Watch Trailer

Jhalki (2019) Sinhala Subtitles | මල්ලී වෙනුවෙන් අක්කා [සිංහල උපසිරසි සමඟ]

ජල්කී. කතා‍වේ ප්‍රධාන චරිතය. ලොකු කෙනෙක් නම් නෙවෙයි. අවුරුදු 9ක වයස බොහොම දුප්පත් ‍කෙල්ලෙක්. පොඩි වුනාට කෙල්ලගෙ ධෛර්යයයේ නම් පොඩියක් නෑ. ඒ වගේම කට. ජල්කී ඉන්නේ ගොඩක් දුෂ්කර ගමක තමන්ගෙ අම්මා තාත්තා මල්ලී එක්ක. තාත්තා හැමදාමත් බීගෙන එන්නේ ගෙදර. ඒත් පොඩි උන් දෙන්නට හරිම ආදරෙයි. ජල්කිගෙ අම්මගෙ අයියා, ග…

ජල්කී. කතා‍වේ ප්‍රධාන චරිතය. ලොකු කෙනෙක් නම් නෙවෙයි. අවුරුදු 9ක වයස බොහොම දුප්පත් ‍කෙල්ලෙක්. පොඩි වුනාට කෙල්ලගෙ ධෛර්යයයේ නම් පොඩියක් නෑ. ඒ වගේම කට. ජල්කී ඉන්නේ ගොඩක් දුෂ්කර ගමක තමන්ගෙ අම්මා තාත්තා මල්ලී එක්ක. තාත්තා හැමදාමත් බීගෙන එන්නේ ගෙදර. ඒත් පොඩි උන් දෙන්නට හරිම ආදරෙයි. ජල්කිගෙ අම්මගෙ අයියා, ගමේ ඉන්න දුප්පත් ළමයින්ව නගරයට අරන් යනවා රස්සා දෙන්න කියලා. හැබැයි අරන් ගිහින් කරන්නේ එයාලව මොකක් හරි කර්මාන්තශාලාවකට විකුණලා හංගගෙන වැඩ ගන්න එක. කොහොම හරි ජල්කිගෙ මල්ලිවත් මේ නරුමයාට බාර දෙනවා එයාගෙ අම්මා. එතන ඉඳන් කතාවේ රසම ටික පටන් ගන්නවා. ජල්කී තමන්ගෙ මල්ලිව හොයනවා. එයා යන්න පුලුවන් හැමෝම ලඟට යනවා. ජල්කිට මල්ලිව හොයාගන්න පුලුවන් වෙයිද? ඔයාලම බලන්න. අන්තිමට ඇහැට කඳුලක් එක් කරන්න සමත් වෙන කතාවක්.

2019 නොවැම්බර් 14 නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය ඉන්දියාවේ සිදු වන ඉතාමත්ම දරුණු අපරාධයක් වන ළමා ශ්‍රමිකයින් එහෙමත් නැත්තම් ළමා වහලුන් බේරාගැනීම උදෙසාම නිර්මාණය කෙරූ චිත්‍රපටියක්. සම්මාන රැසක්ම දිනාගන්නත් සමත් වෙලා තියෙනවා. IMDB 7.6 ක ඉහල අගයක් මෙන්ම විචාරක පැසසුම් නොඅඩුව ලැබිලා තියෙනවා. Boman Irani ඇතුලුව තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක්ම කතාවට දායක වෙලා තියෙනවා. සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය කර ඇති නිසා බොහොම තාත්වික විදියට කතාව පැයයි විනාඩි 44ක් තිස්සේ ගලාගෙන යනවා. ආරාධනා කරනවා ලස්සන කතාවක් නරඹන්න කියලා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,153 downloadsDownload Jhalki.2019.Baiscopelk.com_.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,153 downloadsDownload Subtitles36 KB

14 comments

  1. සාරංග

    Good job , bro !

    Tnx !!

  2. ErangaLakmal

    The Current War film akatath sinhala sub hadanna, tnx..

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. ඌෂ්ණ ශිරෝමි

    ස්තූතියි රංග අයියේ මේ චිත්‍රපටියට සබ් එක ගෙනාවට. අයියා ගේන සබ් මම කොහොමත් බලනවා. ඒ අයියගේ තේරීම් රසය මගේ රසයත් එක්ක ගොඩක් ගැලපෙන නිසා. ඊලග එක එනකම් බලන් ඉන්නවා සුදු අයියේ. ඉක්මනට ගේන්න. පරිස්සමින් ඉන්න. දෙවි පිහිටයි ඔයාට.

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  6. Hashan M. Priyadarshana

    * Birbal (2019) Kannada
    * Valayam (2020) Telugu
    මේවටත් සබ් ලැබේදෝ :) :)

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  8. nish47

    ස්තූතියි සහෝ

  9. D.Chamara

    bohoma sthuthi

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Harsha

    Bohoma ස්තුති ...broo..

  12. mindika

    Thanks !!!

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. mindika

    Thanks !!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.