මොර සූරන මුරුගසම් වර්ෂාව… ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්… මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා… අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව, වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න! බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා… පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ… අපොයි! වතුර බහින්න තියෙන කාණුව…

මොර සූරන මුරුගසම් වර්ෂාව…
ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්…
මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා…
අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව,
වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න!
බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා…
පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ…
අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා!
දැන් ඉතිං බෝට්ටුව අරගන්නේ කොහොමද?
බෝට්ටුව අරගන්න බැරි වුනොත් අයියගෙන් බැණුම් අහන්න තමයි වෙන්නේ!
පුංචි ජෝර්ජිගේ පුංචි හිතට කල්පනා වුනේ එහෙමයි…
ඒත්, පොඩ්ඩක් ඔහොම ඉන්න!
කාණුව අස්සේ කවුද ඉන්නවා!
සැණකෙළි වල ඉන්න විදියේ විකටයෙක්!
හරි ආදරෙන් ජෝර්ජිට කතා කරලා බෝට්ටුව දෙන්න හැදුවා…
නමුත්, අන්තිමේදී සිද්ධවුණේ…
මුරුගසම් වර්ෂාවේ, කිසිවෙකුටත් නොපෙනී…
අහිංසක පුංචි ජෝර්ජිට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවුණා!
කාලය ගෙවිලා ගියා…
ඩෙරී නගරයේ ළමයි එකා බැගින් එකා අතුරුදහන් වුණා…
කිසිඳු සලකුණක් හො නොමැතිව!
මොකක්ද මේ වෙන්නේ?
කවුරුවත්ම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ!
නම දැක්ක ගමන් ගොඩක් දෙනෙක් අඳුරගන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා. ඔව්, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් දැවැන්තම සිනමා නිර්මාණයක් තමයි මේ අරගෙන ආවේ. නිකන්ම නිකන් දැවැන්ත චිත්‍රපටයක් නෙමෙයි. චිත්‍රපට ඉතිහාසයම වෙනස් කරපු චිත්‍රපටයක්. මේ සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වෙනිදා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වගේ මුදලකින්. අද කාලේ චිත්‍රපටි වලට වියදම් කරන මුදලත් එක්ක බැලුවාම ඩොලර් මිලියන 35ක් කියන්නේ සොච්චම් මුදලක් වගේ තමයි. ඒ නිසාමද මන්දා, නිෂ්පාදකයින් මේ චිත්‍රපටියෙන් බලාපොරොත්තු වුනේ ඩොලර් මිලියන 85ක බොක්ස් ඔෆිස් ආදායමක් විතරයි. නමුත්, සමහර වෙලාවට අපි කිසිසේත්ම නොසිතන දේවල් වෙනවා. මෙතැනදී වෙන්නෙත් නිෂ්පාදකයින් කිසිම විදියකින් නොසිතපු විදියේ දෙයක්. මෙම චිත්‍රපටය පළමු සති අන්තය නිමා කලේ (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන) ඇමරිකානු ඩොලර් මිලියන 123 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින්. මේ තමයි එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් පළමු සති අන්තය තුල ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 132 ක් ලබාගත් Deadpool චිත්‍රපටයට පමණයි මෙය දෙවැනි වෙන්නෙ. මේ ආකාරයෙන් ආරම්භ වෙච්ච මේ සිනමා නිර්මාණයේ ගමන, බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක බිඳ දමමින්, සමස්ත සිනමා ඉතිහාසයම උඩි යටිකුරු කරනු ලැබුවා. ලබාගත් බොක්ස් ඔෆිස් වාර්තා පිළිබඳව කෙටියෙන් පවසනවා නම්,
- පළමු සති අන්තය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව.
- එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල R කාණ්ඩයට අයත් Horror චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදායම් වාර්තාව.
- එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල Horror – Supernatural කාණ්ඩයට අයත් චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. (පළමු ස්ථානය – The Sixth Sense – ඩොලර් මිලියන 673)
- එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල ඕනෑම Horror කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව.
- Stephen King විසින් රචනා කරන ලද කෘතියක් අනුසාරයෙන් නිපදවන ලද චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදායම.
- සිනමා ඉතිහාසය තුල සැප්තැම්බර් මස තිරගතවීම ආරම්භ කරන ලද චිත්‍රපට අතුරින් පළමු සති අන්තයේ වැඩිම ආදායම් වාර්තාවක් ලබාගත් චිත්‍රපටය.
- ඕනෑම R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් තෙවන වැඩිම ආදායම් වාර්තාව.
- 2017 වර්ෂයේ නිකුත් වූ සියළුම චිත්‍රපට අතුරින් දසවෙනි වැඩිම ආදායම් වාර්තාව.
මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් වාර්තා කීපයක් විතරයි. මේ කරුණු ටික ඇති චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලා හොඳ අදහසක් ලබාගන්න. Horror, Thriller කාණ්ඩ යටතේ මේ සටහන ලියවෙන මොහොත වන විට එක්ලක්ෂ හැටදහස ඉක්මවූ මනාප සංඛාවක් තුලින් IMDB දර්ශකයේ 7.8 ක් වැනි ඉහළම අගයක් කරා පැමිණීමට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒ වගේම, මේ මොහොත වන විට ඇමරිකානු ඩොලර් මිලියන 654 696.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවන්න සමත්වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම්, තිරගතවීම ආරම්භ වෙලා මාසයක් ගතවෙන්නත් කලින් අරාබි වෙබ් අඩවියක් මගින් HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් නොකරන්න, මීට වඩා බොහොම දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් නිසැකවම මෙම චිත්‍රපටය තියනවා. ඒ වගේම, චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ, Stephen King මහත්මයාගේ සුප්‍රසිද්ධ IT නම් නව කතාව.
Horror චිත්‍රපට කිව්වාම සමහරු කියනවා, “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” කියලා. මේකට සාධාරණ හේතුවක් තියෙනවා. ගොඩක්ම Horror චිත්‍රපට ඒකාකාරී ස්වරූපයක් ගැනීම තමයි මේකට ප්‍රධානම හේතුව. මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හොල්මනක් වැහෙනවා. නැත්නම්, ගෙදරට යක්ෂයෙක් එනවා. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්තිමට බොහොම බලගතු පූජකයෙක් එක්කගෙන ඇවිල්ලා යක්ෂයා හරි හොල්මන හරි එළවලා දානවා. මේ තමයි වර්තමාන සිනමාව තුල අපිට ගොඩක්ම දකින්න පුළුවන් කතා තේමාව. තවත් සමහර ලොකු ලොකු Horror චිත්‍රපට තියෙනවා. බොහොම ලොකුවට කයිය ගහගෙන එනවා. හැබැයි, සාම්ප්‍රදායික යල් පැනගිය කතාවම තමයි ඇතුලේ තියෙන්නේ. අන්තිමට ලැජ්ජාව වහගන්න කියනවා, අපේ චිත්‍රපටිය බලලා බය වෙලා මිනිස්සු අච්චර ගාණක් මැරුණා, මෙච්චර ගාණක් මැරුණා කියලා. අනේ, මිනිස්සුත් ඉතිං ඕවට රැවටිලා ගිහිල්ලා බලනවා. චිත්‍රපටිය ඉවර වුනාම අන්තිමට බනින්නේ, “අපෝ, හොල්මන් චිත්‍රපටි නම් මෙලෝ වැඩක් නැහැ. ආයෙමත් බලන්නේ නැහැ” කියලා. මෙන්න මේ වගේ සාම්ප්‍රදායික යල් පැනගියපු හොල්මන් චිත්‍රපට නිසා තමයි සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම බාල්දුවට ලක්වෙලා තියෙන්නේ.
ඉතිං, මේ වගේ කාල සමයක තමයි මේ IT චිත්‍රපටිය නිකුත් වෙන්නෙ. මං කියපු කාරණා හොඳට තේරුණා නම්, මේ චිත්‍රපට මිනිස්සු මෙච්චර සාදරයෙන් වැළඳගන්න හේතුව මොකක්ද කියලා දැනටම තේරුම් ගිහිල්ලා ඇති. ඔව්, සාම්ප්‍රදායික Horror චිත්‍රපට කලාවේ සීමා බැමි සුනු විසුනු කරමින්, මෙතෙක් කාලයක් පුරාවට ඒකාකාරී රටාවකට යමින් තිබුණු Horror චිත්‍රපට ක්ෂේත්‍රය, නැවුම් වූ මාවතක් කරා යොමුවීමක් මෙම චිත්‍රපටය තුලින් සිදුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම්, සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු වීමක් සිද්ධවෙනවා. ඒ නිසා වගකීමෙන් කියනවා, මේ තියෙන්නේ ඔයාලා කලින් දැකලා පුරුදු සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටයක් නෙමෙයි. මෙච්චර කාලයක් තිස්සේ පුටුව උඩ අලසව වාඩිවෙලා නරඹපු හොල්මන් චිත්‍රපට වෙනුවට, බොහොම කුතුහලයෙන් පුටුව උඩ නැගලා බලන්න පුළුවන් විදියේ සුවිශේෂී නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.
ඒ වගේම, මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් 2019 වර්ෂයේදී නිකුත් කරනවා කියලා නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම, විශේෂම කාරණාව තමයි, මේක R කාණ්ඩයේ චිත්‍රපටයක්. ඒ නිසා, පොඩි අය චිත්‍රපටයේ හිටියා කියලා, මේක පොඩි අයට සුදුසු මට්ටමේ චිත්‍රපටයක් නම් නෙමෙයි. භාවිතා වෙන වචන නිසා 15+ වගේ බැලුවට ප්‍රශ්නයක් නැහැ.
එහෙනම්, ගිහිල්ලා එන්නම්. අනිවාර්‍යයෙන්ම අරගෙන බලන්න. මේක බලන්නම වටින චිත්‍රපටයක්. නොබලා ඉන්නවා කියන්නේ ලොකු පාඩුවක් කරගන්නෙ. ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!
ප. ලි. – මේ උපසිරැසි දීලා තියෙන්නේ HC-HDRip එකකට. මීට කලින් ඇරබියන් හාඩ් සබ් එකක් එක්ක HD පිටපතක් ආවා. ඒක අරගන්න එපා. ඒකට උපසිරසි දුන්නේ නැත්තේ චිත්‍රපටය පුරාවටම ඇරබියන් වෙබ් අඩවියක ලෝගෝ සලකුණු තිබුණා වගේම, බලන්න අපහසු නිසා. නමුත්, මේ දීලා තියෙන කොරියන් හාඩ් සබ් තියෙන පිටපත බලන්න කිසි අවුලක් නැහැ. අද උදේ (ඔක්තෝම්බර් 28) තමයි මේ කොපිය නිකුත් වුණේ. මේ පිටපත බලන්න අපහසු නම් කීයටවත් දෙන්නෙ නැහැ. මෙච්චර කාලයක් ඉවසුවෙත් ඒකයි. ඒ නිසා බලන අයට මේක බලන්න කිසිම අපහසුවක් නැතුව හොඳටම බලන්න පුළුවන්. රූප රාමු වල තත්වය ගැන සාම්පල් එකක් මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම, WEB සහ BR පිටපත් ආපු ගමන්ම අනිවාර්‍යයෙන්ම යාවත්කාලීන කිරීමක් කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
50,136 downloadsDownload IT-2017-BR.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
144 comments
Pramod
දමිත්
බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසියට.
නියම විස්තරයකුත් දීලා තියෙන්නේ මේ ගැන.
ජයෙන් ජය..pasindu
Sub ekata bohoma sthuthi. "Bandslam" movie eke sub eka dowload krnna bane
විදුෂාන් සජිත්
:-) මඟ බලාගෙන හිටපු එකක් නේ මෙදාපාර අරන් ඇවිත් තියෙන්නේ.. සිසිල සහෝ වැඩක් කලා කියන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි,.. ගොඩාක් ස්තුතියි උපසිරැසියට. ජය වේවා!..... :-)
IROSH
patta wage film sub eka enakanmi balan hitiye thanx sub ekata
Saketha Pulasthi
Horror චිත්‍රපට කිව්වාම සමහරු කියනවා, “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” කියලා.මේ හේතුව නිසා තමා මාත් හොරර් නොබලනේ..බලමු මේකෙන් ඒක වෙනස් වෙයිද කියල..බ්ලූරේ වලින්ම බලනව
උපසිරසියට බොහොම ස්තූතියි :)prasad
Sub ekata bohoma sthuthi.R KANDAYA KIYANNA MOKAKDA SAHO?
සිසිල ප්‍රසාද්
R කාණ්ඩයේ චිත්‍රපටි වල දරුණු වචන පාවිච්චිය, ලේ වැගිරීම් දර්ශන, නිරුවත් දර්ශන ඇතුලත් වෙන්න පුළුවන්. මේ චිත්‍රපටියේදී නිරුවත් දර්ශන නම් නැහැ. ලේ සහිත දර්ශන කීපයක් තියෙනවා. ලොකුවට නම් නැහැ. වචන පාවිච්චිය නම් ටිකක් දරුණු විදියට තියෙනවා.
sameera
thank you.toilet ek prem katha ekatath denawada
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Shashindu Thiwanka
උපසිරසියට ගොඩාක් ස්තුතියි..
shasith sandaruwan
අම්මෝ සිසිල ඒක!
හොල්මන් චිත්‍රපටි බලන්නේ නැති මටත් බලන්න හිතුනා. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Mala
අඩේ සබ් 1 තියෙ නම් මේල් කරන්නකො මේකෙ නැ
Naveen Lakshan NL
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Naveen Lakshan NL
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
දිගටම මෙවැනි උපාසිරස ලබා දීමට හැකියාව ලැබේවායි පතන්නව්කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිසිල අයියේ සිංහල උපසිරැසියට,
ජය වේවා...!නිරෝෂ්
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
Avindu umesh
thanks bro jaya wewa!!!
Dulanjana manoj
uda thiyana wisthara tika kiyauwama comment ekak dannama hithuna, atthatma math kaalayak horror beluwa, ara kiuwa hethu nisama nawatthuwa, movies walata wada tv series thami dan godakma balanne. walking dead aluth epi walata sub dala thiyna dakke nehe, mona unath meka nam balanwamai, danma download karnwa.. reqst ekak karannam. riverdale tv series ekata sinhala sub denna puluwan nam godak watinwa. kaalekta passe dekapu wenasma kathwak nisa, kaalayak thisse balan inne ekata sub dei kiyala. ma dawas wala season 2 yanwa, episode 3k wage awillath ewarai. puluwan nam ekatath sub denna, ma sub ekata tnx...
:D :D :D :DSulakshana Thilakarathna
ඔව් riverdale සීරියස් එකට සබ් දෙනවා නම් ගොඩක් අගය කරනවා, බයිස්කෝප් එකෙන් අනිවාර්යෙන් දෙයි කියලා හිතුවා,
Sulakshana Thilakarathna
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට! චිත්‍රපටියෙ සාම්පල් එකක් දාපු එක ගොඩක් වටිනවා, ලිපියත් සුපිරියටම තියෙනවා. ජයෙන් ජයම වේවා!!
Udara Damith B/K
පොඩ්ඩක් ඔය R කාණ්ඩය කියලා තියෙන ඒවා GENA ෆිල්ම් බෙදන KANDA ගැ නැ දැනුවත් කරනවද
Danushka
සහොදරයා කියලා තියන කතාව හරියටම හරි, මෙ චිත්‍රපටය එදා මෙදා තුර කාලයේදී නිෂ්පාදනය කරපු හොඳම චිත්‍රපට අතරින් කියනවට වඩා හොඳම චිත්‍රපටය කීවොත් හරි, මම බැලුවේත් අරාබි සබ් තිබුන එකක් එකත් මම හතර පාරක් දැනට බැලුවා, ඔයා මේ කියන කොපිය හොඳයි නම් තව පාරක් Download කරලා බැලුවත් පාඩු නෑ, අනිත් දෙ තමයි ඔයා කීවත් වගෙම කථාව පටන් ගන්න තැන ඉදන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. බලපු නැති හැමොටම මමත් කියන්නේ වෙනස්ම ආකාරයේ Horror Film එකක් බලන්න ඕන මේක තමයි හොඳම චිත්‍රපටය කියලා සබ් එකට බොහොම ස්තූතියි සහොදරයා.
SF
බයිස්කොප් එකෙ අය අපේ අදහස් අහල කියල කමෙන්ටුවක් දාාන්න කිවුවට මම නම් හිතන්නෙ අපි අනම්මනම් ඉල්ලනවට නම් කැමති නැ මං හිතන්නෙ ගොඩක්වෙලාවට අපි ඉල්ලන දෙකට සබ් වැටෙන්නෙනම් නැ එගොල්ලො හිතල හරි ඇඩ්මින්ල කියන එකකට සබ් දෙනව මිසක් අපෙ ඉල්ලිම් වලට ප්‍රතිචාර හම්බ වෙන්නෙම නැ.එක අතකට බැලුවහම එක එහෙම වෙන්න සාදාරන හෙතු කන්දක්ම ඇති(හරියට හැමොම ආස සුපිරිවිර හරි හැමදාම villan කෙනෙක්ව අල්ලන හරි blacklist,scropian වගෙ අපරාදයක් නවත්තන්න හදන එක (lucif වල වගෙ අපායෙන් ඇහිල්ල හරි කමන්නැ),supernature වල වගෙ හැමදාම භුතයෙක් අල්ලන කතාවලට නෙගොඩක් අය ආස දෙනකොට වැඩිකට්ටියක් බලන එකක් දෙන එක සාදාරනයි අනික මම උඩකිව්ව එවා ලස්සන නැතුව නෙමෙයි එවාහොදයි එත් හැමදම කට්ටියක් අලුත් ගෙදරකට යනව එහෙහොල්මනක් ඉන්නව(අලුත්ගෙදර හොල්මන)එව බලල මං කොමෙන්ට් දාන්න දිලාතියන ඉඩෙ පිස්සු කියොල ඉවරයි බනින කට්ටිය මටත් බැනගෙනම යන්න
SF
කට්ටියට ඇතිඋනාවගෙ අරවගෙ එව බලල බලල ඇතිවෙන දවසක් එනව අරවගෙ එවනම් බයිස්කොප් එකෙ ඔනතරම් තියනව මේගොඩට හැමදාම පවුල් ප්‍රශ්න වලින් පිරිච්ච flash දාන්න හිතුවත් අහන්න වෙන බැනුම් ප්‍රමානය ගැන සලකා බලා නොදා ඉන්නව හිංදි කතාවලවත් එතරම් family poblems මම නම් දැකලනැ.(මෙහෙම කියන මම මාවල් රසිකයෙක් නොවෙමි.මමත් ඇරොට ආසයි)ඇත්තටම උඩ මම දැම්මෙ මෙදවස්වල බයිස්කො එකෙ දෙන කතානිසා සැහෙන්න බැනුම් නම් අහන්න වෙයි මෙවකියල එවට කැමති අයගෙන්(එත්කොහෙද මට කට තියං ඉන්න බැනෙ criminal mind,hgawm,soue,bll,bett call s,fargo මතක්වෙන කොට)
sf
Ops යට එකෙ ඉදං උඩට බලන්ඩ
KAVINDA GAMAGE
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Dina
Download link ekak nadda bn
Amalka
තැන්ක්ස් මචන් සබ් එකට
sf
P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!LSM HUSKAA
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා! waiting fr br,
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Gathsara Umesh Kumara
Bohiom sthuthiy ayyee.....
Dmm banawa.....
Ikmnann thwath upasuresiyakin hmuwemmo...Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!---------“සිසිල ප්‍රසාද්”--------------
(Owner of the subtitle Factory)sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Sam fisher
cool bro,cool(සිසිල අයියේ සිසිල,ඔන්න මාත් සිංහල උපසිරසක් කරා ඉහත වචනය පරිවර්තනයකරල)ලගදි ජන්දයක් දින්න නේද(දැං ඇමතිද,මන්ත්‍රිද)අපිත් ඔයාට තමා vote කරෙ(එක ඇත්තටම තරගයක් පදනම් කර ගත්ත ජන්දයක් නෙමෙ උනත්)එවුනාට මම නම් එ movie එකට කැමති නැ(ඔන්න බයිස්කොප් එකෙ ඔක්කොම උපසිරස කරැවන් එක්වෙලා එක දවසට the wire(මෙක ඉතාපැරනි සිසන් 7-8ක්තියන නිසා කවදාවත් සබ්නම් ම්හ්ම්)වල සිසන් හත අටටම සබ් දෙනව කැමතිද අහල vote එකක් තිබ්බනම් මම අත්දෙකම උත්සනව.එවායෙන් කමක් නැ දැං පුලුවන්නම් ඉලග පාර එවගෙ එහෙකට vote එකක් තියන්න..
I asked where is it,google said baiscope has it
I gofor it,you had gave it.i see it.now downoading itSam fisher
And thanks for it
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට...BR එකක් එනකම් මේකට අත තියන්නෙවත් නෑ.ඒ තරම් වටින ෆිලුමක්.කොහොම උනත හොද පිටපතක් ආව ගමන් සබ් එක ගෙනපු එක ගොඩක් අගය කරනවා අයියේ..!
Devinda
Ty bro...Gdk Pin.....
Sandun_zuti
Thanks bro sub ekta...
elaz...thusitha
thanks brother,,,,,jaya wewa
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Harsha
Thada bro.. blue ray eka enakam innawa
thilina madushanka
thanks brother.....
janitha
thank you
සදෙව් බණ්ඩාර
ලිපියට හා සිංහල උපසිරසි ලබා දුන්න්නාට බොහොම ස්තුතියි.
dulitha hashan
thanks sub ekata
අසිත
bluray awama balamu
elama saho thanksRanga Prasanna
පෙනිවයිසගෙ දත් ටික ආයේ ආයේ බැලුවේ මම විතරද?
Rajitha Lakmal
මාත් බැලුව :p
gggff
ergfhg
kumara
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.
kanishka
720p link dennko
ashan lankanath
Thanks ........................good luck ................................
chamara
machan Stephen king's it kiyala meke parana movie eka thiyanawa. ekatath sub denna.
chamara
eketh BRrip eka awith thiyenne.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for subtitle.