Watch Trailer

Penguin (2020) Sinhala Subtitles | මවකගේ සෙනෙහස නොමැතිව නිදන පුතු…! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් සමග එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. ව්‍යසනකාරී තත්වය කෙමෙන් කෙමෙන් පහ වීගෙන ගියත් සිනමාවට තවමත් එහි බලපෑම එලෙසින්ම පවතින බව ඔබ දන්නවා ඇති. අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැම දෙයක්ම පෙර පරිදි ඇරඹුනත් සිනමා ශාලා තවමත් විවෘත කිරීමට හැකි වටපිටාවක් නොමැති නිසාවෙන් සිනමාව තවමත් එකතැන…

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් සමග එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. ව්‍යසනකාරී තත්වය කෙමෙන් කෙමෙන් පහ වීගෙන ගියත් සිනමාවට තවමත් එහි බලපෑම එලෙසින්ම පවතින බව ඔබ දන්නවා ඇති. අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැම දෙයක්ම පෙර පරිදි ඇරඹුනත් සිනමා ශාලා තවමත් විවෘත කිරීමට හැකි වටපිටාවක් නොමැති නිසාවෙන් සිනමාව තවමත් එකතැන හිරවී තිබෙනවා. ඉතින් හැකි අයුරින් ඩිජිටල් මාධ්‍යයන් හරහා චිත්‍රපට නිකුත් කෙරීගෙන යන සමයක පහුගියදා එලෙස ඩිජිටල් මාධ්‍යයට නිකුත් වුනු අභිරහස් අපරාධයක් පසුබිම් කර තැනු ත්‍රාසජනක චිත්‍රපටයක් අරගෙන එන්නටයි මේ සූදානම. ඉන්දියානු සිනමාව ගත්තම ඉන්දියානු ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන කර්මාන්තයක් තමයි සිනමා කර්මාන්තය කියන්නේ. ඉන්දියානු ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි සිනමා කර්මාන්තය කියන්නේ. මුළු ලෝකෙටම බලපාලා තියෙන කොරෝනා තත්වය හේතුවෙන් ඉන්දියානු සිනමාවත් මේ වෙද්දී බිංදුවටම වැටිලයි තියෙන්නේ. පිටපත රචනා කරන මොහොතේ පටන් චිත්‍රපටයක් සිනමාහලේ රිදී තිරයේ ප්‍රදර්ශනය කරන තුරු එහි ක්‍රියාදාමය පිටුපස සිටින බලගතු හස්තයක් තමයි නිෂ්පාදකවරුන් කියන්නේ. බොහෝ වෙලාවට ඔවුන් තම සේසතම චිත්‍රපටයකට ආයෝජනය කරන්නේ නිකුත් වී මෙන් පසු ලැබෙන ලාභය අරමුණු කරගෙනයි. එලෙසින් නිමවූ බොහෝ චිත්‍රපට ගණනාවක් ගොඩ ගැසී තිබියදී ලෝකයටම බලපෑ මෙම තත්වය හේතුවෙන් නිෂ්පාදකවරුන් දැඩි අසරණ තත්වයකට ඇද වැටී ඇති බව දකින්නට ලැබෙනවා. නමුත් ඔවුන් වෙනුවෙන් මේ මොහොතේ ඉතිරිව පවතින එකම විකල්පය වනුයේ OTT Platform එහෙමත් නැත්නම් over-the-top (OTT) media service ක්‍රියාදාමයයි. විශාල පිරිවැයක් තනා නිමකළ චිත්‍රපට මේ හරහා නිකුත් කිරීමට නොහැකි වුවත් අඩු පිරිවැයක් යොදා චිත්‍රපට නිපදවන නිෂ්පාදකකරුවන් හට මෙය හොඳ විකල්පයක්. එමෙන්ම සිනමාහල්වලට චිත්‍රපට නිකුත් නොවීම නිසා පසුතැවීමට පත්ව සිටින සිනමාරසිකයින් හටද මෙය ආරක්ෂාකාරී අවස්ථාවක්. ඒ අනුව වැඩ අවසන් කර තිබු චිත්‍රපට කිහිපයක්ම මේ මාධ්‍යය ඔස්සේ නිකුත් කිරීමට බොහෝ නිෂ්පාදකවරුන් තීරණය කරනු ලැබුවා. OTT Platform ලෝකයට හඳුන්වා දීමේදී යම් යම් මතභේදයට තුඩු දුන් කාරණා තිබුනත්, පසුගිය මාස දෙක තුන තුල මෙම සේවාවට මිනිසුන් කොතරම් පෙළඹුනාද යන්න සහ මෙම තාක්ෂණය මොනතරම් ජනප්‍රියත්වයට පත්වුවාද කියා සිනමාව ඇසුරු කරන ඔබ හොඳින්ම දන්නවා ඇති. ජාත්‍යන්තර සිනමාවට මෙය අලුත් දෙයක් නොවුනත් භාරත සිනමාවට මෙය අලුත් දෙයක් නිසා මේ ගැන පහුගිය දින වලදී වැඩි වශයෙන් කතාබහට ලක්වුනා. ඒ අනුව කොරෝනා බලපෑම හේතුවෙන් සිනමාහල්වල ප්‍රදර්ශනය නොකොට කෙලින්ම OTT Platform හරහා නිකුත් වන මුල්ම චිත්‍රපට ගොන්නෙන් එකක් තමයි අද මේ අරගෙන එන්නේ.

කීර්ති සුරේෂ්… පසුගියදා පැවති 66 වන ඉන්දියානු ජාතික සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් ඇගයීමට ලක්වූ කවුරුත් හඳුනන දඟකාර නිළිය. 2018 වසරේ නිකුත් වූ සියලුම ඉන්දීය චිත්‍රපට අතරින් ඉන්දීය නිලියන් සියල්ල පරදා Mahanati චිත්‍රපටයේදී ශ්‍රේෂ්ඨ නිලි සාවිත්‍රිගේ චරිතය නිරූපනය කල කීර්ති සුරේෂ් හොඳම නිලියට හිමි ඉන්දීය ජාතික සම්මානය දිනාගන්නට සමත් වූවා. Mahanati චිත්‍රපටයෙන් පසුව ඇයගේ චිත්‍රපට කීයපක්ම නිකුත් වූවත්, කීර්ති සුරේෂ් ජාතික සම්මානය දිනා ගැනීමෙන් පසුව නිකුත් වන පළමු චිත්‍රපටය වනුයේ Penguin චිත්‍රපටයයි. එම නිසා ඒ පිලිබඳ බලාපොරොත්තු ඉතාමත් ඉහල මට්ටමක පවතින බව නිසැකයි.


– කීර්ති සුරේෂ් මහානටී චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලබමින් –

කීර්ති සුරේෂ් සිනමා පවුලකින් පැවත එන නිලියක් වන අතර ඇයගේ දෙමාපියන් වනුයේ ප්‍රසිද්ධ නළුවකු සහ නිෂ්පාදකවරයෙකු වන G. Suresh Kumar සහ ප්‍රවීණ මලයාලම් නිළියක වන Menaka Suresh Kumar මහත්මියයි. චිත්‍රපට කිහිපයක ළමා චරිත කීපයක්ද හෙබවූ කීර්ති ප්‍රධාන නිලියක් ලෙස සිනමාවට මුලින්ම පා තබන්නේ මෝහන්ලාල් රංගනයේ යෙදුනු Geethaanjali (2013) චිත්‍රපටයෙනි. එතැන් පටන් මලයාලම්, දමිල, තෙලුඟු සිනමාපට රැසකට දායකවූ කීර්ති සුරේෂ් ජාතික සම්මානයෙන් පිදුම් ලබීමන් අනතුරුව ඉන්දියානු සිනමාව තුලම ඇය ගැන කතා බහට ලක්වුවා. එමෙන්ම ඇයගේ මීළඟ චිත්‍රපට ගැන ලොකු අවධානයක් යොමු වුවා මෙන්ම ඉහල බලාපොරොත්තු ගොන්නක් පොදී බැඳුනා. එලෙසින් ඇයව පළමුවෙන්ම Penguin චිත්‍රපටයෙන් දැකගන්නට ලැබෙන බව නිවේදනය වීමත් සමග ඒ ගැන රසිකයින්ගේ දැඩි අවධානයක් යොමු වුවා. Penguin චිත්‍රපටයට අමතරව ඉදිරියේදී ඇයව Miss India නම් Women Centeric චිත්‍රපටයෙන්ද, Aadhi Pinisetty සමග Good Luck Sakhi නම් sports rom-com ගනයට අයත් චිත්‍රපටයෙන්ද, නිතින් සමග Rang De චිත්‍රපටයෙන්ද, රජිනිකාන්ත් සමගින් Annaatthe චිත්‍රපටයෙන්ද අප හමුවට සිනමා තිරයෙන් පැමිණීමට නියමිතයි. එමෙන්ම මලයාලම් සිනමාවේ නිපදවෙන දැවැන්තම චිත්‍රපටය Marakkar: Arabikadalinte Simham චිත්‍රපටයේද වැදගත් චරිතයක් කීර්ති සුරේෂ් විසින් නිරූපණය කෙරෙණු ඇති.

Penguin චිත්‍රපටය ගැන කතාබහට ආවොත් මේක අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂක වරයෙක් වන Eshavar Karthic විසින් කතාව සහ තිර රචනයද ඔහුගෙන්. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයි. මින්පෙර ඔහු කීර්ති සුරේෂ්ගේම ගීතාංජලී චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කර තිබෙනවා. පෙන්ගුයින් චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්නේ Stone Bench Films නිෂ්පාදන ආයතනය යටතේ දමිල සිනමාවේ අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන කාර්තික් සුබ්බරාජ් විසින්. Petta, Jigarthanda, මතක නම් ඒ කාර්තික්ගේ අධ්‍යක්ෂණයන්. Penguin චිත්‍රපටය Psycho, mystery, Thriller කැටගරි වලට තාක්ෂණිකව නම් කලත් එය Emotional Thriller චිත්‍රපටයක් ලෙසින් පැහැදිලිව හැඳින්විය හැකියි. මෙය දමිල සහ තෙලුඟු භාෂා වලින් සමගාමීව රූගත කර තිබෙන අතර මලයාලම් බසින් හඬකවා දමිල, තෙලුඟු, මලයාලම් භාෂා තුනෙන්ම එකවර සමගාමීව Amazon Prime Video හරහා ජුනි 19 වනදා නිකුත් වූවා. මෙහි සංගීතය Santhosh Narayanan මහතා විසින් නිර්මාණය කර තිබෙනවා.


– කීර්ති සුරේෂ් Penguin චිත්‍රපටය රූගත කරන අතරතුරදී –

මං කලිනුත් කිව්වනේ සරල හැඟීම්බර ත්‍රාසජනක කතාවක් වටා තමයි මේ චිත්‍රපටය ගොඩනැගිලා තියෙන්නේ. සීත දේශගුණයකින් යුත් කඳුකර වනාන්තර පරිසරයක වෙසෙන රිදම් නම් ගැබිණියක් සය වසරකට පෙර අතුරුදන් වූ තමාගේ පලවෙනි පුතුගේ මතකය නිසා මානසික වියවුලෙන් තැවෙමින් ගෙවන කාල පරිසරයක් සහ එම මතකය යලි ඇවිස්සෙන සිද්ධීන් කීපයක් වටා තමයි මේ කතාව ගොඩනැගී තිබෙන්නේ. ආකර්ශනීය කතා වස්තුවක් මතින් පැය දෙකකට අධික කාලයක් කීර්ති සුරේෂ්ගේ රංගනයෙන් හැඩවෙන මේ චිත්‍රපටය මව් සෙනෙහස ගැන ඔබට හැඟීම්බර කතාවක් කියා දෙනු නිසැකයි. චිත්‍රපටය ඊයේ Amazon Prime හරහා නිකුත් වූවා. මේ වනවිට සාර්ථක ප්‍රතිචාර ලබමින් මෙය ඩිජිටල් මාධ්‍යය ඔස්සේ ජයග්‍රාහී ගමනක නිරත වෙනවා. ඉතින් ඔබටත් ඇරයුම් කරනවා බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියට පිවිස ඒ අද්දැකීම ඔබත් විඳගන්න කියලා. පාඩුවක් වෙන එකක් නැහැ. ත්‍රාසය කුතුහලය පිරි මිනිත්තු 132ක් මෙතැන් පටන් ඔබට බාරයි.


– පෙන්ගුයින් චිත්‍රපටය වෙනුවෙන් මේ වනවිට ලැබී ඇති ප්‍රතිචාර –

එහෙනම් අදට සමුගෙන යන්න අවසරයි. මේකට උපසිරැසි ගන්වන්න අවස්තාව ලබාදුන් මා මිත්‍ර විමා සහෝටත් ස්තුතිය පුද කර සිටිනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සෞඛ්‍යය රැක ගනිමින් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පරිදි ක්‍රියා කරමින් ප්‍රවේසමෙන් කාලය ගත කරන මෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම කිසිම ලෙඩක් දුකක් නැතුව නීරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියල පාර්ථනා කරන ගමන් අපි විසිවෙනවා. මව්-පිය සෙනෙහස ගැන නිමවුණු සාර්ථක නිර්මාණයක් මෙසේ ගෙනහැර දක්වමින් මං මෙසේ සමුගන්නවා. යන ගමන් පහලින් අදහසකුත් දක්වාගෙන යන්න කියල ඉල්ලා හිටිනවා මොකද දැන් ඒක කට්ටිය ටිකෙන් ටික අමතක කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. කමෙන්ට් කරන නොකරන හැමටම ජය පතමින් බයිස්කෝප් අපව ලංකාවේ අංක එකට ඔසවා තැබූ ඔබට අවසාන වශයෙන් නැවතත් කෘතඥතාවය පිරිනමන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

ප.ලි. – චිත්‍රපටය භාෂා තුනකින් නිකුත් වූවත් මෙහි කීර්ති සුරේෂ් තමා විසින්ම හඬ කවා ඇත්තේ දමිල භාෂාවෙන් පමණි. එම නිසා උපසිරැසි ගන්වා ඇත්තේ දමිල පිටපතට පමණි. ඒ හේතුවෙන් මෙම උපසිරැසි ගැලපෙන්නේ දමිල පිටපතට බව කරුණාවෙන් සලකන්න. දමිල පිටපත පමණක් ලබාගන්නා ලෙස ඔබට මතක් කර සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Tamil HD Rip පිටපත් සඳහා අදාළ වේ.

16,881 downloadsDownload PENGUIN-2020.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,881 downloadsDownload Subtitles47 KB

23 comments

  1. Pasindu Madumal

    අප්පා...දෙනකම් බලන් හිටියේ...!
    සබට තුති තාරක අයියේ ✌️❤️

  2. මයුර

    සබට තුති තාරකයෝ....
    දැන්මම බලනෝ.
    ගුලාබෝ සිතාබෝ එකටත් දීහන්කෝ
    දීහන්කෝ
    සතියක්ම ගියා

  3. Kavinu

    තුති වේවා තාරක අයියේ!
    බාන ගමන් එහෙනම්, ජය වේවා... ❤️

  4. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා ලොක්කා....
    ෆිලුමක් නැතිව වේලි වෙිලි ඉන්න කාලේ මේක මසුරං වටින ෆිලුමක් නෙව..
    දිගටම සබ් දෙමු කිව්වා....
    ජය!

  5. -චානක ඉඳුනිල්-

    සබට තුති සහෝ!

  6. Shamal manojan

    සහෝ, ඔබ මීට අවුරුදු 5 කට පෙර Andaz Apna Apna 1994 ෆිල්ම් එකට සබ් දුන්නා නේද? ඔබ ඒක විතරක් දීලා 90 දශකයේ ෆිල්ම් දෙන එක අත ඇරලා දැම්මා. 90 දශකයේ හින්දි ෆිල්ම් වලට ඇලුම් කරන අය ගැන නැවතත් සලකා බලා 90 දශකයෙන් ජනප්‍රිය ගීත සහිත චිත්‍රපට කිහිපයකට උපසිරැසි දෙන මෙන් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අඩුම තරමින් Ajnabee 2001, josh 2000 ෆිල්ම් වලට ඔබ උපසිරැසි කලා වගේ 2000-2010 කාලයට අයත් හින්දි ෆිල්ම් කිහිපයකට හෝ උපසිරැසි දෙන ලෙස ඉල්ලමි.
    අමීර් ඛාන් රඟපාපු Mann 1999 හා Mela 2000 ෆිල්ම් මා යෝජනා කරමි. හැකිනම් අක්ශේ කුමාර්ගේ, සල්මන් ඛාන් ගේ, අජේ දෙව්ගන්, සහිෆ්, සන්ජේ, ගෝවින්ද, සනී ඩියොල්, සුනිල් ශෙට්ටි, මිතුන්, අනිල් කපූර් ආදී නළුවන්ගේ චිත්‍රපට කිහිපයක් තෝරා උපසිරැසි ලබාදෙන මෙන් යලි යලිත් ඉල්ලා සිටිමි. එකල හින්දි චිත්‍රපට පට වලට ඇලුම් කරන අය වෙනුවෙන් එවැනි චිත්‍රපට කිහිපයක් උපසිරැසි කරන ලෙස මා ඔබෙන් යලි යලිත් ඉල්ලා සිටිමි. Please......

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. oshanda

    thanks sahoo

  9. ඉසර ශාලින්ද

    ගොඩක් ස්තූතියි

  10. amchaminda1996

    Thank you so much for sub.........

  11. mithnil1986

    Good job. Keep it up

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට !!

  15. Chandima Prasad

    සුපිරි ෆිල්ම් එකක්..සබ් එකත් සුපිරියටම තිබ්බා..තෑන්ක්ස් සබ් එකට..ජයවේවා................

  16. සඳුන් ජීවන් කුමාර

    My friend තාරක සහෝ... ඔන්න අද තමයි comment එක දාන්න අවස්ථාව හම්බුණේ.
    රඟපාන්නෙ කීර්ති සුරේෂ් නම්, සිංහල උපසිරැසිය තාරක නුවන් දිල්හාරගෙ නම්
    ඉතිං ආය film එක ගැන කියන්න දෙයක් නෑ SUPER තමයි !

    ok Bye.......

  17. Anonymous

    Great job, thanks for the subtitle

  18. Sameera

    පුළුවන් නම් Oprihan Black TV Series එකට සබ් හදන්න ගොඩක් ඒවයේ බාගෙට සබ් හදලා නවත්තලා

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  20. Anonymous

    adrishya film ekei mekei eka wage story ekakda yanne

  21. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝ මහන්සියට. ජයවේවා !!

  22. Anonymous

    Thnx so much sub ekta...

  23. Karu

    Me subtitles wlt match Wena film eke link eka thiynm dnnko.
    Hoya gnn bari unane.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.