ඔන්න මම ට්‍රාන්ස්ෆොර්මර්ස් දෙවැන්නත් අරගෙන ආවා. කලින් එක එක්ක බලනකොට මේකට සෑහෙන්න කාලයක් ගියා මොකද පලවෙනි එක දුන්නේ ගිය දෙසැම්බර් වල නිසා. අනික මේකේ අමුතු අමුතු වචන ගොඩයි. කොහොමහරි ඔන්න වැඩේ ඉවර කරගත්තා. හතරවෙනි එක එන්න ඉස්සෙල්ල කොහොමහරි තුන්වෙනි එකත් දෙන්නම් ඈ 😉 කලින් කිව්වා වගේ මේ එක චිත්‍රපටියක…
ඔන්න මම ට්‍රාන්ස්ෆොර්මර්ස් දෙවැන්නත් අරගෙන ආවා. කලින් එක එක්ක බලනකොට මේකට සෑහෙන්න කාලයක් ගියා මොකද පලවෙනි එක දුන්නේ ගිය දෙසැම්බර් වල නිසා. අනික මේකේ අමුතු අමුතු වචන ගොඩයි. කොහොමහරි ඔන්න වැඩේ ඉවර කරගත්තා. හතරවෙනි එක එන්න ඉස්සෙල්ල කොහොමහරි තුන්වෙනි එකත් දෙන්නම් ඈ 😉 කලින් කිව්වා වගේ මේ එක චිත්‍රපටියක පේලි 2000ක් විතර තියෙනවා ඒවත් පිටසක්වල වචන. අත ගැහුවට ලේසි නැහැ සිංහලට හරවන වැඩේ. එහෙනම් මම කතාව ගැන කියන්නම්.
චිත්‍රපටය ගැන කියනවා නම් ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකය තුල ලකුණු 6ක් සහ ලොව පුරා අදායම ඩොලර් මිලියන 836ක් වාර්තා කරගෙන තියෙනවා. ඒ වියදම වූ ඩොලර් මිලියන 200ක් වූ මුදලට එරෙහිව. මෙතෙක් ලොව තිරගත වූ චිත්‍රපට වලින් ලැබූ වැඩිම අදායම් වලින් එයට ලැබී තියෙන ස්ථානය 38. ඒ වගේම නැති වූ මැලේසියන් ගුවන් යානය නිසා කරළියට ආපු දියාගෝ ග්‍රාසියා කියන දූපත ගැනත් මේ කතාවේදී කියවෙනවා. දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවනේ ඒ නිසා ඒ මොකද්ද කියලත් කියන්නම්. මේ දූපත තියෙන්නේ අපේ රටට පහලින් එකත් ඇමෙරිකාවේ ඒරියා 51 වගේ තැනක්. පොඩි දූපතක් ඇමෙරිකානු යුධ මෙහෙයුම් කටයුතු වලට යොදාගන්න. ඒ වගේම දීර්ග ගුවන් පථයකින් සමන්විතයි.
මුල කොටසේදී තමයි මුලින්ම සයිබර්ට්‍රෝන් රොබෝවරුන්ගේ පෘතුවි ආගමනය සනිටුහන් උනේ. එතැනදී අඳුර ගන්න ඇතිනේ රොබෝ චරිත ටිකක් ඔප්ටිමස් ප්‍රයිම්, බම්බල් බී, අයන්හයිඩ්, රැචට් වගේ අය ඔටෝබෝට් කණ්ඩායමෙන්. ඒ වගේම ඩිසෙප්ටිකෝන් කණ්ඩායමෙන් මෙගාට්‍රෝන්, ස්ටාර්ස්ක්‍රීම් රෝබෝවරුත් ඉන්නවා. මේ හැමෝටම අමතරව තවත් අලුත් චරිත ටිකක් ඉන්නවා. මනුෂ්‍ය චරිත ටික සුපුරුදු පරිදි ඉන්නවා. සෑම්, මිකේලා, මේජර් ලෙනොක්ස්, එප්ස්, සිමන්ස් මේ පිරිස මේ කොටසේදීත් දකින්න ලැබෙනවා. ඉතින් කලින් කොටසේදී උනේ රොබෝවරු නිර්මාණය කරන්න පුළුවන් ඝණකයක් විනාශ කර දැමු හැටිනේ. එනර්ජන් කියන්නේ මේ සයිබර්ට්‍රෝන් ජීවීන්ගේ පණ වගේ දෙයක්. එයාලට ශක්තිය වගේම පණ දෙන්න පුළුවන් ශක්ති ප්‍රභවයක්. මේවා එයාලා නෙලා ගන්නේ විශ්වය පුරා තියෙන ඉරවල් විනාශ කරලා. අද කතාවට මූලික වෙන්නේ වසර දහස් ගණනකට කලින් සිද්ධ වූ සයිබර්ට්‍රෝන් ආගමනයක් පිළිබඳව. මීට කලින් හිටපු ප්‍රයිම්වරු තමයි කලින් සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය පාලනය කලේ. ඔවුන්ගේ වගකීමක් උනා එයාලගේ ලෝකයේ ප්‍රවර්තනය වෙනුවෙන් එනර්ජන් ශක්තිය සොයා විවිධ ග්‍රහලෝක කරා ගවේෂණ සඳහා යන්න. එහෙම ඉරක් සහිත එක ග්‍රහලෝකයක් තමයි පෘතුවිය. එත් ප්‍රයිම්වරුන්ගේ එක නීතියක් තිබුනා ඒ තමයි ජීවින් වෙසෙන කිසිම ග්‍රහලෝකයකට අයත් ඉරක් විනාශ කරන්නේ නැහැ කියන එක. එත් පෘථිවියට ආපු ප්‍රයිම් ඒ නීතිය උල්ලංගනය කරන්න සැරසෙනවා. එත් ඒ කාලයේදී ඔහුට ඊට ඉඩක් අනිත් ඔහුගේ ප්‍රයිම්වරුන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ. ඔහු තවමත් උත්සාහ කරන්නේ ඔහුට කරගත නොහැකි වූ දේ ඉෂ්ඨ කරගන්න. ඔහු නමින් ෆෝලන්. එහෙනම් ෆෝලන් පැරදුන සටන ජය ගන්න කරන උත්සාහය කොහොම වේවිද කියලා බලන්න හැමෝටම අරාධනා කරනවා. එහෙනම් තෙවෙනි කොටස Transformers: Dark of the Moon තුලින් ඉක්මණින්ම මුණ ගැහෙන්නම්. හැමෝටම ජය වේවා!!!
කලින් පලවූ ලිපිය මේ චිත්‍රපටිය ගැන නම් මම අලුතින් මුකුත් කියන්න ඕන නෑ කියල හිතනව මොකද මම දැක්ක එන්නත් කලින් මේක ගැන ගොඩක් තැන් වල කතා වෙනව..Transformers 1 බලල නැති කෙනෙක් ඉන්නව කියල හිතන්න අමාරුයි..වැරදිලාවත් එහෙම කෙනෙක් ඉන්නව නම් ඒ චිත්‍රපටය බලල මේක බලන්න..මේ දින වල කොළඹ Majestic සිනමාශාලාවේ (MC) තිරගත වෙන්නෙ මේ චිත්‍රපටය… මම මේකෙ කතාව කියන එක පුලුවන් තරම් අඩු කරල ෆිල්ම් එක ගැන කියන්න බලන්නම්..මොකද ඔයාලට උපරිම රසාස්වාදයක් ලබාගන්න ඒක උපකාරී වෙයි..පළවෙනි චිත්‍රපටයට වඩා මේක බොහොම වෙනස්..අබිරහස් බවක් නම් නෑ..ඒත් පළමු චිත්‍රපටියට වඩා හිනා යන කෑලි ගොඩක් එකතු කරල තියෙනව මේ චිත්‍රපටියට..ඒ නිසා මම නම් හිතන්නෙ නෑ කාටවත් කම්මැලි හිතෙයි කියල නම්..ඒ වගේම මේ චිත්‍රපටයට අති දැවැන්ත වියදමක් කර තියෙනව,ඒ වියදමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ තරම් සුපිරි විදියට චිත්‍රපටිය නිම කරන්න හැකි වෙලා තියෙන්නෙ..
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
7,458 downloadsDownload Transformers-Revenge-of-the-Fallen-2009.zip159 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Transformers (2007) Transformers: Dark of the Moon (2011) >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
116 comments
chathurarcrc
Learn-ENGLISH
ela film 1k mama mua idan fun 1kea baluwa
උදාන
DVDrip එනකම් බලා ඉන්නයි මගේත් කල්පනාව..
sana
film hall ekata gihillama balanna oona, welawak thama naththe. (anik eka wiyadama)
පොතේ ගුරා
ඒක හොදයි..ඒත් මගෙන් කීපදෙනෙක්ම ඇහුව හොද කැමරා කොපියක් වත් ඇවිත් නැද්ද කියල,මේක එළම කැමරා කොපියක්..ඒකයි දැම්මෙ.. :) DVDrip එකක් ඉක්මනට ආවොත් ගොඩ! :)
chamila
උඹ මොනවා කිව්වත් DVDrip එනකන් මම නම් බලන්නේ නැතෝ.
chathurarcrc
chamila දැඩි තිරණයක් අරන් වගෙ :D
පොතේ ගුරා
@chamila !අෆොයි..තත්ත්වය බරපතලයි වගේ.. :o
@Chathurarcrc! හික්z..ඒකනෙ බන්..ගෙදරට මේක ගිහින් දුන්නත් බලන එකක් නෑ වගේ.. :) තැන්කූ මචෝ..
Uraj Deemantha
අඩෝ කැමරා කොපි බාවලා අපේ රවුටර් වලට කෙලවගන්නේ නෑ බොල....... :P හොද එකක් හොයලා දීපන් ඉක්මනට..... :) නැත්නම් උඹව එල්ලනවා මම. :D
හික්ස්.. :D බය උනා නේ. ;) හූ හූ. :D
kathu
මම නම් theatre එකට යන්නයි හිත....!!
අනූ
හෝල් එකෙ තියන ආතල් එක කොහෙවත් නෑ.. :)
පොතේ ගුරා
@Uraj Deemantha!අෆොයි..වැඩේ දෙල් වීගෙන වගේ එන්නෙ..මේ යන හැටියට වැඩිය ඔන්ලයින් පේන්න ඉන්න නරකයි! :P :P
@kathu!එළ එළ..මේක බලන්න ගියාට පාඩු නෑ මචන්..ෆිල්ම් එකත් ටිකක් දිගයි
@අනූ !ඔව් බන්..අනිවා! :)
Uraj Deemantha
පොතේ ගුරෝ මොකද කියන්නේ ලබන බදාදා මම නිවාඩුවක් දාන්නයි ඉන්නේ..... මගේ ඩ්‍රයිවින් ලයිසොම අළුත් කර ගන්න යන්න. හවසට සෙට් වෙලා බලමුද ෆිල්ම් එක....? මගේ තව යාලුවෝ සෙට් එකක්ම එක්ක යන්නයි හිත .....!! :)
චම්පික
මාත් මේක උඩ දාගෙන ගිහින් mc එකේ බැලුවා. ඒත් මේක සල්ලි දීලා බලන්න තරම් ව්ටින්නෙ නැති බවයි මගේ හැඟීම. පලවෙනි එකත් එක්ක ලඟින්වත් තියන්න බෑ.
ravinsp
එක්කො ෆිල්ම් හෝල්, එක්කො DVDRip...
පොතේ ගුරා
@Uraj Deemantha!ආහා! යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා මට ගේම දෙන්න නේද යන්නෙ..අපි අහුවෙයි ඕවට! (හිටු මම මැසේජ් පොජ්ජක් එවන්නම්)
@චම්පික! හ්ම්ම්ම්..හිනා යන කෑලිත් තියෙනව ක්‍රියාදාමත් තියෙනවනෙ.. :) ඒත් කෝ මේ ඔක්කොම DVDrip එකක් එනකම් ඉන්නවනෙ..
@ravinsp! :O :)
රොයිලි
බාන එකනම් බෑවා. බලලම කියන්නම් මගින් මිනිස්සු නැගිටල යන ඒවා එහෙම පේන්න තියෙනවද කියලා. :D
ඉක්මනින්ම හොඳ කොපියක් දාහන් මචෝ.
Hasitha
Transformers: Revenge of the Fallen meke sub eka dennako. pl.. kohewath nane..
chinthaka
DVDrip nathuwa Transformers 2 epaaaaa....:D
Suvin
Camera copy 1k me wage film ekaka nam balanna hithenne naa machan.......
Passe original 1k balamu.........DragonD
ado guraa ,
ikmanata DVD rip eka hoyala daapan ! natnam hack karanawa site eka !hiksss....
ane macha , mona loeken hari DVD rip ekak hoyala daapan !
පොතේ ගුරා
@රොයිලි !හික්z..පික්සුද බන්z...මිනිස්සු නැගිටල යන ඒව තියා මැස්සෙක් පියාබන එකක් වත් නෑ...සිරාවටම තියෙනව..ඒකනෙ දැම්මෙ..බලල කියපන්කො කොහොම්ද කියල..
@chinthaka !හික්z..එල එල.. :)
@Suvin!අනිවා..ආව ගමන් හොද එක දාන්නම් මචන්.. :)
@DragonD! අෆොයි මගෙ අහිංසක සයිට් එක! හික්z! ආව ගමන් දාන්නම් මචෝ..
chathurarcrc
අද මන් කනාවට වගෙ ගිහින් බැලුව.300ක් දිලා බලුවට පාඩු නෑ.පට්ටයි.උපරිමයි.හැබැයි උදෙන්ම යන්න. :D
Udana Wijesuriya
On of the best copy yet belongs to STG
http://thepiratebay.org/torrent/4981151/Transformers_2_Reve…
naleen
DVR RIP HODA eka enakam inawa camara copy EPAAAAA!!!!!!!!!!!!!!!
Anonymous
machan sinhala tipe karanna nam danne na bt patta wadak machan uba karanne
පොතේ ගුරා
@chathurarcrc !හික්z..ඔවු බන්..බලන්න දේවල් ගොඩයි!:)
@Udana Wijesuriya! අහ්..තෑන්ක්ස් මචන්..
@naleen!එළ එළ!
@නිර්නාමික! :) තෑන්ක්ස් මචෝ..
දිනේෂ්
මම නම් බෑවා හොද කොපියක්. 2.3ගිගාබ්යිට් උනා.දවස් 2ක් විතර ගියානේ බාන්න.මගෙ ඔක්කොම වඩ අවුල් ගියා ඒකෙන්.හැබැයි එක ෆ්ලොව්ලෙස්ස් කියල එකෙක් ගෙ එකක්
AkilaDJ
මේක සිරා ද?
Transformers 1 එක නම් මට දිරෙවුවෙ නෑ. චාටර් :(chanzy
machn dvd rip ekak update kerapan plzzz
chamila
සාම්පල් එක බැලුවා මට නම් ඇල්ලුවේ නැහැ. මම නම් Dvdrip එනකම් කාලාන්තරයක් උනත් බලන් ඉන්නවා...
උදාන
අප්පොයි!!! මදි මදි මදි..
අපරාදෙ සාම්පල් එක බෑවෙ අනේ ගුරෝ...
මම නං මේ ෆිල්ම් එකේ බ්ලූ-රේ රිප් එක එනකල් ඉන්නව මොකද ඩීවීඩී රිප් එකත් කලුවර වෙයි වගේ වගේ.. හික්ස්!!! හික්ස්!!!මම
මේක කැමරා කොපියක් නෙමෙයි නේ ද ?
මොකක් උනත් ඔන්න මම බානවා
ආසිරි
DVDRip එකක්ම බාමු!!!
පොතේ ගුරා
@දිනේෂ් !එළ එළ ස හෝ..
@AkilaDJ! මේක මට නම් එළ..උබට අල්ලල යයිද දන්නෙ නෑ මචෝ.. :)
@chanzy! ආවම තමයි දාන්න වෙන්නෙ බන්z..
@chamila !හික්z..එළ එළ..මම මේ හොද ටොරන්ට් එන හැටියට තමයි දෙන්නෙ..Dvdrip එක ආව ගමන් දාන්නම් මචන්..
@උදාන! හික්z..එහෙනම් උඹට කාලාන්ත‍්රයක් බලාගෙන ඉන්න වෙයි මචෝ.. :P :P
@මම !නෑ මචන් මේක TS කොපියක්..ඒ කියන්නෙ සාමාන්යෙන් කැමරා කොපි වලට පස්සෙ එන එක.. :)
@ආසිරි ! එල එල මචන්.. :)
kolla
dvdrip newei neda?
සුභාෂ්
ෆිල්ම් බලන්න වෙලාවක් නැති එක තමයි දැන් ප්‍රශ්නේ. . . ! මොකද කරන්නේ . . . !
DragonD
අඩෝ , සාම්පල් එක අජූතයි ! DVD rip එන තෙක් බලා ඉන්නෙමි !
FMI
I dont think there is really a DVDRip out yet. Some camera copies were circulating for some time now
ChuttaFX
maath DVD Rip1k awata passema balanawa. depaarak DL karanna kammaliyo.
thanx machoz :Deka neme, api wage podi lamainta thiyana films tikak dannako maame :D
ara "Up" (2009) kiyala animation film1k thiyenne; eka gana puluwan nam lipiyak dannako hodada kiyala. "The Incredibles" nan lagadi baluwa; maru film1k ekath. :D
kolla
ape
පොතේ ගුරා
mokada no talks???Uraj Deemantha
මේක ටිකක් හරි හොදයි කියන නිසා ඔන්න බෑවෙන්න දැම්මා............ :)
හැබැයි පුතෝ මේක හොද නැත්නම්........ උඹේ සයිට් එක හැක් කරලා....... උඹවත් සුදු වෑන් එකක් දාලා උස්සනවා.........!! :P
AL1717
Sample Eka Balalama Thiranayakata Emu.
AL1717
Ane DVDRip or BlyRay Rip Enne Kawadda...?
Kalpayak Unath Bala innawa Meka Hariyanne ne...Bt
Podi Kella unath Muru
Thanks Sample Akata.පොතේ ගුරා
@kolla ! නෑ මචෝ..සාම්පල් එක බලපන්.. :)
@සුභාෂ් !අෆොයි..ඒක නම් කණගාටුවට හේතුවක් :(
@DragonD ! දැනට තියෙන හොදම කොපිය තමයි මචෝ මේ.. :)
@FMI !ඔව් මචන්..මමත් හිතන්නෙ නෑ ඩීවීඩී රිප් එකක් නම් දැන්ම එයි කියල..මේ කැමරා කොපියක් නෙවෙයි..TS එකක් :)
@ChuttaFX! කවුද බොල මාම? :-X :P අහ් අප් ගින්දර මචන්..තාම හොද කොපියක් ඇවිත් නෑ නෙ..The Incredibles නම් ඉතින් උපරිමයි..එළ..දාන්නම්කො ඒ වගේ ෆිල්ම් ටිකක් නිවාඩු කාලෙ.. :)
@kolla !හික්z..සොරි වේවා බන්..දවල් ජංජාලයට සෙට් වෙන්න ලැබුනෙ නෑ,..
@Uraj Deemantha! ආහ් එළ එළ..මේක හොදයි කියල හිතෙනව මට..කෝකටත් මගේ ඇඩ‍්රස් එක නම් මුට හොයාගන්න දෙන්න නරකයි! :D
@AL1717 !Ane DVDRip or BlyRay Rip නම් දැන්ම එයි කියල හිතන්න අමාරුයි මචෝ.. :)
DragonD
Up eke DVD rip eka mama baawa ! MFDss kiyala ekek ge ! siraa ! mama dennam lipiyak !
හසිත්
පට්ට ෆිල්ම් එක. DVDRIP එක එනකන් ඉවසිල්ලක් නෑ. උඹලට හම්බුනොත් අලුත් post එකක් විදියට දාන්න.
එල මචං thanks!! ;-)djanuradhaxxx
mama dvdrip eka download kara..
eka baladdi mokuthma naha..
fake ekak.....
monava karannada ayeth dl karanna venava!සහන්
මොනවද බං මේ files කන්දරාවක්. මේකෙ කෝකද බලන්නෙ
HANDY
DVDrip එනකම් බලා ඉන්නයි මගේත් කල්පනාව..
enrico jayawardana
oya karana vade godak hondai harima sathutui ai oyata me vage deyak karanna hitune? transformers eke dvdrip eka oyata puluvan ikmanin danna
rotiya
DVDrip එක එනකම්ම ඉන්ඩ කියලා බලුවේ
මෙච්චර හොද එකක් නිකන් ඔහේ බලුවම කිසි ගතියක් නතුව යනව
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Transformers: Revenge of the Fallen (2009) with Sinhala Subtitles | ෆෝලන්ගේ උදහස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Transformers-Revenge-of-the-Fallen-transformers.jpg)
Film 1 ගැන නම් ඉතින් අයි මොන කතාද...උපරිමයි. DVDrip එනකම් බලා ඉන්නයි මගේ කල්පනාව..:D