Watch Trailer

Torchlight (2018) Sinhala Subtitles | පන්දම් එලියෙන් බැට කෑ ළදුන් [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Sadha. ඇත්තට…

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Sadha. ඇත්තටම මේක එයාගෙ චිත්‍රපට වලින් තවත් අභියෝගාත්මක චිත්‍රපටයක් කියාල කියන්න පුළුවන්. මේකෙ සෙසු චරිත රගපාන්නේ Riythvika, Thirumurugan, Varun Udhay යන අයයි. ඇත්තටම මේ ෆිල්ම් එක කාන්තා මූලික චිත්‍රපටයක්. 1990 දශකය වකවානුයේ තමිල්නාඩුවේ ආන්ද්‍රා ප්‍රදේශ්වල මාර්ග වල සිදුවූ සත්‍ය සිදුවීම් මේ සිනමා පටයට දායක කරගෙන ඇත . මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා තිර රචනය සිදු කලේ Abdul Majith විසින්.

ඉතිං මේ ෆිල්ම් එක මූලිකව කතා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධවයි. ඉතිං කියන්න ඕනෙ මුලින්ම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් කියාලා.

සෑම කාන්තාවක්ම ගණිකාවක් නොවේ, නමුත් සෑම ගණිකාවක්ම කාන්තාවක්. ඇයි කාන්තාවක් ගණිකාවක් බවට පත් වන්නේ?. ඕකට ගොඩාක් ලොකු විචාර දෙන්න අවශ්‍ය නෑ කියාලා හිතනවා. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට ඒකට හේතු හොයාගන්න පුළුවන්.

ඉතිං දැන් කතාව දෙසට හැරෙමු. කතාවෙ පොඩි ඉගියක් දෙන්නම්.සම්පූර්ණ කතාව කිව්වොත් වැඩක් නෑ කියාලා හිතනවා. කතාව දිග හැරෙන්නේ නිලා(Sadha) නම් කාන්තාව වටායි. ඇය දියනියක්, බිරිදක් ලෙස තම වගකීම් හොදින් ඉටු කල කෙනෙක්. ඒත් ඇයගේ සැමියා ශන්මුගන් සමග ඉතා කටුක දිවි පෙවතක් ගෙවන කෙනෙක්. නමුත් දිනක් හදිස්සියේම සැමියට ද සැත්මක් කරන්න වෙනවා. ඒකට හුගාක් සල්ලි හොයන්න වුනා. ඒත් ගෙවූ කටුක ජීවිතය නිසා එවැනි මුදලක් හොයාගන්න අපහසු වුනා. ඉතිං මේ මුදල් සොයාගන්න ඇය කරන්නේ කුමක් ද?. ඉතිං ඒ මුදල් හොයාගන්න කරන දෙයින් ඇයට මේ මුදල හොයාගෙන තම සැමියව බේරා ගන්නට හැකි වුනි ද?. සැමියව බේරගන්න බිරිද කල රැකියාව දැනගත් පසු සැමියා හා බිරිද අතර ඇති සම්බන්ධයට කුමක් සිදු වේද?.

ඉතිං ඒ ගැන දනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එක බැලුවම ඔයාට තේරේවී තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාන්තාවකට කැප කල නොහැක්කක් මේ ලෝකෙ තිබේ ද කියාලා.

එහෙනම් නැවතත් මෙ වගෙ සබ් එකකින් හමු වෙනකම් ඔයාලට සුභ දවසක්!!!

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

17,632 downloadsDownload Torchlight-2018.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

17,632 downloadsDownload Subtitles58 KB

20 comments

  1. indika75

    thanks..

  2. isuru srinath sjs

    සබ් එකට ස්තුතියි !!

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. Bandara

    Thanks lot Ravindu..Good luck

  5. සාරංග ජේ. ලියනගම

    Thanks

  6. Anonymous

    Thanks bro

  7. thilina

    thanx

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Anonymous

    Thanks Machooo......!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  12. D.Chamara

    bohoma sthuthi ..

  13. tharidu16

    thanks machi

  14. tharuka66

    iraj ge video walata wada honda athi

    1. Sihina

      Thanks bro

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  17. MadusankaMunasinghe

  18. Rishantha

    Thanks Brother

  19. Anonymous