Watch Trailer

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitles | නපුරට අධිපතිනිය! [සිංහල උපසිරැසි සමඟ] 100*

Sleeping beauty නැත්නම් නිදන කුමරිය විදිහට අපි දන්න කතාව තමයි Disney සමාගම මගින් fantacy ෆිල්ම් එකක් විදිහට නිෂ්පාදනය කරන්නෙ. ඒකෙ පළවෙනි කොටස තමයි 2014 වර්ෂයේ Maleficent ලෙස නිකුත් වුණේ. Imdb 7/10ක අගයක් ලබලා තියන ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසාම ෆිල්ම් එකේ 2 වනි කොටස විදිහට Maleficent the mistress of…

Sleeping beauty නැත්නම් නිදන කුමරිය විදිහට අපි දන්න කතාව තමයි Disney සමාගම මගින් fantacy ෆිල්ම් එකක් විදිහට නිෂ්පාදනය කරන්නෙ. ඒකෙ පළවෙනි කොටස තමයි 2014 වර්ෂයේ Maleficent ලෙස නිකුත් වුණේ. Imdb 7/10ක අගයක් ලබලා තියන ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසාම ෆිල්ම් එකේ 2 වනි කොටස විදිහට Maleficent the mistress of evil කියන ෆිල්ම් එක 2019 ඔක්තෝම්බර් 19 වෙනිදා රිලීස් වුණා. අන්න ඒ ෆිල්ම් එකට තමයි මම ඔයාලට මේ උපසිරැසිය අරගෙන ආවෙ.

Fantacy/ Action ගණයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joachim Ronning විසින්. ඔහුට මෙය නිෂ්පාදනය කරන්න Joe Roth, Duncun Henderson සහ මෙහි Maleficent චරිතයට පණ පොවන Angelina jolie යන පිරිස තම දායකත්වය ලබා දීලා තියනවා. කතාවේ තිර පිටපත Linda Woolverton, Noah Harpster සහ Micah Fitzerman-Blue යන පිරිස විසින් රචනා කරලා තියනවා.

මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන චරිත හොයාගෙන තියෙන්නෙ පැහැදිලිවම Disney’s sleeping beauty කතාවෙන් වගේම Charles Perraultගෙ La Belle au bois dormant කියන කතාවෙන්.

මෙහි එන නළු නිළියන් ගැන හැදින්වීමක් කළොත්,

1. Maleficent ගේ චරිතය කළින් කිව්වා වගේම ජනප්‍රිය නිළි Angelina jolie විසින් තමයි ඉදිරිපත් කරන්නෙ.
2. Elle Fanning- ආවුරෝරා කුමරිය
3. Chiwetel Eijofor – කොනල්
4. Sam Riley – දීවල්
5. Ed Skrein – බෝරා
6. Imelda Staunton – Knotgrass ගේ හඩ ලබාදීම සිදුකරලා තියනවා.
7. Juno Temple – Thistlewit ටත්
8. Lesley Manville – Fittle ටත් හඩ දායකත්වය ලබා දීලා තියනවා.
9. Harris Dickinson තමයි ෆිලිප් කුමරාගෙ චරිතයට පණ පොවන්නෙ.

මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කොට තිබෙන්නේ Geoff Zanelli විසින්. චිත්‍රපට සංස්කරණය Laura Jennings සහ Craig Wood විසින් සිදු කරලා තියනවා. Imdb අගය ලෙස නැවතත් 7/10ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය පැය 1 මිනිත්තු 58ක කාලයක් දිව යනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 185ක් වැයවී තිබෙනවා වගේම නැවත ඇමෙරිකානු ඩොලර් මිලියන 484.9ක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා. මේ අලංකාර නිර්මාණය අපවෙත ගෙන එන්නේ අපි කවුරුත් දන්න Walt Disney Pictures සහ Roth Films කියන ආයතන විසින්.

කතාව මුලින් පටන් ගන්නකොට ආයෙමත් Maleficent දුෂ්ට රැජිණක් විතරයි කියන කට කතාව හැමතැනම පැතිරිලා ගිහින්. ඔය අතරෙ ෆිලිප් කුමාරයා ආවුරෝරාට විවාහ යෝජනාවක් කරනවා. ආවුරෝරා එය පිළිගන්නවා. මේ විවාහයට ෆිලිප් කුමාරයගෙ අම්මා ඉන්ග්‍රිත් රැජිණ කැමති නැහැ. ඒක විනාශ කරන්න ඇයට හේතුවක් තියනවා. ඉතින් චිත්‍රපටය දිගටම නරඹනකොට ඒ දේත් දැනගන්න ඔයාලට පුළුවන් වෙයි. තාමත් මේ කතාව බැලුවෙ නැත්නම් සිංහල උපසිරැසියත් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා.

මේ මගේ 104 වෙනි උපසිරැසි නිර්මාණය. මගේ 100 වෙනි කඩයිමට මේ චිත්‍රපටය කරන්න කියලා ආරාධනා කළේ ශාන් විමුක්ති සහෝදරයා. වෙනදා වගේම මට ඒ වෙනුවෙන් උදව් කළාට ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මම 100 වෙනි කඩයිම පසු කරන මේ අවස්ථාවේදී මතක් කළ යුතුම කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ අක්කා. ගයේෂා සත්සරණි. මාව උපසිරැසි කරන්න හදුන්වලා දීලා මට උපසිරැසි කරන්න මුලින්ම කියලා දුන්නෙ අක්කා තමයි. ඉතින් ඇයට විශේෂ ස්තූතිය පිරිනමන්න කැමතියි.

අවසාන වශයෙන් හැමදාම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදිලා ‘බයිස්කෝප් සිංහලෙන්’ උපසිරැසි මත විශ්වාසය තබන ඔබටත් ස්තූතිවන්ත වෙනවා.

ලබන්නාවූ 2020 නව වසර සුභම සුභ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!

දිගටම බයිස්කෝප් සමග රැදෙන්න. ජය!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

35,007 downloadsDownload Maleficent-Mistress-of-Evil-2019-Blu-Ray.zip143 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

35,007 downloadsDownload Subtitles143 KB

126 comments

  1. Anushka_dilshan

    sub 1 danakamma hitiye
    mahansiwela hadapu sub 1 wenuwen mage hada piri sthuthiya .
    elabena laugh aurudda samayen sathutin piri subs aluth auruddak veva.

  2. Navodani Thilini Sasanika

    100 ‌වෙනි උපසිරසියට ‌සුභපැතුම් නංගි.. සබ් ‌දෙන එක වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න හදවතින්ම සුභපතනවා. උපසිරසියට ස්තූතියි.

  3. PaSindu MaDumal

    සොනාලි අක්කා සුබ පැතුම් අහ්..!
    ආසම එකකට 100 දීලා තියෙන්නේ...150ත් අල්ලමු ඔහොම්ම❤

  4. තිසර නියෝ

    100 වෙනි උපසිරසියට තුති..... දිගු ගමනකට සුබ පැතුම්.

  5. Pasindu16022

    Thanks for the sub akke.

  6. night king

    Thanks sis

  7. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි නංගි
    100* කඩයිමටත් උණුසුම් සුබ පැතුම් !!!
    ජය වේවා !!!

  8. Dkaushi

    thanks sis

  9. කවිශල් රසින්ත (කවී)

    මුලින්ම ශතකයට සුභ පැතුම් අක්කේ... ඔහොම්ම 150ත් ගහමු නේ.. මමත් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. අනිව බලනවා. එහෙනම් තව තවත් උපසිරසි කරන්න කාලය හැකියාව ලැබෙන්න කියලත්,
    පෞද්ගලික ජීවිතේ ඉදිරි කටයුතු සියල්ලක්මත් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා...!!

  10. Udaya Saman

    මුලින්ම 100 වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා නගා..ඒ වගේම දොවනියට උදව්වක් ඉල්ලපුවම නැ,,බෑ නොකියා කරල දෙන එකට මගේ ස්තුතිය.ඉතින් ඉන්මනටම ඊලග කඩඉමත් පහු කරන්න ශක්තිය ⁣⁣ෛධර්ය ලැබෙන්කෛියලා පාර්ථනා කරනවා....

  11. gihan perera

    ස්තුතියි නංගී....උණුසුම් සුභ පැතුම් කඩයිමට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  12. Danushkawic

    Thanks nangi.

  13. ශසිත් සඳරුවන්

    100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් නගේ...
    අක්කා හඳුන්වලා දුන්නට අක්කට වඩා නංගි සබ් කළා නෙව. :P
    තවත් කඩයිම් පහු කරන්නටත් පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම උපසිරැසි ක්ෂේත්‍රයේ දෙවෙනි කඩඉම නැතිනම් සියවැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම්.! උපසිරැසි නිර්මාණය කිරිම සඳහා තමන්ගේ වටිනා කාලය,ශ්‍රමය අන්අයගේ සිනමා රසවින්ඳනය වෙනුවෙන් කැපකරනවාට බෙහෙවින්ම ස්තුතියි.! ඒ වගේම ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)
    BR copy ආවම සබ් එකට update එකක් දෙන්න..
    ලබන්නා වූ 2020 නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.!
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  16. dsdkavishka

    Thenks for sub, congratulations sis

  17. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අක්කේ...
    100ට හදවතින්ම සුබපතවා..
    150න් හමුවෙමු...දිගටම සබ් කරන්නෝ......

  18. Sahan Sulakkhana

    sub ekata thanks sis

  19. dinith.kaluperuma

    Thank you sis..Good Luck.

  20. Samith_fenando

    Thanks sub ekata .

  21. benukanimsena

    සියවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා අක්කේ
    එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක්
    ඇන්ජලීනා නම් නොබලාම බෑනේ
    ඉඩ ලැබෙන විදිහට ඉස්සරහටත් සබ් අරගෙන එන්න
    ජය වේවා!!

  22. Rakitha Ranathunga

    සුභපැතුම් අක්කේ...
    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ඉක්මනට 150ටත් යමු..
    බුදුසරනයි...

  23. Ayesh Prashan

    Thank You

  24. tv malli

    thanku you sub ekata..2020 mulinma sub eka gattha film eka

  25. Kanchana

    thanx saho

  26. Sanjeewa2010

    Congtzzzzzzzzzz

  27. wajira

    Thanks for sub

  28. Suminda123

    Thanks

  29. MadurangaPerera

    Thanks for sub.Wish your happy new year.

  30. chandika1975

    thank you for the subtitle sis.........

  31. H_h_t_de_zoysa

    Thank you for sub

  32. H_h_t_de_zoysa

    Thank you for the sub

  33. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (සොනාලි තාරකා) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ සුභ අලුත් අවුරුද්දක් වේවා - 100 උපසිරසියට සුභ පතනවා......

  34. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
    ජය...

    සුභ අලුත් අවුරුද්දක වේවා...

  35. Cavil

    Sub ekata Thanks.

  36. subodha

    Thanks

  37. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  38. Aloka

    Thanks sis

  39. Shabi & Pavi

    ගොඩක් ස්තූතියි.....සහෝදරිය. දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා.....

  40. Nuwan_Hero

    thanks aaa supiri

  41. Kantha_DLA

    සුභ නව වසරක් වේවා…!!!
    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  42. චානක ඉඳුනිල්

    කඩයිමට සුභ පැතුම්,
    ඉදිරියටත් සබ් කරන්න කාලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...!

  43. sampath_sajee

    Thanks.

  44. Hiranya Sashi Kelum

    100 weni sub ekata unusum suba pathum ekarana maaaa . :D

  45. darshana100

    suba aluth awuruddak wewaa obatat siyaluba bicope sahodara sohodaraiya

  46. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි dr!✌❤
    100 වන කඩයිම වෙනුවෙන් සුබ පතනවා! ❤
    නව වසර වෙනුවෙන් ජය! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

  47. Prabhasoft

    Thank you... jaya wewa... subama suba nawa wasarak wewa...!!!

  48. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,jayawewa
    Suba nawa wasarak wewa!!!!

  49. Nuwan-chaminda

    Happy New year

  50. උදයංග සම්පත් හතරසිංහ

    දෙවැනි කඩයිමට සුබපැතුම් නංගි.. දිගටම වැඩේ කරගෙන යමු.. 2020 තව කඩයිම් ගොඩක් පසු කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා !

Load more comments