ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් ත…

ආයුබෝ වේවා..!
2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪
ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter Two (2019), The Mist (2007), Dreamcatcher (2003), Secret Window (2004), 1408 (2007), Sleepwalkers (1992), The Dark Tower (2017), Gerald’s Game (2017), 1922 (2017), Cell (2016), Riding the Bullet (2004), In the tall Grass (2019), A Good Marriage (2014), Big Driver (2014), Mercy (2014), Pet Sematary (2019) මෙකී නොකී ලෝකය වසඟ කළ නිර්මාණ වල සැබෑ හිමිකරුවා තමයි ඔහු. ඉතිං මේ තමයි ඔහුගේ පරිකල්පන අලලා නිර්මාණය වුණු අලුත්ම සිනමා කෘතිය, Doctor Sleep (2019). ඉතිං කවුරුහරි කෙනෙක් Doctor Sleep (2019) බලන්න ආසාවෙන් ඉන්නවනම්, මුලින්ම The Shining (1980) බලල ඉන්න කියලත් මතක් කරන්න ඕනෙ. නැත්තං කතාව ටිකක් පැටළිලිසහගත වෙන්න ඉඩ තියෙනව. ඒ නිසා ඒකත් බලලම ඉන්න, අපි බයිස්කෝප් තුළින් ඒකටත් උපසිරැසි ලබා දීල තියෙන්නෙ.
2019 නොවැම්බර් මාසෙ 8 වෙනිදා තිරගත වුණු මේ සිනමා පටයට, IMDb මීටරයේ 7.5/10ක ප්‍රේක්ෂක මනාපයක් සටහන් වුණේ මනාප 46500+ ප්‍රේක්ෂක මනාප සටහන් කර ගනිමින්. පැය 2 විනාඩි 26ක් පුරාවට දිවෙන මේ සිනමාපටය Drama | Fantasy | Horror | Thriller ගණයට වර්ගීකරණය කරල තියෙනව. Hunting of the Hill House, Gerald’s Game, Hush වගේ නිර්මාණ අධ්‍යක්ෂණය කරපු Mike Flanagan තමයි මේ සිනමා පටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාවට පිදෙන සම්මාන ප්‍රදානයන් 16කට නිර්දේශ වුණු, ඉන් 4ක් ජයග්‍රහණය කරපු චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. Horrorfest සම්මාන උළෙලේ, Best Feature Film, Best Actor, Best Director, Best Screenpaly සම්මාන ලබාගන්න මේ චිත්‍රපටය සමත් වුණා.
එහෙනම් පොඩ්ඩක් බලමු මොකද්ද මේ කතාව ඇතුළෙ වෙන්නෙ කියල. ඩෑන් කියන්නෙ යම් ආකාරයක අධි මානුෂීය හැකියාවක් තියෙන දරුවෙක්. ඒ නිසාම ඩෑන් පස්සෙන් භූත බලවේග නිතර එනව. මේ බලවේග ඔක්කොම එන්නෙ එක තැනකින්, ඕවර්ලුක් කියන හොටෙල් එකෙන්. ඩෑන්ට ඕවර්ලුක් හොටෙල් එක එක්ක ලොකු සම්බන්ධයක් තියෙනව. ඒක මොකද්ද කියල චිත්‍රපටය අවසානෙ බලාගන්න පුළුවන් වෙයි. මේ අතරෙ තව පිරිසක් ඉන්නව මිනිස්සු වගේ, හැබැයි මිනිස්සු නොවන ආදිතම මනුෂ්‍ය විශේෂයක්. මේ අය ජීවත් වෙන්නෙ ඩෑන් වගේ විශේෂ හැකියා තියෙන අයගෙන් පිටවෙන “හුමාලය” කියන දේ ආහරයට අරගෙන. මේ හුමාලය පිටවෙන්නෙ බය සහ වේදනාව ඇති වුණාම. ඉතිං මේ ආදිතම මනුෂ්‍යයන්, මේ හුමාලය ලබා ගන්න හරිම බිහිසුණු දේවල් කරනව. ඒකත් පුංචි ළමයින්ට. මේ අතරෙ තමයි මේ ආදිතම මනුෂ්‍යයන්ට ඇබ්‍රා කියන පුංචි ගෑණු ළමය ගැන ඉව වැටෙන්නෙ. ඔන්න එතනින් තමයි මේ කතාව වෙනස් වෙන්නෙ.ඇබ්‍රා සහ වැඩිමහළු වියට පත් වුණු ඩෑන් මේ අන්ධකාරය එක්ක සටන් කරන්නෙ කොහොමද? ඒ වෙනුවෙන් කැප කරන්න වෙන්නෙ මොනවද? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ සිනමාපටයත් ඔයාලගෙ Watch list එකට එකතු කර ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනෙ, මට මේ චිත්‍රපටය ලබා දුන්නෙ අපේ හසන්ත වික්‍රමරත්න අයිය. හසායියටත් ගොඩක් ස්තූතියි මට මේක ලබා දීම වෙනුවෙන්. එහෙනම් ආයෙත් හමුවෙනතෙක් ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD පිටපත් සඳහා ලබා දි ඇත.
14,325 downloadsDownload Doctor-Sleep-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
61 comments
තිසර නියෝ
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!dehan95
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ!
උපසිරැසියට ස්තුතියි....මං බලන් හිටිය සබ් එකක්.... මං අද පොඩි ඉල්ලීමක් කරන්න කැමති...මේ දවස් වල lost in space season 2 සිංහල සබ් දෙන නිසාත් මං මෙහෙම ඉල්ලන්නේ.... දැනට lost in space season 2 සබ් දුන්නට පස්සෙ කලින් අයියා කරලා මග නැවත්තපු shadowhunters season 3 අන්තිම episode ටිකේ සිංහල සබ් ටික පුළුවන් නම් කරනවද episode 13 න් තමා නැවතුනේ....තව episode 9 යි ඉතිරි.... මොකද shadowhunters series එකම මේ season එකෙන් ඉවරයි... shadowhunters වලට ආදරය කරපු ලංකාවේ fansලා අඩු වුනත් අන්තිම ට දුන්නු සබ් දුන්නු දවසේ ඉදං (episode 13 )page එකේ 2019 දෙසැම්බර් 25 වෙනකං comments වැලම දැකලා comments කරපු හැමෝම වෙනුවෙන් තමා මං මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ....
මං අද site එකට ආවාම මං අද ගොඩක් සතුටු වුණා කාලයක් නතර කරපු Jessica jones series එකේ අන්තිම season එකට sub දෙන්න පටන් අරන් දැක්කම. කාලයක් තිස්සේ ඒ series එකෙ fanslage ඉල්ලීම ඉතින් දැන් හරි ඉටු වුනා....Plz මේ ඉල්ලීමත් පොඩ්ඩක් සලකා බලලා... shadowhunters Fanslata අන්තිම episode 9ට sub ටික දෙන්න පුළුවන් වන්නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා...
Kantha_DLA
සුභ නව වසරක් වේවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුබ නව වසරක් වේවා!!gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දෙනකන් හිටපු ෆිලුමක් මේක.....2020 ත් දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
දමිත් රත්නායක
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයchandika1975
thank you for the subtitle.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..අනිවාර්යයෙන් බලන එකක් තමා. BR එකක් ආවාම අප්ඩේට් එකක් දෙන්න..බුදුසරණයි..ජය වේවා!
Subhash13
බොහොම ස්තූතියි සහෝ . Doctor sleep එකේ BluRay එක දන්න විදියට එන්නෙ Director cut එක.සහෝ අනිවාර්යයෙන් ඒකටත් එක්ක සබ් එක Update කරන්න
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...0718901293
Thank you saho
Manjulasuranga
thanks brooooo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
malithmadhushan45
සබ් එකට බොහොම ස්තුතියි උදයංග අයියේ
suranuwan
thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
RuwanLakshan93
බොහෝම ස්තූතියි.....
sanjeewakbg
thanks bro..
nuwan1234
you should have translate the written things also
roba3090
Webrip awith ...plzzz update brother..♥️♥️
roba3090
Webrip awith ...plzzz update brother..
Banuka samaranga
Thank you
Dewadithya
Directors cut ekata sub update plz.
djtharindu397
Patta bro
lasaa
Breip awella. Update ekak dentoooo
Supun_no
Bluray eka nadda
Madhu@7
Meke Bluray ewith thiyenne. Update karanne neddoooo?????
Dilshanvgunasekara
Peya 3k eth maru...#shining baluwe nethi hinda awl giya...but maru
Hashan M. Priyadarshana
මචං Bluray ඇවිල්ලනෙ සබ් එක update කරන්නෙ නැද්ද
djtharindu397
මචන් අප්ඩේට් කරන්න අමරුයි කරල දෙනකන් ඉවසපන් නැත්නම් මම වගෙ අයෙ ටයිප් කරගෙන බලපන් උබට ඔනේනම් කියපන්
Hashan M. Priyadarshana
දියංකො බං කොහොමද උබව contact කරගන්නෙ :)
tharusha nawod
එ බං director's cut bluray copy එකේ sub එක නැද්ද
Update එක ඕනේIsuru Sanjeewa
Thanks brooo torrent ake meka download thiyenawada?
djtharindu397
බුලුරේ සබ් එක ඔනේද?
Kaushan53
Plz bro පුලුවන් ඉක්මනට දෙන්ඩකෝ
Hasithpriyankara
ow broo.ikmanata dannako.dawas ganak thisse bala bala inne update karanakn
Udaracharith1992
දියන් මචං..
nishiperera
Ane ow Bluray ekata sub update karannakooo....
chathxbro
Br Sub nadda Bro
Thisum
Thanks
Pramukmili
Thanx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
pasindu1997
මචන් සබ් update කරපන්කෝ bluray copy එකට
kanujathiranjaya
Film එකත් නියමයි. Subtitles නුත් නියමයි.
sahangayantha
thanks a lot saho sub ekata. BluRay ekata sub eka update karanakan inne film eka balanne nathuwa.. puluvan nam update karala denna saho
jonnysins
sub eka update krpnko bkkh bluray wlta
Shamal manojan
සබ් එක bluray update කරන්නකෝ. Please.........
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
s.s.m
tz sub ekata...
Dilshanvgunasekara
Peya 3k eth maru...#shining baluwe nethi hinda awl giya...but maru
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work. Love Both films.
දුලාජ්
bluray ekata wada na.
Anonymous
10 bit bulay walata weda ne
Shaggy
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.