Watch Trailer

Tracks (2013) | පා සටහන්… [සිංහල උපසිරැසි සමඟ]

හායි! මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම! මේ වගේ වැඩක් කරන පලවෙනි වතාවත් මේකයි. baiscope එකෙන් subs බබා හිටියට subs හදල තිබ්බේ නෑ. ඉතින් මටත් හිතුන එකක් කරලා baiscope එකට දාල ඔයාල එක්ක මම බලපු පට්ට film එකක රසය බෙදා ගන්ඩ!. අඩු පාඩු තිබ්බොත් ගනන් ගන්ඩ එපා හොදේ! film එක නම් සිරා film එකක්. කෙල්ලෙක් වටා […

Tracks (2013)

හායි! මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම! මේ වගේ වැඩක් කරන පලවෙනි වතාවත් මේකයි. baiscope එකෙන් subs බබා හිටියට subs හදල තිබ්බේ නෑ. ඉතින් මටත් හිතුන එකක් කරලා baiscope එකට දාල ඔයාල එක්ක මම බලපු පට්ට film එකක රසය බෙදා ගන්ඩ!. අඩු පාඩු තිබ්බොත් ගනන් ගන්ඩ එපා හොදේ!

film එක නම් සිරා film එකක්. කෙල්ලෙක් වටා තමා කතාව යන්නෙ. තව මේක ඇත්ත සිදුවීමක් පාදක කරගෙන කරපු film එකක්. ස්ටොරිය කෙටියෙන් මෙහෙමයි, රොබින් කියල කෙල්ලෙක් ඔස්ට්‍රේලියාවට එංගලන්තේ ඉදල එනව. ඔයාල දන්නවා ඇතිනේ , ඔස්ට්‍රේලියාව කියන්නේ ලොකූ කාන්තාර තියෙන රටක්.තව එහෙ ස්වදේශිකයෝ ඉන්නව. අපි දකින ඔය සුදු අය ගොඩක් එංගලන්තෙන්, අරහෙන් මෙහෙන් පස්සේ ගිහින් පදිංචි වුන අය. හරි ඉතින් දැන් මේ රොබින් ටිකක් අමුතු කෙල්ලෙක් (අමුතු නැත්තෙ මොන කෙල්ලද නේ 😉 ). මෙයාට අසාවක් තියෙනව මෙහෙ තියෙන ලොකූ කාන්තරයක් හරහා තනියම ට්‍රිප් එකක් පයින් යන්ඩ.එසේ මෙසේ ට්‍රිප් එකක් නෙමේ,මාස 6ය 7ක ට්‍රිප් එකක්.හැතැප්ම 1700ක විතර දුරක්.ඉතින් බඩු එහෙම අරන් යන්ඩ ඔටුවො එහෙම ඕනනෙ.නමුත් සල්ලි නෑ ඔටුවො  ගන්ඩ. එතින් එක එක තැන වැඩ කරලා ඔටුවො ටිකක් හොයාගෙන ගමන පටන් ගන්නව.තව national geography මැගසින් එකෙනුත් මෙයාට අනුග්‍රහ කරන්ඩ පොරොන්දු වෙනව. මැගසින් එකට පොටෝ ගන්ඩ රික් කියල කොල්ලෙක් එවනව. හැබැයි මෙයා රොබින් එක්ක එක දිගට යන් නෑ. සැරින් සැරේ මාස දෙක තුනකට පාරක් ඇවිත් පොටෝ ගහලා යනවා. තව ඉතින් එනම් මනම් වෙනව!. 

නමුත් වැඩේ කියන්නේ මේ ට්‍රිප් එක රොබින් යන්නේ ප්‍රසිද්දිය බලන් වත්, සල්ලි බලනවත් එහෙම නෙමේ. මෙයාට ඕන මේ ගමන තනියම එයාගේ පාඩුවෙ යන්ඩ.මෙයත් එක්ක මේ ගමනට මෙයාගේ සුරතල් බලලත් එනව.එත් කියන්ඩ කණගාටුයි ගමන ඉවර වෙද්දී බල්ල නම් නෑ. ඌට මොකද වෙන්නෙ කියල ඔයාල film එක බලද්දිම බලන්ඩකෝ. මෙයා තනිකමට ආස නිසා අර පොටෝ ගහන්ඩ රික් මාස ගානකට සැරයක් එන එකටත් මෙයා සමහර වෙලාවට කැමති නෑ.මෙයා මේ ගමන යන්නේ හිතේ දුකක් තියන්. මොකද මෙයාගේ පොඩි කාලේ එච්චර සුන්දර නෑ. ඒ මොකද කියල film එක අතර මැදින් පෙන්නවා. ඒවා film එක බලද්දිම බලන්ඩ. නැත්තම් වෙඩක් නෑනෙ මෙතන ඔක්කම කිව්වොත්.

අන්තිමට කියන්ඩ තියෙන්නෙ, film එක හරිම slow යන, මාර රිලැක්ස් එකේ බලන්ඩ පුළුවන් එකක්. හිත නිමිල යනවා බලන් යද්දී. මොකද කාන්තාරයක් හරහා යන ගමනක් තියෙන film එකක්. කටුකයි තමා ගමන. එත් ඒ කටුක බව තුල රොබින් විදින නිදහස, සතුට, තනිකමේ සුන්දරත්වය,  නිෂ්ශබ්දතාවය සහ තව ගොඩක් දේවල් මේ film එක බලද්දී අපිටත් දනෙන්ඩ ගන්නව. ඉතින් රොබින් මේ ගමන යන්ඩ කලින් සල්ලියි ඔටුවොයි හොයා ගන්ඩ කන කට්ට සහ ගමන යද්දී හම්බෙන අය, ගමනේදී එයාට මුහුණ පාන්ඩ වෙන දේවල් මොනාද කියල දැන ගන්ඩ ඔයාලත් film එක බලන්ඩකෝ..එහෙනම් ඔන්න මම ගියා..තව උපසිරැසි ගැන්වීමක් එක්ක baiscope එකෙන් හම්බෙමු!. 

Tracks (I) (2013) on IMDb

 

 

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8CBCEBB827AEC4EBE6EB1C210FBBC428A89C6AD8

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

55156D48505FBB3EA347C24A9652A6E9BCF71AF7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,544 downloadsDownload Tracks-2013.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අෂාන්-ප්‍රියදර්ශන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂාන් ප්‍රියදර්ශන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අෂාන් ප්‍රියදර්ශන

Subtitles

1,544 downloadsDownload Subtitles56 KB

49 comments

  1. Mayura Suraj

    patta ekak wage saho. man asa me wage ewata. welawak labunu gaman banawa. jaya wewa, e wagema welcome wewa..! thawa sub goda godaak genna.

  2. Dilshan kalinga

    සබට තුති...
    ඔන්න බාන්න දැම්මා.
    වෙලාවක් ලැබුණු සැනින් බලන්න ඕනේ. පළමු උපසිරසියට සුබපැතුම්.
    කාගේ අතින්ද වැරදි නොවෙන්නේ.ඒවා හදාගෙන ගමනක් යමු නේද.
    බයිස්කෝප් එකෙට සාදරයෙන් පිළිගන්නවා.

  3. Global

    Congratulation For The First Sub...!
    HDRip Copiyata BR Sub Galapenawa Athinedda Kollo?

  4. ANJANA

    thanks.. good luck!

  5. වරුණ රංගජිත් (වරූ)

    niyamai bro
    1 ta jaya
    magen subapathum

  6. නලින්

    ස්තුතියි අශාන් සහෝ! පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පතන ගමන් දෙවන එකත් ඉක්මනින් ගෙන්න කියලා සුභ පතනවා!

    ජය වේවා!

  7. ජයනි චතුප්‍රභා

    Thank you Ashan... suba pethum..thawath sub denna

  8. අයේෂ්

    මුලින්ම කියන්නෝන, පලවෙනි උපසිරැසියට ජය වේවා!!..
    අනිව මේ බයිස්කෝප් එක බලනෝ..
    ගොඩාක් ස්තුතියි..

  9. SUBHA

    පළමු උප සිරැසියට සුභ පැතුම් ...

  10. Sisira Hegoda

    පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පතනවා

  11. Naween

    තෑන්ක්ස්මචන් සබ් එකට.පළමු උපසිරැසියට සුභ පැතුම් …දිගටම මේ පිං අතේ වැඩේ කරගෙන යං....

  12. Nelson Rodrigo

    තෑන්ක්ස්

  13. chinthaka

    thanks sub 1 dunnata

  14. SAMEERA DILSHAN

    පළමු උප සිරැසියට සුභ පැතුම් ..............!

  15. me

    Thanks

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Thanu

    Thanx saho sub 1ta

  18. HimEshCrEeD

    පලමු සබ් එකට
    බොහොම තුති
    දිගටම දෙමු සහෝ
    හොද වැඩක්

  19. Darshana

    niyama film ekak wage.. sub ekata thanks..
    thawa me wage film denna.
    good luck.

  20. Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො .පළමු වැඩේට සුභ පතනවා. එහෙම තමා කොල්ලො. අපි මිනිස්සුනෙ. වැරදි වෙනවා

  21. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    ස්තුතියි සබ් එකට.
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  22. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda ASHAN saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again.jaya wewa............

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  24. ෂෙහාන් බුද්ධිම

    පලවෙනි වැඩේට සුබපැතුම්!!!!
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  25. “චූටී මල්ලි”

    එල මචෝ
    බලමු තත්වෙ
    තව එකක් කරමු නෙහ්
    සබට තුති
    ඔබට ජය................

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  27. wiki

    Thanks

  28. wele

    thanks
    bro

  29. nishshanka ruwan

    ස්තුතියි :)

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  31. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ සබට...

  32. හශාන්

    පදිරි එකකට දාල වගේ :D ජය~!

  33. තාරුක

    පළමු උප සිරැසියට සුභ පැතුම්

  34. M.D.A Pradeep(අමිල මනනදේව)

    පට්ට මචන්..ෆිල්ම් එකත් පට්ට සිරා..
    උපසිරසි වලට බොහෝම ස්තුතියි..
    ජය වේවා....!!

  35. era

    niyama film 1kak wage macho. thanks

  36. Deshan

    පළමු උපසිරසියට සුබපැතුම්

  37. janaka kalu

    පළමු උපසිරසියට සුබපැතුම්.
    බොහෝම ස්තුතියි..
    ජය වේවා….!!

  38. Mindika

    Thanks !!!!!!!!!!!!!!!

  39. Dulanga

    thanks

  40. Leo Nicks

    ස්තුති සහෝ..

  41. රොයිලි

    බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  42. chandima

    ස්තූතියි!!!!!

  43. pamuditha

    සබට thank U වේවා :)
    දෙතුන් වතාවක් බලන්න නොහිතුනත් ඉවරවෙන්න කලින් අවසානය බලලා නතර කරල දාන්න නොහිතෙන ටිලත් විතර වෙනස් film 1ක්.

  44. jala

    adoooooooooo pattai huththo.........karima sub eka

  45. nidi

    Ashan, oyage palamu uthsahaya athi sarthakai. issellama me wage film ekak thoragannata edithra weematai thank karanna one. thawamath comments adu me wage films balana aya adu nisa wennathi. eeth wede atha arinna epa. eyi deweni film ekak thawamath sub kale neththe? pls,me wage wenasma, hondama film ekakuth aran ayeth enna baiscope adawiyata. jayawewa!

  46. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  47. Gayan Chathuranga

    බොහොම ස්තුතිය සහෝ

  48. madhusankha

    Thanks bro...

  49. Sanjeewa

    සබ් එක ගොඩක් හොඳයි. ඒත් මචං මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුව එකක් නිසා අවසානේ මේ කතවේ සත්‍ය සිදුවීම සම්බන්ධ විස්තර වගයක් යන්වා. ඒවා ඔයා පරිවර්තනය කරල නෑ. ඒක ලොකු අඩුවක්. ඒක හදලා ආයෙම දාන්න. සුභ පැතුම්....❤️❤️❤️