Watch Trailer

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ…

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්…

The Phantom Stranger (2020)

ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino කියන දෙපල විසින්.

ඉතින් මේ වසරේ අපිට දැකගන්න ලැබෙනවා මොහුගේ කෙටි චිත්‍රපටයක්. කතාව ගැන කියනවනම් තරුණ කෙල්ලෙක් දෙමාපියොන්ගෙන් නිදහස් වෙලා මේ ලෝකේ සත්‍ය සහ තමන්ගේ නියම අරමුණ ඇයගේ මිත්‍රයින් සමග සොයා යෑම තමයි තියෙන්නේ. ඉතින් මේ සිදු වීමට ෆැන්ටම් ස්ට්‍රේන්ජර් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ…

Hair Love (2019)

මේක ගැනනම් ඔයාලගෙන් වැඩි දෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕණ නැති වෙයි. මොකද මේ වසරේ ඔස්කාර් උළෙලේ හොඳම ඇනිමේෂන් කෙටි චිත්‍රපටය තමයි මේ. ඒ වගේම තවත් එක සම්මානයක් ජයග්‍රහණය කරල තියෙනවා.

කතාව කියන්න යන්නේ නෑ. මොකද මේ කෙටි කතාවක් නිසා පෝස්ටරය හොඳින්ම ප්‍රමණාවත්. වචනයක් කීවත් ඒක රසවින්දනයට බාධාවක් වෙයි. එහෙමනම් මේ චිත්‍රපටයත් රසවිඳින්න කියල ආරාධනා කරනවා…

The Neighbors’ Window (2019)

මේක ගැනත් අමුතුවෙන් කියන්න වේවිද? නැහැ, මේ තමයි මේ වසරේ ඔස්කාර් උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය. තවත් සම්මාන ජයග්‍රහණයන් 11ක් සහ සම්මාන සඳහා නාමයෝජනා 2කුත් ලබන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

කතාව ගැන බැලුවොත්, තට්ටු නිවසක ජීවත් වෙන පවුලක් ඉන්නවා. හැබැයි මේ පවුලෙ අම්මයි තාත්තටයි පොඩ්ඩක් කම්පනයක් ගේන සිදු වීමක් වෙනවා. එයාල ජීවත් වෙන තට්ටු නිවාසයටම ඉදිරිපසින් තියෙන තට්ටු නිවාසයට තරුණ ජෝඩුවක් එනවා. ඔවුන් ජනෙල් තිර රෙදි පාවිච්චි කරල නැති නිසා හැම දෙයක්ම මෙයාලාට පේනවා. ඉතින් එයාලගේ හැසිරීම් දැක්කම මෙයාලගේ ජීවිතේ යම් යම් දේවල් ටිකක් සිද්ධ වෙනවා. ඉතින් විස්තර ඇතුව මේ චිත්‍රපටයත් බලන්නකෝ මොකක්ද එයාලා දෙගොල්ලොන්ට වෙන්නේ කියලා… සමහර පිටතින් පේන දේවල් එහෙමම නෙමෙයි කියන දේ මේ කතාවෙන් පෙන්නනවා.

තවත් උපසිරසකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,438 downloadsDownload The.Neighbors.Window.2019-Hair.Love_.2019-The.Phantom.Stranger.2020.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,438 downloadsDownload Subtitles15 KB

12 comments

  1. Kavinu

    සබට තුති! ❤️

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. indika75

    thanks..

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    DC තව ටිකක් තියෙනවා...පුලුවන්නම් ඒවටත් සබ් අරන් එමු...

  5. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ravisara Dharmapala

    Pattma supiri.. thnks for the sub

  8. PaThUm_WiNcHeStEr (පැතුමා)

    සිංහල උපසිරසට ස්තුතියි

  9. rockz2020

    බොහොම ස්තුතියි සහෝ! ❤
    ජය වේවා!

  10. MAALNATH

    Thanks ...................good luck ...................

  11. Dumindu Ishan

    Thankzz උපසිරැසියට

  12. Akila

    Thanks brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.