Watch Trailer

To Let (2019) Sinhala Subtitles | නිවසක සෙවණට වරම් නොලද්දෙමි [සිංහල උපසිරැසි සමඟ]

සම්මාන 32ක්.. නිර්දේශවීම් 84ක්.. සිනමා උළෙලවල් 100ක්… ලෝක සිනමාවේ කොච්චර කරක් ගැහුවත් ගොඩක් දෙනාට සිංහල සිනමාවට පස්සේ වැඩියෙන්ම සමීප ඉන්දියානු සිනමාවනේ. ඉන්දියාව ඇතුළෙත් කොච්චර නම් සිනමා නිර්මාණ බිහි වෙනවද? තෙලංගානා ප්‍රාන්තයේ තෙළිඟු සිනමාව රජ කරද්දී කේරළයෙන් මලයාලම බිහිවෙනවා. තමිල්නාඩුව ආශ්‍රිත දම…

සම්මාන 32ක්.. නිර්දේශවීම් 84ක්.. සිනමා උළෙලවල් 100ක්…

ලෝක සිනමාවේ කොච්චර කරක් ගැහුවත් ගොඩක් දෙනාට සිංහල සිනමාවට පස්සේ වැඩියෙන්ම සමීප ඉන්දියානු සිනමාවනේ. ඉන්දියාව ඇතුළෙත් කොච්චර නම් සිනමා නිර්මාණ බිහි වෙනවද? තෙලංගානා ප්‍රාන්තයේ තෙළිඟු සිනමාව රජ කරද්දී කේරළයෙන් මලයාලම බිහිවෙනවා. තමිල්නාඩුව ආශ්‍රිත දමිළ සිනමාව වැඩ පෙන්වනවා. අවුරුද්දකට ෆිල්ම් කීයක් නම් එළියට එනවද? හැබැයි මේ දහස් ගාණක් චිත්‍රපටි අතරේ ඉන්දියාව හෙල්ලෙන ජාතියේ නිර්මාණ බිහිවෙන්නේ හරිම කලාතුරකින්. ToLet කියන්නෙත් ඉන්දියානු සිනමා කර්මාන්තයම හොල්ලපු ෆිල්ම් එකක්. හැමදාම අඩි හයේ ෆයිට් කෑලි බලන එකේ පොඩි වෙනසකට කැමතිද? එහෙනම් මේ තමයි කියාපු බෙහෙත!

ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කරනෙක කොයි තරම් නම් අමාරුද? හැම සිනමාකරුවෙක්ටම ඒ වාසනාව නැහැ. හැබැයි අපේ ඩිරෙක්ටර් මහත්තයා Chezhiyan නම් නියම වාසනාවන්තයා..! සිනමා උළෙලන් 100කට අධික ප්‍රමාණයකට ඔහුගේ මෙම සිනමා පටය නිර්දේශ වුණා. එතනින් 1/3ක්ම ජය ගන්නත් සමත් වුණා. ඉතින් එසේ මෙසේ භාණ්ඩයක්ද මේ… අපොයි නෑ!!

64වන ජාතික සිනමා උළෙලේ හොඳම දමිළ චිත්‍රපටය..
කල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ඉන්දියානු සිනමා පටය…
ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම පවුලේ චිත්‍රපටය..
ලිසිට් එක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. තව සම්මාන 30ක් තියෙනවා. නිර්දේශ වීම් 84ක් තියෙනවා. කතාව දිග්ගැස්සෙන හින්දා ඔය හැම සම්මානයක් ගැනම මෙතන කියන්නේ නැහැ. ලිපිය අවසානයට එකතු කරන්නම්.

ඇත්තටම මොකක්ද මේ චිත්‍රපටිය? මෙච්චර වටින ෆිල්ම් එක?
කතාව යන්නේ මෙහෙමයි,

ඉලන්ගෝ කියන්නේ සිනමා සහාය අධ්‍යක්ෂකවරයෙක්. සිම්පල් පවුලක් තියන්නේ… නෝනා අමුධා සහ අවුරුදු පහේ පුංචි පුතා සිද්ධාර්ත්! හැබැයි ගෙදරක් නෑ. ඉන්නේ කුලියට. ඒත් ගෙදර අයිතිකාරයන්ගේ කරදර හින්දා දවස් 30ක් ඇතුළත කුලී ගෙයින් වෙන ගේකට යන්න වෙනවා. අතේ පිච්චිය නැතිව අලුතෙන් කුලී ගෙයක් හොයාගන්න දවස් 30ක් ඇතුළේ කරන අරගලය තමයි චිත්‍රපටියට පාදක වෙලා තියන්නේ. මන් සාමාන්‍යයෙන් ලිපියේදී කතා සාරාංශය නොකිව්වට මෙතනදී කිව්වේ Family|Drama වර්ගීකරණයට අයිති මේ වගේ චිත්‍රපටි බලන්න පිස්සු වැටිලා ඉන්නේ වෙනම රසික පිරිසක් හින්දයි…

Chezhiyanගේ අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් හවුල් වෙන්නේ ඔහුගේම බිරිඳ Prema Chezhiyan විසිනි. ඒ La Cinema නැමැති තම පවුලේ චිත්‍රපට ආයතනය වෙනුවෙනි. තිර පිටපතත් ඔහුගේයි. විශේෂත්වය තමයි වසරේ හොඳම ඉන්දියානු චිත්‍රපටිය වුණත් කිසිදු ප්‍රවීණ නලු නිළියක් මෙහි නොමැති වීමයි. චිත්‍රපටියේ දක්නට ලැබෙන සියලු දෙනාම ක්ෂේත්‍රයට නවකයන්. දින 25ක් ඇතුළත රූගත කිරීම් ඉවර වුණා කියලත් සඳහන් වනවා. මේ වසරේ පෙබරවාරි 21වනදා තිරගත වීම ඇරඹි මෙයට 8.4 IMDb අගයක් හිමිවෙනවා. 93% ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තමන් සතු කර ගන්න සමත් වෙනවා. Behindwoods වැනි වෙබ් අඩවිවල තියෙන විචාරත් හරිම ඉහළයි. කතාව තවත් දිග්ගස්සන්නේ නැතිව දැන් අර පොරොන්දුව ඉෂ්ට කරන්නම්. ඉතින් ඔය පහළින් දාලා තියන්නේ ToLet චිත්‍රපටිය ලබා ගත් සියලු සම්මාන ඇතුළත් ලැයිස්තුව. පින් ඇත්තෝ කියවත්වා!

  • Winner- Best Indian film- Kolkata International Film Festival, India
  • Winner- World Human Rights Silver Award – World Human Rights Awards, Indonesia
  • Winner- Best dramatic Feature – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Sound Design – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Lead Actress – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Production Design – South Film and Arts Academy Festival, Chile
  • Winner- Best Child Actor, Oniros International Film Festival, Italy
  • Winner- FIPRESCI Award, Benglauru International Film Festival, India
  • Winner- Best Director, International Independent Awards, California
  • Winner- Best Feature Film, Eurasia International Film Festival, Eurasia
  • Winner- Best Feature film, Fuori Mercato -Como Independent Film Festival, Italy
  • Winner- Best Indie Film,European Cinematography AWARDS,Poland
  • Winner- World Woman Awards, Silver Award, Indonesia
  • Winner- Best Tamil film, 65th Indian National Awards,India
  • Winner- Best Director,Barcelona Planet Film Festival,Spain
  • Winner- Best Director,Innovative Film Festival, Bengaluru
  • Winner .Best Actress, Innovative Film Festival,Bengaluru
  • Winner- Best Feature Film – Rome Prisma Awards, Rome
  • Winner- Best Cinematography Award MIFF, Milano, Italy
  • Winner- Best Family Film – Best Fiction Film Festival,Los Angeles
  • Winner- Award of Merit Special Mention – The Indie Fest Film Festival, California
  • Winner- Silver Palm Award, Mexico International Film Festival, Mexico
  • Winner- Best Feature Film – Almaty Indie Film Festival, Kazakhstan
  • Winner- Best feature Film – Pondicherry International Film Festival
  • Winner- Best Director – Pondicherry International Film Festival
  • Winner- Best Editor – Pondicherry International Film Festival
  • Winner- Special Jury Mention award in International Competition – 49th IFFI Goa
  • Winner- Best Family Film, Family & Social International Film Festival White Whale Festival,Los Angeles
  • Winner- Best Indian Film, All Lights India International Film festival, Hyderabad
  • Winner- Best Actor, Cult Critic Movie Awards, India
  • Winner- Best Supporting Actress, Cult Critic movie Awards, India
  • Winner- Best Independent Film, Five Continent International Film festival, Venezuela

මන් මෙතනට Nominations and Official selections එකතු කළේ නැහැ. ඒ ලිස්ට් එකත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විකිපීඩියා අඩවියට ගිහින් බලන්න පුලුවන්. කිසිදු ප්‍රවීණ නළු නිළියකගෙන් තොරව මුලු ඉන්දියාවෙම හොඳම චිත්‍රපටිය බවට පත් වුණු මෙයට ලැබුණු විචාරක පැසසුම් නම් එමටයි. ඇකඩමි සම්මානලාභී ඉරාන ජාතික සිනමාකරුවෙක් වන Asghar Farhadi කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම පරිපූර්ණ චිත්‍රපටියක් වන බවයි. වෙනස්ම කන්සෙප්ට්වලින් ඉන්දියානු චිත්‍රපටි ක්ෂේත්‍රය හොල්ලපු Adoor Gopalkrishnan පවා මෙය ඇගයුමට ලක් කරලා තියෙනවා. ඔබ නැතිව ඔබ එක්ක, පුරහඳ කළුවර, ආකාස කුසුම් වැනි විශිෂ්ට ගණයේ නිර්මාණ රාශියක් ලාංකීය සිනමාවට දායාද කළ ප්‍රසන්න විතානගේ වරක් සහතික කළේ, මෙය මානුෂීය හැඟීම්වලින් පිරුණු අව්‍යාජ නිර්මාණයක් බවටයි.

තව දුරටත් විස්තර කරන්න ඕනේ නෑනේ. කෙටියෙන්ම කීවොත්, ToLet කියන්නේ මුලු ඉන්දියාවෙම හොඳම චිත්‍රපටය බවට පත් වුණු සලරුවක්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,213 downloadsDownload Tolet-2019-Tamil.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

6,213 downloadsDownload Subtitles26 KB

46 comments

  1. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata....
    Jaya wewa!

  2. Mayura

    බලන්නම ඕන එකක් වගේ. සබ් එකට බොහොම තුති මල්ලි

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේ වගේ ඒවානම් නොබලා බෑ..බුදුසරණයි..ජය වේවා!

  4. chandika1975

    thank you and good worked.

  5. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  6. indika75

    thanks..

  7. Rumesh dhanushka

    Thank you baiscope ✨

  8. Pradeepkumara

    thanx sahoo

  9. Lalani Maduwanthi

    Thank you kavinu

  10. isuru srinath sjs

    ස්තුතියි මල්ලි ❤️

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. harshani11112

    ස්තුති මල්ලියා...
    තෙරැවන්සරණයි
    ජයවේවා
    දිගටම සබ් දෙන්න

  13. ඔෂද ධනංජය

    thanx sahoo...

  14. benukanimsena

    සිය ගාණක් ගොබ්බ කන්සෙප්ට් වලට හිරවුණ නීරස ඉන්දියන් සිනමාවෙන් ඔබ්බට ගිය චිත්‍රපටයක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝදරයා....
    ඉස්සරහටත් දිගටම මෙහෙම හොද ෆිල්ම් වලට සබ් එක අරන් එන්න....
    බොහොම ස්තූතියි

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  16. Chanmatara

    ගොඩාක් ස්තුතිය සබ් එකට සහෝදරයා

  17. බොබී

    කියලා තියෙන විදියට බලන්නම හිතෙනවා. එක සැරේ හතර පස් දෙනා විසිවෙන්න ගහන ෆිල්ම් බලන්නේ, බලන්න දෙයක් නැති වුනාම නොවැ. මේ වගේ එකක් ආවම, මම නම් අංක එකට ගන්නේ මේවයි. බොහොම තුති සහෝ.

  18. Tharaka

    honda film ekak wage. aniwaren balanawa. thanks mcn.......

  19. Madhusanka25

    Post eka hoda nisa balanne

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. wajira

    Thanks for sub

  22. AsithaDilruwan

    ela saho thanks

  23. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  24. Su

    Thanks saho sub ekata.. :)

  25. Bandara76

    ඉන්දියානු සිනමා කර්මාන්තයම හොල්ලපු ෆිල්ම් එකක්..ඉන්දියානු සිනමා කර්මාන්තයම හොල්ලපු ෆිල්ම් එකක්

  26. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    මේක නම් බලන්නම වෙනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  27. Nilush Angana

    Sub ekata thanx

  28. AKilaperera12345

    THanxxxxxxxxxxx

  29. Kulanjana Maduranga

    subata thanks

  30. yeshu

    tnx

  31. pra78

    thank you malli sub ekata.
    demala, malayalam film (gramiya kathandara) wala tiyenawa ape wage deyak.
    balamu mekath.
    thank you malli... jaya wewa

  32. Nidi

    දුක සතුට සැප
    මොකුත් අඩු නැති
    සැබෑ මිනිසුන් අතර ගැවසුණු
    වෙලාවක් ගත වුණා නොදැනුණු
    චිත්‍රපටයකි, මේක මල්-මල්!

    බයිස්කෝප් අඩවියටයි කවිනුටයිත්
    මෙන්න මල් මිටියක්ම.

  33. WWEKMN

    Thank you bro

  34. N_R

    Thank You.

  35. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....

  36. wcr

    Thank You!

  37. dineshthilakasiri

    Eala bro

  38. dilshanhettiarachchi12

    තත්වයෙන් උසස් උපසිරස්ස නිරන්තරයෙන්ම අපට ලබා දෙන baiscopelk වෙබ් අඩවියට බෙහෙවින් ස්තුතී.

  39. avishka360

    Sub ekata thanks

  40. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  41. djishara2012

    baiscope kohomath fatta.no any work.thanks.

  42. djishara2012

    baiscope kohomath fatta.no any word.thanks.

  43. isuru srinath sjs

    කලින් සිංහල උපසිරැසිය ස්තුති කරා.. දැන් දෙවනි වතාවටත් ස්තුති කරනවා.. මොකද මේ වගේ ෆිල්ම් එකකට Sub කරාට.ෆිල්ම් එක අදයි බලන්න පුලුවන් උනේ.. පට්ටම කතාව .. !!! හැමෝම බලන්නම වටින එකක්. Thanks මල්ලි ..!

  44. Chamika Prabath

    අනේ මන්ද..මොනා කියන්නද කියල...මම නිකන් කරකවල අත හැරිය වගේ...සුපිරි ෆිලුමක්... Thank You Kavinu....

  45. Kaveen Gayath

    Thanks bro..

  46. Kaveen Gayath

    Thanks bro sub ekata