කොහොමද ඉතින් හැමෝටම මාස තුනකට විතර පස්සේ ඔන්න පරණ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න ආයෙත් මම ආවා. වැඩේ කියන්නේ ඒ කාලයේදී මේ ගැන කලින් ලිපිය ලියපු රොයිලිත් මම වගේ හැංගිලා ඉඳලා මේ චිත්‍රපටියෙන්ම තමයි එලියට බැහැල තියෙන්නේ. හැමෝම බලනවා ඇති අලුත් එකද මේ කියලා 😀 නැහැ මේ ඊට කලින් 2011 තිරගත වූ ට්‍රාන්ස්ෆෝමර්ස් තෙවැන…

Transformers (2011)

කොහොමද ඉතින් හැමෝටම මාස තුනකට විතර පස්සේ ඔන්න පරණ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න ආයෙත් මම ආවා. වැඩේ කියන්නේ  ඒ කාලයේදී මේ ගැන කලින් ලිපිය ලියපු රොයිලිත් මම වගේ හැංගිලා ඉඳලා මේ චිත්‍රපටියෙන්ම තමයි එලියට බැහැල තියෙන්නේ. හැමෝම බලනවා ඇති අලුත් එකද මේ කියලා 😀  නැහැ මේ ඊට කලින් 2011 තිරගත වූ ට්‍රාන්ස්ෆෝමර්ස් තෙවැන්න.  මීට කලින් මම මේ චිත්‍රපට මාලාවේ පළමුවැන්න සහ දෙවැන්න සිංහල උපසිරැසි සමඟ රැගෙන ආවා. අද මේ ඔයාලට ලබා දෙන්නේ මෙහි තෙවැන්න. සිව්වැන්න ගැන කියන්න ඕනේ නැහැනේ මොකද මේ වසරේ වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය එය වී හමාරයි. තව සතියකින් හෝ දෙකකින් බිලියනයේ සීමාව පහු කරනවා නිසැකයි.

වෙන කතා කිව්වා ඇතිනේ එහෙනම් මේ කතාව ගැන කියලා වැඩේ ඉවරයක් කරන්නම්. කලින් චිත්‍රපට දෙකේදී හිටපු සෑම චරිතයක් වගේම මේකෙත් ඉන්නවා එක්කෙනෙක් ඇරෙන්න. ඒ තමයි කලින් සෑම්ගේ පෙම්වතිය මිකේලා (Megan Fox) එයා වෙනුවට මේ වතාවේ සෑම් වෙන ගෑණු ළමයෙක් හොයාගෙන කාර්ලි (Rosie Huntington-Whiteley) කියලා. ඒ දවස් වල ආරංචිය හැටියට මේ චරිත මාරුවට හේතුව කලින් නිළිය සහ අධ්‍යක්ෂක මයිකල් බේ අතර උන නෝක්කාඩුවක්. අලුත් කෙනා නම් එංගලන්තයේ නිරූපිකාවක් මේ තමයි ඇයගේ පළමු චිත්‍රපටය ඒ වගේම ඊළඟ වසරේ තිරගත වෙන Mad Max: Fury Road චිත්‍රපටයෙත් චරිතයකට හිමිකම් කියනවා කියලා ආරංචියි. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ අනික් හැමෝම එමමයි. මේ චිත්‍රපටයේ  බරපැන වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක් වගේ මුදලක්. ඒ වගේම දැනට ලබා තිබෙන සමස්ත ආදායම ඩොලර් මිලියන 1123.8ක් එම වසරේ මේ චිත්‍රපටය දෙවෙනි උනේ Harry Potter and the Deathly Hallows Part 2 චිත්‍රපටයට. IMDb අගය නම් තරමක විතර පසු බෑමක් තියෙනවා. මොකද ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපට වලටත් ජස්ටින් බීබර්ට වගේ අකමැති පිරිසක් ඉන්නවා. කවුරු කොහොම උනත් සල්ලි වියදම් කරන්නේ ආදායමක් ගන්නනේ ඒක බලාපොරොත්තුව මේ චිත්‍රපට හැම එකක්ම පාහේ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කරලා තියෙනවා.

කතාව මෙහෙමයි. මේ මුළු කතාවටම පාදක වෙන ලෝක ඉතිහාසගත සිදුවීමක් තියෙනවා ඒ තමයි මුලින් සඳමතට මිනිසෙක් පයතැබිම. ඒ සිදුවීම අලලා තමයි මේ චිත්‍රපටය දිව යන්නේ. මේ කතාවේ හැටියට මිනිසා හඳට යන්නේ වෙනම අරමුණකට. ඒ තමයි සයිබර්ට්‍රෝන් ලෝකයෙන් නික්මුණ යානාවක් සොයාගැනීමට. ඒ යානාව සයිබර්ට්‍රෝන් යුද්ධයේදී ඩිසේප්ටිකොන් රොබෝවරු විසින් කරන පහර දීමක් නිසා අපේ හඳට කඩා වැටෙනවා. ඒ යානාව ඔටෝබෝට් යානාවක්. එම යානාව තුල විශේෂ යමක් විශේෂ පුද්ගලයෙක් විසින් රැගෙන යද්දී තමයි මේ ප්‍රහාරයකට ලක් වෙලා මෙසේ කඩා වැටෙන්නේ.  ඒ සඳහා නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස සඳ බලා පිටත් වෙනවා. එතනින් ඒ සිදුවීම අවසන්. පසු කාලීනව පෘතුවිය තුල වෙසෙන ඔප්ටිමස් ප්‍රයිම් ඇතුළු ඔටෝබෝට් පිරිස අපේ ලෝකය පුරා විසිරිලා ඉන්න මිනිසුන්ට තර්ජනයක් වෙන ඩිසේප්ටිකොන් රොබෝවන් දඩයමක යෙදිලා ඉන්නේ. එහෙම කරන එක මෙහෙයුමකදී ඔප්ටිමස් ප්‍රයිම්ටත් රහසක්ව තබාගත් ඒ සඳ මතට ගිය මෙහෙයුමේ අවශේෂ වූ යම් කොටසක් සොයා ගන්නවා. පසුව ඔප්ටිමස් තීරණය කරනවා සඳ වෙතට ගොස් එහි සිටින ඔප්ටිමස්ගේ නායකයෙක් වන සෙන්ටිනල් ප්‍රයිම් නැවත අපේ ලෝකයට ගෙනවිත් ඔහුට ජීවය ලබාදෙන්න. මේ සෙන්ටිනල් ඇත්තටම ඒ යුද්ධය අවස්ථාවේදී යානය සමඟ පිටත් වෙන්නේ අපේ ලෝකය කරා එන්න. ඒ වෙනත් අරමුණක් සිතේ තබාගෙන. මේ බව ඔප්ටිමස් දන්නේ නැහැ. එහෙනම් ඔන්න බාරයි සෙන්ටිනල් සහ ඔප්ටිමස් දෙදෙනා මෙවර අපේ ලෝකයට කරන්න යන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේම කලින් සතුරෙක් උන මෙගාට්‍රෝන් තවමත් ජිවතුන් අතර මතකනේ කලින් වතාවේ ඊජිප්තුවේදී ස්ටාර්ස්ක්‍රීම් සමග පසු බැස්සා. මේ වතාවේ මෙයා බොරදියේ මාළු බාන්න සූදානම. එහෙනම් මම ගියා මෙහි සිව්වැන්න ඔබට හොඳ පිටපතක් ලැබුන විගසම ගෙනෙනවා කියන පොරොන්දුවත් සමඟම. හැමෝටම ජයෙන් ජය !!!

කලින් පල වූ ලිපිය 

කට්ටියට මාව මතකද මන්දා? ඔන්න කාලෙකට පස්සෙ ආපහු බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක සම්බන්ධ වෙනවා. කවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමා ඔන්න අද මම අරගෙන ආවේ. මේකේ පළවෙනි හා දෙවෙනි කොටස් දෙක කවුරුත් බලලා ඇතිනේ. මේ කොටසේ අධ්‍යක්ෂණය Michael Bay වගේම නිෂ්පාදනය Steven Spielberg ගෙන්.

මේකට මුල් වෙන්නෙ ඇමෙරිකාවෙ නාසා ආයතනය විසින් මිනිසා මුලින් සඳට යැවීමෙ මෙහෙයුම මත පදනම් වෙච්ච තවත් කතාවක්. මේ කථාවට අනුව Cybertronian ලෝකයේ යුද්ධයෙන් පැරදී එන විටදී තම ලෝකය නැවත නිර්මාණය කිරීමේ රහස් රැගත්
යානයක් එම ග්‍රහලොවෙන් පිටවෙනවා. එහෙත් ඒක සඳ මතට කඩා වැටෙනවා. මේක වටෙන්නෙ සඳේ සදාකාලික අඳුරු පැත්තට. ඊට පස්සෙ මේක නිරීක්ෂණය කරන ඇමෙරිකානුවන් රැසියාවට කලින් මේ රහස් දැනගැනීමට හඳට මිනිසා යැවීමට මූලිකත්වය දෙනවා. එහෙදී ඔවුන්ට යානය හමුවෙන අතර එයින් කොටස් විවිධ අවස්ථාවල රැගෙන එනවා. නමුත් මේ බව දැන ගන්නා Autobots ලා නැවත එම යානයට ගොස් එහි නියමුවා වගේම ඔවුන්ගේ ගුරුවරයාව නැවත රැගෙන පැමිණ ඔහුට පණ දීමට අදහස් කරනවා. මෙයින් පසු සියල්ල කණපිට හැරෙනවා.

ඉතිරිය ඉතින් බාගෙනම බලන්න. හැබැයි මට නම් දැනුනු දෙයක් තමයි පළවෙනි කොටස් දෙකටම වඩා මේක ටිකක් අසාර්ථක බව. සද්ද බද්ද තිබ්බට පලවෙනි ඒවල තිබ්බ ගතිය මේකෙ නැහැ කියලා හිතෙනවා. ඒත් ඒ මටනේ. ඔයාලත් බාගෙන බලන්නකෝ…. 124

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Transformers: Dark of the Moon (2011)  on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

5,366 downloadsDownload Transformers-Dark-of-the-Moon-2011.zip165 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Transformers: Revenge of the Fallen (2009)                      Transformers: Age of Extinction (2014) >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,366 downloadsDownload Subtitles165 KB

117 comments

  1. chamila

    meka baluwa...... but thanks...

    1. Athula

      Tranformer dark of moon download karanna bane wena link ekak open wenne

  2. murad

    thanks machan,,,,,

  3. Bunny

    බාලම බලමු :D ඊයෙ එකක් බාලා කෙලවිලා ඉන්නෙ :D

  4. නිෂූ

    ජයවේවා ! රොයිලි ව ගොඩාක් කාගලකින් පස්සේ බයිස්කෝප් සයිටි එකේ දකින්න ලැබීම ලොකු සතුටක් !

    මම විශ්වාස කරන තරමින් රොයිලි කියන්නේ බයිස්කෝප් සයිටි එකට ලොකු දෙයක් කරපු කෙනෙක් ! මම බයිස්කෝප් එකට මුලින්ම ආවේ ඇවටර් ෆිල්ම් එක සිංහලෙන් බලන්න ඕන නිසා ! එදා ඉදන්ම අද වෙනකනුත් මම සයිටි එකත් එක්ක ඉන්නවා !
    රොයිලි ෆිල්ම් එකක් ගැන දැම්මනම් ඒක බලන එක ගැන දෙසරයක් හිතන්න ඕන නෑ ! අනිවා ඒක හොද ෆිල්ම් එකක් !

    ඉතින් කමෙන්ට් එක ඇතිනේ !
    ඒක නිසා ආයෙත් අවුරැදු ගානක් සයිටි පැත්තේ නෑවිත් ඉන්න එපා !

  5. Saranga

    නියමයි.. මට තාම මේක බලන්න බැරි වුනා.. සිංහල සබ් තිබ්බනම් තවත් හොඳයි..
    Thanks රොයිලි..

  6. Djwathila

    මචං රොයිලි මගෙ සබ් දාපු පිල්ම් එවන්න මේල් වැඩ කරන්නෙ නෑනෙ ‍වැඩකරන මේල් ඇඩුස් එකක් කියනවද

  7. කේ. යූ. ජී. උදාර

    මොකෝ අමතක... රොයිලි සබ් දාපු ෆිල්ම් කීයක් නම් බලල තියෙනව ද ? පුළුවන් නම් ආපහු ඒ වැඩේට සෙට් වෙන්න.

    සයිට් එකේ මේල් එක තාම වැඩ නැද්ද ? සබ් දාපු ෆිල්ම් එකක් තියෙනවා. වෙන ඇඩ්‍රස් එකක් හරි පුළුවන් නම් දෙන්න.

    1. වාසල

      සයිට් එකේ දකුණු පැත්තේ අලුත් මේල් ඇඩ්‍රස් එකක් තියනවා. දැනට ඒක භාවිතා කරන්න....
      wasala0329[at]gmail[dot]com

  8. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    baluwa saho... welcom Royly saho. mokada apita mathaka nathte. sinhala sub ekka baiscope ekak labenna kiyala api balaporothtuwen innawa.. jaya wewa..

    Ahinsaka Hithne.. :D

  9. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් වාසල. අලුත් මේල් එකට ෆිල්ම් එක එව්වා.

    I Am Legend (2007)ෆිල්ම් එකේ සබ් ෆයිල් එක ගන්න විදිහක් කියන්න පුළුවන් ද රොයිලි ?

  10. ගයාන්

    මේ වගේ ෆිල්ම් එකක් සිංහල උපසිරැසි එක්ක දුන්නනම් තමයි වටින්නේ.කවුරුත් මේකට සබ් දාන්න අරන් තිබුනේ නැත්ද? :(

  11. Harshika

    athi yaanthan photosuth penawa Thanks....!

  12. Thisara

    කෝ........................? sub

  13. Shashi Fernando

    ela ela, but sub ko?

  14. M.D.A Pradeep (අමිල මනනදේව)

    ආහ් අපේ රොයිලි සහෝගේ ලිපියක් කාළෙකට පස්සේ.
    ස්තුතියි සහෝ

  15. Hk nuwa

    ආපහු සයිට් එක වැඩනේ එල!දිගටම මේ විදියට කරගෙන යන්න.
    මේ ෆිල්ම් එක නම් සිංහල සබ් එක්කම දුන්නානම් තමයි වටින්නේ.පුලුවන් නම් සබ් දාලා දෙන්න

  16. lakshan

    sinhala tebunanam maru

  17. Anonymous

    sinhala sub dannako

  18. Isuru

    ko sinhala sub but thanks..............

  19. Anonymous

    meka baluwa sinhala sub thibunanam godak hodai, thnx uploader.. :D

  20. akalanka27

    මේක බැලුවනේ කමක් නෑ තැන්ක්ස්
    සිංහල සබ් තිබුනානම් මරු :D

  21. හසී

    තැන්කු වේවා..

  22. AL1717

    Thanks Aiya me Movie Eka Nam Apu gaman Bala Demma Kiyanna Tharan Aulak Nam Ne Mata
    Kohoma Unath 1 &amp; 2 Films Deki 3rd Film Ekei Kathawa Yana Years gena nam Tikak Upset Wage.

  23. අබා

    රොයිලි සහෝ ඔයා සබ් දාපු El Secreto de sus Ojos 2009 film එකේ sab file eka ගන්න විදියක් කියනවද..ඔයාගේ web site එකෙත් නෑ ඒක.

  24. Dhagaya

    ai sihala sub damme naththe??????????

  25. Dhagaya

    bt thanks film eka hari dunnane :|

  26. sudeera

    thanks....

  27. රාම් රාජ්

    ආ රොයිලි කොහේද මෙච්චර කල් හිටියේ. මේක නිකන් පාලු පිටිටනියක් වගේ රොයිලි නැතිව. දිගටම ඉන්න බලන්න. දැන් කමෙන්ට් කරන්න කට්ටිට ගමකට ඉන්නවා. අවුලක් නෑ. ෆිලම් එකට තෑන්ක්.

  28. Hiran Hiru

    Sinhala sub kooooooooooooo..............???

  29. Sha

    Ela ela රොයිලි aiya thankzzzzz :) oyawa ahema amataka wenawada ? api me bala bala hetiyae ai penna natte kiyala. රොයිලි aiya dipu film akak kiyanne etin kohomath patta film akakakne anisa onna banna danawa. :)

  30. Pasindu

    සෑහෙන කාලෙකට පස්සේ ආපහු බඩු වැඩ... නියමයි... :D

  31. හේමාල්

    කාලෙකට පස්සෙ සයිට් එක ලෝඩ් උනෙ.න්න මාත් බාන්න දැම්මා.බොහොම ස්තුතියි සහෝ!!

  32. ඉසුරු උදාර

    සාදරයෙන් පිලිගන්නවා රොයිලි සහෝ...! :)
    කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ

  33. chamath

    ptta film eka onna man banna damma macho

  34. Praසන්ன

    තෑන්ක්ස් සහෝ.

  35. haris

    Thanks Brother....

  36. chamila

    mul awage wage katawak ne... machine kali wadi wage

  37. sujan

    Math roily sahodaraya kiyana kathawata ekangai. mul kotas deka tharam honda ne meka. mata hithenne onawata wada weda pennanna gihin wede ana gena kiyala.kohoma unath mama kalayak thisse meka balanna hitha hitha hitiye.roily sahodarayata godak sthuthiy me film eka demmata.....

  38. අමල් ප්‍රසාද් සමරවීර

    හෙහ්..හෙහ්.. මෙන්න රොයලිය ආයෙත් ඇවිත්!! කොහෙද බ්‍රදර් ගිහින් හිටියෙ?? කාට අමතක උනත් බයිස්කෝප් සෙට් එකට නම් කවදාවත් රොයිලිව අමතක වෙන එකක් නැහැ..

  39. Harshana

    Aragenama balamu kohomada kiyala. Balalama comment ekak dennam !

  40. Anonymous

    Transformers Dark Of The Moon 2011 Blu-Ray 1080p AVC TrueHD-HDChina

  41. kamal chandana

    ko meke sinhala subtle thibuna nam thamai hoda

  42. Harshana

    Hodai ne. Sinhala sub ekath thibuna nam gindara !

  43. ගයා

    ......film eka nam maru.
    me film eke sinhala sub ekak onna mata hambuna ona aya kiyanna ewannam

  44. Anonymous

    Thanks............film ekata

  45. Uraj Deemantha

    මේකේ මම 9.84GB BluRay එකක් බෑවා..... ඕනා කෙනෙක් ඉන්නවා නම්, කොල්ලුපිටිය පැත්තේ පෙන් එකක් අරන් ආවොත් දෙන්නම් කොපි කරලා..... :)

  46. Detective Siripala

    @Uraj Deemantha
    api kollupitiya paththe pen akak aran awath kohomada api oyawa hoyaganne meka pen jawaramak wenna ona inna kauru hari awith ahai apen oya awe pen ekak aranda kiyala yan film eka denna kiyala pen ekata gema dei aithikarayata payn dekak gasa pannala dai man wage aya innakan oya wage ayata ahinsakayanwa rawattanna hamben na.wade mattu neda...?

  47. Dushan

    elaz.............pattama movie ekak..........

  48. Nirmal

    hoda welawata danagaththe. nathnam ape pen iwarai. :D
    anyway, nice link. even the 500MB copy has VERY good quality.

  49. Theeka

    sinhala sub thama watinne........

  50. vishwa

    නියමයි.. මට තාම මේක බලන්න බැරි වුනා.. සිංහල සබ් තිබ්බනම් තවත් හොඳයි.

Load more comments