father.2017.720p.NF.WEB-DL.1GB.MkvCage
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,959 downloadsDownload First-They-Killed-My-Father-2017.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
33 comments
widuranga
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Deshan Abeysinghe
Thanks bro
randy
lassana kathawak.me wage katha digatama denna bro.thanks....
Aushi
sub ekata thanks dr. digatama me wage lassana film walata sub karanna.
tharindu gunarathna
thanks mcn
C. R. ජයලත්
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
අසිත
oya genawoth ahanna deyaka na
patta
elama saho thanksRasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
හොද කතාවක් වගේ...ඇත්ත කතා සුපිරි....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ..
සිසිල සබක් දුන්නා කියන්නේ අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය....Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයෙන් වේවා...!!kumara
සිසිල ප්‍රසාද් කියන්නෙ හැමදාමත් හොඳම පිලුමක් ගේන කෙනෙක්. ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා.
Thisal Lakpura
උපසිරැසියට බොහොම ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Buddi
Thanks...........
Rajitha
Thanks machan........jayawewa.....!
දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය...sumed
sub ekata thanks bro.good luck.
තුසිත කුමාර
විශිෂ්ඨ සිනමා නිර්මාණයක් තිළිණ කළාට බොහොම ස්තුතියි.
Mithun
මෙක පට්ට ෆිල්ම් එකක් වගේ..
Netflix ප්‍රසන්ටේෂන් එකක් නිසා තවත් වහ වැටුන සුපිරි ෆිල්ම් තමා ඉලියට දාන්නෙ .. ඔන්න සබ් එකත් ගත්ත කමෙන්ට් එකකුත් දැක්ක දාන්න ඔනෙ එවට එ වටිනා කම දෙන්න ඔනෙ... ජය ...Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
Akalanka Perera
ඉතා හොද චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්.
උපසිරැස ලබදීම වෙනුවෙන් බොහොම ස්තුතියි'lahiru
loweth supiri machan me wage ewa karamoooo thankssssssss
waruna
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…smsp senanayake
Thanks
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
chiro
supiri film ekak thnx sub dunnata
amal1991
bro its only few fans love biography and based on true story movies.appriciate ur hard work.keep it up
janaka
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama brooooo
thanx for subbbbb