උපතින්ම දඟකාරයෙක් වන ටොම් සෝයර් , ඔහුගේ යාලුවා වෙන හක්ල්බෙරි ෆින් එක්කු එකතු වෙලා කරන දඟකාරකම් ගැන කියවෙන ජර්මානු භාෂාවෙන් එලිදක්වලා තියෙන කදිම චිත්‍රපටයක්. ටොම් සෝයර් ගැන චිත්‍රපට කිහිපයක්ම තිබුනත් ඒ අතරින් මේ ජර්මානු චිත්‍රපටය තමයි මගේ සිත් ගත්තේ. කතාව මෙහෙමයි. සෙන්ට් පීටර්ස්බර්ග් කියන නගරයේ මිසි…
උපතින්ම දඟකාරයෙක් වන ටොම් සෝයර් , ඔහුගේ යාලුවා වෙන හක්ල්බෙරි ෆින් එක්කු එකතු වෙලා කරන දඟකාරකම් ගැන කියවෙන ජර්මානු භාෂාවෙන් එලිදක්වලා තියෙන කදිම චිත්‍රපටයක්. ටොම් සෝයර් ගැන චිත්‍රපට කිහිපයක්ම තිබුනත් ඒ අතරින් මේ ජර්මානු චිත්‍රපටය තමයි මගේ සිත් ගත්තේ. කතාව මෙහෙමයි. සෙන්ට් පීටර්ස්බර්ග් කියන නගරයේ මිසිසිපි ගඟට ආසන්නයේ ජීවත්වෙන ටොම් සෝයර්ගේ දඟකාරකම් නිසා ඔහුගේ නැන්දා වන පොලි ටත් තිබුනේ මහත් වූ හිසරදයක්. මොකද මොහු ඉගෙන ගැනීමටත් වඩා මුරණ්ඩු වැඩ කරන ලමයෙක්. ඒ වගේම කිසිම දේකට බය නැති ලමයෙක්. පාසල් යාමත් හරි හැටි කරන්නේ නැතුව ඔහුගේ මිත්‍රයා වන හක් සමඟ කට්ටි පනිමින් සිටිද්දී බෙකී තැචර් කියලා ගෑනු ලමයෙකුත් ඒ අතරේදී ටොම්ට ආකර්ශනය වෙනවා.ටොම්ගේ වීරක්‍රියා ගැන ඔහුගේ කටින් අහලාම ඇය ඔහු ගැන පුදුමයට පත්වෙනවා. ටොම් හා හක් ගේ ඉරණම වෙනස් වෙන්නේ දවසක් රෑ සුසාන භූමියට ගිහින් පොඩි වික්‍රමයක් කරන්න ලෑස්ති වෙද්දී දකින්න ලැබෙන දෙයකිනුයි. සෙන්ට් පීටර්ස්බර්ග් වල ජීවත් වෙන ජෝ කියන මනුස්සයා මිනීමැරුමක් කරනවා මොවුන් දෙදෙනා විසින් දැකීමෙන් පස්සේ ඒ බව ඉවෙන් වගේ වටහා ගන්නා අර මනුස්සයා මොවුන් දෙදෙනා පස්සේ පන්නනවා. ඉතින් මේ යාලුවෝ දෙන්නා ඔහුගෙන් ගැලවෙන්න මොකද කරන්නේ? තව චරිත කීයක් මේ කතාවට එකතු වේවිද? මීට වඩා කතාව කියන්නේ නෑ. ගොඩක් දෙනෙක් කතාව කියවලා ඇති වුනත් මිනිත්තු 110ක් පුරාවට දිගහැරෙන, ලස්සන පසුතලවල නිර්මාණය කරලා තියෙන මේ සලරුව බාගෙන බැලුවට නම් පාඩුවක් වෙන්නේ නෑ.
IMDB දර්ශකයේ 6.2 ක් වගේ හොඳ අගයකට හිමිකම් කියන මේ සලරුව ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Hermine Huntgeburth ගේ නිර්මාණයක්.1876 වසරේදී එලි දැක්වුන මාර්ක් ට්වේන්ගේ The Adventures of Tom Sawyer – (ටොම් සෝයර් කෘතිය), කුඩා ළමයෙකුගේ දගකාරකම් මෙන්ම එදිනෙදා ජීවිතයේදී ඔහුට මුහුන දීමට සිදුවන අහඹු සිදුවීම් මෙන්ම ඔහුට සිදුවන අකරතැබ්බයන් පිලිබදව හාස්‍ය මුසු කරගෙන ලියවුනු අති විශිෂ්ට ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථයක්. ටොම් සෝයර්ගේ වීරක්‍රියා ලෙස සිංහල භාෂාවටත් මෙය පරිවර්ථනය කරලා තියෙනවා. මේ ටොම් සෝයර් කෘතියට අනුරූපව ලංකාවේ විකාශණය වුන ටෙලි නාට්‍යක් තමයි කාලයක් අපි ආසාවෙන් නරඹපු සිරි සිරිමල් කියන්නෙත්. මාර්ක් ට්වේන්ගේ මුල් කෘතියට අනුරූපව යම් යම් වෙනස්කම් සහිතව නිර්මාණය වුනත් මෙය නම් කදිම සලරුවක් කියලා කියන්න පුලුවන්.
833 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න
0A5004AD445368E418174593A17CFA1F223D81A5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,911 downloadsDownload Tom.Sawyer.2011.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
20 comments
Shyan Rhythmika
VIDEOS|9
පොඩි අයට වටින කතාවක් , සිතුතියි ඔබට ..!
පුළුවන් නම් The Adventures of Huckleberry Finn මේකටත් SUB එකක් දෙනවද .ප්‍රසාද් කන්දමුල්ල
සබට'''''ගොඩාක්..ස්තුතියි.... හොය..හොයා හිටපු ෆිල්ම් එකක්........
Ravindu Nipun
Thanks machan sub ekata...
thawa ekak thiyenawa Adventures of Huck Finn kiyala..
ekata sub denna..
good luck!sanjeewa
thanks a lot
Nilan Rajapaksha
පොත කියවලා තිබ්බට ෆිල්ම් එක බලලා නෑ...උපසිරැසිය දුන්නට ස්තූතියි....:-)
D Chamara
niyamai sahooo aniwa banna oni thanks...
Kulanjana Maduranga
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!තිසල්
”’ගොඩාක්..ස්තුතියි….
“චූටී මල්ලි”
නියමයි
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..............kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.....
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !ras
Thanks
lasapradeep
sabath gatta
aniwa gedata podiun ekkama balanawaරොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
තැන්කුයි ෙව්වා !!!!!!!!
ජය !
Susa
macho sub eka magadi wada karanne natuwa yanawa
H K
sub eka wada na sahoooo......
පසන්
සබ් එක හොදයි. අවුලක් නෑ සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tom Sawyer (2011) with Sinhala Subtitles| ටොම් සෝයර්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Tom-Sawyer-2011.jpg)

I'm the first thanks a lot...