2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ ඉන්න මට්ටමට වඩා දස සිය […

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ ඉන්න මට්ටමට වඩා දස සිය ගුණයකින් දියුණු වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය සහ හොඳ සෞඛ්‍ය තත්වයක් ලැබේවා කියලා හදවතින්ම බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා!!!
වසර ආරම්භයේම මම මේ ගෙනාව චිත්‍රපටයත් ටිකක් සුවිශේෂී එකක්. එහෙම කියන්න හේතුව මේ ලෝකය සුන්දර තැනක් වෙන්න නම් අපි හැමෝගෙම හිත් සුන්දර වෙන්න ඕන. ලෝකයක ජිවත් වෙනකොට අපි හැමෝටම කොයි මොහොතක හෝ උදවු අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ කාටවත් කාගෙන් වත් උදව්වක් නැතුව ජිවත් වෙන්න අපහසු දෙයක්. ඉතින් එකිනෙකාට අවශ්‍ය උදවු වලට අපි එකිනෙකා උදවු කරගන්න කොටමුළු ලෝකයම සුන්දර එකක් වෙනවා. අද මේ කියන කතාව මීට දශක කීපයකට කලින් සිද්ධ වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේක මිනිසුන් සහ මිනිස් බව නොලත් එහෙත් මිනිස්කම ඉක්මවා ගිය බුද්ධියක් සහ ධෛර්යක් හෙබි සුනඛයෙක් ගැන කියවෙන එක්තරා සත්‍ය කතාවක්. අපි සැහෙන්න බල්ලෝ මිනිස්සු අතර ඇති බැඳීම් ගැන අපේ ජීවිතයේදී අහන්න දකින්න ලැබෙනවා. මීට සති කීපයකට කලිනුත් භූමිකම්පාවක් අතරතුර මිය ගිය දැරියක් ඉදිරියේ වැලපෙන සුනඛයෙක් ගැන ඡායාරූපයක් අන්තර්ජාලය තුල සංසරණය වනවා ඔයාල දැනටමත් දකින්න ඇති. තමන්ගේ ස්වාමියාගේ සොහොන ළඟින් නොසෙල්වෙන සුනඛයෝ ගැනත් අපි අහල තියෙනවා. ඒ වගේ සුප්‍රසිද්ධ සුනඛයෙක් තමයි හචිකෝ කියන්නෙත්. ඉතින් ඒ සේරමලා අතරේ 1925 වර්ෂයේ එක්තරා වීර ගමනක් දෙපයින් හමාර කරලා පුංචි දරුවෝ රැසකගේ ජිවිත ගොඩක් බේරගත්ත සැබෑ වීරයෙක් තමයි ටෝගෝ කියන්නේ. එහෙම වෙන්න ටෝගෝ ගිය දුර සැතපුම් 264ක්. ඒ දුර ගියේ අපි ඔයාල යන පාරක නෙමෙයි. හිම කුණාටුවක් මැද්දේ කටු වගේ හිම කිරණ ඇස්වල ඇනෙන අතරේදී කඳු අතරින් මිදුන විල් මත ඇති අයිස් තට්ටු මතින්. ඉතින් ඒ වීර ගමන අරඹයා ඩිස්නි සමගම විසින් නිර්මාණය කල අපූරු චිත්‍රපටය තමයි ටෝගෝ කියන්නේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Ericson Core විසින් වන අතර මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ නළු Willem Dafoe විසින්. ඒ වගේම දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකය තුල 8.2/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා තිබෙනවා.
ටෝගෝ පුංචි කාලේ නම් හරිම වදකාරයෙක්. දෙන වදේ වැඩිකමට සෙප්ලා හෙවත් ටෝගොගේ හිමිකරුවා ටෝගෝ පොඩි කාලේ කීප වතාවක්ම එයාව වෙන අයට හදාගන්න දීල. එත් ටෝගෝ ඒ හැම ගෙදරකින්ම පැනලා සෙප්ලා ළඟටම ආයේ ආයෙත් ඇවිල්ලා. නෝවේජියානු හිමායන රියදුරෙක් උන ලියනාර්ඩ් සෙප්ලා තමන්ගේ ජීවිකාව විදිහට කරන්නේ බල්ලන් විසින් ඇදගෙන යන හිමායන එහෙමත් නැති නම් හිම කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයයි. ඉතින් මේ සඳහා විවිධාකාර සුනඛයන් ඔහු සතුවෙනවා. සුනඛයන් පුහුණු කිසිම ඔවුන් විවිධ නියෝග වලට අවනත කිරීම. හිම සහිත කාලගුණ තත්වේ පවා ගමන් කිරීමට පුහුණු කිරීම තමයි මෙවැනි පුද්ගලයන් කරන්නේ. වසරේ වැඩි කලක් හිමෙන් වැසෙන ප්‍රාන්ත වල ඇලස්කාව වගේ පළාත් වල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ මේ හිම කරත්ත සහ ඒවා ඇදගෙන යන සුනඛයන්. 1925 වසරේදී නෝම් පළාතේ පොඩි ගැටළුවක් ඇතිවෙනවා. එහි සිටින කුඩා දරුවන් ගලපටල රෝගය නිසා දැඩි ලෙස රෝගාතුර වෙනවා. හිම කුණාටුවක් අතරේදී වෙන මේ රෝගීවීමට අවශ්‍ය බෙහෙත් වෙනත් පලාතක සූදානම් උනත් එය නෝම් වැනි හුදෙකලා වූ ස්ථානයකට දැඩි හිම කුණාටුවක් අතරේදී ගෙන එම ලොකු අභියෝගයක් උනා. ගුවනින් කෙසේ වෙතත් මෙවන් කාලගුණයක් යටතේ බෙහෙත් ප්‍රවාහනය කල නොහැක්කක් වන අතරේදී මේ දරුවෝ හැමෝටම පිහිටට ආවේ ටෝගෝ සහ ඔහුගේ ස්වාමියා උන ලියනාර්ඩ් සෙප්ලා. ඉතින් මෙවැනි කුණාටුවකදී එලියට බහින කෙනෙක් නැවත දකින්න වෙන්නේ හිම දියවෙන කොට කියල තමයි ඒ අවට වෙසෙන අයගේ මතය වෙන්නේ. එවැනි දුෂ්කර සහ ජීවිතයට පවා විශාල තර්ජනයක් තිබුන ගමනක් තමයි ටෝගෝ සහ සෙප්ලා යන්නේ.
ටෝගෝගේ සත්‍ය ඡායාරූපයක්

ටෝගෝ කියන්නේ නියමු සුනඛයෙක්. සාමාන්‍යයෙන් මෙවැනි කරත්ත ඇදගෙන යන බලු රංචුවල දෙදෙනා බැගින් තමයි පෝලිමක් විදිහට ගමන් කරන්නේ ගැලක් විදිහට. එත් ටෝගෝ කියන්නේ එයාලටත් මග පෙන්වන්නෙක්. එයා තමයි සෙප්ලාගේ හිම කරත්තයේ නියමු සුනඛයා හෙවත් ඉදිරියෙන්ම යන පාර පෙන්වන කෙනා. ටෝගෝ යන දිහාට තමයි අනික් හැමෝමත් ඇදිලා යන්නේ ලියනාර්ඩ් සෙප්ලාවත් ඇතුළුව. ටෝගොට එයාගේ නම ලැබෙන්නේ ජපන් අධිරාජ්‍ය නාවික හමුදා අද්මිරාල් කෙනෙක් වන ටෝගෝ හෙයිචාචිරෝ සිහිවනු පිණිසයි. ටොගෝ කියන්නේ ඇත්තටම කොයි තරම් දක්ෂයෙක්ද වීරයෙක්ද කියල ඔයාලට චිත්‍රපටය අවසානයේ දකින්න ලැබේවි එතකොට මේ නම එයාට දුන්නට කිසිම වරදක් නැහැ කියල හැමෝටම තේරුම් යයි.
ටෝගෝ සහ ලියනාර්ඩ් සෙප්ලා

මේ බෙහෙත් අරගෙන එන ගමන ලෙහෙසි පහසු නොවුන නිසා කණ්ඩායම් 25ක් අතරේ රිලේ එකක් වගේ තැනින් තැනට බෙහෙත් ටික හුවමාරු කරමින් තමයි ගෙනාවේ. එත් අනික් කණ්ඩායම් සැතපුම් 19-20 ගමන් ගනිද්දී සෙප්ලා සහ ඔහුගේ වීර සුනඛ කණ්ඩායම සැතපුම් 264ක් තනිව ගමන් කර තිබුනා. ඒ තමයි ඒ ගමන් මගේ දීල තිබුන දුෂ්කරම සහ භයානකම කොටස උනෙත්. අවසානයේ අපි කතාවට කියනවා වගේ හම යන්නේ අපේ නම යන්නේ උගේ වගේ වැඩක් ටෝගෝ සහ සෙප්ලාටත් සිද්ධ උනා. මෑතක් වෙනකන් ටෝගෝ වෙනුවට ඒ ගරු බුහුමන් ලැබුවේ බැල්ටෝ කියල වෙනත් සුනඛයෙක්. එත් නියම වීරයා උනේ ටෝගෝ. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ඔයාලට දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටය ඒ වීරයා ටෝගෝ වෙනුවෙන් සිහිවටනයක්ම වේවා කියල පතන ගමන් ඔයාලගෙන් සමුගන්නම්. 2020 වසරේ අලුත් අලුත් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා එක්ක බයිස්කෝප් අපි හැමෝම ඔයාල හමුවෙන්න සූදානමින් ඉන්නේ. එහෙනම් ගිහින් එන්නම් ජයෙන් ජය !!!
ටෝගෝ කල වීරක්‍රියාව වෙනුවෙන් ප්‍රසිද්ධ උනේ බැල්ටෝ නම් සුනඛයා වෙනුවෙන් නිර්මාණය වූ ස්මාරකය

ඒ වගේම අද පටන් ඔයාලට උපසිරසි බාගන්න ලොගින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදහස් පල කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඉඳල හිටලා ලොග් වෙලා අදහසක් දාන්න තරම් අපේ අය කරන දේ වටිනවා නම් පහලින් තියෙනවා ඔයාලටත් ඉඩක්. ජය !!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,598 downloadsDownload Togo-2019.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
90 comments
Praveen
Gathsara Umesh
බොහෝම ස්තූතියි අයියේ..සබ් එකට..❤️❤️❤️
අලුත් අවුරුද්ද සුබම සුබවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️lucisaithan
Happy new year සබ්බ එකට ස්තුතියි
lasa
Very Happy New Year to Biascope Team & Thanks for sub
keep going boys!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
කරන කියන හැමදේම සාර්ථක වෙන සුබ නව වසරක් වේවා.!!
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!Ishan Thilakarathne
බලපු ලස්සනම ෆිලුමක් අත අරින්න එපා කවුරුත❤
PramothC
ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි අයියේ...
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත අයියේ
ඔබටත් පවුලෙ සැමටත් නිදුක්, නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා !!!Kantha_DLA
සුභ නව වසරක් වේවා!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kasun sapu
Happy new year!
Thanks for sub.
wnrodrigo
good work friend, thnaks for the sub!
Kavi_madushan
Bohoma sthuthi sub ekta,jayawewa
Abigail movie ektth sub dennkorockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ඔබ කළ ප්‍රාර්ථනාව ඔබටත් ඔබේ පවුලේ සැමටත් එලෙසම සියලු යහපත් පැතුම් ඉටුවන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! ✌
ජය වේවා! ❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
The Dark Crystal: Age of Resistance (2019)rockz2020
post එක කියවන් යනකොට ඇත්තටම මතක් වුනේ Balto කතාව,
පස්සෙ බලනකොට හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ,
කොහොම හරි සුදුස්සාට සුදුසු තැන දෙන්න film එක හදපු එකනම් වටිනවා.
තද තද බලන්නම ඕන එකක් ✌
ජය වේවා! ✌❤
Hiran Eranda
Thanks for sub hasantha ayiye
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.
උදයංග සම්පත් හතරසිංහ
ජය වේවා අයියෙ.. 2020 සුබ වේවා..!
Dilanka Maduwantha
Happy new year and thanks Bro....
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුබ නව වසරක් වේවා!!!c4g
thanks..sub ganda log wenda on nathi eka nan hodai.man kochchara log wela pssword save karath sub ganda aye log wenda one..epa una e case eka nisa..
MAALnath
Thanks ..................good luck ..........................
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ... Happy New Year ...
Suresh Madhusanka
බොහෝම ස්තූතියි සහෝදරයා........ සුබ නව වසරක් වේවා...
Sulochana Ranaweera
Happy new year's guys.thanks bro
දමිත් රත්නායක
බොහොම ස්තුතියි හසන්ත සහෝ.ො
ජයෙන් ජයම වේවා!dulangabro
Thanks Bro
shaimafouz
thanks
subodha
Thanks
maikee
Thanks සබ් එකට , ජයවෙවා ඔයාට , ලැබු අව්රැද්ද සුබම සුභ අලුත් අව්රැද්දක් වෙවා
w.w.m.s.n.s.lakmal
එල එල.. මේ අවුරුද්දෙ සබ් ගන්න login ඕනෙ නැති එකත් හොද දෙයක්.. ස්තූති සහෝ..
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
uditha Kavinda
enakn balan hitapu ekak
sub ekata thanksBole
jAYA wEWA !!!
lakmal chathuranga
tank you sho... jayawewa niyama film akak ..
Malaka prasad
Thanq hasantha bro sub ekata. article eka niyamai.
chandika1975
thank you for the subtitle bro and keep it up
surapappa
tnx
sanjaya31055
Thnkz for sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravin Laksitha
Thanks
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Hiranhiru
2020 පළමු උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
කතාව කියෙවුවම බලන්න ආස හිතුනා.
ජයවේවා....!indika75
thanks..
Hashan Wijesinghe
elma
Hemantha De Silva
ස්තුතියි හසන්ත.....
ලස්සණ කතාවක්...ishara1
patta
Saranga J. Liyanagama
Thanks
chooty21
thanx for the sub
sadun@badun
thank u
Sahan Sangeeth
ela
Jayakantha2007
Supiri.. Thanx Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුභ අලුත් අවුරුද්දක් හසන්ත අයියා ඇතුලු බයිස්කොප් සෙට් එකටම.. මුලින්ම සබ් එක බෑවෙ මන් එහෙනම් ♥️♥️♥️
2020 මුලින්ම මේක තමා බලන්න ඉන්නෙ.
ස්තූතියි